ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පෞද්ගලික හේතුවක් මත ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.
ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් සිදුකෙරෙන ප්‍රධානම කාර්යභාරයක් වේ.
Sports
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පෞද්ගලික හේතුවක් මත ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.
ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් සිදුකෙරෙන ප්‍රධානම කාර්යභාරයක් වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් නියම කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (31) නිවේදනය කළේය.
ඒ, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නොතිබීම හේතුවෙනි.
ඒ අනුව තරග ගාස්තුවෙන් සියයට පහක දඩයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙලෙස නියම කර තිබේ.
ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව මෙම දඩයක් නියම කර ඇත.
නායක චරිත් අසලංක වරදට වරද පිළිගෙන ඇති අතර යෝජිත දඬුවම පිළිගෙන ඇති බැවින් විධිමත් විභාගයක් සිදු නොවූ බව ICC නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (28) පස්වරුවේ නම් කළේය.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා නම්කර ඇත.
මෙම සංචිතයට වනිඳු හසරංග ඇතුළත් වුවත්, ඔහුගේ සහභාගිත්වය තීරණය වන්නේ ශාරීරික යෝග්‍යතාව මත බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.
මෙවර තරගාවලිය සැප්තැම්බර් 9 වනදා සිට 28 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය සැප්තැම්බර් 13වනදා බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩාකිරීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය
1. චරිත් අසලංක (නායක), 2. පැතුම් නිශ්ශංක, 3. කුසල් මෙන්ඩිස්, 4. කුසල් පෙරේරා, 5. නුවනිදු ප්‍රනාන්දු, 6. කමිඳු මෙන්ඩිස්, 7. කමිල් මිෂාර, 8. දසුන් ශානක, 9. වනිඳු හසරංග, 10. දුනිත් වෙල්ලාලගේ, 11. චාමික කරුණාරත්න, 12. මහීෂ් තීක්ෂණ, 13. දුෂ්මන්ත චමීර, 14. බිනුර ප්‍රනාන්දු, 15. නුවන් තුෂාර, 16. මතීෂ පතිරණ
වනිඳු හසරංග (ශාරීරික යෝග්‍යතාව මත)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේ දී සිදුකිරීමට නියමිත සිම්බාබ්වේ තරග සංචාරයේ එක්දින තරගාවලියට ක්‍රීඩාකිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය අද (21) ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා නම්කර ඇත.
දෙරට අතර තරග 3 බැගින් වූ එක්දින හා විස්සයි20 තරගාවලියක් පැවැත්වෙන අතර, ඉන් පළමුව පැවැත්වෙන එක්දින තරගාවලිය මේ මස 29වනදා ආරම්භ වේ.
ඉතිරි තරග 31වනදා හා සැප්තැම්බර් 3 යන දිනවල පැවැත්වෙන අතර, සියලුම තරග හරාරේහිදී පැවැත්වීමට නියමිතය.
දෙරට අතර විස්සයි20 තරගාවලිය සැප්තැම්බර් 3, 6 හා 7 දිනවල පැවැත්වෙන අතර, එම තරගද හරාරේ හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය
1) චරිත් අසලංක (නායක), 2) පැතුම් නිස්සංක, 3) නිශාන් මධුෂ්ක, 4) කුසල් මෙන්ඩිස්, 5) සධීර සමරවික්‍රම, 6) නුවනිදු ප්‍රනාන්දු, 7) කමිඳු මෙන්ඩිස්, 8) ජනිත් ලියනගේ, 9) පවන් රත්නායක, 10) දුනිත් වෙල්ලාලගේ, 11) මිලාන් රත්නායක, 12) මහීෂ් තීක්ෂණ, 13) ජෙෆ්රි වැන්ඩර්සේ, 14) අසිත ප්‍රනාන්දු, 15) දුෂ්මන්ත චමීර, 16) ඩිල්ෂාන් මධුශංක
ජාත්‍යන්තර උත්තේජන මර්දන නියෝජිතායතනයේ (WADA) මෙහෙයවීමෙන් පැවැත්වෙන කිසිදු වැඩසටහනකට සත්කාරකත්වය ලබාදීම හෝ එහි නිළතල දැරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තහනම් උත්තේජ මර්දන නියෝජිතායතනයට (SLADA) තහනම් කර තිබේ.
අද (20) බලපැවැත්වෙන පරිදි මෙම තීරණය බලපැවැත්වේ.
නිවේදනයක් නිකුත්රමින් WADA සඳහන්කර ඇත්තේ, ලෝක තහනම් උත්තේජක විරෝධී නීති සංග්‍රහයට අනුකූලව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යාතනයේ වැඩකටයුතු සිදු නොවන බවය.
ලෝක උත්තේජක මර්දන ඒජන්සියේ ස්වාධීන අනුගතවීම් ඇගයීමේ කමිටුවේ නිර්දේශ මත පරීක්ෂාවෙන් පසුවිය යුතු රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව මෙම වසරේ ඉකුත් මාර්තු මාසයේ දී ඇතුළත් කෙරුණි.
කෙසේ වෙතත් නිරීක්ෂණ කාලය අවසන් වූ පසුගිය ජුනි 29 වනදා වනවිටත් ශ්‍රී ලංකාව ලෝක නීතිපද්ධතියට අවශ්‍ය සංශෝධන සිදුකිරීමට අපොහොසත්වී ඇති බව WADA සිය නිවේදනයේ සඳහන්කර ඇත.
ඒ හේතුවෙන් මෙරට උත්තේජක මර්දන නියෝජ්‍යාතනය, ලෝක උත්තේජක මර්දන ඒජන්සියට අනුකූල නොවන ආයතනයක් ලෙස නම් කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ.
මෙහි ප්‍රතිඵලයක් මත ශ්‍රී ලංකාවට ලෝක තහනම් උත්තේජක මර්දන ඒජන්සිය මගින් සංවිධාන කරන වැඩසටහන් සඳහා සහභාගීවීමට අවසර හිමි නොවන අතර, අරමුදල් ලබාදීම ද තාවකාලිකව නතරවනු ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා තහනම් උත්තේජක නියෝජ්‍යාතනය ලෝක නීතිපද්ධතියට අවශ්‍ය සංශෝධන සිදුකිරීම වසරකට අධික කාලයක් තවදුරටත් ප්‍රමාද කළහොත් ඔවුන්ට කලාපීය, මහාද්වීපික හෝ ලෝක ශූරතාවලියේදී මෙන්ම ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා ඇතුළු ප්‍රධාන පෙළේ තරගාවලි රැසකට සිංහ ධජය යටතේ යටතේ තරගකිරීමට අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිනොවනු ඇත.
ශ්‍රී ලංකාවට අමතරව රුසියාවට ද මෙම තහනම පනවා තිබේ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
එම ආයතනය නිවේදනය කළේ නිලවරණය නැවත පැවැත්වෙන දිනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හෙට (18) දැනුම්දෙනු ඇති බවය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය හෙට දිනයේදී පැවැත්වීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සැලසුම් කර තිබුණි.
මෙම නිලවරණය සම්බන්ධයෙන් අභියාචනා 04ක් ඉදිරිපත්වී ඇති අතර, එම අභියාචනා පිළබදව සිදුකළ විභාගයෙන් අනතුරුව එක් අභියාචනයක් පිළිගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාල ඡන්ද විමසීම හෙට දිනයේ පැවැත්වීමට නීත්‍යානුකූලව නොහැකි බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත.
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවා ලෙස අවිවාදයෙන් පිළිගත හැකි ක්‍රීඩකයා වන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පිතිකරණ සාමාන්‍ය සියයට 100ක් කරගැනීමට නොහැකි වූ එම තීරණාත්මක තරගය පැවැත් වී අදට (14) වසර 77ක් සම්පූර්ණ විය.
1948 වසරේ දී අදවන් දිනක ඔහු එංගලන්තයට එරෙහිව සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් තරගය ක්‍රීඩා කළේය.
ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී ඔහුගේ පිතිකරණ සාමාන්‍ය සියයට 100ක් කරගැනීමට ලකුණු 4ක් පමණක් අවශ්‍ය වී තිබුණි.
කෙසේ නමුත් එම ඓතිහාසික තරගයේ දී පන්දු 2කට පමණක් මුහුණදුන් බ්‍රැඩ්මන්, විලියම් එරික් හොලීස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැඳී ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව ගියේය.
මෙම තරගයෙන් ඔස්ට්‍රේලියාව ඉනිමකින් හා ලකුණු 149ක දැවැන්ත ජයක් ලැබීම හේතුවෙන් ඔහුට දෙවනවරට පන්දුවට පහරදීමේ අවස්ථාවක්ද නොලැබුණි.
ඒ හේතුවෙන් ඔහුගේ ටෙස්ට් පිතිකරණ සාමාන්‍ය 99.94 සීමාවෙන් නැවතුණි.
බ්‍රැඩ්මන්ගෙන් පසු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සචින් ටෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා, කුමාර් සංගක්කාර වැනි ලෝක පූජිත පිතිකරුවන් බිහි වුවද, ඒ කිසිවෙකුට හෝ බ්‍රැඩ්මන්ගේ පිතිකරණ සාමාන්‍යයට ළඟවීමට හෝ නොහැකි වී ඇත.
1928 වසරේ දී එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් බ්‍රැඩ්මන් 1948 වසරේ දී ක්‍රීඩාවෙන් සමුගන්නා විට ලකුණු 6,996ක් රැස්කරගෙන සිටියේය.
ඊට ශතක 29ක් හා අර්ධ ශතක 13ක් ඇතුළත්ය.
ටෙස්ට් පිතිකරණ වාර්තා අනුව කමිඳු මෙන්ඩිස් ලෝක ක්‍රිකට් පිටියේ දෙවන හොඳම සාමාන්‍යයක් (62.66) ඇති පිතිකරුවා වන අතර, තෙවන ස්ථානයේ ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරු ඇඩම් වෝගස් (61.87) රැඳී සිටියි.
කුමාර් සංගක්කාර (57.40) මෙහි 13වන ස්ථානයේද, සචින් තෙන්ඩුල්කාර් (53.78) හා බ්‍රයන් ලාරා (52.88) පිළිවෙළින් මෙහි 25වන හා 26වන ස්ථානයන්හි රැඳී සිටියි.
ඉන්දියාවේ පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) සමත් විය.
ඒ අද උදෑසන පැවති අවසන් පූර්ව වටයෙන් චීනය ලකුණු 26-17ක් ලෙස පරාජයට පත් කරමින්.
වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අද (09) පැවැති එක්සත් අරාබි එමීර් (UAE) රාජ්‍යයට එරෙහි තරගයද ලකුණු 26-24ක් ලෙස තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ ක්‍රීඩා කළ සියලුම තරග ජයගෙන අපරාජිතව A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ අත්පත් කරගෙන සිටියි.
අද පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං ලකුණු 19-24ක් ලෙස පරාජය කළේය.
ඉන් අනතුරුව සත්කාරක ඉන්දීය කණ්ඩායමද ලකුණු 24-05ක් ලෙස පහසුවෙන් පරාජය කළේය.
මෙම තරගාවලිය ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැවැත්වේ.
ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් සංවිධානය කරන ෆෝමියුලා තරගාවලියක තෙවන අදියරක් (Formula 3) නියෝජනය කිරීමට සුදුසුකම් පළමු ශ්‍රී ලාංකික රියදුරා බවට 18 හැවිරිදි යෙවාන් ඩේවිඩ් පත්ව තිබේ.
ඔහු මේ වනවිට යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියට තරගවදින අතර, එහිදී මේ දක්වා ජයග්‍රහණ හතරකට හිමිකම් කියයි.
එමෙන්ම 2024 දී යුරෝකප්-3, ස්පාඤ්ඤ F4 සහ UAE F4 ශූරතාවලි සඳහා ද තරග වැදී තිබේ.
F3 අදියරට උසස්වීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු පැවසුවේ, තම රටෙන් ශූරතාවලියට තරග කරන පළමු රියදුරු වීම ගැන ආඩම්බර වන බවත්, අවස්ථාව ලැබීම ගැන කෘතඥ වන බවත්ය.
2026 වාරය සඳහා AIX රේසිං සමග අත්සන් කිරීමට ලැබීම හේතුවෙන් යොවාන්ට මෙලෙස FIA ෆෝමියුලා 3 තරගාවලියට සහභාගිවීමට අවස්ථාව උදාවී තිබේ.