යෝෂිතගේ නඩුව කල්යයි…..

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබාසිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට නඩු කටයුත්තකට පෙනී සිටිමට සුදුසු මානසික තත්ත්වයක පසුවනවා දැයි හෙට (11) දින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් පරීක්ෂා කිරීමට නියමිත බව නීතිපතිවරයා අද (10) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී රජයේ නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා විසින් මෙම දැනුම් දීම සිදුකළේය.

නඩුව අද දින කැදවනු ලැබුවේ යෝජිත පිළිගැනීම් පිළිබඳව සලකා බැලීමටයි.

එහෙත් රජයේ  නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව හා සම්බන්ධිත තවත් නඩුවක් අංක 08 මහාධිකරණය හමුවේ විභාගවන බවය.

එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකාර ඩේසි ෆොරස්ට් මහත්මියට නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික මට්ටමක් නොමැති බවට ඇයගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් බවත් රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව අදාළ විත්තිකාරිය නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්ත්වයකින් පසුවනවා දැයි නිගමනය කිරීම සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් විශේෂඥ වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියෝග කළ බවත් රජයේ අධි නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා මහතා කියා සිටියේය.

එම අධිකරණ නියෝගය පරිදි විත්තිකාරියගේ අදාළ පරීක්ෂණය සඳහා හෙට දින පෙනී සිටීමට නියමිත බවත් රජයේ නීතිඥවරයා කියා සිටියේය.

අදාළ පරීක්ෂණයේ වාර්තාව ඉදිරිපත් වූ පසු විත්තිකාරිය නඩු විභාගයකට පෙනී සිටීමේ සුදුසු මානසිත තත්ත්වයකන් පසුවන වාද? යන කාරණය පිළිබඳව පැමිණිල්ල සලකා බලන බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව අදාළ පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් නඩුව කල් තබන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව යළි පෙබරවාරි මස 9 කැඳවන ලෙස නියෝග කෙරුණි.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 59කට අධික මුදලක්  බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්ල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

නිවාස පිරිසිදු කිරීමට ලබාදෙන මුදල රු.25,000 දක්වා ඉහළට….

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය කඩිනම්ව යථාවත් කිරීම සඳහා ගංවතුරෙන් යටවූ නිවාස හා දේපොළ පවිත්‍ර කිරීමට දෙනු ලබන ආධාර මුදල රුපියල් 10,000 සිට 25,000 දක්වා ඉහළ නැංවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි  මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් පරිදි මෙම තීරණය ගත් බව  මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂන සූරියප්පේරුම මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

මෙම ආධාර මුදල් ලබාදීම  සඳහා රුපියල් බිලියන 7.5ක මුදලක් වෙන්කර ඇති බවද එම මුදල වෙන්කරනු ලැබුවේ ආපදා කළමනාකරණය වෙනුවෙන් අයවැයෙන් වෙන් කර තිබූ රුපියල් බිලියන 30ක මුදලෙන් බවද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේය.

මහා භාණ්ඩාගාරය විසින් පවත්වාගෙන යන මූල්‍ය කළමනාකරණයේ  සාර්ථකත්වයත්, දූෂණය පිටුදකිමින් ගෙන යන වැඩපිළිවෙළත්  නිසා  මෙම වැඩිපිළිවෙළ වඩාත් සාර්ථකව සිදුකළ හැකිව ඇති බවද මුදල් ආමත්‍යංශ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මෙලෙස ප්‍රතිපාදන ලබාදීමට සමගාමීව එමගින් පුරවැසියන්ගේ  ජනජීවිතය යථාවත් කර ගැනීම කඩිනම් වනු ඇතැයි  ලේකම්වරයා බලාපොරාත්තු පළ කළේය.

ඒ සඳහා වන යාන්ත්‍රණය දැනටමත් සකසා ඇති බවද ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරී සම්බන්ධීකරණය කරගනිමින්  විපතට පත්ව සිටින සාමාන්‍ය ජනතාවටත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටත් මෙම  මුදල් ප්‍රතිපාදන ලබාගත හැකි බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.

තවදුරටත් යම් සහනයක් අවශ්‍ය වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලැබෙන නිර්දේශයන්ට අනුව ප්‍රතිපාදන නිකුත් කිරීමට සුදානම් බවද ලේකම්වරයා පැවසුවේය.

විදේශීය පරිත්‍යාගශීලීන් විසින් ආපදාවට පත් වූ ජනතාව වෙත ලබා දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ තීරුබදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක්…..

දැනට රටේ පවතින ව්‍යසන තත්ත්වයෙන් ආපදාවට පත් වූ ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස් රටවල්, සංවිධාන, පුද්ගලයින් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් විවිධ විමසීම් කර ඇත.

 

ඒ අනුව, ඔවුන් මෙරටට එවනු ලබන භාණ්ඩමය ආධාර සියලු තීරුබදු සහ ගාස්තුවලින් (Import Taxes and levies) තොරව කඩිනමින් නිශ්කාෂණය කර බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා රජය වඩා පහසු ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කර තිබේ.

පරිත්‍යාග පිළිබඳ මාර්ගෝපදේශ සඳහා  www.customs.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්ද, මෙසේ පරිත්‍යාග කළ හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය වර්ග පිළිබඳ සවිස්තරාත්මක විස්තර  www.donate.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

 

විදේශීය පරිත්‍යාගශීලීන්ට  ඕනෑම ප්‍රවාහන ක්‍රමයක් අනුගමනය කරමින් ශ්‍රී ලංකාව වෙත මෙම ද්‍රව්‍යමය ආධාර එවීමට අවසර ඇති අතර එම භාණ්ඩ සියලු තීරුබදු සහ අය කිරීම්වලින් තොරව නිශ්කාෂණය සඳහා පහසුකම් ලැබීමට නම් සියලුම භාණ්ඩ පහත ලිපිනය වෙත යොමු කළ යුතුය.

 

ලේකම්,
ආරක්ෂක අමාත්‍යාංශය
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (
DMC),
විද්‍යා මාවත, කොළඹ 07

 

 

තවද මෙරට වෙනත් පුද්ගලයෙකු හෝ සංවිධානයක නමට මෙම ද්‍රව්‍යමය පරිත්‍යාග එවනු ලබන අවස්ථාවක බදු නිදහස් කර ගැනීමක් අවශ්‍ය නම්, එම පරිත්‍යාගය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත බාර දීමට අදාළ පාර්ශවය එකඟතාව පළ කළ යුතුය. එසේ නැතහොත්, සාමාන්‍ය නිශ්කාෂණ ක්‍රියාවලියට අනුගතව සිදු කළ යුතු වේ.

 

www.customs.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්  හෝ  +94 70 475 2823 Hotline අංකය ඔස්සේ හෝ relief25@customs.gov.lk ඊමේල් අංකය මගින් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.

 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යටතේ නිශ්කාෂණය කෙරෙන සියලුම භාණ්ඩ රජය විසින් අනුමත කරන ලද මාර්ගෝපදේශවලට අනුකූලව, බලපෑමට ලක් වූ ප්‍රජාව වෙත නිසි පරිදි කඩිනමින් බෙදා හැරීම සිදු කිරීමත්, පරිත්‍යාග සඳහා පරිත්‍යාගශීලින් දිරි ගැන්වීමත් රජය මෙමගින් අපේක්ෂා කරයි.

සජිත් තානාපතිවරුන්ගෙන් ආධාර ඉල්ලයි….

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජපාන, කොරියානු සහ යුරෝපා සංගම් තානිපතිවරුන් හමුවී ආපදා තත්ත්වයෙන් මිදීමට සහාය දෙන ලෙස ඉල්ලා සිටියේය.

විපක්ෂනායකවරයා සහ ජපාන තානාපති අකිඕ ඉසමොතා (Akio Isamota) මහතා අතර සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණි.

මෙහිදී විපක්ෂ නායකවරයා විනාශ වූ මාර්ග පද්ධතිය නවීකරණය කිරීමටත් දුම්රිය ⁣මාර්ග පද්ධතිය අලුත්වැඩියා කිරීමටත් ජපාන රජයේ සුවිශේෂී දැනුමේ සහ තාක්ෂණයේ දායකත්වයත් ශ්‍රමයත් ලබාදෙන ලෙස ජපාන රජයෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය ද අද මුණුගැසුණු අවස්ථාවේදී විපක්ෂ නායකවරයා පැවසුවේ ආපදා තත්ත්වයෙන් මිදී රටක් ලෙස නැගී සිටීමට ආධාර උපකාර ලබාදීමට කටයුතු කරන ලෙසය.

මේ අතර ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ තානාපතිනි කාමන් මොරෙනෝ මහත්මිය හමුවූ විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ ආපදා තත්ත්වයෙන් හානිවූ සෞඛ්‍ය සේවා සහ පසුව උද්ගත විය හැකි වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා උපරිම දායකත්වය ලබාදෙන ලෙසය.

චීනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්….

ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සිදුකිරීමට චීන රජය තීරණය කර තිබේ.

මීට අමතරව චීන යුවාන් කෝටියක් වටිනා ද්‍රව්‍යමය පරිත්‍යාගයක් සිදුකිරීමට නියමිත බවත් සඳහන්ය.

චීන ජනතාව සැමවිටම ශ්‍රී ලාකීය සහෝදර සහෝදරියන් සමග සිටින බව පවසන ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම පරිත්‍යාගය පිළිබඳ තොරතුරු මේ වනවිටත් දැනුම් දී ඇත.

“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර හා ජාතික ආපදා තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා ජනතා පක්ෂයෙන් නිවේදනයක්….

මේ වන විට “දිට්වා” සුළි කුණාටුව හා අධික වැසි හේතුවෙන් දිවයින පුරා ගංවතුර, නායයෑම් සහ ඉතා බරපතල ආපදා තත්ත්වයක් උදා වී ඇත. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අප ලද තෙරතුරු  සහ අන්තර්ජාතික වාර්තා අනුව, මරණ සහ වැඩි සංඛ්‍යාවක් තුවාල සිදුවී ඇති අතර, ලක්ෂ ගණනක් පදිංචිකරුවන්ට ගංවතුර සහ නායයෑම් බලපා ඇති බව දක්වයි.

ශ්‍රී ලංකා ජනතා පක්ෂය (SLJP) ලෙස, ජීවිත අහිමි වූ සියලුම පවුල් වෙත අපගේ ගැඹුරු ශෝකය සහ හෘදයාංගම සංවේගය ප්‍රකාශ කරමු, තුවාල ලැබූ සියලු දෙනාට සීඝ්‍ර ආරෝග්‍ය ලාභය ප්‍රාර්ථනා කරන අතර, බිය සහ අවිනිශ්චිතතාවයට මුහුණ දෙන සෑම පුරවැසියෙකු සමඟම අප ස්ථිරවම සහයෝගයෙන් සිටින්නෙමු.

මෙම ආපදා අවස්ථාවේදී පීඩාවට පත් සියලුම ජනතාව සමඟත්, ඔවුන්ට සහන සේවා සපයන සියලුම සහන සේවා ආයතන, ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් සමඟත් ඉතාමත් සහයෝගයෙන් කටයුතු කරමින්, හැකි සෑම අයුරකින්ම ඔවුන්ට උදව් උපකාර කරන ලෙස දිවයින පුරා විසිර සිටින ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ සියලුම දිස්ත්‍රික් නායකයන්ගෙන්, ප්‍රාදේශීය නායකයන්ගෙන් සහ සියලුම සාමාජිකයන්ගෙන් අපි දැඩිව ඉල්ලා සිටින්නෙමි.

 

මෙම තත්ත්වය හුදෙක් “ස්වභාවික විපතක්” පමණක් නොවන බව අපගේ දැඩි ස්ථාවරයයි. වගුරු බිම් ගොඩකිරීම, ජලය බැස යන ඇල මාර්ග හා කාණු පද්ධති කැළිකසළවලින් අවහිර වීම සහ කඳු මුදුන් විනාශ කරමින් සිදුකරන මහා පරිමාණ අනවසර ඉදිකිරීම් වසර ගණනාවක් පුරා පවතින නීති උල්ලංඝනය කිරීම්ය. මේවා මිනිස් ක්‍රියාකාරකම් නිසා නිර්මාණය වූ ව්‍යසනයන් වේ.

එයට අමතරව, මේ මෙහෙතේ අත්‍යශය නෙවනයැයි සදහන් කරමින් රාජ්‍ය සේවකයින්ට නිවාඩු ලබා දීම, “අත්‍යවශ්‍ය සේවා” නිශ්චිත ලෙස නිවේදනය නොකිරීම, රෝහල්වල මූලික ඖෂධ හිඟය, ප්‍රාදේශීය සහ පළාත් මට්ටමේ නිලධාරීන්ට අධිකාරිය සහ අරමුදල් නොදීම වැනි තීරණ මගින් ජීවිත හා සම්පත් රැක ගැනීම තවදුරටත් දුෂ්කර කර ඇත. මේවා සරල පාලන දෝෂ නොව,  ජනතාවගේ ජීවිත අහිමි වීමට සෘජුවම බලපාන අදූරදර්ශී තීරණ බව SLJP ලෙස අපි අවධාරණය කරමු.

ඒ අනුව, ශ්‍රී ලංකා ජනතා පක්ෂය රජයෙන් ප්‍රමාදයකින් තොරව පහත සඳහන් හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටී:

  • සෞඛ්‍ය, ආපදා ප්‍රතිචාර, ආහාර බෙදා හැරීම, ජල සැපයුම, විදුලිය සහ මහජන ආරක්ෂාව ඇතුළු සියලුම අත්‍යවශ්‍ය සේවා වහාම ප්‍රකාශයට පත් කර ගැසට් කරන ලෙසත්, අවශ්‍ය නිලධාරීන් බලමුලු ගන්වන ලෙසත්.
  • අත්‍යවශ්‍ය ඖෂධ සහ පරිභෝජන ද්‍රව්‍ය ඇතුළුහදිසි වෛද්‍ය සැපයුම් පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ට බලතල ලබා දෙන ලෙසත්.
  • පීඩාවට පත් පවුල් සඳහා සහල්, පිටි, පරිප්පු, පානීය ජලය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහාදිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් පාලන ආයතන වෙත හදිසි අරමුදල් මුදා හරින ලෙසත්.
  • තෙත් බිම්, ඇළ මාර්ග, කුඹුරු සහ කඳු මුදුන් මත සිදු කර ඇතිනීති විරෝධී ඉදිකිරීම් පිළිබඳ සම්පූර්ණ තක්සේරුවක් ප්‍රකාශයට පත් කර, දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්.
  • එවැනි මහා පරිමාණ ජාතික ඛේදවාචක නැවත සිදු වීම වැළැක්වීම සඳහා, සියලු පක්ෂ සමඟ සාකච්ඡා කර,ජාතික ආපදා සහ දේශගුණික ඔරොත්තු දීමේ සැලැස්මක් ආරම්භ කර, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්.

ශ්‍රී ලංකා ජනතා පක්ෂය අවධාරණය කරන්නේ, මෙවැනි මොහොතක ජනතාවගේ ජීවිත දේශපාලන අවශ්‍යතාවලට වඩා ඉදිරියෙන් තිබිය යුතු බවයි. රටේ ජීවිත සහ අනාගතය ආරක්ෂා කිරීම සඳහා වගකීමෙන්, කඩිනමින් සහ විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

හීරියමුල්ලගේ බුද්ධික ප්‍රසන්න
සභාපති – ශ්‍රී ලංකා ජනතා පක්ෂය (SLJP)

පෞද්ගලික විශ්වවිද්‍යාලවල ක්‍රියාකාරීත්වය ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය….

ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාරය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඒවා අනුමත පෞද්ගලික විශ්වවිද්‍යාල ලෙස පිළිගැනීම පිළිබඳව පවතින ගැටලු සම්බන්ධව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ජා කර තිබේ.

ඒ එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේතුවේ දී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙරට ගුණාත්මකභාවයෙන් පහළ උපාධි ලබාදීම සඳහා ආයතන බිහිවීම, ඒ ඔස්සේ සිදුවන හානිය පිළිබඳව කරුණු දක්වමින් පැහැදිලි කළේය.

එම ආයතන හුදෙක් අධ්‍යාපනය ලබාදීමට නොව ලාභ ලබාගැනීමේ මූලික අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේය.

ඒ අනුව උපාධි අපේක්ෂකයෙකු අදාළ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ සිට උපාධිය ලබාගැනීම දක්වා ක්‍රියාවලිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයා, පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතුළු එම උපාධි ලබාදෙන ආයතන අධීක්ෂණය හා නියාමන කාර්ය සිදු කිරීම සඳහා උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

ඒ ඔස්සේ අවශ්‍ය දත්ත පද්ධති සකස් කර ලොව අනෙකුත් විශ්වවිද්‍යාල හා සම්බන්ධ වෙමින් ඒවා අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරගැනීම මගින් එම විශ්වවිද්‍යාලවල ස්වභාවය, පාඨමාලාවන්ගේ ගුණාත්මක බව යනාදී කරුණු ගැන සියලු තොරතුරු දැනගැනීමට අවස්ථාව පවතින බව එහිදී ඔහු දැනුම් දී ඇත.

එමගින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අපේක්ෂිත පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා අනුමැතිය ලබදෙන්නේ ද නැද්ද යන්න නිවැරදිව තීරණය කළ හැකි බවද අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන) සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති නිලධාරීන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

තවද දේශීය විශ්වවිද්‍යාලවල ගැටලු, විදෙස් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව ආදී කරුණු සම්බන්ධයෙන්ද මෙම සාකච්ජාවේදී අවධානය යොමු විය.

පොහොර සහනාධාර මිල සම්බන්ධයෙන් තීරණයක්…..

ලෝක ‍වෙළෙඳපොළේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොහොර සහනාධාර මිල තීරණය කලයුතු බව කෘෂි සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

වී ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව, ගොවීන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර කළේය.

මෙහිදී වැඩිදුර අදහස් දක්වමින් කේ.ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා පැවසුවේ, වී වගාව කෙරෙහි දීර්ඝ කාලයක් තිස්සේ අවධානය යොමු කරමින් වී ගොවියා ආරක්ෂා කර ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර ඇති බවය.

කෙසේ වෙතත් අනෙකුත් බෝග පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් රට තුළ මෙතෙක් සකස් කර නොමැති බවය ඔහු සඳහන් කළේය.

වී ගොවීන් මෙන්ම සියලු ගොවීන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වත්මන් රජයේ අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ගොවියා, රාජ්‍ය නිලධාරියා සහ දේශපාලනඥයා තවදුරටත් බෙදී කටයුතු නොකර මින් ඉදිරියට සියලු පාර්ශ්ව එක්ව එකම කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් සෙවිය යුතු බව අමාත්‍යවරයා පැවසුවේය.

එහිදී අමාත්‍යවරයා පවසන ලද්දේ,  සහල් ආනයනය සීමා කිරීම අරමුණු කරගෙන වී නිෂ්පාදනය තවදුරටත් ඉහළ නැංවීම සහ වී මිලදී ගැනීමේ මිල ක්‍රමවේදය විධිමත් කිරීම පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.

නිෂ්පාදන පිරිවැය අවම කරමින් සහ ගොවියා ආරක්ෂා කර ගනිමින් පාරිභෝගික ජනතාවට ගුණාත්මක තත්ත්වයෙන් යුත් සහල් සහන මිලට ලබා දීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ගොවියාට අසාධාරණයක් නොවන අන්දමින් වී සඳහා ස්ථාවර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙන බවද මෙහිදී අවධාරණය කර තිබේ.

මේ අතර වී ගොවිතැන සඳහා පොහොර  සහනධාරය නොලැබීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව ද පොහොර මිලදී ගැනීම සඳහා රජය ලබාදෙන මුදල් බැංකුගත කිරීම සඳහා කඩිනම් වැඩපිළිවලක් සකස් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බව ද සාකච්ඡාව පැමිණි අම්පාර ප්‍රදේශයේ ගොවීන් පවසා ඇති බව සඳහන් ය.

දයාසිරිගේ ක්‍රියාකලාපය ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්…..

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

2025 සැප්තැම්බර් 24 වනදා සභා ගර්භය තුළදී  සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් සෙයාබැලීම සඳහා මෙම කමිටුව පත්කළ බව අද (19) පාර්ලමේන්තුවේදී කථානයකවරයා දැනුම් දුන්නේය.

නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි පන්නිලගේ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එහි සමාජිකයින් ලෙස නම් කර ඇත.

“2025 සැප්තැම්බර් 24 වනදා සභා ගර්භය තුළදී පාර්ලමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා සැප්තැම්බර් 25 වනදා දින පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉදිරිපත්කරන ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කථානායක රිස්වි සාලි  සභාපතිත්වයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි පන්නිලගේ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ  සාමාජිකත්වයෙන් යුත්ත ත්‍රිපුද්ගල කමිටුවක් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි.”

උපාධිය ගැන පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නාමල් කියයි…..

තමාගේ උපාධිය සම්බන්ධයෙන් පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මෙම කාරණය සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පත්වූ වහාම අධිකරණයට ඉදිරිපත්කර ඇති බී වාර්තාවක් මඟින් සිදුකෙරෙන විමර්ශනයේ ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති තත්ත්වයක් තුළ සිදුකෙරෙන අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී රටටම දැකගත හැකිවනු බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

“මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කිහිපයකින් විතර අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා. ඊට පස්සේ මස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරගෙන යනවා. අද වෙනතුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ. හැබැයි වෙබ් අඩවිවලින් මඩක් ගහනවා. දැන් නුගේගොඩ රැලියට හොඳටම බයවෙලා. බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහසවලට 21 වෙනිදා උත්තර ලැබේවි”

අද (19) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, නාමල් රාජපක්ෂ මහතාගේ නීති උපාධි සහතිකය පිළිබඳ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති අතර, එයට පිළිතුරු දීම ඔහුගේ වගකීමක් බවය.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ දහවල් විවේක කාලයෙන් අනතුරුව මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක මහතා පවසා සිටියේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් කටඋත්තර ගනු ලැබූවද අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් සිදුකර නොමැති බවය.

“ආණ්ඩුව ෆේල් වෙන විට මඩ ගහන එක නම් එච්චර හොඳ නෑ” යනුවෙන් ද  ඩීවී චානක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.