විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් හෙට විශේෂ සාකච්චාවක්….

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (14) දිනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකමුතුවක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවද විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් සඳහන් කළේය.

පසුගිය සතියේදී ද හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී මීට අදාළ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහි දිගුවක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර තිබේ.

කෙසේවෙතත් ආණ්ඩුවට ඝෘජුව අභියෝග කිරීමේ අරමුණින් සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව උපයෝගී කර නොගන්නා අතර විපක්ෂයේ එකමුතුවක් සකස් කිරීම පමණක් මෙහි අරමුණ බව විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් සඳහන් කළේය.

රාජිතට වරෙන්තු නිකුත් වෙයි……

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවෙකු වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) වරෙන්තු නිකුත් කළේය.

සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදීම මගහරිමින් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

අදාළ නඩුව අද (12) මෝසමක් මාර්ගයෙන් කැඳවමින් අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2012 වසරේ මැයි මස 19 වනදා  “සී වූ ප්‍රයිවට් ලිමිටඩ්” නමැති කොරියානු සමාගමක් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව කිරින්ද ධීවර වරායේ පිරී තිබෙන වැලි ඉවත්කර ඒවා පිරිසිදු කර දේශීය වෙළඳපොළට මුදා හැරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අනුමැතිය ලබාදී තිබෙන බව සඳහන් කළාය.

මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් වෙත එම යෝජනාව ඉදිරිපත් කර ඊට අදාළ පාරිසරික වාර්තා ඇතුළු වාර්තාවන් කැඳවා අධ්‍යයනය කිරීමකින් අනතුරුව එවැනි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අනුමැතිය ලබාදීම සාමාන්‍ය පිළිවෙත වුවත් මෙම ව්‍යාපෘතිය සඳහා සැකකාර හිටපු අමාත්‍යවරයා සම්මත ක්‍රමවේදයෙන් බැහැරව ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගෙන් වාර්තාවක් පමණක් කැඳවා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇති බවත් සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පැවසුවාය.

එම ව්‍යාපෘතිය පැවරීමෙන් පසුව වැලි ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් කිසිවක් අදාළ කොරියානු සමාගම සතුව නොතිබූ අතර ඉන් අනතුරුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාව සතුව තිබූ “වැලිගොව්වා” නෞකාව ඇතුළු පහසුකම් එම සමාගම වෙත ලබාදීමට සිදුවූ බවත් ඇය කියා සිටියාය.

මේ හේතුවෙන් ධීවර වරාය නීතිගත සංස්ථාවට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක් සිදුවී ඇති බවද ඇය අධිකරණය හමුවේ සඳහන් කළාය.

මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙනී සිටින ලෙස අවස්ථා කිහිපයකදී දැනුම්දීම් කර තිබුණත් සැකකාර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසම හමුවේ පෙනී නොසිටි බව ඇය පැවසුවාය.

සැකකාර රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න ජනමාධ්‍යවලට විවිධ ප්‍රකාශ නිකුත් කරමින් විමර්ශන කටයුතුවලට බාධා සිදු කරන බවත් සැකකාර හිටපු අමාත්‍යවරයා විමර්ශන මගහරිමින් සිටින බවත් ඇය පෙන්වා දුන්නාය.

මෙම සැකකරු තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එම ඉල්ලීම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවත් ඇය සඳහන් කළාය.

ඉන් අනතුරුව එම නියෝගයට එරෙහිව සැකකාර රාජිත සේනාරත්න කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ අතර ඊට අදාළව නොතිසි පවා මේ දක්වා ලැබී නොමැති බවද ඇය සඳහන් කළාය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරිනිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් මහාධිකරණය මගින් අතුරු නියෝගයක් නිකුත් කර තිබේදැයි විමසුවේය.

ඊට පිළිතුරු දුන් සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය එවැනි අතුරු නියෝගයක් නිකුත් කර නොමැති බව සඳහන් කළාය.

මෙම සැකකරු සිටින බවට සැකකරණ ස්ථාන පහක් පරීක්ෂාවට ලක් කළ බව සඳහන් කළ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය එහෙත් ඔහු සොයා ගැනීමට නොහැකිවූ බවත් සැකකරුට එරෙහිව ඉදිරිපත් වී තිබෙන වරද සංඤය වරදක් වුවත් මොහු විමර්ශන මගහරිමින් විමර්ශනවලට බාධා කිරීම යන කරුණ සැලකිල්ලට ගෙන ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම සැකකරු ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පතක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඉන් අනතුරුව ඔහු එම නියෝගයට එරෙහිව මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම ප්‍රතිශෝධන පෙත්සම යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්ද අධිකරණ විසින් නිකුත් කර නැත.

එම තත්ත්වය යටතේ තමන්ට එරෙහිව විමර්ශනයක් සිදුවන බව දනිමින් මෙම සැකකරු විමර්ශන මග හරිමින් සිටින ආකාරය අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණුවලින් පෙනී යන බවත් මහෙස්ත්‍රාත්වරයා පැවසුවේය.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 63(1)අ වගන්තිය ප්‍රකාරව  විමර්ශනවලට අවශ්‍ය කරන අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන බවත් මහෙස්ත්‍රාත්වරයා සිය නියෝගයේ සඳහන් කර සිටියේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහිව පෙත්සමක්…..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වග උත්තර කරු ලෙස නීතිපතිවරයා නම්කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් හිමිවී තිබෙන හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් මෙම පනත් කෙටුම්පත ඉකුත් 07 වනදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළ බවය.

යෝජිත පනත් කෙටුම්පතේ 01 සිට 04 දක්වා වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වීමක් සිදුවන බවත් මෙම පෙත්සමෙන් පෙන්වා දී ඇත.

ඊට අමතරව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති එකකින් හෝ කිහිපයකින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ස්වෛරීභාවය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් සිදුවන බවත් පෙත්සමෙන් තවත් චෝදනාවක් එල්ල කර තිබේ.

සමස්තයක් වශයෙන් ගත් කළ යෝජිත පනත් කෙටුම්පතේ වගන්තිවලින් සමස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික හරයන් උල්ලංඝනය වීමක් සිදුවන බව පෙත්සම්කරු චෝදනා කර සිටී.

යෝජිත පනත් කෙටුම්පත හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 1, 3, 4 සහ 12(1) ව්‍යවස්ථාවන්හි සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය වන බව ඔහු චෝදනා කළේය.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට නිගමනයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

ලංකාවෙි බුද්ධිමය දේපළ පනත බලාත්මක කිරීමට අදාල සාකච්ඡාවක්…

ගීත ක්ෂේත්‍රයට අදාලව සංගීත කර්තෘවරුන්ගේ සහ ගීත රචකයන්ගේ සාමූහික සංගම් සම්මේලනය (CISAC) සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) ජාත්‍යන්තර බුද්ධිමය දේපළ සම්මුතියට අනුව ලංකාවෙි බුද්ධිමය දේපළ පනත බලාත්මක කිරීමට අදාල සාකච්ඡාවක් අද (11) දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ගීත ක්ෂේත්‍රයට අදාළ බුද්ධිමය දේපළ නීතිය යථාවත් කිරීමට සහ ඊට අදාල තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව කඩිනමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී මූලිකව සාකච්ඡාවට ගනු ලැබීය. ඒ අනුව මීට අදාලව විශේෂඥ කමිටුවක් පත්කොට මාස තුනක් ඇතුලත අදාල නිර්දේශ ලබා ගැනීමට මෙහිදී තීරණය විය.

මේ සඳහා ශ්‍රී ලංකාවේ සංගීත නිර්මාතෘවරුන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) වෙනුවෙන් එහි සභාපති ගීත රචක නිලාර් එන් කාසිම්, ගීත රචක සුනිල් ආර් ගමගේ, ගීත රචක රවී සිරිවර්ධන, සංගීතවේදී නවරත්න ගමගේ, සංගීතවේදී දර්ශන රුවන් දිසානායක, සංගීතවේදී රංග දසනායක, සංගීතවෙිදී නදීක ජයවර්ධන සහ ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වූහ.

ලොහාන්ගේ තත්වය යහපත් නැහැ සුව දුක් බලන්න හිටපු ජනපතිවරුත් යයි……

රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් මීට සතියකට පෙර රෝහල් ගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ශ්වසන පද්ධතිය තුළ හට ගත් දැඩි සංකූලතාවයක් හේතුවෙන් මේ වන විට කොළඹ එම පෞද්ගලික රෝහලක  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ලොහාන් රත්වත්තේ මහතා මීට පෙරද මෙලෙසම රෝගී වී රෝහල් ගත කෙරුණු අතර එම රෝගී තත්ත්වය යළිත් උත්සන්න වීම හේතුවෙන් මෙසේ රෝහල්  ගත කෙරුණු බව ඔහුගේ පවුලේ සමීපතම ආරංචි මාර්ග පැවසීය.

ලොහාන් රත්වත්තේ මහතාගේ රෝගී තත්ත්වය දැන ගත් විගස හිටපු ජනාධිපති වරුන් වන මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු ඔහුගේ දේශපාලන සමීපතමයන් හා හිතවතුන් පවුලේ ඥාතීන් සුවදුක් විමසීමට රෝහලට පැමිණෙන බව එම ආරංචි මාර්ග පැවසීය.

ලොහාන් රත්වත්තේ මහතාගේ තත්ත්වය යහපත් නොවන බවද ඔහු කෘත්‍රිම ශ්වසන පද්ධතියක ආධාරයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි නිරීක්ෂණය මත ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය .

Kandy Prime News

යෞවන සමාජ දේශපාලනීකරණය වීම ගැන හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්….

මෙරට ඇති යෞවන සමාජ දේශපාලනයට යෙදා නොගන්නා බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යෞවන සමාජ දේශපාලනීකරණය වීම සම්බන්ධව සහ යෞවන සමාජ අතර මතුව ඇති අර්බුද සම්බන්ධව අද (10) විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී හිටපු ජනාධිපතිවරයා යෝජනා කරනුයේ අමාත්‍යවරයාට හිටපු නිලධාරීන් සමග මෙන්ම දැනට පත්ව ඇති නිලධාරීන් සමගද සාකච්ඡා කර දෙපාර්ශ්වයටම සෑහිමකට පත්විය හැකි විසඳුමක් ලබා දිය යුතු බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා,

“ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ ඉල්ලීමකට අනුව මීට වසර හතළිහකට පමණ පෙර මම යෞවන  සමාජ ආරම්භ කළා. ගමේ යෞවන යෞවනියන්ට එක් රැස්වන ස්ථානයක් විනෝදාංශයට, කලාවට, මෙන්ම වෙනත් වැඩ කටයුතු සඳහා ඒ යෞවන සමාජ මාර්ගයෙන් තරුණ දක්ෂතා සහ හැකියා දියුණු කිරීම මා බලාපොරොත්තු වූ මූලික කාරණයයි. ඒ කාරණය බොහෝ සාර්ථක වී තිබෙනවා. මේ වන විට සමාජයේ නොයෙක් ක්ෂේත්‍ර සඳහා තරුණ තරුණියන් සහභාගී වෙනවා.

මේ වසර හතළිහ ඇතුළත යෞවන සමාජ මේ රටේ ප්‍රධාන තරුණ ව්‍යාපාරය බවට පත්ව තිබෙනවා. යෞවන සමාජ වලින් ඉදිරිපත් වූ සමහර අය දේශපාලනයට පැමිණ තිබෙනවා. සමහර අය ව්‍යාපාරවල ඉන්නවා. මේ සියලු දෙනාම ඒ වැඩසටහන ඉදිරියට ගෙන යන්නත් සහය දෙනවා.
ළඟදී අමාත්‍යවරයා එම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳව විශාල ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. හැම තැනකම උද්ඝෝෂණ පැවැත්වෙනවා.

දැනට ජාතික සම්මේලනය පැවැත්වෙනවා. මට ආරංචි හැටියට ඊට පසුවත් උද්ඝෝෂණ පවත්වන්නට යනවා. මෙහෙම ගියොත් යෞවන සමාජ ව්‍යාපාරය පිරිහීමට පත්වේවි. යෞවන  සමාජ දේශපාලනීකරණය කිරීම සඳහා අදාළ සංශෝධන ගෙනැවිත් තිබෙන බව උද්ඝෝෂණය කරන අය පවසනවා.

මේ ප්‍රශ්නය දුරදිග ගෙනයන්නේ නැතිව විසඳාගත යුතුයි. මෙලෙස උද්ඝෝෂණ කරන හිටපු නිලධාරී කණ්ඩායම මෙන්ම දැනට පත්ව සිටින දිස්ත්‍රික් සංවිධානවල නියෝජිතයන් සමග සාකච්ඡා කොට සියලු දෙනා සෑහීමකට පත්වෙන විසඳුමක් ලබා දෙන්න.

මේ රටේ යෞවන සමාජ දේශපාලනය සඳහා යොදා නොගන්නා බව අප සියලු දෙනාම දැනගත යුතුයි. එය ඇමැතිතුමාටත් මේ කණ්ඩායම් දෙකටත් එකට එකතු වෙලා කරගන්න පුළුවන් වැඩ කටයුත්තක්. එම කාර්යය නොකෙරුනොත් මේ උද්ඝෝෂණ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙනවා. එවිට මේවාට දේශපාලන පක්ෂයත් ඇතුල් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ යෞවන සමාජ ව්‍යාපාරය නැති වී යාවි. මට අවශ්‍ය වී තිබෙන්නේ මේ යෞවන සමාජ ව්‍යාපාරය ආරක්ෂා කිරීමයි. මේ කෙටි පණිවිඩය ඔබට ලබා දීමට තීරණය කළේ ඒ නිසයි”

චිචීගේ රොකට් එක ගැන ඇමති නලින්දගේ මතය…..

විමර්ශන අවසානයේ දී සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අනාවරණය වනු ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ එම ව්‍යාපෘතිය හරහා රටට විශාල ආදායමක් ලැබුණේ නම් අදාළ පාර්ශව මෙතෙක් නිහඩව සිටීම විශ්වාස කළ නොහැකි බවය.

අද කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
”ඔබ හිතනවද සුප්‍රීම් සැට් එකෙන් එච්චර ආදායමක් ලංකාවට ආවා නම් රාජපක්ෂලා අවුරුදු දහයක් දහතුනක් විතර නිහඬව ඉඳියි කියලා.  ඒගොල්ලෝන්ට පහුගිය අවුරුදු දහතුනේම ඒ චෝදනාව එල්ල වුණා. මේ වගේ ආදායමක් ආවා නම්, රාජපක්ෂලා නිහඬව ඉදී කියලා හිතනව ද? එහෙම රටට වාසියක් ගේන්න මොකක් හරි එකක් රාජපක්ෂලා කරයි කියලා ඔබ හිතනවද? තමන්ට වාසියක් වෙන්නේ නැතුව. පරීක්ෂණ සිද්ධ වෙනවා. පරීක්ෂණ සිද්ධ වුණාට පස්සේ කතා කරන්න පුළුවන්. මොකද වුණේ කියලා. සුප්‍රීම් සැට් කියලා කියන්නේ තනි ව්‍යාපෘතියක් නෙමෙයි. ඒකේ ව්‍යාපෘති ගණනාවක එකතුවක්. ඒ නිසා ඒ සමාගම තවත් ව්‍යාපෘති කරනවා. මං හිතන්නේ ඇත්ත හෙළිදරව් වේවි ළඟදිම. ඉතින් මේක බලන්න ඕනකම තියෙන්නේ රාජපක්ෂගේ සියලු ව්‍යාපෘති පැත්තක දාලා මේක තනියෙන් අරගෙන නෙවෙයි. ඒගොල්ලන්ගේ සමස්ත මැදිහත් වීම් අතරේ මේ රොකට් ව්‍යාපෘතිය කොතනද ස්ථානගත වෙන්නේ කියන එක.”

ලෝක ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් දඹානේදි….

අදට (09) යෙදී ඇති ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි.

 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදිවාසී නායක, විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ 1996 වසරේදී ජීනිවාහි ආදිවාසී සමුළුවට සහභාගී වීමත් සමඟ ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමේ කතිකාව ආරම්භ කෙරුණු අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය 1999 වසරේදී කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්විණි.

 මෙවරද විවිධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන එක්ව ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය විචිත්‍රවත් අයුරින් සංවිධානය කර තිබු අතර, සාමය සහ සෞභාග්‍යය සඳහා ආශිර්වාද කෙරෙන සාම්ප්‍රදායික කිරි කොරහා චාරිත්‍රය ඉටු කිරීම ඇතුළු ආදිවාසී ජනතාවට ආවේණික විවිධ සංස්කෘතිකාංග රැසකින් මෙම අවස්ථාව වර්ණවත් විය.

 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හිටපු ආදිවාසී නායක ඌරුවරිගේ තිසාහාමි ඇත්තන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමත් සමඟ උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර කෞතුකාගාර මැද මිදුලේ සුදු හඳුන් පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

 ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදිවාසී නායක විශ්ව කීර්ති ශ්‍රී වනස්පති  ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත ආදිවාසී ජනතාවගේ ගැටළු ඇතුළත් සංදේශයක් භාර දෙනු ලැබූ අතර සමරු ඵලකයක්ද පිළිගැන්විණි.

 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්ද ආදිවාසී නායකයා වෙත තිළිණයක් පිළිගන්වනු ලැබීය.

 ආදිවාසී ප්‍රජාවගේ නිෂ්පාදන ප්‍රදර්ශනය සහ අලෙවි කිරීම සඳහා කුටි ඉදිකිරීම ඇරඹීම සහ පාරම්පරික දැනුම සහ දේශීය සම්පත් උපයෝගී කර ගනිමින් නිෂ්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදිවාසී ඔසු සබන් “කයිරි එළිදැක්වීමත්, ආයුර්වේද සබන් නිෂ්පාදන පුහුණු වැඩසටහන අවසන් කළ ආදිවාසී කාන්තාවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමත් මීට සමගාමීව සිදු කෙරිණි.

 බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීහු, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වෝල්ෂ් මහතා ඇතුළු කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු සහ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඓතිහාසික දළදා පෙරහැර නැරඹීමට ජනපති එක් වෙයි…..

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද (08) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර දහස් ගණනක් ජනතාව සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පෙරහැර නැරඹීමට එක් විය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් යන මහත්වරුද, විදෙස් තානාපතිවරු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නීතිවිරෝධීව මැණිකක් විකිණීමට ගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට…..

පියල් කෝටි 50ක වටිනාකමකින් යුත් බව පවසමින් බලපත්‍රයක් නොමැතිව මැණික් ගලක් අළෙවි කිරිමට පැමිණි කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකු නුවරඑළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරුවන් තිදෙනා එම මැණික් ගල මිලදී ගන්නා අයට වාසනාව උදාවන බව පවසමින් එය රුපියල් කෝටි 50කට අළෙවි කිරීමට සූදානම්ව සිට ඇති අතර පොලීසිය උපාය දූතයෙකු ලවා කේවල් කර එම මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා අඩු කරගෙන තිබේ.

ඒ අනුව එම උපාය දූතයා ලවාම සිදු කළ විශේෂ මෙහෙයුමකින් මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩවල සහ වත්තේගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40-50 වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් තිදෙනෙකි.

පොලීසිය පැවසුවේ පොලිස් භාරයට ගත් මැණික් ගල ව්‍යාජ එකක්ද යන්න පිළිබදව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් වාර්තාවක් ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

කෙසේ වෙතත්  අත්අඩංගුවට ගත්  සැකකරුවන් තිදෙනා නුව