වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් ගල්කුලමේදී අනතුරක 06ක් රෝහලේ…

වන්දනා කරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් අද (07) තිරප්පනේ ගල්කුලම ප්‍රදේශයේදි අනතුරට ලක්විමෙන් එහි රියදුරු ඇතුලු 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි තිරප්පනය පොලිසිය කියයි.
මහනුවර යාපනය ඒ 9 මාර්ගයේ ගල්කුලම ගල්වඩුවාගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ. මතුගම සිට අනුරාධපුරයේ වන්දනාව සඳහා යමින් සිටි මතුගම ප්‍රෙද්ශයේ පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබේ. ධාවනය වෙමින් තිබූ එම වෑන් රථයේ රෝදයක ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් එම රෝදය ගැලවී ගොස් එය රියදුරුගේ පාලනයෙන් ගිලිහි මාර්ගයේ පෙරැලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ එම වෑන් රථයේ පුද්ගලයින් අට දෙනෙකු ගමන් කරමින් සිට තිබේ. සිදුව ඇති අනතුරෙන් එම වෑන් රථයේ රියදුරු ඇතුළු 06 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් ඛළ බව පොලිසිය කියයි. එම තුවාල කරුවන් මතුගම ප්‍රෙද්ශයේ පදිංචිකරුවෝ වෙති.
තුවාල කරුවන්ගේ තත්වය එතරම් බරපතළ නොවන බව අනුරාධපුර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ති‍රප්පනේ පොලිස් රථ වාහන අංශයේ නිලධාරින් පිරිසක් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

කැකිරාව කුෂාන් ජයවර්ධන

ෆොඩයිස් වතුයායේ කොටි කලබලයක්…

පසුගිය 2025.08.03 අලුයම හැටන් පොලිස් වසමට අයත් ෆොඩයිස් වතුයායේ එන්සී කොටසේ රාත්‍රී කාලයේ සැරිසරන කඳුකර කොටියෙකු නිවාසයකට පැමිණ බල්ලෙක් රැගෙන යයි එම සිදුවීම එම වතුයා  නිවසක තිබූ සීසී ටීවී  කැමරාවක සටහන් වී තිබීමෙබ් වතුයායේ වතු කම්කරුවන් භීතියට පත්ව සිටි,

දිනපතා රාත්‍රී කාලයේ තම නිවාස අසලා පැමිණෙන කඳුකර කොටියා තම නිවසේ සුරතලේට ඇති කරන සුනඛයින් ගොදුරු පිනිස රැගෙන යන බවයි එම වතු යායේ වතු කම්කරුවන් කියා සිටියේ.

මෙම සිදුවීමට අද දින 2025.08.05 උදෑසන  නල්ලතන්නිය වනජීවී කාර්යාලය අඩවි බර  නිලධාරි   R. M. T. B. රත්නායක මතා සහ පිරිස   නිරීක්ෂණය කිරීම සහ වතුකම්කරුවන් කොටින්ගෙන් ආරක්ෂාවීම පිළිබඳව   දැනුවත් කිරීම සඳහා  පැමිණියා ,

අද දින එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීමේදී  අද දිනත් කුටියෙන් පැමිණි බවට ශාක්සි ලෙස කොටින්ගේ අඩි සලකුණු  එම ප්‍රදේශයේ පුරා දක්නට ලැබුණා.  වනජීවී නිලධාරින් වතුකම්කරුවන්ට පවසා සිටියේ  දර කැඩීමට යාමේදී සහ  තේදලු නිළීමට යාමේදී  සුනඛයෙන් රැගෙන  යාමෙන් වළකින ලෙසට .

වන ජීවී නිලධාරින් වැඩිදුරටත් පවසා සිටියේ  කොටින් ගම් වැදීම  වැළැක්වීම සඳහා  ක්‍රියාත්මාර්ග සහ  කොටින් පිළිබඳ එම වතුයායේ සියළුම වතු  ආවරණය වන පරිදි  දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉදිරියේදී පවත්වන බවයි.

නුවරඑළිය ආර්.එෆ්.එම්.සුහෙල්

කහවත්ත ඝාතන සිද්ධියේ පෙරට්ටුවට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනාම හඳුනා ගනියි…..

කහවත්ත පලන්සූරියගම ප්‍රදේශයේදී පසුගියදා තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් අටදෙනෙකු අද (05) පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එහිදී පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලද සැකකරුවන් දෙදෙනාම සාක්ෂිකරුවන් විසින් මෙහිදී හඳුනාගනු ලැබීය.

පසුගිය ජුනි මස 30 වැනිදා කහවත්ත, පලන්සූරියගම හල්ලිද ප්‍රදේශයේ පදිංචි සුරංජන නම් 22 හැවිරිදි තරුණයෙකු පොලීසියෙන් බව පවසා පිරිසක් විසින් පැහැරගෙන ගොස් එම ප්‍රදේශයේ මාර්ගයක් අසල වෙඩි තබා ඝාතනය කර තිබුණි.

එකී සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සහ රත්නපුර කොට්ඨාස අපරාධ ඒකකය විසින් සිදු කරන ලද විමර්ශනයේදී සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය භාර විය.

ඒ අනුව අද හඳුනා ගැනීමේ පෙරට්ටුවට පොලීසියට භාර වූ සැකකරුවන් දෙදෙනා ඉදිරිපත් කළ අතර එහිදී ඝාතනයට ලක්වූ පවුලේ ඥාතීන් විසින් එම සැකකරුවන් දෙදෙනා හඳුනා ගනු ලැබීය.

හත්වෙනි සහ අටවෙනි විත්තිකරුවන් එලෙස හඳුනාගෙන ඇති අතර නමවැනි විත්තිකරු ඉදිරි දිනයක හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් 08 දෙනා එළැඹෙන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා නියෝග කළේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සහ අධිකරණ භූමිය තුළ දැඩි ආරක්ෂාවක් යෙදවීමටද පොලීසිය පියවර ගෙන තිබුණි.

කාගේත් ඇස් මවිත කළ මිලකට වෙන්දේසි වුණු මයිකල් ජැක්සන්ගේ මේස් කකුල…

ගායක මයිකල් ජැක්සන්, 1997 වසරේ දී ප්‍රංශයේ පැවති ප්‍රසංගයක් අතරතුර පැළඳ සිටි දිලිසෙන මේස් කකුලක් ඩොලර් 9,000කට වෙන්දේසි වී තිබෙනවා.ප්‍රංශයේ බදාදා පැවැති වෙන්දේසියකදී මෙය අලෙවි වී ඇතැයි වාර්තා වේ.

ජැක්සන් ඔහුගේ HIStory: Past, Present and Future, Book I ගීත ඇලබමය නිකුත් කිරීම ප්‍රවර්ධනය කිරීම සදහා මෙලෙස ප්‍රංශයේ ප්‍රසංගයට සහභාගීවන අතරතුර “සඳ ඇවිදීම” සිදු කරන ඉරියව්වේ දී මෙම මේස් එක විශේෂයෙන් කැපී පෙනුණු බව කියනු ලැබේ.

ජැක්සන් එය සෝදා නැති බවද සඳහන්ය.

මෙම වෙන්දේසියේදී, මේස් එක විකුණනු ලැබුවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගෙන් ලැබුණු පසුපස වේදිකා අවසර පත්‍රයක් සමඟිනි.

ඔහු නයිස් හි ප්‍රසංගයකින් පසු උපකරණ ඉවත් කිරීමේදී මෙය සොයාගෙන මේ දක්වා එය සුරැකිව තබාගෙන සිට තිබේ.

 

උපුටා ගැනීම Hiru Gossip

දෙයියනේ මෙහෙමත් මනමාලයෙක් … මංගල කේක් කෑල්ලක් ගැන ඇහෙන පුදුම හිතෙන කතාව…

මංගල දිනයේ මංගල මොහොතේ කැපූ පළමු කේක් කෑල්ල මනාලියට නොකවා මනාලයාම කටේ ඔබාගත් පුවතක් වැලිමඩට නුදුරු ප්‍රදේශයකින් අසන්නට ලැබෙනවා..

මනාලයා වයස 30 ඉක්මවූ මැදිවියේ තරුණ මහත්මයක්.

ප්‍රේම සබඳතා කොතෙකුත් පැවතිය ද එක්කෝ පවුලට නොගැළපෙයි. නැතිනම් ඒවා තමන්ට නොගැළපෙයි. මවුපිය පාර්ශ්වය අවසානයේ තම පුතුට මනාලියක සෙවීමේ කාර්ය ගමේ ප්‍රසිද්ධ කපු නෝනා කෙනෙකුට පැවරුවා…

ඇය මනාල මහතාගේ ඡායාරූපයක්ද රැගෙන මනාලයාට හා මනාල මහතාගේ පවුලට ගැළපෙන තරුණියක සොයා ගැනීමේ භාරදූර කාර්ය භාර ගත්තා…

මනාල මහතාගේ පවුල ගමේ ප්‍රසිද්ධ කුඹුරුපිටි හිමි පවුලක්. මනාල මහතාද කුඩා කල සිටම කුඹුරු ආශ්‍රිතව ගැවසෙන තැනකට ගොස් හැසිරීමට යම්තාක් තරමින් නොදත් අයෙක්. ඔහුගේ දුර්වලතා කපු නෝනා විසින් අවස්ථා කිහිපයකදී වසන් කර තිබුණා …

කෙසේ හෝ කපු නෝනා අසල ගම් කිහිපයකින් මනාලියන් සොයා ගිය අතර, අවසානයේ අල්ලපු ගමින්ම සුදුසු තරුණියක සොයා ගැනීමට ඇය සමත්වූවා. මනාල පාර්ශ්වයත් මනාලියගේ පාර්ශ්වයත් වට කිහිපයක් හමුවී අවසානයේ විවාහයට සුදුසු දිනයක් යොදා ගැනුණා.

විවාහයට මනාල පාර්ශ්වයගේ පිරිසටත් මනාලියගේ පාර්ශ්වයේ පිරිසටත් ගමේ ඈයන්ටත් ආරාධනා කලා .

උදෑසන සිට චාරිත්‍රවලින් මනාල මහත්මා වෙහෙස වී සිටියා… හරියාකරයේ ආහාරයක් වත් ලැබුණේ නැහැ. කෙසේ හෝ මනමාල ජෝඩූව කේක් කපා සතුට සමරන අවස්ථාව එළඹුණා.. දෙදෙනා එක් වී කේක් කැපූ සැණින් තම මනාලියට කේක් කවනවා වෙනුවට කේක් කැබැල්ලම තමන්ගේ කටේ ඔබාගෙන කෑමට මනමාල මහතා කටයුතු කළා..

සිදු වූ දේ සිතා ගැනීමට නොහැකි වූ මනාලිය තම මව්පිය පාර්ශ්වය දෙස බැලුවා. අසල සිටි පිරිසත් ඔවුනොවුන්ගේ මුහුණු දෙස බලා සිනාසුණා. කලබල වූ මනාල මහතාට සිදු වූ දේ වැටහූ විට සියල්ල සිදු වී අවසන්. කෙසේ හෝ ඔහු දකින විට එම සිදුවීම මතක් කර මොහොතක් සිනාසීම මේ ගමේ පිරිස කාලයක සිට සිදු කරනවා….

උපුටා ගැනීම – Hiru Gossip

 

ජර්මානු ඔලිම්පික් ශූරියක වන ලෝරා ඩොල්මයර් ජීවිතක්ෂයට පත්වෙයි…..

ජර්මානු ඔලිම්පික් ශූරියක වන ලෝරා ඩොල්මයර් පාකිස්තානයේ කඳු නැගීමක් අතරතුර සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇය තවත් කඳු නැගීමේ සහකාරියක සමග පසුගිය සඳුදා (28) ගිල්ගිට්-බෝල්ටිස්තාන් කලාපයේ කඳු නැගීමේ නිතරව සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට ලක්ව සිටියේය.

අනතුරට ලක්වන විට ඇය ලායිලා කඳු මුදුණේ සිට ඇති අතර, එහිදී මීටර් 5,700ක් පමණ උසකින් වූ ප්‍රදේශයකින් පහළට ඇදවැටී තිබේ.

කෙසේ වෙතත් එදින පැවති අයහපත් කාලගුණය හා දුර්වල ආලෝක තත්ත්වය හේතුවෙන් පසුදින උදෑසන තෙක්ම ගලවාගැනීමේ හෙලිකොප්ටරයකට ඇය වෙත ළඟාවීමට නොහැකි විය.

ඒ හේතුවෙන් එදිනට මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ අතර, ඊයේ (30) උදෑසන නැවතවරක් මෙහෙයුම් ආරම්භ කළේය.

එහිදී ඩොල්මයර්ව හමුව ඇති අතර, ගලවාගැනීමේ කණ්ඩායම් විශ්වාස කරන්නේ අනතුර සිදු වූ සඳුදා දිනයේම ඇය මියයන්නට ඇති බවය.

මෙම ගලවාගැනීමේ මෙහෙයුමට ජර්මනියේ සහ එක්සත් ජනපදයේ විශේෂඥ කඳු නගින්නන් ද එක්ව තිබේ.

biathlon ක්‍රීඩාවේ අතිවිශිෂ්ට ක්‍රීඩිකාවක වන 31 හැවිරිදි ලෝරා ඩොල්මයර්, ඔලිම්පික් උළෙල 2කට, ලෝක ශූරතාවලි 5කට හා ලෝක කුසලාන 7කට ජර්මනිය නියෝජනය කරමින් සහභාගි වී ඇත.

YouTube අවකාශය තුළ (subscribers) මිලියන 400 සීමාව පසුකල ලොව පළමු හා එකම නාලිකාව බවට ‘MrBeast’ යූ ටියුබ් චැනලය පත්වෙයි…

YouTube අවකාශය තුළ ග්‍රාහකයින් (subscribers) මිලියන 400 සීමාව පසුකල ලොව පළමු හා එකම නාලිකාව බවට ජේම්ස් ස්ටීවන්  ඩොනල්ඩ්සන්ගේ ‘MrBeast’ යූ ටියුබ් චැනලය පත්ව තිබේ.

ඒ අනුව ඔහු වෙනුවෙන්ම නවතම මාදිලියෙන් යුත් Play Button එකක් නිර්මාණය කර, YouTube ප්‍රධාන විධායක නිලධාරී නීල් මොහාන් මහතා විසින් ඔහුට ලබා දී ඇත.

අමෙරිකානු ජාතිකයෙකු වන මේ වනවිට 27වන වියේ පසුවන ඩොනල්ඩ්සන්ගේ මෙම ‘MrBeast’ නාලිකාව 2012 වසරේ දී ආරම්භ කර වූවකි.

එයට 2016 වසරේදී ග්‍රාහකයින් ලක්ෂය සම්පූර්ණ කිරීමට හැකි වූ අතර, 2017 වසරේ දී මිලියනය සම්පූර්ණ කරගත හැකිවිය.

සිය ග්‍රාහකයින් සංඛ්‍යාව අධිවේගයෙන් ආකර්ෂණය කරගත් ඔහු 2018 වසරේදී මිලියන 10 සීමාව සම්පූර්ණ කළ අතර, 2021 වසරේ දී මිලියන 50 සීමාව පසුකර ගියේය.

එමෙන්ම වසරක් තුළ දී එනම්, 2022 වසරේ දී ඔහුට මිලියන 100 සීමාව දක්වා සිය නාලිකාව වැඩිකරගැනීමට හැකිව තිබේ.

මේ වනවිට වීඩියෝ 888කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති ‘MrBeast’යූ ටියුබ් චැනලය බිලියන 91කට වැඩි නැරඹුම් වාර සංඛ්‍යාවකට හිමිකම් කියයි.

සමාජ මාධ්‍ය වල සංසරණය වන පුවත් අසත්‍යයි – ධනංජය ද සිල්වා

නවසීලන්තය සමග හෙට (25) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී තමා අංක 7 ස්ථානයේ පන්දුවට පහර දීම ප්‍රතික්ෂේප කළ බවට පලවන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රීඩක ධනංජය ද සිල්වා පවසනවා.

තමා සැමවිටම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ.

හෙට නවසීලන්තය සමඟ පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ධනංජය ද සිල්වා අංක 7 ස්ථානයේ පන්දුවට පහරදීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඒ හේතුවෙන් කණ්ඩායමේ ස්ථානය ද ඔහුට අහිමි වී ඇති බවයි සමාජ මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ.

37986ea464f02be087572b69db7c36bc

මෙරට තරබාරු පුද්ගලයින්ගේ වැඩිවීමක්

‍මෙරට බර වැඩි සහ තරබාරු තත්ත්වයේ සිටින පුද්ගලයින්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ හේතුවෙන් බර වැඩිවීම මඟින් පසුකාලීනව බෝ නොවන රෝග ඇති වීමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන සඳහන් කළේ.

ඒ අනුව 2015 වසරේදී මෙරට තරබාරු ගණයේ පුද්ගලයින් සංඛ්‍යාව 22.5% ක් වූ බවත් එම ප්‍රමාණය 2021 සමීක්ෂණයට අනුව 30% ක් දක්වා වැඩිවී ඇති බවයි ඇය සඳහන් කළේ.

ආහාර පරිභෝජනය කරන ප්‍රමාණය වැය කරන ප්‍රමාණයට වඩා වැඩි නම් එය තෙල් වශයෙන් ශරීරය තුළ තැන්පත් වන බවත්, එම නිසා බර වැඩිවීම සඳහා එය බලපාන බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් ක‌ළා.

Facebook සාදයක් වටලා පුද්ගලයින් 31 ක් අත්අඩංගුවට ගනී

බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවැති ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 31 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (12) අලුයම් කාලයේදී බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදුකර තිබෙනවා.

ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 07දෙනෙකු, මත් කරල් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 03 දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු, තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එසේම මත්පෙති සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් හා සැකපිට පුද්ගලයින් 06 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය අවුරුදු 20ත් 27ත් අතර වයස්වල පසුවන මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, මරදාන, ග්‍රෑන්ඩ්පාස්, පෑලියගොඩ සහ කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.