හොරණ රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරියා බිරිඳ ඝාතනය කර මත්පැන් සමග වස පානය කර සියදිවි හානිකරගෙන….

බුලත්සිංහල, ඈගල්ඔය පාර ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි අලෙවි සැලක ඉහල මාලයේ තිබී අඹුසැමි යුවළකගේ මළ සිරුරු දෙකක් හමුවෙයි.

බුලත්සිංහල පොලීසියට ලද තොරතුරක් ඔස්සේ ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිදුකළ මූලික විමර්ශනවලදී මෙම දේහයන් දෙක සොයාගෙන ඇතා.

ඈගල්ඔය නගරයේ වෙළද සැලක ඉහල මහලේ 2018 වර්ෂයේ සිට කුලි පදනම මත පදිංචිව සිටි වයස අවු 62 ක් වන විජිතසිරි දසනායක සහ ඔහුගේ දෙවැනි බිරිද වන වයස අවු: 55 වන වෙිරගොඩ විදානලාගේ පුෂ්පා ශිරෝමනි සුරසිංහ ජීවත්ව සිට ඇති අතර දින කිහිපයක සිට දෙදෙනා අතර අරවුල් ඇති කරගෙන ඇති බවත් දින තුනක පමන ඉහත සිට පදිංචි නිවසේ විදුලි පහන් දල්වා දොර වසා තිබු බැවින් අවට පිරිස් බුලත්සිංහල පොලිස් ස්ථානය කරන ලද
දැනුම් දීමකට අනුව පොලිස් නිලධාරීන් පැමින නිවස විවෘත කර බැලිමෙිදි දෙ⁣දෙනාගේ මළ සිරුරු එකම ස්ථානයක බිම වැටි මිය ගොස් ඇති බවත් බිරිදගේ ශරිරයෙන් ලේ වහනය වි ඇතිි බවටද පොලිස් නිලධාරීන්ට නිරික්ෂණය
වී ඇත.

පුරුෂයා වස පානය කර කටින් සෙම වහනය වි බිරිඳ අසන්නයේම වැඩි මරණයට පත්වී ඇත. පොලිසිය විසින් කරන ලද පරීක්ෂණයේදී පුරුෂයා විසින් බිරිද ඝාතනය කර පසූව වස පානය කර පුරුෂයා සියදිවි නසාගෙන ඇත.

මියගොස් ඇති පිරිමි පුද්ගලයා අගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර මීට පෙර විවාහ වී සිට ඇති බව අනාවරණය වී ඇත. විවාහයෙන් දරුවන් තිදෙනකු සිටින අතර බිරිඳ වසර කිහිපයකට පෙර හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇත. ඉන්පසු මෙම කාන්තාව සමග සැමියන් ලෙස ජීවත්ව ඇති අතර පුරුෂයා අගලවත්ත ප්‍රදේශයේ වැවිලි සමාගමක දීර්ඝ කාලයක් සේවය කිරීමෙන් අනතුරුව විශ්‍රාම ගොස් එයින් ලබාගත් අර්ථසාධක මුදල ලක්ෂ 19කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති අතර ඉන් මාස කිහිපයකට පමණ පසු රිය අනතුරක් සිදුවීමෙන් ඔහුට ලක්ෂ දෙකහමාරකට ආසන්න මුදලක් වන්දි වශයෙන්ද ලැබී ඇති අතර එම මුදල් සියල්ල එකතුකර ඈගල්ඔය නගරයේ ඉංගිරිය මාර්ගයේ මෙම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ නවාතැන් ගැනීමටත් පහළ මාලය රෙදිපිළි අලෙවි සැලක් ආරම්භ කිරීමටත් පියවර ගෙන ඇති අතර ඔහු මිය යන විටත් හොරණ රෝහලේ ආරක්ෂක සේවයේ රැකියාව කරමින් සිට ඇති බව ඥාතීන් පවසයි.

සතියකට පමණ ඉහතදී සහෝදරයෙකුගේ නිවසෙයි පැවති දානමය කටයුත්තක් වෙනුවෙන්ද මොවුන් දෙදෙනාට ආරාධනා කර තිබුණද සහෝදරයාගේ නිවසට ගොස් තිබුණේ මියගිය පුද්ගලයා පමණක් බව ඥාතීන් පවසයි. ඥාතීන් විමසීමේදී පවසා ඇත්තේ නිතර අඬදබර සිදුවන බවත් ඒ කනක් සල්ලෙන් සිටින බවත් එම නිසා කාන්තාව රැගෙන නොපැමිණි බවත් පවසා ඇත.

පුරුෂයා විසින් බිරිඳ ඝාතනය කිරීමෙන් අනතුරුව දින එකහාමාරකට ආසන්න කාලයක් සිය කාමරයේ තබාගෙන ඇති බව සැක කරන අතර ඉන් අනතුරුව මෙම පුද්ගලයා ප්‍රදේශයේ කලබලයෙන් ඇවිදයන ආකාරයක් බවට පිරිස් දැක ඇති බව අනාවරණය වී ඇත. ආසන්නයේ ඇති වෙළඳසැලකින් වස කුප්පියක් ගෙන විත්තිය අතර බීම බෝතලයක් සහ අකරක්කු බාගයක් රැගෙන පැමිණ ඇති අතර වස,බීම සහා අරක්කු සමග මිශ්‍ර කර පානය කර ඇති බවටත් එම මිශ්‍රණය පානය කිරීමෙන් පසු මාරි ආසන්නයේ බිම වැටී සිටි බිරිඳ ආසන්නයෙන්ම වැටී ඇති බවට පොලිසිය අනුමාන කරයි.බිරිඳගේ හිසට සහ පිට දේශයෙන් බෙල්ල ආසන්නයේ කැපුම් තුවාල දෙකක් ඇති අතර ඒ ආසන්නයේම උල් පිහියක් තිබී පොලිසියට හමුවිය.බුලත්සිංහල පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබන අතර කළුතර අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත.ස්ථානීය පරීක්ෂණය මතුගම වැඩබලන මහේස්ත්‍රාත් තුමා විසින් සිදු කිරීමෙන් අනතුරුව සිරුරු වැඩිදුර පරීක්ෂණ සඳහා නාගොඩ දිස්ත්‍රික් මහා රෝහල වෙත රැගෙන යන ලදී.

බුලත්සිංහල රෙදිපිළි අලෙවිසැලකින් මළ සිරුරු 2ක් හමුවෙයි…..

බුලත්සිංහල, ඈගල්ල පාර ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි අලෙවි සැලක් තුළ තිබී අඹුසැමි යුවළකගේ මළ සිරුරු දෙකක් අද (14) සොයාගෙන තිබේ.

බුලත්සිංහල පොලීසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිදුකළ මූලික විමර්ශනවලදී මෙම දේහයන් සොයාගෙන ඇත.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 61 හැවිරිදි සැමියාය.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙය ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක්ද යන්න සෙවීම සඳහා බුලත්සිංහල පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මාස 8ක් ගියත් වාර්තා සභාගත කර නෑ – Free Lawyers…..

මහ භාණ්ඩාගරයෙන් අතුරුදන්වූ ඩොලර් මිලියන 2.5ක මුදල් වංචාව සම්බන්ධව මේ වන විට මාස 8කට වැඩි කාලයක් ගතවි ඇතත් ඒ පිළිබඳව කිසිදු නිල වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ව්‍යවස්ථාදායකය අසමත් වී ඇති බව Free Lawyers සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධව මීළඟ පාර්ලිමේන්තු දිනයේදී හෝ අදාළ වාර්තා සභාගත කිරීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බවය.

ශ්‍රී ලංකාව මේ වන විටත් පසුවන්නේ දැඩි ආර්ථික අර්බුදයකින් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ අතිශය තීරණාත්මක සමයක බවත් අදාළ නිවේදනය මගින් පෙන්වා දී ඇති එම සංවිධානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනෙහි කොන්දේසියක් මත මෙතෙක් කල් මහ බැංකු විසින් සිදුකළ රජයේ ණය කළමනාකරණය කිරීමේ කටයුතු මහා භාණ්ඩාගරය යටතේ පිහිටුවන ලද නව ආයතනයක් වන රාජ්‍ය ණය කළමනාකරණය කාර්යාලය වෙත පැවරීම සිදුව ඇති බවය.

ණය කළමනාකරණය යනු සරලවම රජය විසින් ලබා ගෙන ඇති විදේශ සහ විදේශීය ණය නිසි කලට නිවැරදි පාර්ශ්වයන් වෙත ආපදු ගෙවීම් සහ ඒවායේ වාර්තා පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය බවත් මෙම රාජකාරිය මහ බැංකුවෙන් භාණ්ඩාගාරයට මාරු වන සංක්‍රාන්ති සමයේදී නිසි පාලන ක්‍රමවේද අනුගමන නොකිරීම හේතුවෙන් ආයතන දෙක අතර ඇතිවූ ගැටුම් මත අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනිකයින් විසින් විදෙස් ගිණුම් වෙත හරවා ගෙන ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

ඒ අනුව මෙය හුදෙක් තාක්ෂණික දෝශයක් නොව පාලන තන්ත්‍රයේ ඇති බරපතළ අඩුපාඩුවල සෘජු ප්‍රතිඵලයක් බව පෙන්වා දී ඇති එම සංවිධානය සඳහන් කර ඇත්තේ එක් නිලධාරිවරයෙකුගේ ජීවිතය පවා අහිමි කළ මෙම ඛේදවාචකය මූල්‍ය පාඩුවකට පමණක් සීමා වූවක්ද නොවන බවය.

මැර ප්‍රහාරයට ලක්වූ දෙදෙනා රෝහලේ සිටියදීම පොලිසියට භාරවූ සැකකරුවන්ට ඇප ලැබිලා….

ගාල්ල, උඩුගම, කෝරළේගම ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක සිදුවූ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීම සැකකරුවන් ඇප මත මුදාහැර ඇතැයි පහරකෑමට ලක්වූ පුද්ගලයින්ගේ ඥාතීන් චෝදනා කරයි.

ඉකුත් 8 වනදා රාත්‍රියේ අදාළ හෝටලයට කඩාවැදී තිබූ සැකකරුවන්  තිදෙනා එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකුට මෙලෙස අමානුෂික අයුරින් පහරදී පලාගොස් තිබුණි.

ප්‍රහාරයෙන් පසු සැකකරුවන් දින කිහිපයක් පොලිසිය මගහැර සැඟවී සිට තිබෙන අතර පසුව පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර තිබුණි.

ඒ, පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා උඩුගම මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදීය.

පහර කෑමට ලක්වූ පුද්ගලයන්ගේ ඥාතීන් පැවසුවේ, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී වින්දිතයින් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට පොලිසිය විසින් අධිකරණයට නිසි තොරතුරු වාර්තා නොකිරීම හේතුවෙන් සැකකරුවන් මෙලෙස පහසුවෙන් ඇප ලබාගෙන තිබූ බවය.

ඒ අනුව වින්දිතයින්ගේ තත්ත්වය පිළිබඳව පොලිසිය නිසි ලෙස  අධිකරණයට කරුණු වාර්තා නොකිරීම සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයින්ගේ ඥාතීන් පොලිසියට දැඩි අප්‍රසාදය පළකර තිබේ.

අදාළ පහරදීමට සම්බන්ධ පළමු සැකකරු නුවන් මුත්තෙට්ටුවත්ත නම් නෙළුව ජාතික පාසලේ සහ තවලම මහා විද්‍යාලයේ අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සේවය කරන්නෙකි.

ඔහු හිනිදුම ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන පියසේන ගමගේ මහතාගේ දේශපාලන කටයුතු සඳහා සහාය දක්වන්නෙකු බවද පැවසෙයි.

එමෙන්ම පළමු සැකකරුගේ බිරිඳ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම නිලධාරිනියක බවටද තොරතුරු වාර්තාවී ඇතැයි පහරකෑමට ලක්වූ පාර්ශ්වය සඳහන් කරයි.

සිද්ධියට සම්බන්ධ දෙවැනි සැකකරු කැටගොඩ පන්විල අමිත් නමැත්තෙකි.

තෙවැනි සැකකරු: කැටගොඩ පන්විල ප්‍රවීන් නමැත්තෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පුෂ්ප කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ උඩුගම සහ නාගොඩ පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.

දරුණු එල්-නිනෝ තත්ත්වය නිර්මාණ වෙයි – ලොව පුරා අනතුරු ඇඟවීම්…..

ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්-නිනෝ තත්ත්වය මේ වන විට නිල වශයෙන් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය (NOAA) නිවේදනය කර ඇත්තේ, මධ්‍යම සහ නැගෙනහිර සමකාසන්න පැසිෆික් සාගර කලාපයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 0.5කින් ඉහළ ගොස් ඇති අතර, එය එල්-නිනෝ තත්ත්වයක් ලෙස සැලකීමට අවශ්‍ය සීමාව ඉක්මවා ඇති බවය.

විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙවර එල්-නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල හෙවත් “දරුණු එල්-නිනෝ” තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවය.

එය ඉතිහාසයේ වාර්තා වූ ප්‍රබලතම එල්-නිනෝ සංසිද්ධීන් අතරට එක්විය හැකි බවටද විද්‍යාඥයින් අනාවැකි පළ වී තිබේ.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ සිදුවන ගෝලීය උණුසුම් වීමට අමතරව මෙම තත්ත්වය ද එකතු වීම නිසා, ඉදිරි වසරක කාලය (බොහෝ දුරට 2027 වසර) වාර්තාගත ලෙස උණුසුම් අධික වසරක් බවට පත්විය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.

එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් ලොව පුරා කාලගුණික රටාවන්හි විශාල වෙනස්කම් ඇතිවිය හැකි අතර, නියඟ, අධික වර්ෂාපතනය, ගංවතුර, උෂ්ණත්ව තරංග සහ කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපාන අහිතකර තත්ත්වයන් වැඩිවිය හැකි බවද සඳහන් වේ.

NOAA ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, සමකාසන්න පැසිෆික් කලාපයට ඉහළින් පවතින සුළං රටාවන්හි ද මේ වනවිට වෙනස්කම් නිරීක්ෂණය වන අතර, එමගින් සාගර උෂ්ණත්වය ඉහළ යාමට වායුගෝලයද ප්‍රතිචාර දක්වමින් සිටින බවට පැහැදිලි සංඥාවක් බවයි.

මේ හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ලෝකයේ විවිධ ප්‍රදේශවල අයහපත් කාලගුණික සිදුවීම් වර්ධනය විය හැකි බවට ජාත්‍යන්තර කාලගුණ විද්‍යා ආයතන අනතුරු අඟවා තිබේ.

සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි…..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ජූලි මස 10 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම පෙත්සම අද (11) අභියාචනාධිකරණයේදී සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ෙවිනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කළේය.

ශ්‍රී ලාංකිකයින් 39 දෙනෙකු සිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධවී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි කියා සිටි ජනාධිපති නීතිඥවරයා මේ පිළිබඳව හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වන විජයදාස රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබෙන බව සිහිපත් කළේය.

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඒ පිටුපස විදේශීය අන්තවාදී ත්‍රස්ත කල්ලියක දෘෂ්ටිවාදය පවතින බවට තොරතුරු හෙළිදරව්වී තිබියදීත් එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ශානි අබේසේකර මහතා ඒ පිළිබඳ නිසි විමර්ශන සිදු නොකළ බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

අදාළ සිද්ධියට විදේශීය ත්‍රස්ත සංවිධානයක දෘෂ්ටිවාදී මැදිහත්වීමක් තිබෙන බවට කරුණු හෙළිදරව්වී තිබියදීත් ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගෙන ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීමට හැකියාවක් තිබියදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් නොසැලිකිළිමත්ව කටයුතු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළ බව සඳහන්ය.

2016 වසරේ අප්‍රේල් මස 20 වනදා සිට 2019 වසරේ අප්‍රෙල් මස 30 වනදා දක්වා කාලසීමාව තුළ සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා 97 ක් පොලිස්පතිවරයා වෙත යොමු කර තිබූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක සඳහන්ව තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එවැනි අන්තවාදී ක්‍රියාකාරකම්වලට සහාය දක්වන පුද්ගලයින් 129 දෙනෙකුගේ ලයිස්තුවක්ද ඉදිරිපත් කර තිබූ බවත් පැවසුවේය.

එහෙත් මෙවැනි අනතුරු ඇඟවීමේ වාර්තා සම්බන්ධයෙන් එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ රවි සෙනෙවිරත්න යන අය විසින් නිසි විමර්ශන සිදු නොකළ බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කර ඇත.

ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් විසින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කිතුනු දේවස්ථාන, සංචාරක හෝටල් හා ඉන්දීය තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්, පිහි ප්‍රහාරයක්, ට්‍රක් රථ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට ඉන්දීය බුද්ධි අංශ විසින් 2019 වසරේ අප්‍රේල් මස 4 වනදා මෙරට බලධාරීන්ට දැනුම් දී තිබූ බවත් එම ප්‍රහාරයට සහභාගිවීමට නියමිත සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින්ගේ නම්ගම් පවා එම තොරතුරු තුළින් හෙළිදරව් කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එහෙත් එම කරුණු සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කොට විමර්ශන සිදු කිරීමට වග උත්තරකරුවන් කටයුතු  නොකළ බවට චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා එම ප්‍රහාරවලට සුරේෂ් සලේ සම්බන්ධවී ඇති බවට කිසිදු පරීක්ෂණයකින් හෝ පරීක්ෂණ කොමිසමකින් ඉදිරිපත් කළ වාර්තාවලින් අනාවරණවී නොමැති බවත් පැවසුවේය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද හිටපු මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් මහත්මියගේ කමිටුව විසින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න යන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නිර්දේශ කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව පෙත්සමට අදාළ වැඩිදුර කරුණු දැක්වීම් ජුලි මස 10 වනදා දක්වා කල්තැබීමටද අභියාචනාධිකරණය තීන්දු කළේය.

සීතාවකපුර පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙලා…..

සීතාවකපුර පොලිස් නිලධාරීන් වෙනුවෙන් 2026 මැයි මාසයට අදාළව හිමිවිය යුතු ආහාර, පාන සහ නවාතැන් දීමනා බැංකුගත කිරීමේදී ලංකා බැංකු කළමනාකාරීත්වයේ සිදු වූ අතපසුවීමක් හේතුවෙන් එම දීමනා දෙවරක් බැංකුගත වී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් සීතාවකපුර කොට්ඨාසයට අනුයුක්ත සියලුම දිස්ත්‍රික් භාර නිලධාරීන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් වෙත සීතාවකපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ලිඛිතව දැනුම්දීමක් සිදුකර ඇත.

එහි සඳහන් වන්නේ තමන්ට හිමි සාමාන්‍ය ආහාර සහ නවාතැන් දීමනාව පමණක් බැංකුවෙන් ලබාගැනීමට කටයුතු කරන ලෙසටය.

වැරදීමකින් දෙවරක් බැංකුගත වී ඇති අමතර මුදල නැවත බැංකුව විසින් අයකර ගැනීමට කටයුතු කරන බව දන්වා ඇති බැවින්, එම අමතර මුදල කිසිසේත් ගිණුමෙන් ලබානොගෙන එලෙසම තබන ලෙසට නිලධාරීන් අවධාරණය කර තිබේ.

කොස්ගොඩ පොලිස් වසමේ දුවේ මෝදර පොල් වත්ත ප්‍රදේශයේ සොහොනක වළදැමූ මිනියක් පසුවදා ගොඩගනී….

කොස්ගොඩ දූවේමෝදර පොල් වත්ත පොදු සුසාන භූමියක පසුගිය7 වන දින වළ දැමූ පුද්ගලයකුගේ මළ සිරුර ඊයේ (8) සවස බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ලුෂාන් වඩු තන්ත්‍රී මහතා ඉදිරියේ ගොඩගත්තේය.
වළ දැමූ පුද්ගලයාගේ මාමණ්ඩිය විසින් පොල්ලකින් පහර දීම නිසා ඔහු බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් සිටියදී රෝහලෙන් දේහය ගෙනවිත් ඔහුගේ පවුලේ අය පොලීසිය ඇතුලු අදාළ නිලධාරීන් දැනුම්වත් නොකට අවසන් සිදුකොට ඇති බවට කොස්කොඩ පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මේ දේහය 08 දින ගොඩ ගත්තේය.
මෙසේ ගොඩ ගනු ලැබූවේ කොස්ගොඩ දූවේමෝදර, ඒ 68,පන්සල ඉදිරිපිට පොල්වත්ත පාර ලිපිනයේ පදිංචි එදිරිමාන්නරාල්ලාගේ චින්තක එදිරිමාන්න (49)නමැති දෙදරු පියෙකි.
පවුලේ ආරවුලක් සම්බන්ධයෙන් මිය ගිය බෑණා සහ මාමණ්ඩිය අතර රණ්ඩුවක් ඇතිවී බවත් ඔවුන් දෙදෙනාම පොලු මුගුරුවලින් පහරදී ගෙන ඇති බවත් පොලීසිය කියයි.
මේ දෙදෙනා අතර ඇතිවූ පොලු මුගුරු පහරදීමෙන් මාමණ්ඩිය එල්ල කළ පොලු පහරකින් බෑණා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බෑණා මිය ගිය බවත් පොලීසිය කියයි.
රොහලේදී මිය ගිය මේ බෑණා ඔහුගේ භාර්යාව ඇතුලු පවුලේ අය පොලිස් නිලධාරීන් දැනුවත් නොකොට ඔහුගේ දේහය රෝහලෙන් ගෙනවිත් වළදමා ඇති බවද පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් මිය ගිය අයගේ ඥාතියෙකු කරන ලද පැමිණිල්ලකට අනුව බලපිටිය අධිකරණය දැනුම්වත් කොට අධිකරණයේ නියෝගය මත මේ පුද්ගලයාගේ දේහය 08 දින සවස ගොඩගත් බවත් පොලීසිය කියයි.
මේ දේහය ගොඩගැනීමේ අවස්ථාව සඳහා පැමිණි බලපිටිය වැඩබලන මහේස්තාත් ලුෂාන් වඩු තන්ත්‍රී මහතා මිය ගිය පුද්ගලයාගේ දේහය බලපිටිය මූලික රෝහලට ගෙන ගොස් අධිකරණ විශේෂඥ අධිකරණ වෛදයවරයකු ලවා විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් එහි වාර්ථාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කළේය.
බලපිටිය මූලික රෝහලේ අධිකරණ විශේෂඥ වෛදය නිලධාරී සී.ටී.මහනාම මහතා දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා දේහය වළ දමා තිබූ ස්ථානයට පැමිණ සිටියේය.
පොලු මුගුරු වලින් පහර දුන්නේ යයි කියන මාමණ්ඩිය කොස්ගොඩ දූවේමෝදරදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය ,අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී බුද්ධික කෝදාගොඩ,කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පියතුංග,යන මහත්වරුන් ඇතුලු නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

මුදල් පරිපාලන වාර්තාවක් ලබාදෙන ලෙසට හොරණ රාජ්‍ය බැංකුවේ කළමනාකරුට නියෝගයක්…..

හොරණ රාජ්‍ය බැංකුවක සිදු වූ රුපියල් කෝටි 3.5ක මහා පරිමාණ මුදල් කොල්ලය සම්බන්ධයෙන් පවත්වනු ලබන විමර්ශනවලට අදාළව, එම බැංකුවේ මුදල් පරිපාලන කටයුතු සිදුවන ආකාරය පිළිබඳ වාර්තාවක් පොලීසියට ලබා දෙන ලෙස හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගම මහත්මිය අද (08) එම බැංකුවේ කළමනාකරුට නියෝග කර තිබේ.

මෙම බැංකු කොල්ලය පිළිබඳ සිදුකරන විමර්ශන කටයුතු තවදුරටත් සාර්ථක කරගැනීම සඳහා බැංකුවේ විධිමත් මූල්‍ය ක්‍රියා පටිපාටියක් හැදෑරීමට අවශ්‍යව ඇති බවට පොලීසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව අදාළ වාර්තා පොලීසිය වෙත ලබාදීමට බැංකු කළමනාකරු පියවර ගෙන තිබේ.

මේ අතර, බැංකු කොල්ලයට සම්බන්ධ සැකකරු විසින් බැංකුව තුළම පිහිටි යකඩ රාක්කයක් සහ බිත්තියක් අතර රහසිගතව සඟවා තිබියදී විමර්ශන නිලධාරීන් විසින් සොයාගත් රුපියල් දාහත් ලක්ෂ හතළිස් හත්දහසක  මුදල සහ ඒ සඳහා භාවිත කළ බෑගය නඩු භාණ්ඩ ලෙස අද දින අධිකරණයට භාර දී තිබේ.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දොළමුල්ල සහ උප ‍පොලිස් පරීක්ෂක ජූඩ් යන නිලධාරීන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සලේ වෙනුවෙන් ජාතික රෝහලට විශේෂ ආරක්ෂාවක්……

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමත් සමඟ රෝහල සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව සුරේෂ් සලේ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කණ්ඩායමක් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) කණ්ඩායම් කිහිපයක් රෝහල තුළ සහ ඒ අවට ප්‍රදේශයේ විශේෂ රාජකාරී සඳහා යොදවා තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා මේ දක්වා පසුවූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේය.

රැඳවුම් භාරයේ පසුවන අතරතුර තමන්ට අමානුෂික වදහිංසා පමුණුවන බවට චෝදනා කරමින් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළම ආහාර වර්ජනය කරමින් උපවාසයක නිරතව සිටියේය.