‘දිට්වා’ සුළි කුණාටුවෙන් ලංකාවට වූ හානි ගැන UNDP වාර්තාවක්….

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරටට සිදුවූ බලපෑම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) නවතම වාර්තාවක් එළිදක්වා තිබේ.

අධික වැසි සමග ඇතිවූ ගංවතුර සහ ජලගැලීම් හේතුවෙන් මෙරට පුද්ගලයින් මිලියන 2.3කට බලපෑමට ලක්ව ඇති බව එම වාර්තාවේ සඳහන්.

එමෙන්ම මෙරට හෙක්ටයාර මිලියන 1.1 ඉක්මවූ භූමි ප්‍රමාණයක් ජලගැලීම්වලට හසුව ඇති බවත්, එය ශ්‍රී ලංකා භූමි ප්‍රමාණයෙන් 20% ක් පමණ වන බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

ජාතික වශයෙන් ජලගැලීමෙන් වැඩිම භූමි ප්‍රදේශයක් යටවූ ප්‍රදේශය ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හඳුනාගෙන ඇත.

එහි හෙක්ටයාර් 23,000කට වැඩි ප්‍රමාණයක් ගංවතුරට හසුව තිබේ.

එසේම ගංවතුරින් කුඹුරු ඉඩම් හෙක්ටර්යාර 530,000ක් යටවී ඇති බවද එම වාර්තාවේ සඳහන්.

මෙවර ගංවතුරට හසුවූ ගොඩනැගිලි සංඛ්‍යාව 720,000කට ආසන්න වන අතර, එය මෙරට සමස්ත ගොඩනැගිලි සංඛ්‍යාවෙන් 12න් 1ක්.

මාර්ග කිලෝමීටර් 16,000කට වඩා ගංවතුරට නිරාවරණය වී ඇති අතර, ඒ හා සමානව කිලෝමීටර් 278කට වඩා වැඩි දුම්රිය මාර්ග සහ පාලම් 480ක් ගංවතුරට ලක්වූ ප්‍රදේශවල පිහිටා තිබේ.

ගංවතුරට නිරාවරණය වූ පුද්ගලයින් අතරින් මිලියන 1.2ක් කාන්තාවන් වන අතර, දරුවන් 522,000ක් සහ අවුරුදු 65ට වැඩි වැඩිහිටි පුද්ගලයින් 263,000ක් ගංවතුරේ බලපෑමට ලක්ව ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

එලෙස ගංවතුරට නිරාවරණය වූ පුද්ගලයින් අතරින් 60%කට වඩා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජීවත්වන පුද්ගලයින් බව ද එහි සඳහන්.

මේ අතර ඇදහැළුණු අධික වැසි හේතුවෙන් මෙරට කඳුකර ප්‍රදේශවලින් නායයෑම් 1,200ක් පමණ වාර්තා වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ඉන් 135ක් වන වැඩිම නායයාම් වාර්තා වී ඇත්තේ මහනුවර – උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ය.

ඊට අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල, නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බටහිර, බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල සහ පස්සර යන එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් නායයාම් 60කට වැඩි සංඛ්‍යාව බැගින් වාර්තා වී තිබේ.

එසේම, ගංවතුර සහ නායයාමෙන් ඇතිවූ ආපදා හේතුවෙන් ඉදිකිරීම් නොවන අපද්‍රව්‍ය ටොන් 25ක් පරිසරයට එකතු වී ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අලුත්ම වාර්තාවේ සඳහන්.

එම ප්‍රමාණය ඝන මීටර් 60,000ක් පමණ වන බව එහි දැක්වේ.

ගංවතුරට හසුවී විනාශ වුණු ආහාර ද්‍රව්‍ය ගොඩගසා ඇති අයුරු….

දිට්වා සුළි කුණාටුවත් සමග ගම්පොළ නගරයට බලපෑ ගංවතුර හේතුවෙන් ජීවිත සහ දේපොළ හානිවලට අමතරව වෙළෙඳසැල් සහ ගබඩා තුළ තිබූ ආහාර ද්‍රව්‍ය විශාල තොගයක් ද විනාශයට පත්වී තිබේ.

ඒ අනුව ගම්පොළ නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණ 2කට අයත් සහල් මිටි දහස් ගණනක් මෙලෙස විනාශවී ගොස් තිබෙන අයුරු දැකගන්නට හැකිවිය.

ඊට අමතරව පරිප්පු, සීනි, පිටි ආදිය ද ඒ අතර වෙයි.

ගම්පොළ නාවලපිටිය මාර්ගයේ, කහටපිටිය හා බෝතලාපිටිය ප්‍රදේශවල ඇති ගබඩාවල හා සුපිරි වෙළෙඳ සංකීර්ණවල මෙම ආහාර ද්‍රව්‍ය ගබඩා කර තිබී ඇත.

තරුණ තරුණියන්ට මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙමු ක්‍රීඩාව තුළින් ජය කෙහෙළි නංවා ජීවිතය ජයගමු යන මැයෙන් සංවිධානය කළ ක්‍රිකට් තරගාවලියක් උත්කර්ෂවත් අන්දමින් කොටවිල ක්‍රීඩාංගනයේදී……

තරුණ තරුණියන් විවිධ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව එම පිරිස එමගින් මුදවාගෙන නැවත සමාජගත කිරීමේ අභිලාෂය පෙරදැරිව සිදු කරන තවත් වැඩසටහනක් ලෙස මාතර අධිකරණය මගින් විශෝධනයට යොමුකල එම තරුණ තරුණියන්ට ජීවිතය ජය ගැනීමට ක්‍රීඩා අවස්ථාව ලබාදීමේ අරමුණින් සංවිධානය කළ ක්‍රීඩා උත්සවයක් කොටවිල ක්‍රීඩාංගණයේදී (25 ) දින පැවැත්විණි.
මෙම ක්‍රීඩා උත්සවය මාතර ප්‍රජා විශෝධන කාර්යාලයේ ප්‍රජා විශෝධන නිලධාරී ජේ.එස්. අනුර රෝහණ මහතා උපදෙස් සහ මග පෙන්වීම මත මාතර ප්‍රජා විශෝධන කාර්යාලයේ වැඩ පරීක්ෂක එරංග ලංගප්පුලි මහතා සහ එච්.ජී.යූ.සම්පත් මහතා වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී ඊ.ඒ. චතුරි නිසංසලා මහත්මිය සහ සී.විජේසිංහ මහත්මිය ,වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී පී. ජී. එන්.සී. කරුණානායක මහතා සහ ගයාන් ලසන්ත යන නිලධාරීන් විසින් වැඩසටහන සංවිධානය කළහ.
එ සදහා වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරී කේ.එච් තුෂාර ප්‍රියංජිත් මහතාගේ සම්පත් දායකත්වය තුළින් වැඩසටහන සාර්ථකත්වයට පත්ව තිබිණි.
විවේකය ඵලදායීව ගතකිරීමට සහ ජීවිතයට සතුට ළඟා කර ගැනීමට ක්‍රීඩාව තුළින් හැකියාව ලැබෙන බව අවබෝධ කර දීමට මෙමගින් අවස්ථාව උදා වී තිබිණි.

වැලිගම – තරංග ගුණරත්න

News Iamges.00_01_12_22.Still1033 News Iamges.00_01_12_22.Still1032 News Iamges.00_01_12_22.Still1031 News Iamges.00_01_12_22.Still1030

මහනුවර රෝහලේ දණහිස් ශල්‍යකර්ම මාලාවක් – පැය 2න් ඇවිද්දීමට සලසන බව වෛද්‍යවරු කියයි….

මහනුවර රෝහලේ දණහිස් ශල්‍යකර්ම මාලාවක් පසුගිය 16 ‍වෙනිදා ආරම්භ වූ අතර එම ශල්‍යකර්ම මාලාව අද (19) දක්වා සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර සියවස් ගණනාවක් පුරාවට පැවැත්වෙන බෞද්ධ සබඳතාව සහ ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර තානාපති සේවාව ආරම්භ වී වසර 70ක් සපිරීම නිමිති කරගනිමින් මෙම ශල්‍යකර්ම මාලාව සිදුකළ බව සඳහන්ය.

තායිලන්ත රජයේ දානමය ප්‍රදානයක් ලෙස සිදුවන මෙම ශල්‍යකර්මය සඳහා තායිලන්තයේ සිරිරාජ් රෝහල මූලිකව එරට ප්‍රධාන බෞද්ධ විහාරස්ථාන ත්‍රිත්වයක රුපියල් මිලියන 150ක මූල්‍ය ප්‍රතිපාදන හිමිවී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙරට රෝහලකදී දණහිස් ප්‍රතිස්ථාපන ශල්‍යකර්මයක් සිදුකළහොත් එම රෝගියා ඇවිද්දවීම සඳහා දින කිහිපයක් ගතවූවද  ඉතා කෙටි කාලයත් තුළ සිදුකෙරෙන මෙම දණහිස් ප්‍රතිස්ථාපන ශල්‍යකර්මෙන් පැය 02කට පමණ පසු රෝගියාට ඇවිදීමට හැකිවීමයි.

මහනුවර ජාතික රෝහලේ විකලාංග විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ සහායෙන් සහ තායිලන්ත සිරිරාජ් රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු 80ක රෝහල් කාර්ය මණ්ඩලයේ සහායෙන් මෙම ශල්‍යකර්ම මාලාව සිදුකරනු ලබයි.

ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් නොමිලයේ සෞඛ්‍ය කඳවුරක්…..

2025 දී ලෝක දියවැඩියා දිනය (නොවැ. 14) වෙනුවෙන් ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය විසින් සමාජ සත්කාරක වැඩසටහනක් හෙට (15) ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව හෙට පෙ.ව 6.30ට දියවැඩියා පිළිබඳ දැනුම්වත්කිරීමේ පාගමනක්  කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ සිට ක්‍රියාත්මක කෙරේ.

ඉන් අනතුරුව පෙ.ව. 7.30ට සිට කොළඹ නගර සභා ක්‍රීඩාංගණයේ දී සෞඛ්‍ය කඳවුරක් ඇතුළුව දැනුම්වත්කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම සියලු කටයුතු නොමිලයේ සිදුකරන බව ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය පවසයි.

“මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදෙමු ක්‍රීඩාව තුළින් ජය පරාජය ට හුරුවෙමු” ශෝධනයට ලක්වූ තරුණ ප්‍රජාවට ක්‍රීඩා වැඩසටහනක්…..

මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදෙමු ක්‍රීඩාව තුළින් ජය පරාජය ට හුරුවෙමු යන පරමාර්ථය පෙරදැරි කරගෙන විශෝධනයට ලක්වූ තරුණ ප්‍රජාවට ක්‍රීඩා වැඩසටහනක් මාතර කොටවිල ක්‍රීඩාංගනයේදී පැවැත්විණි .

විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අධිකරණය වෙත යොමු කරන ලද තරුණ තරුණියන් එමඟින් මුදවා ගෙන නැවත සමාජගත කිරීමේ අභිලාෂයෙන් මාතර අධිකරණ බල ප්‍රදේශයේ විශෝධන නියෝගලාභීන් සහභාගිත්වයෙන් පවත්වන ලද ක්‍රීඩා වැඩසටහන මාතර කොටවිල ක්‍රීඩාංගනයේදී පැවැත්විණි .
විනෝදය සඳහා මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරුව සිටින මෙම පුද්ගල කණ්ඩායම සඳහා විවේකය ඵලදායීව ගතකිරීමට සහ ජීවිතයට සතුට ළඟා කර ගැනීමට ක්‍රීඩාව තුළින් හැකියාව ලැබෙන බව අවබෝධ කර දීමට මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබිණි.

මෙම වැඩසටහන මාතර ප්‍රජා විශෝධන කාර්යාලයේ ප්‍රජා විශෝධන නිලධාරී ජේ.එස්. අනුර රෝහණ මහතා සහ එම කාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් සංවිධානය කර තිබූ අතර වැලිගම ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරී කේ.එච් තුෂාර ප්‍රියංජිත් මහතාගේ සම්පත් දායකත්වය ලබා දී තිබිණි.
මෙම අවස්ථාවට මාතර ප්‍රජා විශෝධන කාර්යාලයේ වැඩ පරීක්ෂක එරංග ලංගප්පුලි මහතා සහ එච්.ජී.යූ.සම්පත් මහතා ,වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී ඊ.ඒ. චතුරි නිසංසලා මහත්මිය සහ සී.විජේසිංහ මහත්මිය,වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී පී. ජී. එන්.සී. කරුණානායක මහතා සහ ගයාන් ලසන්ත මහතා ඇතුළු නිලධාරීන්  සහභාගි විය.

News Iamges.00_00_48_04.Still963 News Iamges.00_00_48_04.Still964

වැලිගම – තරංග ගුණරත්න

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් ගැන ඛේදනීය අනාවරණයක්….

කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් පාසල් ළමුන් 230,000කට අධික පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (27) අකුරැස්ස ගොඩපිටිය ජාතික පාසලේදී පැවැත්වු මත් උවදුර වැළැක්වීම සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

“බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පාසල් ළමුන් 230,982ක් මත්ලෝලීන්. දකුණු පළාත ගැන කිව්වොත් මීට වඩා දැවැන්ත තැනකට තල්ලු කරනවා කියලා මට විශ්වාසයි. දකුණ තමයි පාතාල ක්‍රියාකාරකම් වලින් අංක 1ට යන්නේ. ලංකාවේ බන්ධනාගාරගතව වැඩි හරියක් ඉන්නේ තාරුණ්‍යය. ඒ වගේම වැඩියෙන්ම ඉන්නේ සාක්ෂරතාව අඩු මට්ටමක ඉන්න අය. “

“අවුරුදු 5ට අඩු ළමුන් 42ක් ඉන්වා ඔවුන්ගේ අම්මා කළ වැරදි නිසා. අපි හිතමු නඩු අහලා අවුරුදු 10ක් අච්චු කළ කියලා. අවුරුදු 5ක් එයාටයි ළමයටයි අපි එකට ඉන්න දෙනවා. අවුරුදු 05ක් පිරෙන දවසට ළමයයි අම්මයි අපි වෙන්කරනවා. ඒක තමයි මගේ ජීවිතේ දැක්ක ඛේදනීයම අවස්ථාවල්. ළමයා අම්මා ඉල්ලලා කෑ ගහනවා. අම්මා ළමයා ඉල්ලලා කෑ ගහනවා. ඒ දෙන්නට ඒ දෙන්නා විතරයි අවුරුදු 5ක් පුරා හිටියේ. නීතිය හරස් වෙනවා. ඒ නිසා කවදාවත් කාන්තාවක් විදියට වැරදි කරන්න එපා.  මේ රජයට මහ දැවැන්ත විදියට උවමනාවක් තියෙවා මත්ද්‍රව්‍ය වලින් තොර රටක් නිර්මාණය කරන්න.” 

මේ අතර, ඊයේ කළුතර පැවති උත්සවයකට එක්වෙමින් කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිනී වීරසූරිය මහත්මිය පෙන්වා දුන්නේ, පාසල් ආශ්‍රිතව සිදුවන මත් ජාවාරම් මැඩලීමට පියවර ගෙන ඇති බවය.

“අපි මේ වනවිට සිවිල් ඇඳුමින් නිලධාරීන් බොහෝමයක් පිරිස යොදවලා තියෙනවා. ඔයාලා ඉස්කෝලේ ඇරිලා එනකොට කොහොමද යන්නේ ඔබ ඇසුරු කරන්නේ කවුද ඔබ රංචු ගැහිලා ඉන්නේ කොහෙද කියන එක බලන්න. ඔබට කිසියම් තොරතුරක් තියෙනවා නම් ඉස්කෝලේ ඇරිලා යනකොට බස් ස්ටෑන්ඩවල, කඩවල්වල, එහෙම දේවල් තියෙනවා නම් ඔබ අපට කියන්න. මගේ ටෙලිෆෝන් නම්බර් ඒක 071 859 2683.”

මාලිම්බඩ උතුර මහා විද්‍යාලයට වසර 85 ක් පිරීම නිමිත්තෙන් විවිධ වැඩසටහන් රැසක්……

මාලිම්බඩ උතුර මහා විද්‍යාලයට වසර 85 ක් පිරීම නිමිත්තෙන් විවිධ වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිත බව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකමි විජය පද්මකුමාර මහතා පවසයි .

ප්‍රදේශයේ පාසල් අතර ඉතාමත් කීර්තියක් උසුල මෙම පාසල තුළින් වෛද්‍යවරුන්,ඉංජිනේරුවරුන්, ගුරුවරුන් ආදී ක්ෂේත්‍රවල මෙන්ම රටට වැඩදායක විශාල පිරිසක් බිහිකිරීමට මෙම පාසල හේතු වී තිබේ.
එවැනි විශිෂ්ට වූ විද්‍යාලය ආරම්භ කර වසර අසූ පහක් (85 ) සපිරීම නිමිත්තෙන් ආගමික වැඩසටහන් ඇතුළු විවිධ වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතය.
එම වැඩසටහනට සමගාමීව 25 දින පෙරවරු 8:00 ට විද්‍යාලය අසලින් පා ගමනක්ද පැවැත්වීමට නියමිතය.
මෙම අභිමානවත් උත්සවයේ කටයුතු විද්‍යාලයේ විදුහල්පතිනි යු.එන් කරුණාවීර මහත්මියගේ උපදෙස් මත විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සහ විද්‍යාලයේ දෙමව්පියන් සහ දූ දරුවන් හා ප්‍රදේශවාසීන් විසින් වැඩසටහන් මාලාව සංවිධානය කරනු ලබන බව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය වැඩිදුරටත් පැවසූහ.

තරංග ගුණරත්න – වැලිගම

 

IMG-20251025-WA0004 IMG-20251025-WA0005 IMG-20251025-WA0003 IMG-20251025-WA0002 IMG-20251025-WA0006

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 500කට වැඩි පිරිසක් පීඩාවට…..

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 03ක පුද්ගලයින් 500කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණයෙන් සිදු වූ අනතුරුවලින් නිවාස 101කට අර්ධ හානි සිදුව ඇති අතර මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

එමෙන්ම ගතවු පැය 12ක කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයට බලපෑ ක්ෂණික ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 73 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේය.

මේ අතර ගත වූ දින කිහිපයේ ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා ඇති ගංගා රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස් සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේ කැළණි, කළු සහ අත්තනගලු ඔය යන ගංගාවල ද ජල මට්ටම් ඉහළ යමින් පවතින බවය.

මේ අතර අද උදෑසන 6.00න් අවසන් වු පැය 12ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කඩුගන්නාව ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මිලිමීටර් 169ක වර්ෂාපතනයක් මෙලෙස වාර්තා වී ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

මීට අමතරව යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මිලිමීටර් 158කත්, රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මිලිමීටර් 145ක වර්ෂාපතනයක්  ද පැවති බව සඳහන් වේ.

අද දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදිනි කරුණාපාල මහත්මිය පැවසුවාය.

කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නව නිළධාරී මඩුල්ල තෝරා පත් කර ගනියි…..

2025 / 26 වර්ෂ සඳහා
කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය. තෝරා පත් කර ගැනීමේ මහා සභා රැස්වීම ඊයේ කොළඹදී පැවැත්වුණා.

ඒහිදී පත්වුන නව නිළධාරී මණ්ඩලය මෙසේය…

1. සභාපති : ඩී. එච්. වික්‍රමපාල , ස්වර්ණවාහිනීය.
2.ලේකම් : දිනේෂ් එස්. පෙරේරා , ස්වාධීන රූපවාහිනීය

3. භාණ්ඩාගාරික : බුද්ධි මාධව , හිරු
4. ප්‍රධාන සංවිධායක : චන්දිම ජයලාල්
5. උප සභාපති : අසංක සංජය , සිරස
6. උප ලේකම් : බුද්ධික කුමාරසිරි , දෙරණ
7. උප භාණ්ඩාගාරික : දමිත් වානගුරු , රූපවාහිනී

විධායක කමිටු සාමාජිකයන්
8. අවංක කුමාර , සිරස
9. සුනෙත් හේවාවිතාරණ ,
ස්වාධීන රූපවාහිනි
10.ලංකා ඩී. ජයවර්ධන , DAN TV

11. සුසන්ත රත්නායක , හිරු
12. බිල් ක්ලින්ටන් , දෙරණ
13. සුමේධ සංජීව , ස්වර්ණවාහිනී
14. ධම්මික සේනාරත්න , රූපවාහිනී
15. සචින් චතුරංග , ස්වර්ණවාහිනී