කොටස් වෙළෙඳපොළ හෙට 12.30 ට වැසෙයි

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (06) පෙරවරු 9:30 සිට පස්වරු 12:30 දක්වා පමණක් ගනුදෙනු සිදු කෙරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටිනවා.

ආයෝජකයින්, කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වෙළෙඳපොළ සහභාගිකයින්ගේ පහසුව වෙනුවෙන් මෙලෙස සාමාන්‍ය වේලාවට පෙර වෙළෙඳපොළ ගනුදෙනු අවසන් කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

CEYPETCO ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමා තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු.06 කින් (නව මිල රු.293)

* පෙට්‍රල් 95 – රු.20 කින් (නව මිල රු.341)

* සුපර් ඩීසල් – රු.06 කින් (නව මිල රු.325)

* ඔටෝ ඩීසල් – රු.12 කින් (නව මිල රු.274)

* භූමිතෙල් – රු.05 කින් (නව මිල රු.178)

අද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 303 යි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294.38 ක් ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල රුපියල් 303.03 ක් ලෙසයි සටහන් වන්නේ.

අදාළ වාර්තාව පහතින්.

news images

රම්ප්ගේ තීරු බද්දෙන් දුරකථන, පරිගණක ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ නිදහස් කරයි

එක්සත් ජනපදයට ආනයනය කරන ඉලෙක්ට්‍රොනික උපකරණ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරු බද්දෙන් ඉවත් කර තිබෙනවා.

නිදහස් කරන ලද නිෂ්පාදන අතර ස්මාර්ට්ෆෝන්, පරිගණක මොනිටර සහ විවිධ ඉලෙක්ට්‍රොනික කොටස් ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජනපදයට ආනයනය කරන චීන භාණ්ඩ 145% ක තීරුබදු අනුපාතයක් පැනවීමෙන් පසුව මෙම පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

චීනය ඇමරිකානු භාණ්ඩ සඳහා තීරුබදු 125% දක්වා ඉහළ නංවයි

චීනය ඇමරිකානු ආනයන සඳහා නව 125% ක තීරු බදු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අමෙරිකාව පැනවූ 125% ක බද්දට සමාන වන අයුරින් චීනයද මෙලෙස 125%ක බද්දක් පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකවල දැවැන්ත වර්ධනයක්

අද (10) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක දැවැන්ත වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 4.7% ක එනම් ඒකක 704.88ක දැවැන්ත වර්ධනයක් වාර්තා කර ඇති අතර, දිනය අවසානයේ දී එහි අගය ඒකක 15,580.83 ක් ලෙසින් සටහන් වුනා.

එසේම  S&P SL20 දර්ශකය ඒකක 290.94 කින් දිනය තුළ ඉහළ ගිය අතර, දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 4,643.63 ක් ලෙසින් සටහන්ව තිබුණා‍.

එසේම, රු. බිලියන 6.97 ක සමස්ත පිරිවැටුමක් අද දිනයේ වාර්තා වූ බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

අද කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (08) දිනයේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව අද (08) දින තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 467.26 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊයේ (07) දිනයේ දී ඒකක 15,000 සීමාවෙන් පහළට පැමිණි සියලු කොටස් මිල දර්ශකය, අද (08) දිනයේ දී නැවත වරක් එම සීමාව ඉක්මවා යාමට සමත් වූ අතර, දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,127.71 ක් ලෙස සටහන් වී තිබුණා.

එසේම අද දින රු. බිලියන 2.89 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක්

අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් වාර්තා වී තිබෙනවා.

දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 712.90කින් පහළ ගොස්, ඒකක 14,660.45ක් ලෙසින් සටහන් වූ අතර, S&P SL20 මිල දර්ශකය ඒකක 268.51කින් පහළ ගොස් ඒකක 4,264.84ක් ලෙසින් සටහන් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

අද පෙරවරුවේ S&P SL20 දර්ශකය, පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීම නිසා කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අත්හිටුවීමට‍ ද සිදුව තිබුණා.

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද (04) දින සිට ලබා ගත හැකි බවයි එම ආයතනය සඳහන් කළේ.

දුඹුරු සීනි, රතු පරිප්පු, ටින් මාලු, ආනයනික නාඩු සහල්, පාන් පිටි, රතු කැකුළු සහල් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

news images

හයිලන්ඩ් නිෂ්පාදන කිහිපයක මිල අඩු කෙරේ

හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව යෝගට් එකක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 70 ක් වනවා.

මිලිලීටර් 450 කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 25 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 200 ක් වන අතර මිලිලීටර් 900 කල්තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක මිල අඩු කර ඇත්තේ, රුපියල් 60 කින් වන අතර එහි නව මිල රුපියල් 380 ක්.

මිලිලිටර් 450 දින තුනක දියර කිරි පැකට්ටුවක් රුපියල් 30 කින් පහළ දමා ඇති බවයි මිල්කෝ සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.