හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ගොණුකර තිබෙන එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාර රඹුක්වැල්ල මහතා කියා සිටින්නේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා තමන් ඉකුත් පෙබරවාරි මස 02 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි බවයි.

එහිදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ව අත්අඩංගුවට ගෙන මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

තමන්ව අත්අඩංගුවට ගෙන පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

එමෙන්ම පොදු දේපළ පනත යටතේ තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර රඹුක්වැල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ. (aruna)

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට මින් ඉදිරියට නීති වෘත්තියේ යෙදීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට මින් ඉදිරියට නීති වෘත්තියේ යෙදීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

නාගානන්ද කොඩිතුවක්කු මහතාට ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රියන්ත ජයවර්ධන , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයි රාජා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබා දී තිබුණා.

උණුසුම් කාලගුණ තත්ත්වය අඩු වැඩි වශයෙන් මැයි මාසය වන තෙක් පවතීවි – කාලගුණ දෙපාර්තමේන්තුව

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය අඩුවැඩි වශයෙන් මැයි මාසය වන තෙක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මැයි මාසයේ නිරිත දිග සුළං ප්‍රවාහය දිවයින හරහා ස්ථාපිත වන තෙක් මෙම තත්ත්වය පවතිනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ දේශගුණ විපර්යාස හා පර්යේෂණ අධ්‍යක්ෂිිිකා අනූෂා වර්ණකුලසූරිය සඳහන් කළේ.

මේ දිනවල පවතින සුළං ප්‍රවාහය අඩුවීම, මිනිස් සිරුරට උණුසුම දැනෙන මට්ටම ඉහළ යාමට හේතුවී ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

කැකිරාවේ රිය අනතුරකින් මහවැලි නිලධාරියකු මිය යයි

24-02-27
කැකිරාව කුෂාන් ජයවර්ධන

කැකිරාවේ රිය අනතුරකින් මහවැලි නිලධාරියකු මිය යයි

============

කැකිරාව මහ ඇලගමුව ප්‍රදේශයේදී පාපැදියක් හි මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් 60 හැවිරිදි දෙදෙරු පියෙකු මිය ගොස් තිබේ.
මලස මිය ගොස් ඇත්තේ මඩාටුගම මහවැලි කොට්ඨාස කාර්යාලයට අනියුක්තව සේවය කළ ආයතන සංවර්ධන නිලධාරියකු වන අතර ඔහු කැකිරාව මහඇලගමුව ප්‍රෙද්ශයේ පදිංචිව සිටි අයෙකි. 60 හැවිරිදි ඔහු දෙදරු පියෙකු බව පොලිසිය කියයි.
මිය ගිය මහවැලි නිලධාරියා පාපැදියකින් ගමන්කරමින් සිටියදී මාර්ගයේ ඉදිරිපසින් පැමිණි මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැණ ඔහු ගමන් ගත් පා පැදියේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
මෝටර් රථය ගැ⁣ටීමෙන් පාපැදියේ ගමන්ගත් මහැවැලි නිලධාරියා අදාළ පාපැදිය සමග මීටර් කිහිපයක් දුරට විසිවී වැටී සිට ඇති බව පොලිසිය කියයි . අනතරෙන් එම මහවැලි නිලධාරිටා ගමන්ගත් පාපැදිය ද දෙකට කැඩි ඇති බව පොලිසිය කියයි.
පාපැදියේ ගැටුනු මෝටර් රථය ද අනතුරත් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගෙවත්තකට කඩා වැදී තිබිණ. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තිදෙනෙකු ගමන්කර ඇති අතර එම කිසිවකුටත් අනතුරින් හානි සිදුව නොමැති බව පොලිසිය කියයි.
අනතුරින් බරපතල තුවාල ලබා සිටි පා පැදිකරු ප්‍රතිකාර සදහා කඩිනමින් කැකිරාව දිසා රෝහල වෙත ඇතුලත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබූ බවත්, බරපතල තත්වයේ සිටි ඔහු රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇති බවත් පොලිසිය කියයි.
මෙලස මියගොස් ඇත්තේ ඔහු මඩාටුගම කොට්ඨාස කාර්යාලයට අනියුක්තව ආයතන සංවර්ධන නිලධාරියකු ලෙස රාජකාරී කළ දිසානායක මුදියන්සේලාගේ ජයන්ත දිසානායක නමැති අයෙකි. මිය ගිය දිසානායක මහතා මහ ඇලගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 60ක් වන දෙදරු පියෙකි. මිය දිසානායක මහතාගේ මහවැලි අධිකාරියේ කීර්තිමත් සේවකයකු වූ අතර ඔහුගේ සේවාව ඉකුත් දා හුරුළුවැව මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයාගේ ඇගයීමට ද ලක්ව තිබිණ.
මහවැලි නිලධාරියයකුට දිවි අහිමි කරමින් සිදුවූ මෙම අනතුර මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් සිදුවන්නට ඇති බව පොලිසිය අනුමාන කරයි. අනතුරින් එම මෝටර් රථයටද බරපතල හානි සිදුව ඇති අතර, ඉදිරි විමර්ශණ කටයුතු සදහා එම අනතුරට සම්බන්ධ මෝටර් රථය හා එහි රියදුරු ද , පා පැදිය ද කැකිරාව පොලිස් රථවාහන අංශය භාරයට ගෙන තිබේ. පොලිස් අත්අඩංගුවට පත් මෝටර් රථ රියදුරු ඇඹිලිපිටිය මුරුතවෙලගෙදර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතාගේ උපදෙස් අනුව කැකිරාව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් සැරයන්වරුන් වන 36918- බණ්ඩාරනායක, 57317- ෂර්ලි ඇතුළු නිලධාරීහු පිරිසක් එම අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශණ සිදුකරති.
මිය ගිය මහවැලි නිලධාරීයාගේ මෘත දේශය කැකිරාව දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති මෝටර් රථයේ රියදුරු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිත බව කැකිරාව පොලිසිය කියයි.

WhatsApp Image 2024-02-28 at 15.56.59 (1) WhatsApp Image 2024-02-28 at 15.56.59 (2) WhatsApp Image 2024-02-28 at 15.56.59 (3) WhatsApp Image 2024-02-28 at 15.56.59 (4) WhatsApp Image 2024-02-28 at 15.56.59 (5) WhatsApp Image 2024-02-28 at 15.56.59 WhatsApp Image 2024-02-28 at 15.57.00 (1) WhatsApp Image 2024-02-28 at 15.57.00 (2) WhatsApp Image 2024-02-28 at 15.57.00 (3) WhatsApp Image 2024-02-28 at 15.57.00 (4) WhatsApp Image 2024-02-28 at 15.57.00

පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම සදහා වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ යතුරු පැදිකරු ලෙස කටයුතු පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේ දී සූරිය වැව ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට.

මහබාගේ ප්‍රදේශයේ මස් අලවි සැලකදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම සදහා වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ යතුරු පැදිකරු ලෙස කටයුතු පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේ දී සූරිය වැව ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට.

පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශය II හි නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.02.28 වන දින සුරියවැව පොලිස් වසමේ ආඩිගම වැව අසල වාඩියක දී අත්අඩංගුවට ගැනීමට යාමේ දී වෙඩි හුවමාරුවක් සිදු වී ඇත.

එහි දී සංවිධානාත්මක අපරාධ කරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට විදේශගතව සිටින ඩුබායි නිපුන නැමැත්තාගේ මෙහෙය විමෙන් 2024.02.21 වන දින මහාබගේ පොලිස් වසමේ ඇලපිටිවල ප්‍රදේශයේ මස් අලවි සැලකදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම සදහා වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ යතුරු පැදිකරු ලෙස කටයුතු කල පුද්ගලයා සුරියවැව පොලිස් වසමේ ආඩිගම වැව අසල වාඩියක සැගවී සිටින බවට ලද විශ්වාසදායි බුද්ධි තොරතුරක් මත 2024.02.28 වන දින අලුයම් කාලයේ එම ස්ථානය ක්ෂණිකව වටලා එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විසින් ක්ෂණිකව ගිණී අවියකින් නිලධාරීන් දෙසට වෙඩි ප්‍ර‍හාරයක් එල්ල කර ඇති අතර නිළධාරින්ගේ පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් ක්ෂණිකව ප්‍ර‍තිවෙඩි ප්‍ර‍හාර එල්ල කල අවස්ථාවේ එම වෙඩි ප්‍ර‍හාරය හමුවේ වෙඩි වැදුණු තුවාලකරු සුරියවැව රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසුව ජිවිතක්ෂයට පත් වී ඇත. විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුද තුවාල ලබා ඇති අතර නිලධාරියා සුරියවැව රෝහලට ඇතුලත් කර ඇත.

මෙම සැකකරු 2023.08.28 වන දින, වැල්ලම්පිටිය පොලිස් වසමේ කිත්තම්පහුව ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩිතැබීම, 2023.06.17 වන මීටියාගොඩ පොලිස් වසමේ සීනිගම දේවාලය අසලදී විදුර නැමැති සංවිධානාත්මක අපරාධ කරුගේ මස්සිනා වන දුලාජ් යන අයට කොස්ගොඩ සුජී යන සංවිධානාත්මක අපරාධකරුගේ මෙහෙයවීමෙන් මරණකරු විසින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරිම, සහ ආසන්නම සිදුවීම වන මහාබගේ පොලිස් වසමේ ඇලපිටිවල ප්‍රදේශයේ මස් අලවි සැලකදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම යන සිදුවිම් වලදී වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ යතුරු පැදිකරු ලෙස කටයුතු කර ඇති බවත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්‍රල් රෙජිමේන්තු අංකය – සෙ/412530 ලෙස සේවය කර 2024/01/15 වන දින විශ්‍රාම ලබා ඇති බවට තොරතුරු අනාවරණය විය. වැඩිදුර විමර්ශන කටයුතු සුරියවැව පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබයි.
තවද මෙම පුද්ගලයා දකුණු කනුමුල්දෙනිය, මීඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 වන පුද්ගලයකු බවත් මොහු සන්තකයේ තිබී රිවෝල්වර වර්ගයේ ගිණි අවියක් සහ යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන ඇත.

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) කතානායකවරයා වෙත යොමුකර තිබෙනවා.

ජනප්‍රිය රංගන ශිල්පියකු වන ඔහු ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු ලෙස පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුරය දිස්ත්‍රීක්කයෙන් පොහොට්ටුව පක්ෂය යටතේ තරඟකර පාර්ලිමේන්තුවට තේරී පත්වුනා.

ඒ අවධියේ පැවති පාලනයෙන් රටේ යම් ධනාත්මක වෙනසක් සිදු කරනු ඇතැයි යන අපේක්ෂාව තුළ තමා පාර්ලිමේන්තුවට පැමිණියද, සියලු දෙනාගේ අපේක්ෂා භංගත්වයට පත්වන අයුරින් පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් සහ පවතින වාතාවරණය තුළ තම දේශපාලන සිතුම් පැතුම් යථාර්ථයක් නොවන බව පසක් වීම නිසා මෙම තීරණය ගත් බවයි ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ.

65dd864a96441

පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ ගිණි අවියකින් හෝටලය දෙසට වෙඩි උණ්ඩ 08 ක් පමණ තබා පිටව ගොස් ඇත.

2024.02.27 වන දින පැය 05:30 ට වැල්ලවත්ත පොලිස් වසමේ මුහුදු මාවත පිහිටි ශිරාන් බාෂික් යන අයට අයත් පර්ල් බීච් හෝටලය අසලට පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ ගිණි අවියකින් හෝටලය දෙසට වෙඩි උණ්ඩ 08 ක් පමණ තබා පිටව ගොස් ඇත. වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් නොමැති අතර හෝටලයේ තාප්පයට සහ සවි කර ඇති කැනපියකට වෙඩි උණ්ඩ 02 ක් වැදී ඇති බවට සලකුණු ඇත.

WhatsApp Image 2024-02-27 at 10.57.41 (1) WhatsApp Image 2024-02-27 at 10.57.41 (2) WhatsApp Image 2024-02-27 at 10.57.41 WhatsApp Image 2024-02-27 at 10.57.42

හොරණ දොඹගොඩ යුධහමුදා කදවුරේ පොකුණකට වෑටී අභිරහස් ලෙස මියගොස් තිබියදී හමුවූ ක්‍රීඩා උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ යුධ හමුදා නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට එම කඳවුරේම හමුදා නිළධාරීන් හතර දෙනකු (26) දා අත්අඩංගුවට ගත් බව අගුරුවාතොට පොලිසිය පවසයි.

හොරණ දොඹගොඩ යුධහමුදා කදවුරේ පොකුණකට වෑටී

අභිරහස් ලෙස මියගොස් තිබියදී හමුවූ ක්‍රීඩා උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ යුධ හමුදා නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට එම කඳවුරේම හමුදා නිළධාරීන් හතර දෙනකු (26) දා අත්අඩංගුවට ගත් බව අගුරුවාතොට පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කඳවුරේ සේවය කරන ඔහුගේ මිතුරන් සිව් දෙනෙකි.
ඔවුන් ද ක්‍රීඩා උපදේශවරු වශයෙන් එම කඳවුරේම සේවයේ යෙදී සිටිය අයවේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවු (31) පාතමුල්ල බලපිටිය, අවු 29 අම්තිරිගල උතුර, අමිතිරිගල, අවු (33) දික්වැල්ල, අවු. (33) දිවිවිද්දාගම ,නවමැදගම, දෙහිඅත්තකන්ඩිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර
මියගොස් ඇත්තේ තෙලුල්ල ජනපදය, ඇතිලි වැව පදිංචි තරිඳු ලක්ෂාන් නැමති (24) හැවිරිදි ශාරීරික අභ්‍යාස පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ නිලධාරියෙකි.
මෙම සෙබලා පසුගියජනවාරි (27) දින රාත්‍රියේ ඔහුගේ මිතුරන් සිව්දෙනෙකු සමග රාත්‍රියේ වෙනත් සෙබලෙකු ගේ කාමරයක තුල මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එය අවසන් වීමෙන් පසු තරගකාරී ලෙස වැවේ එහා කෙළවරේ සිට මෙහා කෙලවරට පීනීමට මියගිය පුද්ගලයා යෝජනා කර ඇති අතර අනිත් පිරිස බලා සිටියදී ඔහු වැවට බැස පීනා ඇති බව අනාවරණය වී තිබේ.
ඉන්පසු ඔහු වැවේ එහා කෙළවර සිට පීනා ගෙන පැමිණ ඇති අතර ටික දුරක් එන විට ඔහු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.
ඉන් පසු 28 වන දින උදැසන සෙබළුන්ට ශරීරික අභ්‍යාස පුහුණු කිරීමට ඔහු නොපැමිණි නිසා උසස් නිලධාරීන් විසින් සොයා බැලීමට කටයුතු කර තිබිණ.
එතැන් සිට ඔහු පිළිබඳ කිසිදු ආරංචියක් නොවුණු අතර මෙම සියළු දෙනා ඒ බව නොපවසා සිට ඇ. 29 වෙන දින වැවේ ඔහුගේ සිරුර තිබෙන බව දැක අඟුරුවාතොට පොලිසියට දැනුම් දී විමර්ශන ආරම්භ කර තිබේ.
ඔහු අතුරුදන් වූ දින රාත්‍රියේ ඔහුගේ පියාට ජංගම දුරකථනයෙන් කතාකර
කෙඳිරිගාමින් තාත්තේ තාත්තේ යැයි පවසා ඇති අතර ඉන්පසු සිට දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොවූ බව ඔවුන් පැවසූ අතර ඔහුගේ ජංගම දුරකථනය අස්ථාන වී තිබීම විශාල අභිරහසක් වී තිබිණ. පසුව
මෙම සෙබළුන් එය විසි කර ඇති බව අනාවරණය වී තිබේ.
ඔහු අතුරුදන් වූ දින රාත්‍රියේ
ඔහු සමග එකට සිටි, අත්අඩංගුවට ගත් සෙබළුන් සිව් දෙනාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කර ඇතත් ඔවුන්
පවසා ඇත්තේ සත්‍ය තොරතුරු නොවන බව පොලිසිය පවසයි.
සෙබලාගේ මව ඇතුළු ඥාතීන් ඔහුගේ මරණය පිළිබඳව විශාල සැකයක් ඇති බව ප්‍රකාශ කර සිටි අතර හොරණ දිස්ත්‍රික් මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය සඳකැන් වඩුගේ මහතා විවෘත තීන්දුවක් ලබා දී තිබූ අතර එය කොටස් රස පරීක්ෂක වෙත යවා ඇත.
මෙම සිව් දෙනා මෙතෙක් දිනක් යුද හමුදා පොලිසිය භාරයේ දොඹගොඩ යුද හමුදා කඳවුර තුළ රඳවා තබාගෙන සිට ඇත.
මෙම සෙබළුන් සිව් දෙනා යුධ හමුදා පොලිසියට හා මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ලබාදුන් ප්‍රකාශ පරස්පර විරෝධී බැවින් ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අඟුරුවාතොට
පොලිසිය විසින් මොවුන් අද(26) අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය සෙබලාගේ ජංගම දුරකථනය මේ දක්වා සොයා ගෙන නැති අතර එය සොයා ගැනීමට දුරකථන කුළුණු වාර්තා ඔස්සේ ඉදිරි විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.
අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් ආනන්ද සිල්වා, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ඔබට පොලිස් පරීක්ෂක එස්. ඩී. ඒ. විමලසේන ඇතුළු නිලධාරීන්ගේගේ ප්‍රධානත්වයෙන් විමර්ශන සිදු කෙරින.

ගල්පාත චන්දන පෙරේරා

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අනුරාධපුර පිහිටි උතුරු මැද පලාත් සභා කාර්යාලය ඉදිරිපිට දී මේ වන විට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අනුරාධපුර පිහිටි උතුරු මැද පලාත් සභා කාර්යාලය ඉදිරිපිට දී මේ වන විට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

අනුරාධපුර පිහිටි උතුරු මැද පලාත් සභා කාර්යාල සංකීර්ණය ඉදිරිපිටට රැස්වූ එම රැකියා විරහිත උපාධීධාරීහු අද දහවල් මෙම විරෝධතාවය ආරම්භ කලහ. මෙලෙස විරෝධතාවයේ නිරත වනුයේ වයස අවුරුදු 25-45ත් අතර පසුවන උපාධීධාරීන් පිරිසකි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධීධාරීන් 100ක පමණ පිරිසක් මේ වනවිට එම විරෝධතාවයට එක්ව සිටිති.
උපාධිය සම්පූර්ණකර වසර කිහිපයක් ගත වුවද තමන්ට මෙතෙක් නිසි රැකියාවක් ලබා දීමට රජය කටයුතු නොකළ බව පවසන ඔවුන්, රැකියා විරහිත උපාධීධාරීන් වන තමන්ට වහාම රැකියා ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.
ඡායාරූප
60 විරෝධතාවයේ අවස්ථා.

WhatsApp Image 2024-02-26 at 14.05.16 (1) WhatsApp Image 2024-02-26 at 14.05.16 (2) WhatsApp Image 2024-02-26 at 14.05.16 (3) WhatsApp Image 2024-02-26 at 14.05.16

24-02-26
කැකිරාව කුෂාන් ජයවර්ධන

පරිගණක පණිවිඩ ක්‍රියාකරුවකු ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරී කල පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය ද සමග අනුරාධපුර පොලිසිය මගින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.

පරිගණක පණිවිඩ ක්‍රියාකරුවකු ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරී කල පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය ද සමග අනුරාධපුර පොලිසිය මගින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් අත්අඩංගුවට ගෙන ඇති එම පොලිස් කොස්තාපල්වරයා මිහින්තලය රුවන්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින 30 හැවිරිදි අයෙකි.
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති පොලිස් කොස්තාපල්වරයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

24-02-26
කැකිරාව කුෂාන් ජයවර්ධන