ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වැඩ වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද සහ හෙට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල, රජයේ ගුරු විදුහල්වල සහ ගුරු වෘත්තීය මධ්‍යස්ථානවල පීඨාධිපතිවරුන් සහ අනෙකුත් සියලුම ගුරු අධ්‍යාපනඥයින් සංකේත වැඩ වර්ජනයක නිරතවීමට පියවර ගෙන ඇති බවයි එහි ලේකම් ධම්මික මිරිහාන සඳහන් කළේ.

වැටුපට අමතරව වෙනත් දීමනා කිසිවක් තම වෘත්තීන්ට නොලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු ගුවන්තොටුපල Automated Facial Recognize System (AFRS) පද්ධතියට කොටුවෙයි……

අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු ගුවන්තොටුපල Automated Facial Recognize System (AFRS) පද්ධතියට කොටුවෙයි……

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කළ පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන නො. 214/එස්, දෙලිගහවත්ත, අංගොඩ, මුල්ලේරියාව ලිපිනයේ පදිංචි එල්ලාවලගේ සරත් කුමාර නොහොත් චිටී (අවු. 47) යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් 2024.04.28 වන අද දින කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු ගුවන්තොටුපල පිටවීමේ පර්යන්තයේ සවිකර ඇති Automated Facial Recognize System (AFRS) පද්ධතිය මගින් හදුනාගැනීමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකිරීමේදී මොහු පාතාල අපරාධ කල්ලි නායකයෙකුව සිටි අංගොඩ ලොක්කා නැමැති අයගේ ප්‍රධාන ගෝලයෙකු බවට අනාවරණය වී ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ⁣මුල්ලේරියාව පොලිස් ස්ථානයට අවශ්‍යව සිටි සැකකරුවෙකි.

2024.04.19 වන දින මුල්ලේරියාව පොලිස් ස්ථානය මගින් අයිස් මත්ද්‍රව්‍ය 510g ක් සමග නාවික හමුදා නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරු විසින් අයිස් මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් හට ලබාදී ඇති බවට විමර්ශන නිළධාරීන් වෙත අනාවරණය වී සැකකරු සොයා පොලිස් විමර්ශන කණ්ඩායම් යොදවා සිට ඇති බවද අනාවරණය වී ඇත.

එසේම, මෙම සැකකරු සම්බන්ධයෙන් 2011 වර්ෂයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ පුද්ගලයකුට වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය කිරීම, ගිනි අවි ලග තබා ගැනීම ඇතුළු තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.

කාටත් සාධාරණව නීතිය ඉටුවන රටක් හැදිය හැක්කේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක​ට විතරයි – අනුර

රට ගොඩනැගීමට නම් මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඊයේ (27) ස්වීඩනයේ ශ්‍රී ලාංකික ජනහමුවක් අමතමින් ඔහු සඳහන් කළේ වර්තමානයේ රටේ පාලකයන් සිටින්නේ නීතියට වඩා ඉහළින් බවත්, ඒ ආකාරයෙන් රටේ දේශපාලනය ඉදිරියට ගෙන යා නොහැකි බවයි.

උදාහරණ ලෙස, ප්‍රසන්න රණතුංග කප්පම් ගැනීමේ වරදකට අධිකරණයෙන් වැරදිකරු වූ නමුත්, අද ඔහු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක බවද, පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලැබූ නමුත්, අද ඔහු රටේ රාජ්‍ය අමාත්‍යවරයෙක් බවද, මෙවන් පසුබිමක අපේ රටේ නීතියක් තිබේද යන්න ප්‍රශ්නයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සෑම පුරවැසියෙකුම, බලය ධනය තිබේදයැයි භේදයකින් තොරව පොදු නීතියට යටත් විය යුතු බවද, සැමට සාධාරණව නීතිය ඉටුවන රටක් ගොඩනැගිය හැක්කේ, බේරාගැනීමට ආපරාධකාරයින් හෝ දූෂිතයින් නොමැති, ජාතික ජන බලවේගයට පමණක් බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

662df34263c4c 662df3414ba04

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

සියළු විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයන් අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.

එළෙඹෙන මැයි දෙවැනිදා දහවල් 12 සිට එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි එහි සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත පවසා සිටින්නේ.

2016 වසරේදී අනධ්‍යයන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමේ හේතුව නිසා ගැටළු මතුව ඇති බවත්, පසුගිය කාලයේදී විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වූයේ එම වැටුප් ගැටළුව නිවැරදි කරන ලෙසත් බවයි සඳහන් වන්නේ.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 14ක ජල කප්පාදුවක්

අද (27) පස්වරු 5.00 සිට පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 5, කොළඹ 6, දෙහිවල, ගල්කිස්ස, මොරටුව යන නගර සභා බල ප්‍රදේශ ද, ජයන්තිපුර හා පැලවත්ත යන ප්‍රදේශවලට ද අද පස්වරු 5 සිට පසුදින පෙරවරු 7.00 දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි සඳහන් වන්නේ.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරිමේ කටයුත්තක් නිසා මේ ආකාරයෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට නීතිඥ සංගමයට ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මෙම ආරාධනය සිදු කරමින් ලිපියක් යොමු කර ඇත්තේ සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලීන් බණ්ඩාර විසින්.

මෙවැනි විවාද සංවිධාන කිරීම හා සම්බන්ධීකරණය පිළිබඳ ජාත්‍යන්තරව ඇති පුර්වාදර්ශ ද සැලකිල්ලට ගනිමින්, මෙම සම්බන්ධීකරණය සහ අනෙකුත් විධිවිධාන සැලසීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මැදිහත්වන ලෙසයි එම ලිපිය මඟින් ඉල්ලා තිබෙන්නේ.

අදාළ ලිපිය පහතින්.

662bc5c874581

ජනපති හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර හමුවක්

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සහභාගී වී ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙළ, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ සියලු මැතිවරණ කොට්ඨාස සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.

ඉදිරි මැතිවරණවලදී දේශපාලන පක්ෂ වශයෙන් ගනු ලබන තීන්දු තීරණ සහ නිශ්චිත එකඟතාවලට එළැඹීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවී තිබෙනවා.

යුධ හමුදා කැබ් රථයක් මාන්කුලමේදී අනතුරට – සෙබලෙක් ජීවිතක්ෂයට

යුධ හමුදා කැබ් රථයක් මාන්කුලමේදී අනතුරට – සෙබලෙක් ජීවිතක්ෂයට

මාන්කුලම, වසන්තනගර් හන්දිය අසලදී යුධ හමුදා කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් යුධ හමුදා සෙබලෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම අනතුරෙන් තවත් සෙබලුන් 09 දෙනෙකුද තුවාල ලබා ඇති බවයි. ඔවුන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුධ හමුදා හත්වන සේවා බලකායට අනියුක්ත, මුරුකණ්ඩි කඳවුරේ රාජකාරි කළ ගල්ගමුව, ඇහැටුවැව ප්‍රදේශයේ පදිංචි සැරයන්වරයෙක් බවයි පොලිසි පැවසුවේ.

මාන්කුලම් දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ඉදිරියෙන් ගමන් ගත් යුධ හමුදා සෙබළුන් රැගත් කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
WhatsApp Image 2024-04-26 at 14.42.27 WhatsApp Image 2024-04-26 at 14.42.18

උපුල් ශාන්ත සන්නස්ගල​ට ඇප

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු සහ YouTube වැඩසටහන් නිර්මාණකරුවෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත මුදාහැර තිබෙනවා.

ඔහු වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

ITC Ratnadipa Colombo හෝටල් සංකීර්ණය විවෘත කෙරේ

ITC Ratnadipa Colombo අති සුඛෝපභෝගි හෝටල් සංකීර්ණය අද (25) විවෘත කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ හෝටලය විවෘත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ප්‍රධාන කුලුනු දෙකක් යා කරමින් අඩි 100ක් ඉහළ අහසේ ඉදි කෙරුණු අහස් පාලමකින්ද මෙම හෝටලය සමන්විත වනවා.