පුත්තලම දුම්රිය මාර්ගයේ හලාවත සහ බංගදෙණිය අතර දුම්රිය හරස් මාර්ගයට ගසක් කඩා වැටී තිබෙනවා.
මේ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
Breaking News
පුත්තලම දුම්රිය මාර්ගයේ හලාවත සහ බංගදෙණිය අතර දුම්රිය හරස් මාර්ගයට ගසක් කඩා වැටී තිබෙනවා.
මේ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය සහ බුලත්සිංහල යන ප්‍රදේශවල මාර්ග කිහිපයක් තවදුරටත් ජලයෙන් යට වී පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

ළමා හතිය වැනි රෝග තත්ත්වයන් මේ දිනවල වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
මේ වන විටත් ඉන්ෆ්ලුවෙන්සා සහ ඒ හා සමාන වෛරස් උණ කිහිපයක් පැතිරගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.
කැස්ස, හෙම්බිරිසාව, උණ පවතිනවා නම් දරුවන්ව නිවසේ තබාගන්නා ලෙසත්, රෝග ලක්ෂණ ඇත්නම් මුව ආවරණයක් පළඳින ලෙසත් විශේෂඥ වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
රාත්‍රී කාලයේ කැස්ස ඇති වෙනවා නම් එය ළමා හතිය විය හැකි බවත්, කැස්ස, උණ සමග පපුව වේදනා ඇති නම්, උණ දිගටම පවතී නම්, නිව්මෝනියා තත්ත්වයට පත්ව ඇත්දැයි සොයා බැලිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම වසරේ මුල් මාස 7 තුළ ළමා අපරාධ 1323 ක් වාර්තා වී ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසනවා.
අදාළ කාලසීමාව තුළ ගැහැණු දරුවන් අපයෝජනයට පත්කිරීමේ සිදුවීම් 813 ක් වාර්තා වී ඇති බවයි එහි නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සඳහන් කළේ.
වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට බලහත්කාරකම් කිරීම් සම්බන්ධයෙන් වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 177 ක් බවද වැඩිදුරටත් සඳහන්.
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.
ඒ අනුව ඔහු කම්කරු සහ විදේශ රැකියා පිළිබඳ ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.
ඒ අනුව ඔහු සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
බෞද්ධ ශාසනයේ ඓතිහාසික සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසලොස්වක පොහොය දිනය අදට (19) යෙදී තිබෙනවා.
රජගහ නුවර දී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, බුදුන්වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙර වස් මගහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම සහ බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම ඇතුලු සිදුවීම් ගණනාවක් නිකිණි පොහොය දිනයේ සිදු වී තිබෙනවා.
මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝළි පෙරහැර ද අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි.
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උපරිම දායකත්වය ලබාදීමේ අරමුණින් අද (18) මධ්‍යම රාත්‍රියේ සිට සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසනවා.
ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාවන් සහ දිමනාවන් වත්මන් ආර්ථික තත්ත්වයට ගැලපෙන ලෙස සකස් කිරීම සඳහා ඉල්ලීම් කරමින් පසුගියදා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
එමෙන්ම අගෝස්තු 12 සිට 18 දක්වා ක්‍රියාත්මක වූ කළු විරෝධතා සතිය සහ මැයි 17 සිට ක්‍රියාත්මක වූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයද අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරෙන බවයි එහි සභාපති නන්දන රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා 18% ක VAT බද්ද මුළුමනින්ම ඉවත් කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
පුරවැසියෙකුට කුසිගිනි වූ විට බදු ගෙවීමට කීමද, පුරවැසියෙකු ලෙඩ වූ විට බදු ගෙවීමට කීමද, පුරවැසියෙකු තම දරුවන්ට ඉගැන්වීමේදී බදු ගෙවීමට කීමද සාධාරණ නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.
එබැවින් පුරවැසියන් කුසගින්න නිවා ගන්නා ආහාර සඳහා ද, ලෙඩට ගන්නා ඖෂධ සඳහාද, දරුවන් ඉගෙනීමට ගන්නා අධ්‍යාපනික උපකරණ සඳහාද දැනට ගෙවීමට සිදුව ඇති 18%ක VAT බද්ද 0% දක්වා අඩු කරන බව ඔහු සඳහන් කළා.
මෙසේ කී විට රජයට ආදායම් ලැබෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටින බවද, මෙතෙක් බදු පොලු තබා ඇති ප්‍රමාණය රුපියල් කෝටි 110,000ක් වන අතර ඉන් නඩු කටයුතු නොමැති කෝටි 16,900 ක් ආරම්භයේදීම අය කරගත හැකි බව සොයා බලා ඇති බවයි ඔහු සඳහන් කළේ.
දැනට පවතින බදු හරහා වසර 4ක් තුළ ආහාර, සෞඛ්‍ය හා අධ්‍යාපනයෙන් අයකරගත හැකි VAT බද්ද ඊට වඩා අඩු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.
ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසු, පැමිණිලි තුනක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් මෙම පැමිණිලි තුන වාර්තා වී ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දා සිට මැතිවරණ කොමිසම වෙත වාර්තා වූ සමස්ත පැමිණිලි ගණන 437 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.