යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් මැතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කෙරේ

යුරෝපා මැතිවරණ නිරීක්ෂකයින් දිවයින පුරා මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්ගේ පළමු කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණ තිබුණා.

තවත් පිරිසක් ඉදිරි සති කිහිපය ඇතුළත දිවයිනට පැමිණිමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

2024 වසරේ ශ්‍රී ලාංකිකයින් 5,499 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබෙනවා – විදේශ සේවා නියුක්ති කාර්යංශය

ගතවූ මාස 8ක කාලය තුළදී පමණක් ශ්‍රී ලාංකිකයින් 5,499 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

දකුණු කොරියාවේ රැකියා හිමිවූ 350 වන කණ්ඩායමට අයත් ශ්‍රී ලාංකිකයින් 55 දෙනෙකු ඊයේ (28) පිටත්ව ගොස් තිබුණා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමි වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසුවත් අයිතිය හිමිවන ගිනිඅවි දෙකක් ලබාගැනීමේ අයිතිය මන්ත්‍රීවරුන්ට ලබාදීමට රජය තීරණය කරයි

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මුදලට ගිනිඅවි දෙකක් ලබාගැනීමේ අයිතිය ලබාදීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසු අයිති කරගැනීමට හැකිවන පරිදි එම ගිනිඅවි ලබාදීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ප්‍රචණ්ඩත්වය පසුගිය කාලය තුළ දිගින් දිගටම වැඩිවී තිබෙන බවත් එම නිසා මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

පාස්පෝට් ලබාගැනීමට Online දින වෙන්කිරීම අද සිට නතර කෙරේ

පැමිණෙන පිළිවෙළ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු අද (28) සිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ මාර්ගගත ක්‍රමවේදයට දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීමේ ක්‍රමය මින් ඉදිරියට ක්‍රියාත්මක නොවන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණි ජනතාව මේ දිනවල දැඩි අපහසුතායකට පත්ව සිටින බවයි වාර්තාවන්නේ.

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1155 දක්වා ඉහළට

ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 95 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ් අනුව මේ වන විට ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1155 ක් බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1100 ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 04 ක් හා වෙනත් පැමිණිලි 51 ක් ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

66cda45d815c8

මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 08 ක් අත්අඩංගුවට

මන්නාරම ආසන්න මුහුදේ නීති විරෝධීව ධීවර කටයුතුවල යෙදී සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සමග යාත්‍රාවක් ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඒ අනුව ධීවරයින් පිරිස හා යාත්‍රාව ධීවර දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.

පාස්පෝට් නිකුත් කිරීම සීමාකෙරේ

හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දීමට රජය විසින් පියවර ගෙන ඇති අතර ඒ සඳහා ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම මගින් විදේශීය සමාගමකට විදේශ ගමන් බලපත්‍ර සැපයීම සඳහා ටෙන්ඩරයක් දැනටමත් ප්‍රදානය කර ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු හිස් විදේශ ගමන් බලපත්‍ර තොග සීමිත වීම සැලකිල්ලට ගෙන ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ඇණවුම් කළ සමාගමෙන්ම එම ඇණවුමෙහිම කොටසක් වශයෙන් සාමාන්‍ය හිස් විදේශ ගමන් බලපත්‍ර 50,000ක් සපයා ගැනීමට කටයුතු කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

රාජ්‍යයේ ඉහළම තනතුර ඉල්ලන අයට පාර්ලිමේන්තුව මෙහෙයවගන්න මන්ත්‍රීවරු නැහැ – අගමැති

රාජ්‍ය පාලනය පිළිබඳ අද්දැකීමක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හැර අනෙකුත් අපේක්ෂකයින්ට නොමැති බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ අනුව රාජ්‍යයේ ඉහළම තනතුර ඉල්ලන අයට පාර්ලිමේන්තුව මෙහෙයවා ගැනීමටද මන්ත්‍රීවරුන් නොමැති බවයි ජන හමුවක් අමතමින් අගමැතිවරයා සඳහන් කළේ.

එවැනි තත්ත්වයකින් රට තුළ ඇතිවිය හැකි ප්‍රජාතන්ත්‍රවාදී සහ ආර්ථිකය අවුල ගැඹුරු ගැටලුවක් ලෙස මහජන ජීවිත අවුලකට පත් කරනු ඇති බවයි අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරට ගෙන ආ කෝටි 4 ක භාණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට අද (26) උදෑසන මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් කෝටි 4ක් පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෙන ආ භාණ්ඩ අතර විදේශීය මත්පැන්, විවිධ වර්ගයේ දුම්වැටි, ක්‍රීම් වර්ග, වාහන අමතර කොටස් සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන කතුරු තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පූනාගල කඳු රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ හටගත් ගින්නෙන් විශාල ප්‍රදේශයක් විනාශයට පත්ව තිබෙනවා.

කොස්ලන්ද පූනාගල කඳු පන්තියේ වැල්ලවායට ඉහළ කොටසේ ඊයේ පස්වරුවේ ගින්න හටගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ප්‍රදේශයේ පවතින වියළි කාලගුණයත් සමඟ ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර නිවා දැමීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.