VAT බදු පැහැර හැරි අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තිදෙනෙකු​ට මාස 6ක සිර ද‍ඬුවම් නියම කෙරේ

VAT බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා තිබූ බවයි සඳහන් වෙන්නේ.

රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක VAT බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබුණා.

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

ඒ අද පස්වරු 4.00 සිට හෙට (14) පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලාත්මක බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ ප්‍රදේශ පහතින්.

670bb452d6912

670bb45366151

කැලණි ගඟ අවට පහත් බිම් වෙත නිකුත් කළ ගංවතුර අවදානම තවදුරටත් දීර්ඝ කෙරේ

කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමද ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැලණි ගංලා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

670b9c2ad8be0pdf_page_0

අයහපත් කාලගුණයත් සමඟ හෙට බස්නාහිර ප්‍රදේශ කිහිපයක පාසල් වසා දැමීමට තීරණය කරයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල අධ්‍යාපන කොට්ඨාසයේද සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නාවික සහ ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි විය හැකියි.

එසේම මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං විටින් විට පැ.කි.මී. (45-50) දක්වා වැඩි විය හැකි අතර වයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වනවා.

ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු දක්වා පැවතිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ධීවරයින්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා‍, සියලුම ධීවර යාත්‍රාවලට නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස දැනුම්දෙන බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සියලුම ධීවර යාත්‍රා මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

කැළණි ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ කැළණි ගඟ ද්‍රෝණියේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48 ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ හා වත්තල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් ප්‍රදේශවලට මෙලෙස ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

6708e6603d221pdf_page_0

අද ඩොලරයේ විකුණුම් මිල 297.62 දක්වා පහලට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) දිනයේ රුපියලට සාපේක්‍ෂව අමෙරිකානු ඩොලරයේ අගය පහළගොස් තිබෙනවා.

ඒ අනුව අද දින අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 288.58 ක් හා විකුණුම් මිල 297.62 ක් ලෙසයි දැක්වුණේ.

රන්ජන්ගේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය එළිදක්වයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක අද (09) එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නමින් සිය නව දේශපාලන පක්ෂය නිල වශයෙන් එළිදැක්වීම සිදුකර තිබෙනවා.

ඒ අනුව “මයික්‍රෆෝනය” ලකුණින් එම පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බවයි සඳහන් වෙන්නේ.

එහි ජාතික සංවිධායක ලෙස හිටපු ක්‍රිකට් නායක තිලකරන්න ඩිල්ෂාන් පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කුමාර් සංගක්කාර නැවත ක්‍රිකට් පිටියට

International Masters League 2024 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත්කර තිබෙනවා.

මෙම තරගාවලිය නොවැම්බර් 17 වැනිදා සිට දෙසැම්බර් 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, මේ සඳහා ඉන්දීය සත්කාරකත්වය යටතේ රටවල් 06ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් 06 තරග කිරීමට නියමිතව තිබෙනවා.