ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (08) දිනයේ රුපියලට සාපේක්‍ෂව අමෙරිකානු ඩොලරයේ අගය පහළගොස් තිබෙනවා.
ඒ අනුව අද දින අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 288.96 ක් හා විකුණුම් මිල 298.03 ක් ලෙසයි දැක් වුණේ.
Breaking News
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (08) දිනයේ රුපියලට සාපේක්‍ෂව අමෙරිකානු ඩොලරයේ අගය පහළගොස් තිබෙනවා.
ඒ අනුව අද දින අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 288.96 ක් හා විකුණුම් මිල 298.03 ක් ලෙසයි දැක් වුණේ.
බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුළු කෑම මත තීරණය වන බවත්, කුකුළු කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිඟු ලබන කන්නයේ ආනයනයේදී රුපියල් 125 -130 වැනි මුදලකට කිලෝවක් මිලදී ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන බවත් අමාත්‍යංශ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ පවසනවා.
වෙළඳපොළේ බිත්තර තොග මිල ඉහළ ගොස් තිබෙන අතර, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලේකම්වරයා ප්‍රකාශ කළේ කුකුළු කෑම මිල ඉහළ යාම මේ සඳහා බලපා ඇති බවයි.
ඇතැම් ආයතනවලට සෘජුව බඩ ඉරිඟු ආනයනය කර ගැනීමට තරම් මූල්‍ය ශක්තියක් නොමැති බවත්, මහා පරිමාණයෙන් බඩ ඉරිඟු ආනයනය කරන ආයතනවලට තවත් වැඩිපුර කෝටාවක් ලබා දී, කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදන ආයතනවලට ලබා දීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
කොළඹ – නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම සිසුවිය ජාත්‍යන්තර පාසලක සිසුවියක් බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ හා ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ‘අවදානයෙන් සිටින්න’ ලෙසට අදාළ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ‘විමසිලිමත් වන්න’ යන අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ, ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ සංවර්ධන ප්‍රතිපත්ති මුල්‍යකරණ (DPF) වැඩසටහනේ දෙවන අදියර යටතේ මේ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ නිවේදනය සහ ඡායාරූප පහතින්.


රටේ ජනතාවගේ අපේක්ෂාවත් තම අපේක්ෂාවත් එකක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
මෙරට පළමුවරට රටේ පුරවැසියන්ගේ අරමුණු, අපේක්ෂා, බලාපොරොත්තු හා රටේ පාලකයාගේ අරමුණු, අපේක්ෂා, බලාපොරොත්තු එකම වන පාලනයක් ගොඩනැගී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
එබැවින් රටේ ජනතාව අපේක්ෂා කරන පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා සාධාරණත්වය සහ යුක්තිය ඉටුකිරීම තමන්ගේත් අපේක්ෂාව සහ බලාපොරොත්තුව බවද, ඒ සඳහා කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළා.
එබැවින් තමන් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ලෙසයි අද කටුවාපිටිය දේවස්ථානයේදී ජනතාව අමතමින් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 34 දෙනෙකු ප්‍රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදී නැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් සංඛ්‍යාව 38 ක් වන අතර ඒ අනුව ප්‍රචාරක වියදම් වාර්තා දී ඇත්තේ අපේක්ෂකයින් 4 දෙනෙකු පමණක් බවයි සඳහන් වෙන්නේ.
මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ලබන 13 වැනිදාට පෙර, එම වාර්තා ලබාදිය යුතු අතර අදාළ කාලසීමාව තුළ වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.
දැනට පිටවී ඇති බව පැවසෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ට අමතරව වෙනත් ප්‍රශ්න පිටවී ඇති බවට සාක්ෂි පවතින්නේ නම් ඒ පිළිබඳ තොරතුරු ළඟම පොලිස් ස්ථානය වෙත ලබා දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරනවා.
ඒ අනුව එළඹෙන 07වන දිනට පෙර අදාළ තොරතුරු ළඟම පොලිස් ස්ථානය වෙත භාරදෙන ලෙසයි පොලීසිය දැනුම් දෙන්නේ.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇති බවට පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ එහි උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු පවා තාවකාලිකව නවතා දමා තිබෙන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්.

නුදුරු දිනකදීම ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදුකළ ආරාධනය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජෙයිශංකර් විසින් ඊයේ (04) ජනාධිපති අනුර කුමාර දිසානායකට පිළිගන්වා තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සුබ පැතුම් ද ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගැන්වූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගිතාව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ මෙන්ම ආයෝජනය, විදුලිබල හා බලශක්ති සහ දියර කිරි කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා සහායවීමට ඉන්දියාව දක්වන උනන්දුව පිළිබඳව කරුණු පැහැදිළි කළ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වී තිබෙනවා.
ශ්‍රී ලංකාවට සිය ආර්ථික පුනරුදය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ඉන්දියාවේ දැවැන්ත වෙළඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවද ඔහු අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී ස්වීඩන් රජයේ සුබපැතුම් එක් කර තිබෙනවා.
මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය හා ශ්‍රී ලාංකික සිසුන්ට එරට පවතින අධ්‍යාපන අවස්ථා සහ වීසා ගැටලු විසඳීමටත් ස්වීඩන් රජයේ අවදානය යොමු වී තිබෙන බවයි එහිදී ඔහු සඳහන් කර ඇත්තේ.
ළමා පෝෂණය පිළිබඳ ගැටලුව අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී ස්වීඩන් තාපාතිවරයාගේ අවදානයට යොමුකර ඇති අතර, ශ්‍රී ලංකාව කලාපය තුළ ඉහළ සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන ගිය ද, පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු තවමත් පවතින බව ද ඇය සඳහන් කර තිබෙනවා.