ඇඟ නිල් වෙන රෝගයක්.. ලංකාවේ පළමුවරට ඇසුණු පුදුම හිතෙන රෝගී තත්වයක් ගැන විශේෂ අනාවරණයක්..

ඇඟ නිල් වෙන රෝගයක්.. ලංකාවේ පළමුවරට ඇසුණු පුදුම හිතෙන රෝගී තත්වයක් ගැන විශේෂ අනාවරණයක්..

සටහන මංගල කරුණාතිලක (අනුරාධපුර)

මොකද්ද මේ රෝගී තත්වය.. ඇත්තටම ඒ ගැන ඇසෙන විටත් ඇතිවන්නේ භීතියක්..
කොහොම වුණත් දැනට අනාවරණ වී ඇති කරුණුවලට අනුව මෙන්න මේ වගේ කතාවක් තමයි ඒ ගැන ඇසෙන්නේ..

Congenital Methemoglobinemia නම් වූ අති දුර්ලභ රෝගය වැළඳුනු අයෙකු පළමුවරට මෙරටින් හඳුනාගෙන තිබෙනවා..

ඒ අනුව, අනුරාධපුර – මැදවච්චිය ප්‍රදේශයේ දරුවෙකුට මෙම රෝගය වැළඳී ඇති බවට හඳුනාගත් බවයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය එම්. ආර්. එස්.යූ. සී. රණවක සඳහන් කළේ..

මෙම රෝගය වැළඳීමේදී රෝග ලක්ෂණ ලෙස ශරීරය දැඩිලෙස නිල්පාට වන බවත්, හුස්ම ගැනීමේ අපහසුතාවයක්ද ඇති වන බවයි ඔහු පවසන්නේ..

මැදවච්චිය ප්‍රදේශයේ මෙම රෝගය වැළඳුනු දරුවා අනුරාධපුර ශික්ෂණ රොහලේ නොමේරු ළදරු ඒකකයේ සායනික පරීක්ෂාව සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙරට එකී පරීක්ෂාවන් සඳහා පහසුකම් නොමැති බැවින් දරුවාගේ රුධිර සාම්පල ජර්මනියට යැවීමෙන් අනතුරුව මෙම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් තහවුරු කරගෙන තිබෙනවා..

කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වය සඳහා වන ඖෂධ මෙරට පැවතීම හේතුවෙන් දරුවාගේ දිවි බේරා ගැනීමට හැකිවූ බවයි ඔහු සඳහන් කළේ..

එමෙන්ම, මෙම රෝගය ඇතිවීම සඳහා බොහෝවිට ඥාති විවාහයන් හේතු වන නමුත් මෙම දරුවාගේ දෙමව්පියන් එසේ නොවීමද විශේෂත්වයක් බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ..

මෙම රෝගය මෙරටදී හඳුනාගත් පළමු අවස්ථාව මෙය වන නමුත්, ලෝකයේ සාමාන්‍යයෙන් ලක්ෂයකට එක් දරුවෙකුට මෙවැනි රෝගයක් ඇති වීමේ හැකියාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ..

Moody’s ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දමයි

ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ශ්‍රේණිගත කිරීම ‘Ca’ මට්ටමේ සිට ‘Caa1’ දක්වා ඉහළ දැමීමට Moody’s ආයතනය තීරණය කර තිබෙනවා.

පුද්ගලික අංශයේ ණයහිමියන් සතු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම අනුමත කිරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

උත්සව සමය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක් හෙට සිට ක්‍රියාත්මක වෙයි

උත්සව සමය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක් හෙට (24) සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව උත්සව සමය අවසන් වනතුරු සෑම දිනකම අමතර බස් රථ 50 ක් ධාවනයට එක් කර ඇති බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.

එසේම අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ ප්‍රමාණයද වැඩි කර ඇති බවත්, නැවත ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ පැමිණීම සඳහා අවසන් සතියේ සඳුඳා දින බස් සේවාවක් ක්‍රියාත්මක බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නොවැම්බර් මාසයේ සමස්ත අපනයන ආදායම ඉහළට

වෙළඳ භාණ්ඩ සහ සේවා යන අංශ දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33ක් ලෙස වාර්තා වී තිබෙනවා.

එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව 0.04%ක වර්ධනයක් බවයි සඳහන් වෙන්නේ.

2024 නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය එක්සත් ජනපද ඩොලර් මිලියන 943.1 ක් වූ අතර එය 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.6% ක පහත වැටීමක් බවයි ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කළ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

හැටන් බස් රථ අනතුර සම්බන්ධයෙන් රථයේ රියදුරු 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ඊයේ (21) සිදු වූ පෞද්ගලික බස් රථ අනතුරෙන් තුවාල ලබා දික්ඔය මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබමින් සිටි එම බස් රථයේ රියදුරු මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කර තිබෙනවා.

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් එස්. රාම්මුර්ති මහතා විසින් අද (22) මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

රෝහල වෙත පැමිණි වැඩබලන මහෙස්ත්‍රාත්වරයා, වෛද්‍යවරුන්ගෙන් සැකකාර රියදුරුගේ තත්ත්වය පිළිබද කරුණු විමසා මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව සැකකාර රියදුරා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ රෝහල තුළම මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වසරේ ගෙවුණු කාලය තුළ රිය අනතුරුවලින් 2,243 දෙනෙක් මරුට

මෙම වසරේ ජනවාරී පළමු වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 2,243 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

එම කාලසීමාව තුළ වාර්තා වී ඇති රිය අනතුරු සංඛ්‍යාව 22‍,967 ක් වන අතර ඒ අතරින් සිදුව ඇති මාරක අනතුරු ගණන 2,141 ක් බවයි පොලීසිය සඳහන් කළේ.

බරපතල ගණයේ අනතුරු 6,500 ක් එම කාලසීමාව තුළ වාර්තා වී ඇති අතර සිදුවී ඇති සුළු අනතුරු සංඛ්‍යාව 9‍,127 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සහල් මෙට්‍රික්ටොන් 67,000 ක් මෙරටට ආනයනය කෙරේ

සහල් ආනයනය සඳහා රජය ලබාදී තිබූ කාලය තුළ සහල් මෙට්‍රික්ටොන් 67,000 ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ලබාදුන් කාලය තුළ මේ දක්වා සහල් මෙට්‍රික්ටොන් 67,000 ක් ආනයනය කර ඇති බවත්, ඉන් මෙට්‍රික්ටොන් 28,500 ක් කැකුළු සහල් වන අතර ඉතිරි මෙට්‍රික් ටොන් 38,500 නාඩු සහල් වන බවයි සඳහන් වෙන්නේ.

වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස, සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට හා රජයේ ආනයනකරුවන්ට රජය අවසර ලබාදී තිබුණේ පසුගිය 20 වනදා දක්වා පමණක් වන අතර පසුව එය දීර්ඝ කිරීමට කටයුතු කළා.

හැටන් ප්‍රදේශයේ බස් රථ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් මරුට

අද (21) උදෑසන හැටන් ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 03 දෙනෙකු මිය ගොස් 28 දෙනෙකු තුවාල ලැබුවා.

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්, හැටන් – මල්ලියප්පුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන, තේ වත්තකට පෙරලී යාමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

මෙම අනතුරෙන් පිරිමි පුද්ගලයෙකු,  කාන්තාවක හා දරුවෙකු මරණයට පත්වී ඇති අතර, තුවාල ලැබූ අයගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින්, ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහලට යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.

Fitch ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව CCC+ වෙත උසස් කෙරේ

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවත්, මේ හේතුවෙන් ඔවුන් විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක් ප්‍රකාශයට පත්කර ඇති බවත් ෆිච් රේටින් සමාගම පවසනවා.

ඒ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC- (සෘණ) මට්ටමේ සිට CCC+ (ධන) මට්ටම දක්වා උසස් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සහ සාර්ව ආර්ථික දර්ශක සඳහා වූ ඉදිරි දැක්ම සම්පූර්ණ කිරීම මගින් දේශීය මුදල් ණය පැහැර හැරීමේ අවදානම අඩු වී ඇති බවයි ෆිච් රේටින් සමාගම පවසා සිටින්නේ.

නිල නිවේදනය

67663d316107e

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

අමාත්‍ය, ආචාර්ය උපාලි පන්නිලගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනුකර ඇති පෙත්සමේ එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහලේකම්, රුහුණ විශ්ව විද්‍යාලය සහ එහි උපකුලපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ උපාලි පන්නිලගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කරන අවස්ථාවේදී ඔහු රුහුණ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී තිබෙන බවයි.

රජයේ සේවයේ නිරතව සිටියදී මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාව යටතේ නීතියට පටහැනි බවත්, එය පාර්ලිමේන්තුවට තේරීපත්වීමට නුසුදුසුකමක් බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි පෙත්සමෙන් ඉල්ලා තිබෙන්නේ.