සංස්පර්ශ 2024 – සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ කොළඹ දිස්ත්‍රික් තරග අවසන් වෙයි

සමස්ත ලංකා පාසල් මාධ්‍යවේදීන්ගේ සංසදය විසින් සංවිධානය කරන ‘සංස්පර්ශ 2024’‍, සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ කොළඹ දිස්ත්‍රික් තරග අද (23) අවසන් වුණා.

අද කොළඹ D.S සේනානායක විද්‍යාලයේදී පැවති මූලික වටයේ තරග සඳහා කොළඹ දිස්ත්‍රික්කය නියෝජය කරමින් තරගකරුවන් 2500 කට අධික පිරිසක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ‘සංස්පර්ශ 2024’‍, සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ මීළඟ අදියර මහනුවර දිස්ත්‍රික්කයේ කිංස්වුඩ් විද්‍යාලයේ දී ජුනි 29 වනදා පැවැත්වීමට නියමිතයි.

හිටපු ජනපති සිරිසේනගේ කතාව සම්පූර්ණයෙන්ම ද්වේෂ සහගතයි – කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරයෙන් පසුව ලැබුණු මුදල් වියදම් වූ ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකළ ප්‍රකාශය පදනම් විරහිත බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ඒ අනුව, ඒ පිළිබඳ සියලු සංඛ්‍යා ලේඛන තමන් සතුව පවතින බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

වෛද්‍ය ප්‍රතිකාර, විශේෂඥ ප්‍රතිකාර ලබාගැනීම සඳහා, පෞද්ගලික ආරෝග්‍ය ශාලාවල වියදම්, අනාථ වූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම ආදි ලෙසට ප්‍රහාරයට ලක්වූ ජනතාවට උදව් අවශ්‍ය වී තිබුණු බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

රුපියල් මිලියන 500 ක් පමණ මුදල් එකතු කරගත් බවත්, අදාළ නිවැරදි දත්ත තමා සතුව ඇති අතර, ඒවා ඕනෑම වේලාවක පරීක්ෂා කිරීමට හැකි බවත්, එම රුපියල් මිලියන 500න් මිලියන 460ක් පමණ මේ වෙනකොට බෙදා දී ඇති බවයි අගරදගුරුතුමන් සඳහන් කළේ.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පැවසූ කතාව සම්පූර්ණයෙන්ම ද්වේෂ සහගත හා වැරදි එකක් බවද, එවන් දෙයක් ප්‍රකාශ කිරීමට පෙර සැබෑවට‍ම සිදුවූයේ කුමක් දැයි අදාළ පාර්ශවයන්ගෙන් විමසා බැලීම එතුමාගේ යුතුකමක්ව පැවති බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.

උප්පැන්න සහතිකයක් නොමැතිවීම නිසා මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු පුද්ගලයින්ට තවදුරටත් අවස්ථාව පවතිනවා – පු.ලි.දෙ.

වයස අවුරුදු 40 ට වැඩි, උප්පැන්න සහතිකයක් නොමැතිවීම නිසා මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම මාසයේ 30 වනදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවයි දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී සඳහන් කරන්නේ.

තලාවේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය යයි, තවත් තරුණයින් දෙදෙනෙකු රෝහල් ගත කෙරේ

24-06-23
කැකිරාව කුෂාන් ජයවර්ධන
තලාවේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය යයි, තවත් තරුණයින් දෙදෙනෙකු රෝහල් ගත කෙරේ
එකම ගමේ තරුණයින් සිව් දෙනෙකු ගමන් ගත් ත්‍රී රෝද රථයක් හා බස් රථයක් හා ගැටීමෙන් අද (23) අලුයම අනුරාධපුර තලාව ප්‍රෙද්ශයේදී සිදුවූ රිය අනතුරකින් ත්‍රී රෝද රථයේ සිටි තරුණයින් සිව් දෙනාගෙන් දෙදෙනෙකු මිය ගොස් සෙසු තරුණයින් දෙදෙනා ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
එප්පාවල ප්‍රෙද්ශයේ පදිංචි තරුණයින් සිව් දෙනෙකු ගමන්ගත් ත්‍රී රෝද රථයක් හා රත්නපුර ප්‍රෙද්ශයේ පිරිසක් යාපනය ප්‍රදේශය බලා විනෝද චාරිකාවක් රැගෙන යමින් තිබූ බස් රථයක් අනුරාධපුර තඹුත්තේගම මාර්ගයේ තලාව ගොවිජන සේවා කාර්යාලය ඉදිරිපිටදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ අනතුරට පත් ත්‍රී රෝද රථයේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකි. මෙලෙස මිය ගොස් ඇත්තේ සයිමන් පෙරේරාගේ සුපුන් සාලින්ද පෙරේරා නමැති අවුරුදු 21 ක තරුණයෙක් හා පරණවිතාරනගේ නිපුන සනිශ්ක පරණවිතාරන නමැති 19 හැවිරිදි තරුණයෙකි. ඔවුන් එප්පාවල මැඩියාව ප්‍රෙද්ශයේ පදිංචිකරුවෝ වෙති.
අනතුර සිදුවන අවස්ථාවේ එම ත්‍රී රෝද රථයේ තරුණයින් සිව් දෙනෙකු ගමන් කර ඇති අතර එහි ගමන් ගත් සෙසු තරුණයින් දෙදෙනාද මෙම අනතුරින් බරපතළ තුවාල ලබා තිබේ. තුවාල ලබා සිටි ඔවුන් ප්‍රතිකාර සදහා කඩිනමින් තලාව රෝහලට ඇතුලත් කිරීමට එම ප්‍රෙද්ශවාසීන් කටයුතු කරතිබිණ. මේ වනවිට එම තුවලකරුවන් හදිසි වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට මාරු කර යවා තිබේ. ඔවුන් ද එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචි අවුරදු 25ත්- 17ත් අතර පසුවන තරුණයින් දෙදෙනෙකි.
ත්‍රී රෝද රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. අනතුරට සම්බන්ධ ත්‍රී රෝද රථය හා බස් රථයත් එහි රියදුරුත් වැඩිදුර විමර්ශන සදහා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් තලාව පොලිසිය මේ වනවිට වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ.

රාජ්‍ය ආයතනවලින් හිඟ බදු අයකර ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ඉදිරියේ දී ගන්නවා – රංජිත් සියඹලාපිටිය

රාජ්‍ය ආයතනවලින් අයකර ගත යුතු හිඟ බදු ප්‍රමාණයක් තවදුරටත් පවතින බවත්, එම හිඟ බදු අයකර ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ඉදිරියේ දී ගන්නා බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මෙරට බදු නීතියේ ඇති අභියාචන අයිතිය අනුව රජය විසින් බද්දක් පැනවූ විට නීතිය ඉදිරියට ගොස් අභියාචනා කිරීමට සමස්ථ ජනතාවට අයිතියක් ඇති බවත්, ඒ යටතේ ඇති හිඟ බදු වැඩිපුර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ යුගයේදී තරම්, හිඟ බදු අයකර ගැනීම සඳහා රජයට පැවරී ඇති සියළු බලතල ක්‍රියාත්මක කළ යුගයක් තවත් නැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

චමුදිත සමරවික්‍රම මහතා පදිංචිව සිටින නිවාස සංකීර්ණයේ පිවිසුමේ දොරටුව අසලට පෙරේදා පැමිණ ඇතුළු වීමට උත්සාහ දැරූ නාඳුනන පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය මගින් සොයා බැලීමක්

රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචිව සිටින පිළියන්දල වෑවල කේම්බ්‍රීජ් කෝට් නිවාස සංකීර්ණයේ පිවිසුමේ ප්‍රධාන දොරටුව අසලට පෙරේදා (20) රාත්‍රී පැමිණ ඇතුළු වීමට උත්සාහ දැරූ නාඳුනන පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය මගින් සොයා බැලීමක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ ය.

එම පුද්ගලයන් දෙදෙනා ප්‍රධාන දොරටුව අසලට පැමිණි අවස්ථාවේදී ඔවුන් කාගේ නිවසට යන්නේ දැයි විමසීමේදී නිසි පිළිතුරක් ලබාදීමට එම පුද්ගලයන් දෙදෙනා අපොහොසත් වී ඇති අතර, අනතුරුව පැමිණි පුද්ගලයෙකු සතුව තිබූ ජංගම දුරකථනයෙන් ආරක්ෂක නිලධාරියාගේ ඡායාරූප ලබාගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

කොවිඩ් වෙලාවේ හෝටල් තියාගෙන උදේට කිරිබත් කෑල්ලක් දීලා 14,000 ක් ගත්තා – සුසිල්

කොවිඩ් වෙලාවේ හෝටල් තියාගෙන උදේට කිරිබත් කෑල්ලක් දීලා 14,000 ක් ගත්තා – සුසිල්

මම කොළඹ ඉන්න කැසිනෝ කාරයන්ගෙන් සල්ලි අරං පාසල් වලට බඩු බෙද බෙද යන්නේ නෑ – සරත් ෆොන්සේකා

මම කොළඹ ඉන්න කැසිනෝ කාරයන්ගෙන් සල්ලි අරං පාසල් වලට බඩු බෙද බෙද යන්නේ නෑ – සරත් ෆොන්සේකා

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ ඇගේ සමීපතමයන්ගේ බැංකු 8ක ගිණුම් 19ක් පරික්ෂා කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (19) අවසර ලබාදුන්නේය.

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ ඇගේ සමීපතමයන්ගේ බැංකු 8ක ගිණුම් 19ක් පරික්ෂා කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (19) අවසර ලබාදුන්නේය.

අංක 15, නව කොළොන්නාව පාර, රාජගිරිය ලිපිනයේ පදිංචි පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් යන අය නිරූපිකාවක් වශයෙන් පෙනී සිට ඉතා කෙටි කාලයක් තුළදී නවීන පන්නයේ මෝටර් රථ, මහල් නිවාස මිලදී ගෙන විවිධ දේශපාලනඥයන් ඇසුරු කරමින් සුඛෝපභෝගි ජීවිතයක් ගත කරන හෙයින්, ඇය නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකර මෙම මුදල් උපයාගත්තේද? යන්න පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම විමර්ශනයේදී පියුමි හංසමාලි විසින් රුපියල් ලක්ෂ 780කට මිලදී ගෙන ඇති බවට අනාවරණය වූ CBM – 1949 දරන රෙන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාර්තා කැඳවා ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

එම ජීප් රථය පියුමි හංසමාලි විසින් සත්‍ය වශයෙන් මිලදී ගත් මුදල හා මුදල් ගෙවීම් සිදුකළ ආකාරය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගැනීමට අදාළ ජීප් රථයේ පෙර හිමිකරු වන වික්‍රමරත්න පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වූ නාවල පදිංචි හේවා තොන්ඩිලගේ ජනක ජයදිනුම් යන අයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවද පොලිසිය දන්වා සිටියේය.

තම ඥාතියකු වන මදුර වික්‍රමරත්න යන අය දැනට වසර 35ක් 40ක් පමණ කාලයක සිට යුද හමුදාව වෙත ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුවක් සිදුකරන බවත්, එම කොන්ත්‍රාත්තුවේදී විවිධ දේශපාලනඥයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් හඳුනාගත් බවත් පියුමි හංසමාලි මිලදී ගත් ජීප් රථය 2019 වසරේදී එංගලන්තයේ සිට මෙරටට ආනයනය කළ බවත්, එය විකිණීමට නොහැකි වූ බැවින් වාහන අංගනයේ නවතා තිබියදී හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාවිත කළ වාහනයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් රේන්ජ් රෝවර් ජීප් රථය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරිහරණය සඳහා 2020 වසරේදී ලබාදුන් බවත් ජනක ජයදිනුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබේ.

නැවත 2021 වසරේදී එම ජීප් රථය ලබාදීමෙන් පසුව තම වාහන අංගනයේ විකිණීම සඳහා තබා තිබූ බවත්, ඒ සඳහා ikman.lk හා Hit add යන වෙබ් අඩවි මගින් දැන්වීම් පළ කිරීමෙන් අනතුරුව පියුමි හංසමාලි හා ප්‍රගීත් යන අය සමග 2023 මාර්තු 7 දින ජීප් රථය පරික්ෂා කර රුපියල් ලක්ෂ 5ක මුදල් අත්තිකාරමක් හා රුපියල් ලක්ෂ 100ක මුදලක් බැංකු ගිණුමකට බැර කර ඉතිරි මුදල් තමාගේ ගිණුමට වරින් වර තැන්පත් කළ බවත්, රුපියල් ලක්ෂ 480ක් සඳහා ලීසිං සමාගමකින් කල්බදු පහසුකමක් ලබාගෙන රුපියල් ලක්ෂ 780ක මුදලකට මෙම ජීප් රථය පියුමි හංසමාලි විසින් මිලදී ගත් බවත් ජනක ජයදිනුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මෙම රේන්ජ් රෝවර් ජීප් රථය මිලදී ගැනීම සඳහා පියුමි හංසමාලි විසින් රුපියල් ලක්ෂ 400ක මුදලක් සඳහා ෆිනෑන්ස් පහසුකමක් ලබාගත් පෞද්ගලික ෆිනෑන්ස් ආයතනයේ අලෙවි විධායක නිලධාරි එළුබාබලගේ ගිහාන් බුද්ධික යන අයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙම ජීප් රථය සඳහා ජාතික හැඳුනුම්පත් අංක 199282700335 හිමි පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් යන අය විසින් අවස්ථා තුනකදී ෆිනෑන්ස් පහසුකම් ලබාගෙන ඇති බවත්, එහි ඇපකරුවන් ලෙස අගම්පොඩි ප්‍රගති තනුෂ්ක මැන්දිස් සහ ජයසිංහ ආරච්චිගේ චන්දිම නුවන් අත්සන් තබා ඇති බවත්, ගිහාන් බුද්ධික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශය ලබාදෙමින් පවසා තිබේ.

පළමු අවස්ථාවේදී එනම් 2023 මාර්තු 7 වන දින රුපියල් ලක්ෂ 400ක් ස්පීඩ් ඩ්‍රාෆ්ට් යටතේ තම ආයතනය ලබාගත් බවත්, අදාළ රථයේ තක්සේරු වටිනාකම රුපියල් ලක්ෂ 800ක් බවත්, අදාළ ෆිනෑන්ස් පහසුකම මේ වන විටත් සක්‍රිය තත්ත්වයේ පවතින බවත් සෑම මසකම වාරික මුදල ගෙවීමට ඇති දිනට පෙර ආයතනය මගින් පියුමි හංසමාලිට දුරකථන ඇමැතුමක් දී දැනුවත් කිරීමේදී ගෙවීමට ඇති මුදලට වඩා වැඩි මුදලක් ගෙවන ලෙස දන්වමින් ණය චෙක්පත් ලබාදෙන බවත්, අවස්ථා කිහිපයකදීම ඇයගේ කොළඹ හිල්ටන් රෙසිඩන්ට්හි පිහිටි නිවස වෙතද ගොස් චෙක්පත් අත්සන් කර පැමිණ තිබෙන බවත් ගිහාන් බුද්ධික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

පියුමි හංසමාලි විසින් වෝඩ් පෙදෙස, කොළඹ 7 පිහිටිද ග්‍රෑන්ඩ් නිවාස සංකීර්ණයේ නිවසක් රුපියල් මිලියන 148කට මිලදී ගෙන අති බවට කරුණු අනාවරණය වූ හෙයින් ප්‍රයිම් ගෘෘප් පුද්ගලික සමාගමේ ප්‍රධාන ගණකාධිකාරිනී සුද්දත්චාරිගේ කුමාරි කාංචනා ප්‍රනාන්දු යන අයගෙන් අදාළ නිවස මිලදී ගැනීමට අදාළව හා මුදල් ගෙවීම් කටයුතු සිදුකළ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කළ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

2023 අප්‍රේල් 21 වන දින පියුමි හංසමාලි විසින්ද ග්‍රෑන්ඩ් නිවාස සංකීර්ණයේ 23 වැනි තට්ටුවේ නිවසක් මිලදී ගෙන ඇති බවත්, එම නිවස සියලු ගෘහ භාණ්ඩ සහිතව වර්ග අඩි 1440කින් සමන්විත බවත්, එහි කාමර 3ක්, නාන කාමර 3ක්, බැල්කනි 4ක්, මුළුතැන්ගෙයක් සහ කෑම කාමරයක් ඇති බවත්, එහි වටිනාකම රුපියල් මිලියන 148ක් බවත්, අවස්ථා 15කදී රුපියල් මිලියන 3 සිට මිලියන 50 දක්වා ගෙවීම් කරමින් 2023 දෙසැම්බර් 27 දින වන විට ගෙවීම් අවසන් කළද අදාළ ඔප්පුව මේවන තෙක් පියුමි හංසමාලිගේ නමින් ලියාපදිංචි කර නොමැති බවත් කාංචනා ප්‍රනාන්දු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

පියුමි හංසමාලි විසින් එම වත්කම් මිලදී ගැනීමේදී තමාගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සඳහන් කර ඇති ඇය පවත්වාගෙන යන ‘LOLLIA SKIN CARE (PVT) LTD’ ආයතනය සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළ විමර්ශනයේ ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස පොලිසියට නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ල බහා තබනු ලැබීය.

මේ වසරේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි – මැ.කො.

මේ වසරේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

2019 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව මෙම වසරට වසර 5ක් සම්පූර්ණ වන බවයි වැඩසටහනක් අමතමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව නිශ්චිත වශයෙන්ම අදාළ කාලසීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.