24-06-23
කැකිරාව කුෂාන් ජයවර්ධන
තලාවේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය යයි, තවත් තරුණයින් දෙදෙනෙකු රෝහල් ගත කෙරේ
එකම ගමේ තරුණයින් සිව් දෙනෙකු ගමන් ගත් ත්‍රී රෝද රථයක් හා බස් රථයක් හා ගැටීමෙන් අද (23) අලුයම අනුරාධපුර තලාව ප්‍රෙද්ශයේදී සිදුවූ රිය අනතුරකින් ත්‍රී රෝද රථයේ සිටි තරුණයින් සිව් දෙනාගෙන් දෙදෙනෙකු මිය ගොස් සෙසු තරුණයින් දෙදෙනා ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
එප්පාවල ප්‍රෙද්ශයේ පදිංචි තරුණයින් සිව් දෙනෙකු ගමන්ගත් ත්‍රී රෝද රථයක් හා රත්නපුර ප්‍රෙද්ශයේ පිරිසක් යාපනය ප්‍රදේශය බලා විනෝද චාරිකාවක් රැගෙන යමින් තිබූ බස් රථයක් අනුරාධපුර තඹුත්තේගම මාර්ගයේ තලාව ගොවිජන සේවා කාර්යාලය ඉදිරිපිටදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ අනතුරට පත් ත්‍රී රෝද රථයේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකි. මෙලෙස මිය ගොස් ඇත්තේ සයිමන් පෙරේරාගේ සුපුන් සාලින්ද පෙරේරා නමැති අවුරුදු 21 ක තරුණයෙක් හා පරණවිතාරනගේ නිපුන සනිශ්ක පරණවිතාරන නමැති 19 හැවිරිදි තරුණයෙකි. ඔවුන් එප්පාවල මැඩියාව ප්‍රෙද්ශයේ පදිංචිකරුවෝ වෙති.
අනතුර සිදුවන අවස්ථාවේ එම ත්‍රී රෝද රථයේ තරුණයින් සිව් දෙනෙකු ගමන් කර ඇති අතර එහි ගමන් ගත් සෙසු තරුණයින් දෙදෙනාද මෙම අනතුරින් බරපතළ තුවාල ලබා තිබේ. තුවාල ලබා සිටි ඔවුන් ප්‍රතිකාර සදහා කඩිනමින් තලාව රෝහලට ඇතුලත් කිරීමට එම ප්‍රෙද්ශවාසීන් කටයුතු කරතිබිණ. මේ වනවිට එම තුවලකරුවන් හදිසි වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට මාරු කර යවා තිබේ. ඔවුන් ද එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචි අවුරදු 25ත්- 17ත් අතර පසුවන තරුණයින් දෙදෙනෙකි.
ත්‍රී රෝද රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. අනතුරට සම්බන්ධ ත්‍රී රෝද රථය හා බස් රථයත් එහි රියදුරුත් වැඩිදුර විමර්ශන සදහා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් තලාව පොලිසිය මේ වනවිට වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ.
තලාවේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය යයි, තවත් තරුණයින් දෙදෙනෙකු රෝහල් ගත කෙරේ
-
ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්…..
Read more >> -
සලේ සම්බන්ධයෙන් අද කැඳවූ නඩු විභාගයේ සාරාංශය…..
Read more >> -
සරණට එක් නඩුවකට වසර හතර බැගින් වසර 16ක සිරදඬුවම්…..
Read more >> -
රැඳවුම් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක්….
Read more >> -
සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බිරිඳගෙන් අනාවරණයක්…..
Read more >> -
හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ, උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර විමර්ශනයට බාධා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(08) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.
Read more >> -
හොරණ බැංකු කොල්ලයේ රහස් එළියට…..
Read more >> -
සලේ වෙනුවෙන් ජාතික රෝහලට විශේෂ ආරක්ෂාවක්……
Read more >> -
ජගත් පරිසර දින ජාතික සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්……
Read more >> -
සලේ ගැන අධිකරණයට කරුණු රැසක්…..
Read more >>

