නාර්තුපාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවකට අයුතු ඇතුල්වීමක් සම්බන්ධයෙන් ජන අරගල සන්ධානයේ ලහිරු වීරසේකර තෙබුවන පොලිසිය මගින් අත්අඩංගුවට..පොලිසියෙන් ඇප ලබාදීම හෝ උසාවියෙන් ඇප ලබාදීම පිළිබඳව තවමත් නිශ්චිත නැති බවත් වාර්ථාවෙයි…
Category: breaking_news
Breaking News
මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකර රථ රියැදුරා අද අධිකරණය හමුවට
බොරැල්ල කනත්ත වටරවුම අසල සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකර රථ රියැදුරා අද (28) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අනතුරින් තුවාල ලැබූ 6 දෙනා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග පැවසුවේය.
බොරැල්ල කනත්ත වටරවුම අසලදී ඊයේ (28) පෙරවරු 7.45ට පමණ දොඹකර රථයක් පාලනයෙන් ගිලිහී ගොස් මාරක අනතුරක් සිදුවුණා.
එම රථය යතුරුපැදි 6ක් යටකරමින් සහ මෝටර් රථ 3කද ගැටෙමින් වේගයෙන් ධාවනය විය.
අනතුරින් එක් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගිය අතර තවත් 06 දෙනෙකු තුවාල ලැබූහ.
කොළඹ ජාතික රෝහල පැවසුවේ, ඒ අතරින් එක් අයෙකුගේ පාදය ඉවත් කිරීමටද සිදුවූ බවය.
මෙම මාරක අනතුර සම්බන්ධයෙන් දොඹකර රථයේ රියැදුරා වන 26 හැවිරිදි පුද්ගලයා බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, වෛද්‍ය පරීක්ෂණයේදී හෙළිවී තිබුණේ ඔහු ඒ වනවිට ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර සිට තිබූ බවය.
ඊට අමතරව දොඹකර රථයේ හිමිකරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පැය 48 දුම්රිය වර්ජනය ගැන දැනුම්දීමක්
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
ලෝකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් මෙම වැඩවර්ජනයේ නිරත වීමට සැලසුම් කර ඇති බවය.
සිය ගැටලු සම්බන්යෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට කිසිදු ස්ථීර විසඳුමක් ලබා දී නොමැති බව දුම්රිය රියදුරන් පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග ද ඊයේ (28) දිනයේ මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී ද පිළිගත හැකි විසඳුමකට පැමිණීමට නොහැකි වූ බව චන්දන වියන්දූව මහතා සඳහන් කළේ.
ජනපති සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට තිසකුට්ටි අධිකරණය හමුවේ කනගාටුව පළ කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කනගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි මහතා අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
තමන්ට සිදු කළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන දහයක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනුකර තිබූ නඩුවක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි තිසකුට්ටි ආරච්චි මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකළේය.
රන් අලේපිත ගිනිඅවිය ගැන ගල්කිස්ස අධිකරණයෙන් දුමින්දට දුන් තීන්දුව
රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම නඩුවෙන් මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ මීට අදාළ නඩුව අද (29) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී වන අතර එහිදී මෙම නඩුවට අදාළව සෘජු හා පරිවේෂණීය සාක්ෂි නොමැති වීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා මුදා හරින බවයි ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය නියෝග කර ඇත.
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගිය මැයි මස 23 වැනි දින අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කෙරුණි.
පසුව ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව පසුගිය 14 වැනි දින ඇප කොන්දේසි මත නිදහස් කරනු ලැබීය.
දැඩි ආරක්ෂීත ක්ෂීරපායි සත්වකු මෙන්ම දුර්ලභ සත්වයකු ලෙස සැලකෙන හඳුන් දිවියකු මරා මස් කළ අයෙක් වනජීවියට කොටු වෙයි.
ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් කහල්ල පල්ලේ කැලේ අභය භූමිය තුළ දී අද(28) පස්වරුවේ සිදුකරන ලද මුර සංචාරයකදී දැඩි ආරක්ෂීත ක්ෂීරපායි සත්වකු මෙන්ම දුර්ලභ සත්වයකු ලෙස සැලකෙන හඳුන් දිවියකු මරා මස් කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
කහල්ල පල්ලේකැලේ අභය භූමියට අයත් කරවිලගල ප්‍රෙද්ශයේදී සැකකරු මෙම හඳුන් දිවියා ඝාතනය කර ඇති බවත් ඝාතනය කර තිබූ හඳුන් දිවියා මස් කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවත් වනජීවී නිලධාරීහු පවසති. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ අවට පරීක්ෂා කර ඇති වනජීවී නිලධාරීන් ඒ ආසන්නයේ තිබී බඳින තුවක්කුවක් ද සොයා ගෙන තිබේ.
සැකකරු විසින් ඝාතනය කර ඇති හඳුන් දිවියා උස දෙකක් පමණ වන වයස අවුරුදු 06ක් පමණ වන හොඳින් වැඩුනු එකෙකු බව වන ජීවී නිලධාරිහු පවසති.
සැකකරු මස් කරමින් සිටි හඳුන් දිවියාගේ හිස හා පාද මෙන්ම සම ඇතුළු ශරීර කොටස් රැසක් ද හඳුන් දිවියා මස් කිරීමට සැකකරු භාවිතා කළ ලොකු හා කුඩා පිහියා දෙකක් ද, මස් කළ හඳුන් දිවියාගේ මස් තොගයක් ද මෙහිදී සැකකරු සමග අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීහු සමත්ව තිබිණ.
අත්අඩංගුවට පත් සැකකරු පලාගල කරවිලගල ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරුදු 60ක පමණ වන පුද්ගලයකු බව වනජීවී නිලධාරීහු පවසති.
බළල් කුළයේ දෙවන විශාලතම සත්වයා ලෙස හඳුනාගෙන ඇති හඳුන් දිවියා ඉංග්‍රීසි බසින් Fishing Cat ලෙස හඳුන්වනු ලබන අතර, සත්ව විද්‍යාත්මක නාමයෙන් Prionailurus Viverrinus ලෙස හඳුන්වන හඳුන් දිවියා වසර 12ක පමණ ආයු කාලයක් හිමි සත්වයකු බවද වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
වනසත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂක පනත යටතේ හඳුන් දිවියා දැඩි ආරක්ෂීත ක්ෂීරපායි සත්වයකු ලෙස නම් කර ඇති වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ඝනයේ සත්වයකු වන බව ද වනජීවී නිලධාරීහු පෙන්වා දෙයි.
හඳුන්දිවි දඩයම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එම සැකකරු හෙට(29) කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
කුෂාන් ජයවර්ධන – කැකිරාව
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, ඔහුගේ ධුර කාලය තුළ සිදු වූ බව කියන විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයක කොටසක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි
රුපියල් මිලියන 50 ඉක්ම වූ ණය ලබාගෙන ඇති ව්‍යාපාරිකයින් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ලබාදී තිබුණු සහන කාලය අද (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.
2015 මාර්තු 31 වැනිදාට පෙර බැංකු සමග සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පමණක් අදාළ සහනය හිමිවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියේ.
එමෙන්ම, රුපියල් මිලියන 25 – 50 අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබාදුන් සහන කාලය, ලබන සැප්තැම්බර් 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.
නිසි තොරතුරු සටහන් කර නොමැති ලුණු පැකට් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා – පාරිභෝගික අධිකාරිය
නිසි ආකාරයෙන් තොරතුරු සටහන් නොවන ලුණු පැකට් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
ඒ අනුව, ආනයනකරුගේ හෝ දේශීය නිෂ්පාදකයාගේ තොරතුරු, සිල්ලර මිල ආදිය සඳහන් නොවන ලුණු පැකට් වෙළඳපොළට නිකුත් කිරීමට ඇතැම් ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් කටයුතු කර ඇති බවයි එම අධිකාරිය පැවසුවේ.
භාණ්ඩ සැපයු ආනයනකරුගේ හෝ නිෂ්පාදකයාගේ නිවැරදි තොරතුරු සහ මිල ගණන් සහිත විධිමත් බිල්පතක් තමන් සතුව තබාගන්නා ලෙසද, එවැනි බිල්පතක් නොමැතිව භාණ්ඩ ළඟ තබා ගන්නේ නම් ඒ සම්බන්ධව නීතිමය පියවර ගන්නා බවද පාරිභෝගික අධිකාරිය ව්‍යාපාරිකයන් හට දන්වා සිටිනවා.
නිසි තොරතුරු සඳහන් නොවන ලුණු නිෂ්පාදන මිලදී ගැනීම හා අලෙවි කිරීම සිදු නොකරන ලෙස දැනුම් දෙන බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් පවසන්නේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකක 18,000 සීමාව පසු කරයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (30) ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකක 18,000 සීමාව පසු කළා.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 260 කට වඩා ඉහළ යාමකින් පසු ඒකක 18,016.35ක් ලෙස සටහන් වී තිබුණා.
