ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 65 ක් වාර්තා වෙයි

ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 65 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මෙතෙක් ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 836 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 812 ක්, වෙනත් පැමිණිලි 23 ක් හා ප්‍රචණ්ඩ ක්‍රියා 1 ක් මේ වන විට වාර්තා වී ඇති බව සඳහන්.

අදාළ නිවේදනය පහතින්.

66c86815f0383

අල්ලස් ලබාගත් සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙකු අත්අඩංගුවට

අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පින්නවල ප්‍රදේශයේ පුද්ගලයෙකු සිදුකරන ලද පැමිණිල්ලකට අනුව එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පැමිණිලිකරුට අයත් බස් රථය ධාවනය කිරීමට ලබා දී ඇති වේලාවන් සංශෝධනය කර දීමට අදාළ නිර්දේශ ලබා දීම වෙනුවෙන් එම නිලධාරියා රුපියල් 60,000ක මුදලක් ලබා ගෙන ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන සැප්තැම්බර් 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් එක් වෙඩික්කරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (23) දෙහිවල පොලිස් වසමේ කවුඩාන ප්‍රදේශයේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

T56 ගිනි අවියක් හා උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක්ද සොයාගෙන ඇති ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කර තිබෙනවා.

2024 පළමු මාස 06 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක් ලබා තිබෙනවා – දිලුම්

මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක (09) අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

එසේම  පසුගිය මාස හයක කාලයක තුළ ශ්‍රී ලංකාව, අමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ ආයෝජන සඳහා ගිවිසුම් ගත වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

අදාළ නිවේදනය පහතින්.

66c6c0504a885pdf_page_1 66c6c05018213pdf_page_0

රටවල් 35ක පුරවැසියන්ට නොමිලේ Visa පහසුකම යටතේ මෙරටට ඇතුළුවීමට අවස්ථාව ලබාදෙයි

නොමිලේ Visa පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඇතුළත් බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහා මෙම අවස්ථාව හිමිවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ රටවල් පහතින්.

66c6a37369ac6

පෙර පාසල් සිසුවියන් දෙදෙනෙක් අපයෝජනය කිරීමේ සිදුවීමක් නිසා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උණුසුම් තත්ත්වයක්

පෙර පාසල් සිසුවියන් දෙදෙනෙක් ලිංගික අපහරණයට ලක්කිරීමේ සිදුවීමක් වාර්තාවීමත් සමඟ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බද්ලාපූර් නගරයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

අවුරුදු 3ක් සහ 4ක් වන මේ දැරියන් දෙදෙනා මෙලෙස අපයෝජනයට ලක්කර ඇත්තේ එම පෙර පාසල පවිත්‍ර කිරීමේ නිරත 23 හැවිරිදි කම්කරුවෙක් විසින් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

සිද්ධයෙන් කෝපයට පත්වූ දෙමාපියන් සහ ගම්වාසීන් පාසලට පැමිණ ඊට හානි කර ඇති අතර, පසුව බද්ලාපූර් දුම්රිය ස්ථානය වෙත පැමිණ එහි කටයුතුවලට බාධා කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සිද්ධියේ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ගිං ගඟ සහ කුඩා ගඟ ද්‍රෝණි​ය ආශ්‍රි​ත පහත්බිම් වලට ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු ලෙස අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි පැය 48 ක කාලය තුළ නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය-දිවිතුර, ඇල්පිටිය, අක්මීමන, බද්දේගම හා බෝපේ/පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එසේම කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය වෙත නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයද ඉදිරි පැය 48 ක කාලය සඳහා දීර්ඝ කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්

66c582c0e04e8pdf_page_0 66c59484b8ae2

ගසක් කඩා වැටීම නිසා පුත්තලම දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

පුත්තලම දුම්රිය මාර්ගයේ හලාවත සහ බංගදෙණිය අතර දුම්රිය හරස් මාර්ගයට ගසක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කළුතර ප්‍රදේ​ශ කිහිපයක මාර්​ග තවදුරටත් ගංවතුර තත්ත්වය​ක

කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය සහ බුලත්සිංහල යන ප්‍රදේශවල මාර්ග කිහිපයක් තවදුරටත් ජලයෙන් යට වී පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66c448154dd50