ගීතා කුමාරසිංහ රෝහල්ගත කරයි

ප්‍රවීන රංගන ශිල්පිනී පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
නිවසේ ගෑස් ටැංකියක කාන්දුවක් හේතුවෙන් ඇය පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.
ගීතා කුමාරසිංහ  මන්ත්‍රීවරිය මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

වත්මන් ආණ්ඩුව ඉලෙක්ෂන් ෆෝබියාවෙන් පෙලෙනවා – ඩලස්

වත්මන් ආණ්ඩුව ඉලෙක්ෂන් ෆෝබියාවෙන් පෙලෙන බව එ්කාබද්ධ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 
 
එ් මහතා මෙසේ පැවුසවේ ඉයේ බොරැුල්ල ඇන්. ඇම් පෙරේරා කේන්ද්‍රයේ පැවැති එ්කාබද්දවිපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. 
පළාත් පාලන මැතිවරණය බල රහිත කර අදට අවුරුද් දෙකයි මාස තුනක්. අද පත්තරවල තියෙනවා මැතිවරණය තවත් කල් යන බව. මැතිවරණ කොමිෂමේ සභාපතිතුමා කිව්වා මේ පනතේ සංශෙෘ්ධන සම්මතවීමෙන් පස්සේ මැතිවරණ පැවැත්වීමේ බලය ඇමැතිවරයාගෙන් මැතිවරණ කොමිෂමට ලැබෙන බව කිව්වා. මුළු රටම එ් කතාව විශ්වාස කළා. පාර්ලිමේන්තුවේදි සංශෝධන පනත සංශෝධන නොව අලූත් පනතක්, මෙය සාකච්ඡුා කිරීමට දින කිහිපයක් හෝ ලබා දෙන්නයි අපි කියද්දි , විශේෂිත දිනයක් කැදවා පනත සාකච්ඡුා කරමු කියද්දි එයින් මැතිවරණය කල් යනවා කියලා පැය 24ක්වත් කල් දෙන්න බැහැ අදම සම්මත කර ගනිමුයි කිව්වා. මෙහි තාක්ෂණක දෝෂ රාශියක් , දේශපාලන දෝශයන් රාශියක්, මිනිස්සුන්ගේ මූලික අයිතිවාසකම් උල්ලංඝනය විම්, බරපතල සමාජ ප‍්‍රශ්න නිර්මාණය වෙනවා, අස්ථාවර පළාත් පාලන ආයතන නිර්මාණය වෙනවා පළාත් පාලන ආයතන පද්ධතියම අකර්මන්‍ය වෙනවා කියලා අපි කිව්වා ශ‍්‍රාස්තී‍්‍රය සංවාදයක්  ඕනේ කියලා. ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන් වගේම විපක්ෂයේ මන්තී‍්‍රවරුනුත් අදම සංශෙෘ්ධනය කර ගන්න  ඕනේ කියලා සංවාදයක් ගෙනවිත් පහුවදා උදේ පාන්දරම පනත සම්මත කර ගත්තා. 
 
මේ පනතේ සැබෑ කාරණ කෙරේ වාසිය කාටස අවාසිය කාටද කියන දේ නොහිතා ජනතාවට හෙළි කළ යුතුයි. එදා සංශෝධනකියලා ඉදිරිපත් කලේ සංශෝධන නෙවේ. අලූත් පනතක්. නව පනතක් සම්මත කිරීමේදි පසුකළ යුතු නෛතික වැට කඩොලූමඟ හැරීමේ මුවාවෙන් සංශෙෘ්ධන ලෙස කාරක සභා අවස්ථාවේ අලූත්  පනතක වගන්ති ඇතුල් කළා. කිසිම පුරවැසියෙකුට අධිකරණයේදී මේ පනත අභියෝගයට ලක්කර හැකි සියළු මාර්ග අවහිර කිරිමයි කලේ. පැය විසි හතරකට කළින් සංෙෘශ්ධන ඉල්ලපුවාම හෙට දවල් 12ට, 1ට, 6ට කිව්වා. හෙට උදේ දෙනවා කිව්වාත් ලැබුණේ 10.20ට. 10..30 ට පාර්ලිමේන්තු පටන් ගන්නවා. විනාඩි 10න් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්ද? මේ භයානක වගන්ති හංග ගත්තේ එඑහෙමයි. 
සම්මත කර ගත්ත පළාත් පාලන සංශෙෘ්ධන පනත කියන්නේ අපේ පාර්ලිමේන්තු ජීවිත කාලය තුල අසම්මත, අශිලාචාර, ගෝතී‍්‍රක විදියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු එකක්. එ් පෙරහැරේ කසකාරයා විදියටයි මේ මැතිවරණය කල් යන පුවත එන්නේ. පළාත් පාලන ආයතන වල මන්තී‍්‍රන් සංඛ්‍යාව සංස්ථාපනය කරලා පලාත් පාලන ඇමැතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කළා. එ් කොට්ඨාශයට 70%කුත්, සමානුපාතික ක‍්‍රමයෙන් 30%කුත් වශයෙන් ගණනය කරලයි එ් නිවේදනය නිකුත් කලේ. මේ සංශෝධනයෙන් එය 60%කුත්, 40කුත් කළා. එ් නිසා ඇමැතිතුමා දැන් අලූත් ගැසට් නිවේදනයක් සංස්ථාපනය කර නිකුත් කළ යුතුයි. මැතිවරණසංශෙෘ්ධන පනත විතරයි මේ සංශෙෘ්ධනය වුනේ. නගර සභා, මහනගර සභා හා ප‍්‍රාදේශීය සභා පනත් තව තියෙනවා සංශෙෘ්ධනය වෙන්න. මේවා එකිනෙකට සම්බන්ධයි. එතකොට පැය 24න් අර පනත සම්මත කර ගන්න ආණ්ඩුව වෙනුවනේ හා ආණ්ඩුවට සම්බන්ධ විපක්ෂය කරපු කතාවල තේරුම මොකක්ද?
 
24 වැනිදා උදේ සභාගත කරපු පනතේ තිබුනේ තමන් සේවය කරන බල ප‍්‍රදේශය තුල තිබෙන පළාත් පාලන ආයතනයකට සියළුම රාජ්‍ය සේවකයින්ට තරඟ කළ නොහැකි බවයි. සංශෝධන මුහු වෙනකොට සියළුම රාජ්‍ය සේවකයින් ක්ෂේත‍්‍ර නිලධාරින් බවට පත්වුනා. දැන් ක්ෂේත‍්‍ර නිලධාරින්ට තමන් සේවය කරන අදාල පළාත් පාලන බල ප‍්‍රදේශය තුල මැතිවරණවලට ඉදිරිපත් වෙන්න බැහැ. මෙය සැලසුම් කර තොරා ගත් රාජ්‍ය නිලධාරින් පිරිසකට අතීතයට බලපාන විදියට ඉදිරිපත් කරපු පනතක්. සමෘද්ධි, කෘෂි හා ආර්ථීක පර්යේෂණනිලධෘරින් විතරයි මේ මගින් තෝරා ගෙන තියෙන්නේ. එක නිලධාරියෙක් සේවයෙන් ඉවත්ව මැතිවරණයට ඉදිරිපත් වෙන්න හැදුවත් ඔහු සුදුස්සෙක් නෙවේ. මැතිවරණයට අවුරුද්දකට පෙර අස්වෙලා තිබුනොත් විතරයි පුළුවන්. කොයි තරම් මේ පනත අශීලාචාරද. සේවය කරන පළාත් පාලන බල ප‍්‍රදේශශයෙන් විතරයි ඡුන්දය ඉල්ලන්න බැරි වෙනත් බල ප‍්‍රදේශයකින් ඡුන්දය ඉල්ලන්න පුළ්වන් කියලා ආණ්ඩුවේ මහත්වරු කියනවා. මේ මහත්වරු පනත කියලාවත් නැහැ. ඡුන්දය ඉල්ලීමේ මූලික සුදුසුකමක් වෙන්නේ අදාල කොට්ඨාශයේ ඡුන්ද දායකයෙක් වෙන්න  ඕනේ. මෙහෙම තමයි මේ අය පාර්ලිමේන්තුව අධිකරණය ජනතාව නොමඟ යැව්වේ. එ් නිසයි අපි මේකට අශීලාචාරයිකියන්නේ. 
 
මැතිවරණ කොමිෂම කියනවා බෝලය තවමත් කොමිෂමට පාත්වෙලා නැහැ කියනවා. දැන්වත් මේ අශීලාචාර නිතිය ඉවත් කරන්න. මූලික අයිතිවාසිකම් මිනිස්සුන්ට ලබලා දෙන්න. අඩුම තරමේ නාම යෝජනා භාරදෙන මොහොතේ කියන වගන්තිය ඇතුල් කරන්න. අදා ඡුන්ද කොට්ඨාශය කියන්න. මේ පනත් ගේන්න ආණ්ඩුවට කල් තියෙනවා නම් මේවා කරන්න කල් නැහැ කියන්න බැහැ. 
මේ කොට්ඨාශ ක‍්‍රමයේ රැුකෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණය වුනේ අතුරු මැතිවරණ පැවැත්වීමේ හැකියාවයි. අලූත් සංශෝධන යටතේ අතුරු මැතිවරණ නැහැ. චිට් එකකිනුයි පත් වෙන්නේ. එ්ක ජාතික ලයිස්තු ක‍්‍රමය නෙවෙයි. අවම සීමාව වුනු 5% වැඩි බව ජනතා විමුක්ති පෙරමුණ කිව්වාත සාධධාරණව 2.5 % කරන්නයි අපි යෝජනාකළා. අන්තිමේදී අවම සීමාව අහෝසි කරලා දැම්මා. මේ නිසා මුළු ඡුන්ද සංඛ්‍යාවෙන් 50%ක් ගත්තත් බහුතර බලය අහිමි වෙනවා. පේ‍්‍රමදාස අගමැතිවරයා මේ මැතිවරණ ක‍්‍රමය සකස් කරන අවස්ථාවේ සභාව අස්ථාවර වීම වලක්වා ගන්න බෝනස් මන්තී‍්‍රධූරය කියන දේ ඇති කළා. වැඩිම ධූර සංඛ්‍යාව ගන්න කණ්ඩායමට ශක්තිමත් වෙන්න බෝනස් මන්තී‍්‍රධූරයක් දුන්නා. මේ අය බෝනස් ධූරයත් අහිමි කළා. අවමසීමාවත් අහෝසි කළා. දැන් ගොඩ නැගෙන්නේ මේ ආණ්ඩුව වගේම තීන්දුවක් ගන්න බැරි අස්ථාවර සභායි. 
 
මිලියන ගානක් තරුණයෝ දශක තුනක් භුක්ති වින්ද වරප‍්‍රසාදයක් වුනු තරුණ නියෝජනය මේ අය අහෝසි කළා. එදා පේ‍්‍රමදාස ජනාධිපතිවරයා තරුණ අසහන කොමිෂමේ නිර්දේශයක් ලෙස ගෙනා මේ නීතිය දශක තුනක භාවිතාවෙන් පසු මුළුමනින්ම අහෝසි කලේතරුණයින්ගේ වයි ෆයි, බ්‍රේස්ලට්, රැුකියා දශ ලක්ෂයක්, කාරයක් ගැනීම ගැන කතා කරා බලයට ආපු මේ ආණඩුවයි. 
 
එ්කාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගාමිණී ලොකුගේ මහතා 
 
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවත්සරයෙන් පස්සේ හොරු නැති යහපාලනයක් හදන බව ජනාධිපතිතුමා කියලා තිබුණා. ආණ්ඩුව තුල ඉන්න හොරුන්ට වංචාකාරයින්ට මොකද වෙන්නේ. මහ බැංකුව විභාග වෙනවා. එ් අවස්ථාවේ මහ බැංකුව භාරව හිටියේ අගමැති. අගමැති නිර්දේශය අනුව මහ බැංකු අධිපති පත්කලේ ජනාධීපති. තවමත් පර්පෙචුවල් සමාගමේ කටයුතු අත් හිටුවීමක් ආයෝජන වැළැක්වීමක් වෙලා නැහැත එතකොට අලූත් රටක් හදන්නේ කොහොමද. එතුමාගේ ලේකම්තුමා අමාත්‍යංශයට අලූත් බිල්ඩිමක් අරන් අද වෙනතුරු කුළි ගෙවනවා. එ් ගැන කතා කරන්නේ නැහැ. රාජිත ඇමැතතුමා ප‍්‍රසිද්ධියේ හොරකම් කරද්දි මාධ්‍ය ප‍්‍රකාශ කරගෙන. එ්කාබද්ධ විපක්ෂය කඩදාසි ඇතිව ටොප් ටෙන් යෝජනා ඉදිරිපත් කරත් එ්වා ගැන පරික්ෂණ නැහැ. මහජනයා මුලාකරනවා මිසක් රටට වැඩක් කරන්නේ නැහැ. බණ්ඩාරනායක මහතාගේ් කාලයේ හොරකම් කලේ නැහැ. එතුමාට කුඹුරු පනත ගෙනත් ජනසතු ව්‍යාපර ගෙනත් අලූත් සංකල්පයක් හදාගන්න ප‍්‍රශ්නය මිසක් හොරකම් කරපු රටක් තිබුණේ නැහැ. උපාසක මහත්තයෙක් වගේ මාධ්‍යයට ඇවිත් රට අලූත් මාර්ගයවකට ගෙනියනවාලූ සංවත්සරයෙන් පස්සේ. ලෝකය දිනා ගත්තලූ. ජගත් ජයසූරිය මහත්තයාගේ කාතවෙන් දිනාගත්තු ලෝකේ පේනවා. පත් රකන ආසන සංවිධධායකවරු බලන්න. අපේ පලාතේ ඉන්නවා මාධ්‍ය එක්ක ඇණ ගන්න කෙනෙක්. අපිටත් අපහාස කරනවා. මම 32ක් පාර්ලිමේන්තු මන්්තී‍්‍ර‍්‍රධූරයේ හිටියා. මම එනකොට ඉදගෙන ඉන්න පුළුවන්කමක් එයාට තිබුනේ නැහැ. මාධ්‍ය හා මාධ්‍ය ප‍්‍රධානින් භාවිතා කරලා රට මුලා කිරිම අවසන් කළයුතුයි. රනිල් වික‍්‍රමසිංහ පාරට බැස්සම රට දියුණූ වෙලාලූ. හැම හෙහාරකමක්ම කරන්නේ එතුමාගේ අනුදැනුම ඇතිව.    
එ්කාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙහාන් සේ්මසිංහ මහතා 
කි‍්‍රකට් කී‍්‍රඩාව අද ඛේදජනත තත්ත්වයකට පත්වෙලා. ලෝක කුසලානය දිනපු නායකයා වන වත්මන් ඇමැතිවරයා ඔට්ටු හා සූදු කි‍්‍රඩාවේ යෙදෙන කණ්ඩායම්වලට කී‍්‍රඩාවේ කඉඩා වැටිම සම්බන්ධයෙන් චෝදනා කරනවා. මුදලට රටේ කි‍්‍රඩාව පාවාදිම සම්බන්ධයෙන් චෝදනා එ්ල්ල වීමකුයි සිද්ධ වෙන්නේ. මේක බරපපතල තත්ත්වයක් නිසා මේ ගැන පරික්ෂණයක් කරලා රටට හෙලි දරව්වක් කරන්න. ජාතඏන්තර කි(කට් කවුන්සිලයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අපි ඉන්නේ හත්වෙනා තැන, එක්දින වර්ගිකරණයේ 8 වැනි තැන, ටී 20 යටතේත් අට වෙන් තැන.මේ බරපතල කඩාවැටීම වෙද්දි කී‍්‍රඩකයෝ හුවමාරු වෙනවා. තේරුම් කමිටුව ඉල්ලා අසිවෙනවා. අද දහසක පොලිස් බල ඇණියක් සහිතව තරගය පැවැත්වෙනවා. මේ ගැන පරික්ෂණයක් කර දේශපාලන ඇගිලි ගැසීම් නවත්වන්න. තිලංග සුමතිපාල මහතාගේ පවුලට ඔට්ටු කි‍්‍රඩා සම්බන්ධකම් තියෙනවා. වහාම තාවකාලිකව හෝ ඉල්ලා අස්ව කි‍්‍රඩාව යහපත් තැකට ගෙන එන්න. පේකෂකයින්ගෙන් ගෞරවයෙන් ඉල්ලනවා කි‍්‍රකට් කණ්ඩායමට විරෝධය දක්වලා තවතවත් මානසිකත්වය බිඳ වට්ටන්න එපා. චෝදනාව එල්ලවිය විය යුත්තේ කි‍්‍රකට් කමිටුවට, තේරීම් කමිටිවට ආණුඩවට. මේ පෙන්වන්නේ රජයේ දුර්වලතාවයි. 
හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා.
අද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අත්ව තියෙන්නේ ශෙෘ්චනීය තත්ත්වයක්. අවුරුදු දෙකකට අපි එදා යහපාලන ආන්ඩුවට එකතුවුනේ. එ් කාලය ඉවරයි. පක්ෂයට වී ඇති දේ ගැන මගේ මතය ප‍්‍රකාශ කරලා පැය 8ක් යනකොට මගේ කුරුණෑගල දිස්ති‍්‍රක් සංවිධෘයකකකම ඉවත් කලා. එ්ගැන දුකක් නැහැ. යහපාලන ආණ්ඩුවට මුක්කු ගහලා අපේ ආණ්ඩුවක් යහදන්න බැහැ. ශී‍්‍රලනීපය පාවඩයක් විදියට තියාගනෙ 2020ත් ආණ්ඩුවක් හදන්නයි මේ කණ්ඩායම කැසපට කවන්නේ. මේ වැඩපිළවෙල හෙළා දැකලා අපේ ආණ්ඩුවක් හදන්න නම් ඔය රජයේ තනතුරුවලින් ඉවත් වෙන්න. සිරිමාවෝ මැතිණිය විවිධ වදවේදනා විදිමින් අපේ ආණ්ඩුවක් හදන පරම අධිෂ්ඨානයෙන් මැතිණීය කටයුතු කළා. වත්මන් නායකයින්ට මතක් කරනවා එ් ශ්‍රේෂ්ඨ නායිකාව ආදර්ශයට ගෙන එජාපයට අඩ තියන්න එපා. පාවඩයක් වෙන්න එපායි කියනවා. එදා ශී‍්‍රලනීප ආසන සංවිධායකකමක් ගැනීම හරිම අමාරුයි. අමැතිණීය ප‍්‍රධාන සංවිධායකධූරයක් පිරිනමන්නේ පස්මහ බැලූම් බලලා. අවුරුදු එකහමාරක් විතර යනවා ඉල්ලූම්පත‍්‍රයක් දාලා ඔහු පිළීබද තීන්දුවක් ගන්න. ශීෂ්ඨ සම්පන්න මිනිහෙක්ද, පක්ෂයක් එක්ක ඉන්නවාද, රජයක් පත්වීමෙන් පසුව මොන විදියකට හැසිරෙන්නේ, ඔහු පත් කරන බලප‍්‍රදේශයේ බහුතර ජනතාවට ඔහු ගැලපෙනවාද කියන කාරණා ගැන සලකා බලලයි ඇය පත්විමක් දෙන්නේ. 
ඊයේ පෙරේදා වෙනකොට කිසිම වගවිභාගයකින් තොරවයි සංවිධෘයකධූර පත් කරන්නේ. මැතිණීය ජීවතුන් අතර හිටියානම් ඔය පත් කරන සංවිධායකවරු පක්ෂ මූලස්ථානයේ තියෙන අතුපතුගාන්න, පිඟන් කෝප්ප හෝදන්නවත් ගන්නේ නැහැ. අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල ලාබෙටම තියෙන්නේ ලූණූ. අද ලූණුවලටත් වඩා ලාභෙටම තියෙන්නේ ශී‍්‍ර ලනීප සංවිධායකධූර. 
අපේ ආණ්ඩුවක් හදන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ගමන් මඟ එළි පෙහෙළි කරන්න එජාපයට කත් අදින බෙලහින නායකයෝ මැතිණිය ආදර්ශයට ගෙන අපේ ආණ්ඩුවක් හදන ගමන් මගට එන්න කියලා මම ආරාධනා කරනවා.
මාධ්‍ය – රාජපක්ෂවරු 8 පාස් නැති අය බව හිටපු ජනාධිපතිනිය කියනවා.
ඩලස් – 1951 එතුමියගේ පියා වූ බණ්ඩාරනායක මැතිණීය එජාපයෙන් ඉවත්ව එනකොට පිටුපස්සෙන් හෙවනැල්ල වගේ හිටියේ ඞී. එ් රාජපක්ෂ කිව්වා. පක්ෂයේ ආරම්භකයින් පස්දෙනාගෙනන් කෙනෙක්. පක්ෂය පිහිටුවන්න එතුමියගේ පියාගේ පිටිපස්සෙන් ඇවිත් තියෙන්නේ අට පාස් නැති කෙනෙක්. ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ ිනයෝජ්‍ය කතානායකවරයා ලෙස එතුමිය පත් කරලා තියෙන්නේත් 8 පාස් නැති කෙනෙක්. 2004 1994 ආණ්ඩු කාලයේ ධීවර , කම්කරු, වරාය, ඉඩම් වගේ වගකිව යුතු ඇමැතිකම් එතුමිය දීලා තියෙන්නේ 8 පාස් නැති කෙනෙකුට. 2004 එතුමිය අගමැතිකම දිලා තියෙන්නේ 8 පාස් නැති කෙනෙකුට. 2005 ජනාධීපති අපේක්ෂකත්වය දිලා තියෙන්නේ 8 පාස් නැති කෙනෙකුට. එ් නිසා එතුමියගේ භාෂා පරිහරය ගැන කියන්න දන්නේ නැහැ. 
මාධ්‍ය – රාජිත ඇමැතිතුමාට එරෙහි් විශ්වාසභංගයප‍්‍රතික්ෂේප කරන බව කියලා තිබුණා .
ඩලස් – එ්කට 39ක් අත්සන් කළා. කිරිඇල්ල ඇමැතිවරයා විශ්වාසභංගය යෝජනාව ප‍්‍රතික්සේප කරනවාලූ. අපි විශ්වාසභංග යෝජනාව භාර දුන්නේ කතානායකතුමාට. කතානායකතුමාට භාර දුන්න එකක් කොහොමස කිරිඇල්ල මහත්තයා ප‍්‍රතික්ෂේප කරන්නේ. කොහොමද විත්ති කූඩුවේ ඉන්න රාජිත මහත්තයා එ්ක ප‍්‍රතික්ෂේප කරන්නේ කතානායකතුමා මේක ප‍්‍රතික්ෂේප කලත් රටට සාධාරණ සැකයක් මතුවෙනවා ජයසූරිය කතා නායකතුමා කිරිඇල්ල හා සේනාරත්න මහත්වරුන්ගේ වහලෙක් බවට. අපි භාර දුන්නේ කතානායකතුමාට. හොරාට කළීන් කෙහෙල්කැන පැන්න. රවී කරුණානයකට එරෙහි විහ්වාසභංගය න්‍යාය පුස්තකයට ඇතුල් කලේවත් නැහැ. ප‍්‍රතික්ෂේප කළත් නැතත්න්‍යාය පත‍්‍රයට ඇතුල් කරන්න  ඕනේ. කිරිඇල්ල මහත්තයා හොද නිත්ඥවරයෙක් කියලා හිතන් හිටියත් මට හිතෙන්නේ ගොඩ පෙරකෙදාරුවෙක් කියලා. කොහෙදතියෙන්නේ විශ්වාසභංගයක් නිතිඥ මාර්ගයෙන් සක්ස් කරන්න  ඕනේ කියලා. 

යුද හමුදාවේ අණ දෙන නිලධාරීන්ගේ නම් තානාපති කාර්්‍යාල ලැයිස්තුවල

ශ්‍රී ලංකා යුද හමුදාවේ අණ දෙන නිලධාරීන්ගේ නම් ගම් විවිධ තානාපති කාර්යාලයන්හි ලැයිස්තුගත කරනු ලැබ ඇති අතර ඔවුන්ට එම රටවල සංචාර සඳහා වීසා ලබාගැනීමේදී දුෂ්කරතා මතුවී ඇති බව ජනරාල් ජගත් ජයසූරිය පවසයි.

බ්‍රසීලයේ තානාපති පදවිහි සිය දෑවුරුදු නිල කාලය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජනරාල් ජයසූරිය එම ප්‍රකාශය කළේ, යුද අපරාධ චෝදනා යටතේ බ්‍රසීලයේ අධිකරණයක ඔහුට එරෙහිව නඩු පවරනු ලැබීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමකදීය.

“අපේ නම්ගම් පුවත්පත්වල පළ වෙනවා. බොහෝ තානාපති කාර්යාල වල යුද අණදෙන නිලධාරීන්ගේ නම් ලැයිස්තුගත කරලා තියෙනවා. ඒ නිලධාරීන් පිටරටකට වීසා ලබා ගන්න ගියාම කියනවා ඔවුන් නීතිය කඩ කරපු බවක්. උදාහරණයක් හැටියට මගේ පෞද්ගලික උවමනාවකට ඇමෙරිකාවට යන්න වීසා ඉල්ලුවත් මට වීසා දුන්නේ නැහැ. ඒක නිල ප්‍රතික්ෂේප කිරීමක් නොවෙයි. නමුත් ඔවුන් වීසා නොදීමට හේතු පැහැදිලි කරන්නේ නැහැ. මම දන්නවා ඒ ගොල්ලන් ළඟ අපේ නම් ගම් තොරතුරු තියෙන බව. ආණ්ඩුව මේ ප්‍රශ්නය විසඳන්න ඕන” ජනරාල් ජයසූරිය කියා සිටී.

බීබීසී කොළඹ වාර්තාකරු දුරකතනය මගින් කරන ලද එම සාකච්ඡාවේ දී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනරාල් ජගත් ජයසූරිය “යුද්ධයේ දී තමාට ඉදිරි පෙළේ මෙහෙයුම් කාර්යභාරයක් නොපැවරුණ” බව සඳහන් කළේය.

කොටි සංවිධානයට එරෙහිව ගෙන ගිය සටනට අණදෙන ලද්දේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වන අතර එම මෙහෙයුම් සඳහා සියලු අණදීම් කරන ලද්දේ තමා බව ෆීල්ඩ් මාර්ෂල්වරයා විසින් ඍජු ලෙසම භාර ගනු ලැබ ඇති බව ජනරාල් ජගත් ජයසූරිය පවසයි.

“අපි කවුරුත් දන්නවා-යුද මෙහෙයුමට අණ දුන්නේ එවක හමුදාපති පදවියේ සිටි, දැන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බව. එතුමා කෙළින්ම කියල තියෙනවා- යුද මෙහෙයුම් වලට අණ දුන්නේ තමා බව. මට පැවරුණේ යුද හමුදාවට අවශ්‍ය සැපයුම්වලට (logistical support) අදාළ කාර්යයි. මම එහි නිරත වෙමින් සිටියා ” ජනරාල් ජයසූරිය පවසයි.

බ්‍රසීලයේ සහ කොලොම්බියාහි පවරා ඇති නඩුකර පිළිබඳව බීබීසි විමසීමක් කළ විට ඊට පිළිතුරු දුන් ජනරාල් ජයසූරිය, වධ හිංසා සිදු කිරීම් පිළිබඳව තමාට එරෙහිව නැගෙන චෝදනා පිළිබඳව අන්තර්ජාල වෙබ් අඩවි මගින් කියවන්නට ලැබුණ බව සඳහන් කළේය.

ඉල්ලා අස්වන්නේ සිය හදවතේ තෙරපෙන දැඩි වේදනාවෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති පදවියෙන් ඉල්ලා අස්වන්නේ සිය හදවතේ තෙරපෙන දැඩි වේදනාවක් ද සහිතව බව පදවියෙන් ඉවත්ව යන සනත් ජයසූරිය පවසයි.

සියලුම අංශවලින් ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකු, කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ වර්තමානයේ තේරීම් කමිටු සභාපතිවරයා ද වන තමාට සහෝදර කමිටු සාමාජිකයන් ද සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණයට එළඹීමට ආසන්නතම හේතුව වූයේ පසුගිය ඉරිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ ක්‍රීඩාලෝලීන්ගේ හැසිරීම බව ද සනත් ජයසූරිය සඳහන් කරයි.

ඒ අනුව ලබන සැප්තැම්බර් 07 වෙනි දින සිට තමන් ඇතුළු කමිටුව ඉල්ලා අස්වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වෙත ලිපියක් යවමින් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා සඳහන් කරයි.

“ක්‍රිකට් යනු සෑම කල්හිම මගේ ජීවිතය වන බැවින්, අපේ ක්‍රීඩාලෝලීන් අපේ ක්‍රීඩකයන්ට පහර දෙනු දකින්නට ලැබීම අතිශය වේදනාකාරීය,” යනුවෙන් ද එම ලිපියේ සඳහන් වේ.

පසුගිය වසර ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අපේක්ෂා බිඳ වැටුණු කාලයක් බව පිළිගන්නා සනත් ජයසූරිය,කෙසේ නමුත් එයට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම 3-0 ක් වශයෙන් පරාජය කළ බවත් සිහිපත් කරයි.

මේ මොහොතේ බිඳවැටීමක් තිබෙන නමුත් ඉතා දක්ෂ ක්‍රීඩකයන් සිටින ශ්‍රී ලංකාව නුදුරු අනාගතයේදීම යළිත් වරක් සුපුරුදු දක්ෂතා අතරට එනු ඇතැයි බලාපොරොත්තු පළ කරන තේරීම් කමිටු සභාපතිවරයා, අවශ්‍ය වුවහොත් ක්‍රීඩාවේ ප්‍රගතිය වෙනුවෙන් අනාගතයේදී ද සිය සේවය සූදානම් බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

“කඳුළු අතරින් වුවත් අපේ හිස කෙලින් තබාගෙන සමුගන්නා,” බව පවසන සනත් ජයසූරිය, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කෙරෙහි දිගටම විශ්වාසය තබන මෙන් ක්‍රීඩාලෝලීන්ගර්න් විශේෂ ඉල්ලීමක් ද කරයි.

මම ඉල්ලා අස්වෙන්නෙ මොකටද ? – තිලංග සුමතිපාල

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා සිය පදවියෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇද වැටී ඇති අගාධයේ වගකීම බාර ගනිමින් තිලංග සුමතිපාල මහතා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ශූරතාව දිනා ගැනීමට මෙහෙයවූ  අර්ජුන රණතුංග මහතා කළ ප්‍රකාශයට සුමතිපාල මහතා මෙම ප්‍රතිචාරය දක්වා ඇත.

” ඉල්ලා අස්වෙන්න කිසිම හේතුවක් නෑ. ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාසයයට කිසිසේත්ම පරිපාලනය වග කිවයුතු නෑ”. සුමතිපාල මහතා පැවසුවේය.

වත්මන් රජයේ කණිජතෙල් අමාත්‍යවරයා වන අර්ජුව රණතුංග මහතා 28 වැනදා මාධ්‍ය හමුවක් අමතමින්  ප්‍රකාශ කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත තමන් ලිපියක් යොමු කළ අතර, එහි පිටපතක් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාරදුන් බවයි.

සුමතිපාල පරිපාලනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුව පත් කර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මෙහෙයවීමට ඊට පවරන ලෙසද  රණතුංග මහතා ඉල්ලා ඇත.

සංචාරක ඉන්දීය පිල සමග පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ලෙස පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරග පහකින් සමන් විත එක් දින තරගාවලියද මේ වන විට 3-0 ලෙස පරාජයට පත වී ඇත. යම් හෙයකින් ඉදිරි තරග දෙකද ඔවුන් පරාජය වුව හොත් 2019 දී එලෙඹෙන ලෝක කුසලානයට තරග කිරීමට නම් එංගලන්තයේදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරග වටයට මූණ දීමට සිදු වනු ඇත.

වත්මන් පාර්ලිමේන්තුවේ නියේජ්‍ය කතානායක වරයා වන තිලංග සුමතිපාල මහතා 2016 වසරේදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයට පත් විය.

රටේ ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩනැගීමට තම පරිපාලනය දිර්ඝ කාලීන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති නමුත් එහි ප්‍රතිපල ලැබීමට වසර 3-4ක් ගත විය හැකි බව සුමති පාල මහතා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

දේශපාලන සිරකරුවන් නිදහස් නොකළහොත් ඉදිරියේදී දැඩි තීරණ ගන්නවා – පා.ම ශිවාජිලිංගම්

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් නොකළහොත් ඉදිරියේදී දැඩි තීරණ ගැනීමට උතුරු පළාත් සභා ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ඇතුළු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන් කටයුතු කරන බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ.ශිවාජිලිංගම්  මහතා පවසයි.

යාපනය ප‍්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදී ශිවාජිලිංගම් මහතා එලෙස පැවසුවේය.

ශිවාජිලිංගම් මහතා එහිදී පැවසූවේ දෙමළ දේශාපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට රජයේ ප‍්‍රධානීන් හමුවී සාකච්ජා පැවැත්වුවද, ලිපි මඟින් ඉල්ලීම් කළද, උපවාස පැවැත්වුවද අදාළ ගැටළු වෙනුවෙන් නිසි විසඳුමක් ලැබී නොමැති බවයි.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා උතුරු නැගෙනහිර පළාත් තුළ දින 200 ට ආසන්න කාලයක් උපවාස පැවැත්වීමට අතුරුදහන්වූවන්ගේ ඥාතීන් කටයුතු කළද අදාළ ඉල්ලීම් වෙනුවෙන් ආණ්ඩුව අවධානයක් යොමු නොකරන බවද හෙතෙම පැවසුවේය.

එබැවින් දැඩි දේශපාලන තීන්දු හා ක‍්‍රියාමාර්ග තුළින් දේශපාලන සිරකරුවන්ගේ ගැටළුව වෙනුවෙන් පිළිතුරු ලබා ගැනීමට දෙමළ දේශපාලන නියෝජිතයින් එක්විය යුතු බව ශිවාජිලිංගම් මහතා සඳහන් කළේය.

නව අධිකරණ අමාත්‍යවරිය තලතා අතුකෝරල දෙස විමසිල්ලෙන් බලා සිටිනවා – මහින්ද රාජපක්ෂ

නව අධිකරණ අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් තලතා අතුකෝරල මහත්මිය සිය කාර්යභාරය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් විමසිල්ලෙන් යුතුව බලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස මහතා පැවසීය. 
 
එ් මහතා මෙසේ පැවුසවේ පසුගියදා (26 මෝදර වෙන්කටේෂ්වර් මහ විශ්ණු දේවාලයේ පැවැති ආගමික වතාවත්වලට එක්වීමෙන් පසුව මාධ්‍ය නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. 
අධිකරණ අමාත්‍යධූරයේ සිටි විජේදාස රාජපක්ෂ මහතා එකී ධූරයෙන් ඉවත් කළේ අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කර රාජපක්ෂවරුන්ට නඩු නොදැමීම නිසා නිසා යැයිද එ් මහතා සඳහන් කළේය. 
 
එම නිසා අලූතෙන් අධීකරණ ඇමැතිවරයා ලෙස පත්වූ තලතා අතුකෝරල මහත්මියට මේ සියල්ල ඉටු කිරීමට වනු ඇතැයිද එ් මහතා වැඩිදුරටත් පැවසීය. 

ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ අගමැතිගේ වුවමනාවට

ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වුවමනාවකට හෝ තමාගේ වුවමනාවකට නොවන බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වුවමනාවකට බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ (23) දිනයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යහමුවට එක්වෙමිනි.

පසුගිය දින 100 වැඩපිළිවෙළ සහ ජාතික ආණ්ඩුව දේශපාලන වාසි වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළක් නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

එය රටේ දැවෙන ප්‍රශ්න විසඳීමේ අරමුණින් අමාරුවෙන් සකස් කළ වැඩපිළිවෙළක් බවද ඒ මහතා කියා සිටියේය.

එය දකුණු ආසියාවේ ප්‍රථම අත්හදා බැලීමේ වැඩක් බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී පැවසීය.

පක්ෂයක් හදවාට වඩා රටත් හදන එක අසීරු බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක් ස්ථාවරයක සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර අනාගතේ දේශපාලනය පවා නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යන බවත්, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කරන බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

මේ අතර ආණ්ඩුව යම් යම් පොදු කරුණු පිළිබඳ සාකච්ඡා කරනු ලබන අතර සමූහික තීණ්දු පොදු ක්‍රමවේදයක් අනුව තීරණය කරනු ලබන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ක්‍රීඩා අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ ඇවන්ගාඩ් නඩු තීන්දුව පිළිබඳව යළි සලකා බැලීමක් සිදුකරන ලෙස නව අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.

බත්තරමුල්ලේ‍ ඉදිවන ‘අමරදේව අසපුව

පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව සූරීන් විසින් ශ්‍රී ලාංකේය සංගීතයට සිදු කරන ලද අනුපමේය දායකත්වය සැලකිල්ලට ගනිමින්, එතුමන්ගේ සංගීත නිර්මාණ හා සංගීත සම්ප්‍රදාය සංරක්ෂණය කර අනාගත පරපුර වෙත දායාද කිරීම සඳහා ‘අමරදේව අසපුව’ ස්ථාපනය කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, එම අසපුව ස්ථාපනය කිරීමට සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති, බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍රය තුළ පිහිටි පර්චස් 100ක ඉඩම් කොටසක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මට එල්ල කරන චෝදනා අසත්‍යයි

නීති විරෝධී ලෙස එකලස් කළ වාහනයක් නිර්ව්‍යාජ වාහනයක් බවට ඇඟවීම සඳහා වෙනත් වාහනයක ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කිරීමේ චෝදනාවට තමන් නිවැරදිකරු බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු (23) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
2009 වසරේ සිදුකළ බව කියන මෙම වරදට අදාළව රංගේ බණ්ඩාර මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ කැඳවූ අතර එහිදී අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ අදාළ නඩුව සමතයකට පත් කිරීමට පැමිණිලිකරුවන් සූදානම් බවයි.
ඒ පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කර ඇතැයි ද විත්තියේ නීතිඥවරයා පවසා සිටියේය.
එම අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ විත්තිකරුවන්ගෙන් එවැනි නියෝජනයක් ලැබී ඇති බවයි.
එහෙත් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බව ද නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
මෙහිදී මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පවසා සිටියේ නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන නොමැති බැවින් තමන් අදාළ නඩුව විභාග කිරීමට තීරණය කරන බවයි.
ඒ අනුව අදාළ නඩු විභාගය ලබන 25 වන දින දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ කරන ලදී.