බත්තරමුල්ලේ‍ ඉදිවන ‘අමරදේව අසපුව

පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව සූරීන් විසින් ශ්‍රී ලාංකේය සංගීතයට සිදු කරන ලද අනුපමේය දායකත්වය සැලකිල්ලට ගනිමින්, එතුමන්ගේ සංගීත නිර්මාණ හා සංගීත සම්ප්‍රදාය සංරක්ෂණය කර අනාගත පරපුර වෙත දායාද කිරීම සඳහා ‘අමරදේව අසපුව’ ස්ථාපනය කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, එම අසපුව ස්ථාපනය කිරීමට සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති, බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍රය තුළ පිහිටි පර්චස් 100ක ඉඩම් කොටසක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.