ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මගින් නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදෙන මුවාවෙන් සිදු වන ව්‍යාජ සමීක්ෂණයක් හෙළි වෙයි

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මගින් නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර  ලබාදෙන බව පවසමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ගුවන් සේවා සමීක්ෂණයක් සිදුවන බවත් තම සමාගම එවැනි   ප්‍රවේශ පත්‍ර ලබාදීමක් සිදු නොකරන බවත්   ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියයි.

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සෘජුව මැදිහත්වීමකින් තොරව සිදුකරන ප්‍රවර්ධන ව්‍යාපාර සම්බන්ධයෙන් කිසිදු වගකීමක් සමාගම භාර නොගන්නා බවද එම සමාගම සඳහන් කරයි.

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ලබාදෙන සියලුම ප්‍රවර්ධන දීමනා www.srilankan.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවත්, ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් වෙබ් අඩවියට සෘජු සම්බන්ධයක් නැති වෙබ් අඩවි වලට පිවිසීමෙන් වළකින ලෙසත් එම සමාගම ඉල්ලා සිටියි

පළාත් පාලන මැතිවරණය අනිවාර්යයෙන්ම ජනවාරියේදී

පළාත් පාලන මැතිවරණය එළඹෙන ජනවාරි මාසයේ දී අනිවාර්යයෙන්ම පැවැත් වෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
ජනතාවට පිළිතුරු දිය හැකි ලෙස කොට්ඨාශ ක්‍රමය හා මිශ්‍ර ක්‍රමයක් යටතේ කඩිනමින් මැතිවරණයක් වෙත යෑම තමන්ගේ ද ඉල්ලීම වන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
පළාත් පාලන මැතිවරණය සීමා නිර්ණය කිරීම මාස 4ක් ඇතුළත පනතට අනුව සිදු කළ යුතු බවත් ඉන් පසු මැතිවරණයක් වෙත යොමු විය හැකි බවත් ඔහු සඳහන් කළේ

මියන්මාර් සරණාගතයින්ගේ සත්‍ය කථාව මෙන්න – අඩහැරය

සටහන: රජිත් කීර්ති තෙන්නකෝන් – (අඩහැරය)

අප බෝට්ටුවෙන් එන අසරණයින්ටත් බිය ජාතියකි…අපට රටේ නීතිය හා ව්‍යවහාරය පිළිබද අවබෝධය අල්පය!

මෑත ලංකා ඉතිහාසයේ කිසිදු විදේශිකයෙකුට ලංකාවේ ස්ථිර පුරවැසි බව ලැබී නැත.  දෙන්නට නීතියක් ද නැත.

මහ මුහුද මැද බෝට්ටුවක අතරමං වී සිටි මියන්මාර් වැසියන් 30 දෙනෙකු ලංකාවේ නාවික හමුදාව විසින් බේරාගෙන ගොඩබිමට ගෙන එනු ලැබීය.  ඔවුන් උතුරුකරයේ කාලයක් රැදී සිට පසුව කොළඹට ගෙන එනු ලැබූවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙනි.

ලංකාවට බුරුමයෙන් මුලින්ම සරණාගතයින් පැමිණියේ 2012 වසරේ ය.  ඒ පිරිස 100 කට වැඩිය.  එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වී ඒ පිරිස ඇමරිකාවේ සහ කැනඩාවේ සරණාගත තත්වය ලබාදී ඔවුන් ලංකාවෙන් පිටත් වී ගොස්  ජාත්‍යන්තර නීතිය හා පහසුකම් සහිතව නව ජීවිත අරඹා ඇත.
1948 අංක 20 දරණ ‘ආගමික හා විගාමික පනත‘ අනුව ලංකාවේ රජයට කිසිම පුද්ගලයෙකුට ස්ථිර පුරවැසිභාවය හෝ   PR යැයි කියන තත්වය ලබාදීමට නීතිමය හැකියාවක්  ලංකාවේ නැත. ඒ නිසා මියන්මාර් වැසියන්ට ලංකාවේ පුරවැසි භාවය ලැබීම හිතලුවක් පමණී.
ලංකාව, ලෝකයේ ස්ථිර පුරවැසි භාවය ලබාදීමට නීතිමය ප්‍ර‍තිපාදන නොමැති රාජ්‍යයන් කිහිපයකින් එකකි.  ඒ නිසාම ලංකාවට ලෝකයේ කිසිදු සරණාගතයෙකු බාර ගැනීමට හැකියාව නැත.  බාරගෙන ඇත්තේ ද නැත.  එක්සත් ජාතීන්ගේ සංවිධානයට එවැන්නක්  කිරීමට හෝ ඉල්ලා සිටීමට ද හැකියාවක් නැත. ඉල්ලා ද නැත.  ආගමන විගමන පාලක විරසේකර මහතා මේ බව සහතික කරයි.

මෙම නීතිය කොරතම් බලවත් ද යන්නේ නම්, ලංකාවේ පුරවැසියෙකු විදේශිය කාන්තාවක් හා විවාහකර ගත්තේ වුව ද, ඇයට, ස්ථිර පුරවැසි බව ලැබෙන්නේ නැත. ඇයට හිමිවන්නේ ද, ‘කාලාථයාගේ විසා බලපත්‍ර‍ය‘ කි.

ලංකාවේ දැන් සිටින මියන්මාර් සරණාගතයින් පිරිස අතර පිරිමි 7 ක්, ගැහුණු 7 ක් හා ඉතිරි පිරිස දරුවන් වෙති.  එකතුව 30 කි.  එයට අමතරව ලංකාවේ දී එක් දරුවෙකු උපත ලබා ඇත.  අඩුම ගානේ ඒ දරුවාට ලංකාවේ පුරවැසි බව ලබාදෙන්නට හෝ නීතියෙන් ඉඩක් නැත!  මෙයට අමතරව ‘ව්‍යාජ පාස්පෝට්‘ භාවිත කරමින් පැමිණි 4 දෙනෙකු ද වෙනම මේ පිරිස සමග සිටී. එකතුව 35 කි.

ජාත්‍යන්තර නීතියට අනුව මේ පිරිස රැදී සිටිනේනේ ‘එක්සත් ජාතීන්ගේ රැකවරණය‘ යටතේ ය.  ඔවුනට කන්නට බොන්නට අදින්නට දෙන්නේ ද, පුංචි දරුවන්ට සෙල්ලං බඩු, පෑන් පැන්සල් දෙන්නේ ද, ලංකා රජය නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය යි.   ඔවුන්ට රැකවරණය දීමට බටහිර රාජ්‍යයන් කිහිපයක් සමග එක්සත් ජාතීන්ගේ සාකච්ඡා සිදුවේ.  අද දිනය පුරාම කොළඹ එක්සත් ජාතීන්ගේ පමණක් නොව බටහිර තානාපති කාර්යාල සිදුවන දේ ගැන වාර්තා කරමින් සිටිනවාට සැක නැත.  බොහෝ විට මේ 35 දෙනාට ද, මෙයට පෙර 2012 දී සිදු වූ ලෙසම, ඇමරිකාව හා කැනඩාව සරණාගත පහසුකම් සැපයීමට ඉඩ ඇත. එය එසේම වේවා! ඉක්මනින් වේවා!!

මා මේ සටහන තබන්නේ වෙනත් හේතු නිසාය. පළමුවැන්න, අප බෝට්ටුවෙන් එන අසරණයින්ටත් බිය ජාතියකි.  දෙවැන්න, ලංකාවේ බංකොලොත් දේශපාලනය ජීවිතය පරදුවට තබා මහ සයුරේ සටන් කර දිවි බේරාගන්නා මිනිසෙකුට හෝ අනුකම්පා නොකරන බංකොලොත් දේශපාලන නරුම රැළකගේ උසිගැන්වීමට අන්ධානුසාරයෙන් ගොදුරුව සිටී.   තෙවනුව, අපට රටේ නීතිය හා ව්‍යවහාරය පිළිබද අවබෝධය අල්පය.  සරණාගත මංකොල්ලකරුවෙකු වූ විජය ලංකාවට ගොඩ බසින විට 1948 අංක 20 දරණ ‘ආගාමික හා විගාමික පනත‘ තිබුණේ නැත. අවසානාවකි.  මිහිදු හිමියන් එන විට තිබුණේ ද නැත.

ඛෙදවාචකයකි!
1983 න් පසුව ලාංකිකයින් ලක්ෂ 18 කට වැඩි පිරිසකට බටහිර රාජ්‍යයන් සරණාගත තත්වයන් ලබාදී රැක බලාගෙන ඇත.  ඇත්තටම එක්කෝ බටහිරට පිස්සු ය. නැතිනම් අපිට පිස්සු ය.

සිදුවීම් විසින් ‘සමාජය නිරුවත් කරන්නේ‘ ය.  මම අද සිදු වූ දෙයට කැමති ඒ නිසාය.  අප කුමන ආකාරයෙන් මිනිසුන් පිරිසක් ද යන්න ක්‍රියාවෙන් ඔප්පු කොට අවසන් ය.

මියන්මාර් රොහින්ග්‍යා සරණාගතයින් බූස්ස හමුදා රැඳවුම් භාරයට

ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ රදවා  සිටි මියන්මාර් රොහින්ග්‍යා සරණාගතයින් පිරිස බූස්ස හමුදා රැඳවුම් භාරයේ තැබීමට කටයුතු කළ බව පොලීසිය පවසයි.

මේ වසරේ අප්‍රේල් මාසයේදී වෙරළාරක්ෂක බලකාය මගින් අත්අඩංගුවට ගත් මෙම සරණාගතයින් 30 දෙනා මිරිහාන රැදවුම් මධ්‍යස්ථානයේ සිට පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් කාර්්‍යාලයට භාර දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් උසාවි නියෝගයක් ලැබෙන තෙක් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බව සඳහන්ය.

ඔය කෙල්ලෝ මොනවද දන්නේ !

BY: Dr.Bodhini Samaratunga

“මෙය සිදුවී වසර කිහිපයකි, එනිසා ලියා තබන්නට සිත් විය”

උතුරේ කතා රැගත් අනිත්කොන පොත ගැන මා දන්නා හඳුනන අයෙක්, එක්තරා මහත්මියකට පැවසූ විට “අනේ ඔය කෙල්ලෝ මොනවා දන්නවද උතුර ගැන” යැයි පැවසූ බව ආරංචි විය.
ඒ මහත්මිය අපි මොනවා දන්නවා දැයි සැක පහල කළ අන්දම ගැන වැරැද්දක් මම නොදකිමි.
මොකද අපිත්,එහි යනකම්ම අනේ අපිමොනවා දන්නවාදැයි නොදැන සිටියෙමු.

ආච්චිලා පැමිණ ” “තංගච්චී,ඩොක්ටර් අම්මා එංග ?” යැයි අසද්දී ( නංගී, දොස්තර කොහේද?)
“නාන් තාන් ඩොක්ටර්” යැයි කියද්දි…
මෙච්චර මේ කෙල්ලෝ කොහොමද දොස්තරලා වෙන්නේ යැයි ඔවුන්ද ඇස් ලොකු කරගෙන ඇසුවෝය. 

දෙමළ වචනයක්වත් නොදැන එහි ගිය අපිට, දෙමළ ඉගෙන ගන්නටත්, ඉන්පසු ඔබ මෙහෙද අහන්න තරම් දෙමළකියවන්නටත් පුූලුවන් කළේ උතුර ය. එහි ගිය නිසා ය. “ඔයා දැන් සිංහල කතා කරන්නෙත් දෙමළ ඇක්සන්ට් එකකට ය කී අනුරාධපුර යහළුවෝ තවමත් ඒ කාලය ගැන මතක් කරති.

වවුනියාවේ සිට අපි බොහෝ විට අසාධ්‍ය ලෙඩුන් ගෙන ගියේ අනුරාධපුරය ට ය. එහි යන එන විට, අපට ලැබුනේ බොහෝ ලෙංගතු ආමන්ත්‍රණය. මේ කොනේ සිට රෝගීන් කෙසේ හෝ පණ ගන්වා , ගොඩ දාගෙන වෙහෙසී තවත් පැයක ගමනකින් එහි සැපැත් වෙන විට අපි බාගෙට මැරී සිටින්නෙමු. “ ඩොක්ටර් අන්න ඩොක්ටර්ස් රූම් එක, මූණ හෝදා ගන්න, මෙන්න පුටුව ඉඳ ගන්න “ වැනි සුහද ආමන්ත්‍රණ එහී දකින්නට ලැබිණි. වෛද්‍යවරුන් පවා උනුන් හා සුහදත්වයෙන් කටයුතු කෙරිණි.

යුද්ධය අවසානයේ දකින්න ලැබුනේ සියල්ල අහිමි වූ කොහෙන් කොහොම මේ අවුල ලිහා ගන්නේදැයි විමසූ සෙනග ගොඩවල් ය. එහි ගිය අපට දරන්නට සිදුවුනේ සියළු දේ අහිමි වූ මිනිසුන්ගේ අඳෝනා ය. උතුරේ ප්‍රධාන රෝහල් දෙකක සීමිත වෛද්‍යවරුන් සංඛ්‍යාවකගෙන් වැඩකටයුතු කළ යුතු වූයෙන් , ඇතැම් විට දවල්ට කන්න ලැබුනේ වඩයක් සහ මයිලෝ එකකි. එහෙමත් නැත්නම් උදේ අටේ සිට සවස හය දක්වා තියටර් ලිස්ට් එක ඉවර කරනකම් සැරෙන් සැරේ ලැබුන සීනි වැඩි තේ එකකි, පරිප්පු හෝ උළුඳු වඩයකි. හවසට බොහෝ විට එක කොත්තුව දෙකට බෙදන් කන්නේ එය ඒ තරම් විශාල නිසා ය.

උදේට නොකා කලන්තේ දමා එහි පැමිණෙන විශ්ව විද්‍යාල හෝ පාසැල් සිසුන් හට “ඔයාලා උදේ නොකා කලන්තේ දාලා එනවා. මගේ ඩොක්ටර්ස්ලා රෑට කාලත් නෑ, හරියට උදේට කාලත් නෑ, රෑ පුරාම ඇහැරගෙන ඒත් තාම වැඩ කරනවා”කියමින් කියූ විශේෂඥ වෛද්‍යවරියක් සිටියාය. මේවා මෙලෙස ලියන්න යැයි කියූවේත් විශේෂඥ වෛද්‍යවරුන්‍ ය.

එක් දිනක් මුළුල්ලේ අප හදිසි සැත්කම් පමණක් දහයක් කර තිබුණේ අතේ මතුවන කරගැට ද අමතක කරමිනි.

මුහුණ නොබැලූ එල් ටී ටී ඊ හිටපු සොල්දාදුවන්ද, මුහුණ බැලූ නමුත් සිංහල වචනයක් දොඩාගත නොහැකිව සිටි ගැහැණු මිනිසුන්ද, අපට අපේම අය වූයේ අනිත් කොනේ දී ය. ඒ අප ඔවුන්ගේ ජීවිත හා ගනුදෙනු කළ නිසා ය.

If u can bear to hear the truth u’ve spoken
Twisted by knaves to make a trap for fools,
Or watch the things u gave ur life to,broken,
& stoop & build’em up with wornout tools;

Radyard kipling

ඔව් අප දුටුවේ, රඩ් යාඩ් කිප්ලිං ගේ if යන කාව්‍යයේ සඳහන් පරිදි, සියල්ල බිඳ වැටුණු, සුන් බුන් වී ගිය පසු ඒ අළු මතින් නැගී සිට ජීවිතය වෙර දරන උන් ය. ආයුධ අත හැර ජීවිතය සෙවූ ඔවුන් ය. සිංහලයා නරකයි, බිහිසුණුයි ම්ලේච්ජයි කියා උගෙන, සිංහල වෛද්‍යවරුන්ගෙන් ජීවිතය ඉගෙන ගත් ඔවුන් ය. සිංහලයාත් දෙමළාත්, මුසල්මානුවාත් අපි හැමෝම, රෝහල් ගේට්ටුවෙන් එපිට උස්මිටි කම් තරාතිරම් නැතිව සාමාන්‍ය මිනිසුන් බවට පත් වන බව ඔවුන් උගත්තේ අපෙනි.

රෝගීන් පිරී ඉතිරී යන වාට්ටු වල හිත හදන් වැඩ කරන්නට සිදුවුනේ ඒ තරම් ජන ගඟක් පාලනය කිරීම හැරෙන්න වෙන විකල්පයක් නොවූ නිසා ය. ඔවුන්ට රෝහල යනු ඔවුන්ගේ දූකට සහනයක් වුණු තැනක් විය. ඔවුන්ගේ දුක් කරදරසියල්ලම එහි මුදා හැරියේ එනිසා වෙන්නට ඇති. ඒ අය ට යම්කිසි හෝ සහනයක් වූයේ රෝහල් වල සෞඛ්‍ය කාර් යය මණ්ඩලය බව නොරහසකි.

බත් කන්න අකමැති ආච්චිලාට ,සීයලාට, හැට් කලෙක්ෂන් දමා ( සල්ලි එකතු කර) ආප්ප හෝ ඉඳි ආප්ප ගෙනාවේ HO ල ය ( house officers).

මේ කතා මේ ලෙසින් ලියා තැබුවේ නැත්නම් නැවත මතක් කිරීමද අමාරු කාර් යයකි. ඒ තරම් විවිධ වූ සංසිද්ධි දාමයන්ගෙන් අනිත්කොන දවස් සැකසී තිබුනි. විඳින දකින දෑ හිතෙන්, හදවතින් ස්පර්ශ කරන්නට හැකි යාව ඇත්තේ සුළු පිරිසකට බව මම දනිමි. ඒ සුළු පිරිස මුදලට ලොබ බැඳන් ඒ කාර් යයන් හි යෙදෙන්නේ නැති නිසා තවමත්, මිනිසුන් ඔවුන් දේවත්වයෙන් සලකති.

වෛද්‍ය විද්‍යාව යනු ඉන්ද්‍රජාලික බලවේගයක් හෝ දේවත්වයක් නොවේ. එය හුදෙක් විද්‍යාත්මක පරීක්ෂණ නිරීක්ෂන නිගමන ඔස්සේ පදනම් වුණු එකකි.

අප කරන්නේ අපේ සේවාව හරියාකාරව කිරීම ය. මේ ලියැවිලි වල එතෙන්නේ, සේවාව අතරතුර හදවතට දැනුණු මිනිස් හැඟීම් ය. ඒවා කිසි සේත්ම මට සිළිටු නොවේ.

අනිත්කොන කියැවිය යුත්තේ තරුණ පිරිසයි. වෛද්‍ය විද්‍යාව හදාරන්නට හිතන දරුවන් ද, වෛද්‍යවරුන් වෙන්න ඉගෙන ගන්න දරුවන්ද මේ පොත කියවිය යුතුම යැයි මම කියන්නේ, මගෙ අත් දැකීම් වලින් ඔබට ඉගෙන ගන්න යමක් තියේවි යැයි මා විශ්වාස කරන නිසා ය.
මම ලීවේ උතුරේ ප්‍රශ්න ගැන ය. මිනිසුන්ගේ ප්‍රශ්න ගැන ය. කකුල් , අත පය අහිමි වූ දරුවන් දැරියන් ගැන ය. අඩු වයසෙන් දරුවන් ප්‍රසූත කරන්නට වෙන දැරියන් ගැන ය. ළමා සොල්දාදුවන් ජීවිතය දිනන හැටිත්, හිටපු ත්‍රස්තයන්ගේ අඳෝනාත්, ඒ අතර තුර පිටු පිරවීය. හොර ගබ්සා මධ්‍යස්ථානවලට ගොස් අසාධ්‍ය වී එන, උතුරු කොනේ ගැහැණුන් ගැනත්, උතුරු කොන බොහෝ ප්‍රදේශ වල වැසියන් මුහුණ දී ඇති වකුගඩු රෝගයේ ඛේදාන්තයත්, මත් පැන් මත්ද්‍රව්‍ය වලට නතු වූ දරුවන් ගැහැණුන් මිනිසුන් ගැනත් ය. අපි දකින්නේම දුක පමණි. රෝග , මරණ, සමාජ අසාධාරණකම් ය.ආර්ථික යුද්ධයෙන් පෙළෙන මෙ රටේ දිළිඳුම පිරිස යන එන රෝහල් ය. ඇතැම් විට ඇඳුම් ගෙනත් දෙන්නත්, බත් වේලක් ගෙන දෙන්නත්, ගෙදර යන්න බස් එකට සල්ලි නැති නිසා අපි hat collection දමා සල්ලි එකතු කර දීපු කාලයක් ද විය.

අනිත්කොන පොතක් විය !
එනමුත් අනිත් කොන ගැන මේ තරම් පිරිස වද වුනේ හෝ පෝස්ට් වැටුනේද නැත. හොය හොයා ගොස් කියෙව්වේ ද නැත.  සමාජයේ අපිදකින අවැඩ අසාධාරණය සහ කම්පනය ගැන අපි වැන්නවුන් මුහුණු පොත බ්ලොග් සහ පොත් හරහා අපි ඕනෑවටත් වඩා මේ ප්‍රශ්න ගැන ලියමින් සිටින්නෙමු ! 
අපට කළ හැක්කේත් පාලකයන්ගේ හිත් ඇස් මෙදෙසට යොමු වන තෙක් ලියන්නට පමණි.

ඉතින් මහත්මියනි, මට ඔබේ වදන, සාහිත්‍ය ලෝකයේ හමුවන ප්‍රවීනයන්ගේ කතා අසා ඇති මට නම් පුදුමයක් නොවුණු බව කිව යුතුම ය. “ඔය කෙල්ලෝ මොනවද දන්නේ ” කියා ප්‍රශ්න නොනගා පොත කියෙව්වා නම් ඔබට ඇත්තටම අපි එහි ගොස් කළ කී දෑ වැටහෙනු ඇතැයි මට සිතේ.

මුළින් මේ පොත් ජනගත නොවි පසුව මටම ඒ කාරිය කරන්නට වෙහෙසෙන්නට වූ නමුත් ඒ මහන්සිය සොඳුරු ය. මන්ද අනාගතයේ මේ රටේ තවත් යුද්ධයක් ඇති නොවෙන්නට, ජාතීන් එකිනෙකා යුද්ධ නොකරන්නට මනස හදන්නට මේ පොත ඉවහල් වෙන බවට මට සහතික නිසා ය. 

වහාම තනතුරින් ඉල්ලා අස්වී ගෞරවාන්විතව ගෙදර යන්න – මැ.කො.මහින්ද දේශප‍්‍රිය

ආණ්ඩුව මැතිවරණ පැවැත්විමට ඉඩ නොදෙන්නේ නම් එ්බව රට හමුවේ ප‍්‍රකාශ කර සත්‍යවාදී බව තහවුරු කොට වහාම තනතුරින් ඉල්ලා අස්වී ගෞරවාන්විත මිනිසෙකු ලෙස ගෙදර යන ලෙස මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා අභියෝග කරන බව ජනතා මාධ්‍ය මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 
 
කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මැතිඳුන් කියන අන්දමට ආණ්ඩුව මැතිවරණ පැවැත්වීමට තීරණය කරන තුරු කොමිසමට කල හැකි දෙයක් නැත්නම් කොමිසම හා කොමිෂමේ සභාපතිවරයා වැනි අය මහජන මුදලින් නඩත්තු කරන්නේ කුමටදැයි එම නිවේදනයෙන් ප‍්‍රශ්න කර ඇත.
 
ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ කල් දමමින් සිටීම තමන්ට ද මහා ප‍්‍රශ්නයක්ව ඇති බව කියන්නට මැතිවරණ කොමිසමේ බලධාරියා ගන්නා උත්සාහය තම තනතුර රැක ගැනීමට කරන රංගනයක් මිස සත්‍ය නොවන බව ජනතාව මේ වන විට තේරුම් ගෙන ඇති බැවින් ‘මට කියන්නේ ගිනි තියාගන්නද’ වැනි අතිශය බොළඳ, භාවතිෂ ප‍්‍රකාශ නිකුත් කිරීමද ආණ්ඩුවේ සැලසුමේ ම දෙබස් බව ජනතාවහොදින්ම දන්නා බවද එම නිවේදනයෙන් පෙන්වා දී ඇත.
මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ඉල්ලා අස්වීමට සූදානම් යැයි කියන්නේ එළැඹෙන වසරේ දෙසැම්බර් මාසය වන තෙක් මැතිවරණ නොපැවතුනහොත් බව කියන ප‍්‍ර‍්‍රකාශයෙන් ගම්‍ය වන්නේ මැතිවරණ නැතැයි නාහෙන් හඩමින් කොමිෂමේ නිල කාලය අවසන් වන එළැඹෙන දෙසාම්බරය දක්වා තනතුරේ රැුදි සිටීමට බවත් එම නිවේදනයෙන් කියැවෙයි.
 
ඊනියා යහපාලන ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී , නිර්ලජ්ජිත. බල ලෝභී ක‍්‍රියාදාමයේ කොටස් කරුවෙකු යැයි මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට චෝදනා කර ඇති එම නිවේදනයේ් ජනාධිපතිවරණය සමයේ ඡුන්ද නාමලේඛණය කඩි මුඩියේ ප‍්‍රකාශයට පත් කිරීම, මැතිවරණ අක‍්‍රමිකතා සිදුවිය හැකි බවට එකළ ඔහු කළ ඉඟි ආදියෙන් දැක්වූ සේවය වෙනුවෙන් සන්තෝෂම ලෙස ලැබි ඇත්තේ විශ‍්‍රාම වයස පසු කළ වහාම ඊනියා ස්වාධින මැතිවරණ කොමිෂම ස්ථාපිත කර එහි සභාපතිවරයා ලෙස පත් කිරිම යැයිද වැඩි දුරටත් සදහන් කර ඇත. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුලූවේදී දෙමල ඩයස්පෝරාව හා ගොලීය සංසදය අතර උනුසුම් තත්වයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුලූවේ 36වන සැසිවාරයට සමගාමීව ”ශ‍්‍රී ලංකාවට එරෙහි  ජිනීවා යෝජනා වල නීත්‍යානුකූල බව ” යන මාතෘකාව යටතේ පැවති සම්මන්ත‍්‍රණයකදී කොටි හිතවාදීන් හා ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ  සාමාජිකයන් අතර උනුසුම් තත්ත්වයක් ඇතිවිය. 
මෙහි ප‍්‍රධාන දෙශ්ණය රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් පවත්වන ලද රටවල් ගනනාවක් නියොජනය කරමින් ශ‍්‍රී ලංකිකයන් සම්මන්ත‍්‍රණයට එක්වී සිටියහ. 
බි‍්‍රතාන්‍ය ජාතික ඬේවිඞ් බෙලී විරෝධතා වක් මතුකරමින් කියාසිටියේ ලංකාවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් තවත් හිටපු හමුදාපතිවරයෙකු   වන ජගත් ජයසූරිය යුධ අපරාධ කර ඇති බව පීලිගෙන ඇති  බවයි. 
එසේම තමිල් චෙල්වම්ගේ බිරිඳ  එදා රජයට පක්ශව සම්මුඛ සාකච්ඡුා දුන්නේ බල්පෑම් යටතේ  බවද ඔහු පැවසීය.  මීට පිලිතුරු දුන් ආචාර්ය නාලක ගොඩහේවා ප‍්‍රශ්න කලේ ඬේවිඞ් බෙලී මෙහි පැමින මානව හිමිකම් ගැන කතාකරන්නේ  ඩයස්පෝරාව විසින් ගෙවන මුදල් නිසා නොවේද කියායි. 
තමිල් සෙල්වම්ගේ බිරිද අද මානව හිමිකම් කොමිසමට පැමින බොරුකියන්නේත් එදා හමුදාව වෙනුවෙන් පෙනී සිටි සරත් ෆොන්සේකා අද මෙවැනි ප‍්‍රකාශ කරන්නේත් මුදලේ බලයට යටවී යැයි පෙන්වාදුන් නාලක ගොඩහේවා පෙන්වා දුන්නේ එදා යුද පිටියේ සිදුවූ සියලූ දේ වාර්තා කරන්නට මාධ්‍ය වෙදින් සිටි බවත් තමිල් චෙල්වම්ගේ බිරිද මෙන්ම සුසෙගෙ බිරිදත් හමුදා අතඩංගුවට පත්වූ විට හමුදාව එය රහසක් වශයෙන් තබාගත්තේ නැති බවත්ය 
සුහන්දරන් නැමත් දෙමල ඩයස්පෝරව නියොජිතයා චැනල් 4 වාර්තා සදහන් කරමින් යම් යම් සිද්ධීන් ගැන ප‍්‍රශ්න  කල විට ගෝලීය සංසදයේ නියොජිතයන් උදාහරණ  සහිතව පෙන්වා දුන්නේ මෙම මාධ්‍ය  ආයතනය දෙමල ඩයස්පෝරාවෙන් යැපෙන හොරනැවක් බවය. 
මේ සිදුවීම් කිහිපයක් ගැන ප‍්‍රශ්න  අසන සුහන්දරන් එල් ට් ට් ය නිරායුද පොලිස් නිලධාරීන් 600 වෙඩිතබා මරණ  විට සිටියේ කොහේද කියා ඔවුහු පෙරලා ප‍්‍රශ්න කලහ

අපිට සහෝදරත්වයෙන් දුර ගමනක් යන්න තියෙනවානම් ඒක ලොකු ආශිර්වාදයක්

By: සංඛ රඹුක්වැල්ල
මිනිසුන්ගේ ප්‍රසාදය දිගින් දිගටම ලබාගත හැකිනම් ඔහු හෝ ඇය වාසනාවන්තයකි.රඟපෑමේ දක්ෂතාවය හා එකී වාසනා ගුණය ඇතිව පැමිණි මේ දඟකාර යුවතිය හඳුන්වාදීමට වෙනත් වචන අවැසි නොවේ.බහුතරයක් තරුණයින්ගේ පෙම්වතිය ඇයයි.බහුතරයක් මවුවරුන්ගේ හා පියවරුන්ගේ දියණිය ඇයයි.බහුතරයක් සහෝදරයින්ගේ සොහොයුරිය ඇයයි.ඈ දෙවන ඉනිමේ දෙව්මී ලෙස ඔබ අතරට එන මෙවර සුමති සම්මාන උලෙළේ ජනප්‍රියම නිළිය වූ නයනතාරා වික්‍රමාරච්චිය.සම්මානය ලබා ගැනීමේ උණුසුම පිටව යන්නට මත්තෙන් ඈ බොස්ටන් ලංකා හා කතා බහට එක් වුණා.

නයනතාරා
,මෙවරත් ජනප්‍රියම නිළිය ඔබ ?
ඔව් ඒ ගැන ගොඩාක් සතු‍ටුයි.මිනිස්සුන්ගේ කැමැත්ත ලබාගන්න තියෙන එක කොයිතරම් වටිනවද මම මගේ රටේ මගේ ආදරණීය රසික රසිකාවියන්ට ගොඩක් ආදරයෙන් ස්තූති කරනවා.ක්ෂේත්‍රයට ආව කෙටි කාලය තුළ මේ තරම් ආදරයක් ලබාදීම පිළිබඳව
Nayanathra 2

එදා සම්මානය දෙවන වරටත් ලබාගත්ත රාත්‍රිය ගැන යමක් කීවොත් 
?
ගොඩක් සතු‍ටු හිතුණා.ප්‍රේක්ෂකයන්ගේ ආදරය ගොඩක් දැනුණා.වචනයෙන් විස්තර කරන්න බැරි අවස්ථාවක්

ජනප්‍රියම නිළියගෙන් මිදිලා දක්ෂතම නිළිය වෙන්න කාලය හරි නේද දැන් 
?
අම්මෝ එහෙමම කියන්න බෑ.මම තවම පටන්ගත්තා විතරනේ.. තව ඉගෙනගන්න දේවල් කොයිතරම් නම් තියෙනවද ?හෙමින් දුර ගමනක් යන්නයි ආස මම.
22047226_1941980836053081_1323573246_o

ඔබගේ සමකාලීන නිළියන් ඔබට අභියෝගයක් ද 
?
අපි ඉතින් එකම ක්ෂේත්‍රයේ ඉන්න යාලුවෝනේ.එයාලත් දක්ෂයි.නැත්නම් මෙහෙම ක්ෂේත්‍රයේ ‍රැදෙන්න බැහැනේ.අභියෝගයක් කියනවටත් වඩා අපිට සහෝදරත්වයෙන් දුර ගමනක් යන්න තියෙනවානම් ඒක ලොකු ආශිර්වාදයක් විදිහට මම සලකන්නේ.

ඔබ රංගනයෙන් දායක වුණ සිනමා නිර්මාණය ගැන යමක් කීවොත් 
?
සිනමා නිර්මාණ තුනකට දායක වුණා.දෙකකම වැඩ කටයුතු ඉවරයි.ඉතා ඉක්මනින් එක සිනමා නිර්මාණයක් දකින්න පුළුවන් වෙයි.ඒක අනුරුද්ධ ජයසිංහ මහත්මයාගේ සිනමා නිර්මාණයක්.ඒ වගේම වෛද්‍ය කපිල සූරිය ආරච්චි මහත්මයගේ සිනමා නිර්මාණයකත් වැඩ කටයුතු මේ වෙනකොට සිදු කරලා අවසන්.ඒ සිනමා නිර්මාණ ඉදිරියෙදි දකින්න ලැබෙයි ප්‍රේක්ෂක ඔබට.

ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන යමක් කීවොත් 
?
මේ දවස් වල අලුත් ටෙලිනාට්‍යකට සම්බන්ද වෙලා ඉන්නවා.චන්න පෙරේරා මහත්මයාගේ ටෙලි නාට්‍යක්.ඒක වෙනස් ම තේමාවක් යටතේ සිදුවන ටෙලි නාට්‍යක් ඊට ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණා.ඒවට සම්බන්දවෙන්න නොහැකි වුණා අනෙක් වැඩකටයුතු නිසා.කොහොමත් මගේ බලාපොරොත්තුව සිනමාවට වැඩි ඉඩක් වෙන් කරන්න.ඉදිරියට තියෙන්නේ ඔය වගේ සැලසුම් කිහිපයක් ඉතින්

ඔබට ස්තූති කරන්න ගොඩක් අය ඇති. ඒ අය ගැනත් සඳහන් කරමු නේද 
?
අම්මටයි තාත්තටයි.ඊට අමතරව මම රංගනය හදාරපු පාසල් වලට සහ මට රංගනය කියා දුන් ආදරණීය ගුරුවරුන්ට.ඊට අමතරව මට රංගනය පිළිබඳ කියාදුන් මට උදව් කළ සියළුම ටෙලිනාට්‍ය හා සිනමා අධ්‍යක්ෂකවරුන්ට,ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට.දෙවෙනි ඉනිම අධ්‍යක්ෂක සාරංග මෙන්ඩිස් මහතා ඇතුළු සියලු දෙනාට හා ටීවී දෙරණට.ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් මම නැවත වරක් ආදරයෙන් ස්තූතියි කියනවා

Sri Lanka probes ‘Longest Saree’ wedding for using kids!!!

A Sri Lankan couple is under investigation for deploying hundreds of school children to carry the train of the bride’s saree during a wedding ceremony, authorities said Friday.

About 250 students of a state-owned school carried the train of the 3.2-kilometre (two-mile) long saree worn by the bride as she and the groom walked down a main road in the central district of Kandy Thursday, local media reported. Another 100 students served as flower girls at the wedding.

wedding 2

The students were from a school named after Central Province Chief Minister Sarath Ekanayaka who was a special guest at the wedding, according to media reports, which said the saree was the longest ever worn by a bride in Sri Lanka.

The National Child Protection Authority (NCPA) said it was probing the incident.

“We have started an investigation,” NCPA Chairman Marini de Livera told AFP. “We are going all out because we don’t want this to become a trend.”

De Livera said deploying students for such ceremonies during school hours was against the law, with violators facing up to 10 years in prison.

“What they (the wedding party) did is a violation of child rights,” de Livera said. “Depriving children of education, risking their security and harming their dignity are criminal offences.”