Author: uslanka
චීන ණය හරහා 4% කොමිස් ගැනීම සහ රට උකස් කිරීම
Dinan Kapuge: Our Kids Got Talent
ශ්‍රී ලංකාවේ උසම කන්ද පිදුරුතලාගල රක්ෂිතයෙන් අක්කර 300ක් ඇමතිවරයෙකුගේ හිතවතුන්ට බෙදා දීමේ සූදානමක්, කැබිනට් පත්‍රිකාවද සූදානම්.



EU contradicts Minister on GSP Plus continuation for Sri Lanka
Prime Minister admits Ranil sought additional facilities
රංජන්ගේ හුටපට ගැන කලාකරුවන් කියන දේ
රවීණ සිනමා නළු රවීන්ද්‍ර රන්දෙණිය මහතා-
කලාව ගරුබුහුමන් ලැබෙන ආකාරයට රැුකගත යුතුයි. කලාකරුවෙකු එම වගකීම පැහැර හැරීම තුළින් කලාකරුවා තුළ වැරදි ආකල්ප ඇති වෙනවා. එම නිසා ඔහු කලාව රැුකගෙන කි‍්‍රයා කළ යුතුයි. කලාව ගරු බුහුමුන් ලැබෙන උසස් මට්ටමක පවතින බව සිහි තබා ගැනීම වැදගත්.
ජාතික රූපවාහිනියේ හිටපු සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී –
අහක යන කුණු කතාවක් වගේම මේක අහක යන කුණු ගොඩක්. මේ ගැන ප‍්‍රකාශ නිකුත් කිරීමට මගේ අදහසක් නැහැ.
චිත‍්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු වන ඩොනල්ඞ් ජයන්ත-
රන්ජන්ගේ හඬ පට පිළිබඳ කෙරෙන කතාබහ ගැන තමා නිහඬ වන බව කීවේය.
වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂක සිසිල් ගුණසේකර මහතා-
රන්ජන් රාමනායක ඉතා හොඳ රංගන ශිල්පියෙක්. ඔහු දේශපාලනයෙන් බැහැරව සිනමාව පමණක් කළේ නම් ඉතා හොඳ ගමනක් ඔහුට යාමට හැකිව තිබුණා.
ප‍්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් මහතා-
රන්ජන්ගේ ප‍්‍රශ්නය තුළින් අනවශ්‍ය ප‍්‍රශ්න ඉදිරිපත් කිරීමට මගේ අදහසක් නැහැ.
උපේක්‍ෂා ස්වර්ණමාලි (පබා) – රන්ජන් රාමනායකට තිබෙන්නේ මාධ්‍ය සාකච්ඡාවලදී තිබෙන ප‍්‍රතිරූපය නොවෙයි. ඔහු කාන්තාවන් දෙස බලන ආකාරය දැන් හොඳට තහවුරු වෙලා තිබෙනවා. රන්ජන්ගේ දුරකථන කතා බහ හරියට ළිඳ ළඟ සංගමය වගෙයි. රන්ජන් කවුද කියලා සැබෑ තත්ත්වය හෙළිවුණා. රන්ජන් සමග යම්කිසි කෙනෙකු දුරකථනයෙන් කතා කරන්නේ යම්කිසි විශ්වාසයක් මතයි. ඔහු ඔවුන්ගේ විශ්වාසය කඩා බිඳ දැම්මා. රන්ජන් සමග දුරකථනයෙන් මා කතා කරන්නේ නැහැ. හේතුව ඔහු ඒවා පටිගත කරන බව මට විශ්වාසයක් තිබුණා. රන්ජන් දිහා කොළ පාට කණ්ණාඩියෙන් බලන අයට ඔහු හොඳ වෙන්න පුළුවන්.
ජනපි‍්‍රය චිත‍්‍රපට, ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක උදයකාන්ත වර්ණසූරිය මහතා-
ඇතැම් දේශපාලනඥයන්ගේ කි‍්‍රයා කලාප අනුව රන්ජන් ගැන කියන්න දෙයක් නැහැ.
ඉදිරි මැතිවරණයේදී එජාපය නායකත්වය නොසලකා හරී
සිංහල සිනමාව 73වන සංවත්සරය
පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු රැසක් හෙළි දරව් වෙයි
සහරාන් හෂීම් බෝම්බ නිෂ්පාදනය කිරීමට ඉගෙන ගත්තේ මෙරට මාධ්‍ය තුළින් විකාශය කළ බෝම්බ නිෂ්පාදනය කිරීම පිළිබද පොලිස් නිලධාරියෙකුගේ පැහැදිලි කිරීමක් නැරඹීමෙන් බව අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිළිබද පරීක්ෂණ පවත්වන ජනාධිපති විශේෂ කොමිෂන් සභාව හමුවේ හෙළිදරව් වුණා.
ඒ ඊයේ (18) ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ සිටින පුද්ගලයෙකු ගෙන් සාක්ෂි ලබාගැනීමේදීයි.
ඔහු පිළිබදව කිසිදු තොරතුරක් කොමිෂන් සභාව මාධ්‍යයට ලබාදුන්නේ නැහැ.
2015 අංක 4 දරණ අපරාධ වින්ධිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අදාළ සැකකරුගේ පෞද්ගලික තොරතුරු හෙළි නොවන ආකාරයෙන් මෙම සාක්ෂි විමසීම පිළිබද වාර්තා කරන ලෙස කොමිෂන් සභාව සාක්ෂි විමසීම ආරම්භයේදීම මාධ්‍යයෙන් ඉල්ලා සිටියා.
මින් පෙර සාක්ෂි ලබාගත් අවස්ථාවලදී සාක්ෂිකරු අදාළ ස්ථානයේ සිටිය ද ඊයේ දිනයේ මෙම සාක්ෂිකරු වෙනත් ස්ථානයක රඳවා එහි සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොමිෂන් සභාවේ පංච පුද්ගල කමිටුව හා සම්බන්ධ කරමින් සාක්ෂි ලබාගැනීම සිදුකළා.
සාක්ෂි විමසීම ආරම්භ කරමින් කොමිෂන් සභාව සාක්ෂිකරුගෙන් විමසා සිටියේ තමන් පාසල් යන කාලයේදී හෝ යම් ආගමික සංවිධානයක් සමග කටයුතු කළාද යන්නයි. ඊට පිළිතුරු ලබාදෙමින් තමන් ශ්‍රී ලංකා ඉස්ලාමික් ස්ටුඩන්ට්ස් සංවිධානයේ කටයුතු කළ බව සාක්ෂිකරු ප්‍රකාශ කළා. එසේම 2012 වසරේ දී ජමාතෙයි ඉස්ලාමික් සංවිධානයේ සබරගමු පළාත් සම්බන්ධීකාරක වශයෙන් ද 2013 වසරේ සිට එම සංවිධානයේ ජාතික සංවිධායක වශයෙන් ද කටයුතු කළ බව ඔහු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියාසිටියා.
ඉන් අනතුරුව කොමිෂන් සභාව ඔහුගෙන් විමසා සිටියේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි සැලකෙන සහරාන් හෂීම් නමැත්තා ඔබට මුලින්ම හමුවූයේ කුමන අවස්ථාවේද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ප්‍රකාශ කළේ දිගන ප්‍රදේශයේ ඇති වූ ජාතිවාදී ගැටුමෙන් අනතුරුව සහරාන් හෂීම් මුල්වරට තමන්ට හමුවූ බවයි. පසුව කොමිෂන් සභාව සාක්ෂිකරු යම් ආගමික සංවිධානයක් මාර්ගයෙන් විදෙස් රටක යම් පුහුණුවක් ලබා ඇත්දැයි විමසා සිටියා. තමන් තුර්කිය හරහා සිරියාවට ගොස් කලක් කටයුතු කළ බවට ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ප්‍රකාශ කළා.
ඒ කෙසේ ද යන්න කොමිසම විමසා සිටි අතර පිළිතුරු ලබාදුන් සාක්ෂිකරු සදහන් කළේ තමන් තුර්කිය හරහා සිරියාවට ගිය ආකාරයත් එහිදී කටයුතු කළ ආකාරයත් පිළිබදව මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළ නොහැකි බවයි. තමන්ට ඒ පිළිබදව ප්‍රකාශ කිරීමට හැකියාව ඇත්තේ මාධ්‍ය ඉවත්වීමෙන් පසුව බවට ඔහු කොමිසමට දැනුම් දුන්නා.
ඒ අනුව අදාළ සැකකරුට කොමිසම හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා එම ස්ථානයෙන් මාධ්‍ය ඉවත් කිරීමට කොමිසම කටයුතු කළා.
අනතුරුව යළිත් සිද්ධිය වාර්තාකරනය සඳහා මාධ්‍යයට අවස්ථාව සළසා දෙමින් සාක්ෂි විමසීම සිදුකෙරුණා. එහිදී අදාළ සාක්ෂිකරු සඳහන් කළේ තමන් සහරාන් පිළිබදව දැනගත්තේ එම වකවානුවේ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වූ වීඩියෝපටයක් නැරඹීමෙන් බවයි. පසුව කොමිෂන් සභාව අදාළ වීඩියෝපටය ලෙස සැලකෙන දර්ශන පෙළක් සාක්ෂිකරුට පෙන්වීමට සැළැස් වූ අතර එහි ප්‍රකාශ කරන කරුණු පිළිබදව සාක්ෂිකරුගෙන් විමසා සිටියා. එහිදී සාක්ෂිකරු සදහන් කළේ මෙම වීඩියෝපටයේ දැක්වෙන්නේ මුස්ලිම් පල්ලි ගිනිබත් කළ අයව ඝාතනය කළයුතු බවට සහරාන් හෂීම් කරන ලද තර්ජනයක් බවයි. 2018 වසරේ දිගන ප්‍රදේශයේ සිදුවූ ගැටුම්වලින් පසු තමන් ඇතුළු පිරිසක් සහරාන් හෂීම් හමුවී ගැටුම සම්බන්ධයෙන් කුමක් කරන්නේ දැයි තමන් විමසූ විට මුස්ලිම් ජනතාවට සහ පල්ලිවලට විරුද්ධවන පුද්ගලයින්ට පහරදිය යුතු බවට සහරාන් ප්‍රකාශ කළ බව සාක්ෂිකරු කොමිසම හමුවේ සදහන් කළා.
පසුව දිගින් දිගටම තමන් සහරාන් සමග ගනුදෙනු කළ බවත් නුවරඑළිය හා හම්බන්තොටදී පැවති පුහුණු කඳවරුවලට ද සහරාන් සමග සහභාගිවූ බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළා.
එම කඳවුරුවලදී තමන් ඇතුලු 150 කට අධික පිරිසකට සහරාන් ටී56 වර්ගයේ ගිනි අවි පෙන්වූ බව සාක්ෂිකරු කියාසිටියා. කෙසේ වෙතත් වනාතවිල්ලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු කඳවුර හසුවීමත් සමග මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ යුතුයි යන තීරණයට සහරාන් එළඹි බවයි සාක්ෂිකරු ප්‍රකාශ කළේ. නමුත් එම අවස්ථාවේදී සහරාන් කියා ඇත්තේ බෞද්ධ ජනතාව ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කළ යුතු බවයි. එසේ වුවද ඔහු ක්‍රිස්තියානි ජනතාව ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කළේ ඇයිදැයි තමන් නොදන්නා බව සාක්ෂිකරු කියාසිටියා.
එමෙන්ම සහරාන් කිසි දිනක බෝම්බ නිෂ්පාදනය කිරීම පිළිබඳ දැන සිටියේ නැති බවත් පොලීසියේ ඉහළ නිලධාරියෙක් යූරියා යොදාගෙන බෝම්බ නිෂ්පාදනය කළ හැකි බව කියන වීඩියෝවක් මාධ්‍ය ඔස්සේ දැකීමෙන් පසු සහරාන් එම ක්‍රමයට බෝම්බ නිෂ්පාදනය කළ බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළා.
අදාළ දර්ශන මාධ්‍ය ඔස්සේ විකාශය නොවුනා නම් මෙවැනි බෝම්බ පිපිරීමක් සිදු නොවන්නට ඉඩ තිබූ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ කියාසිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු තමන් දන්නා බවත් නම් ගම් ආදිය ප්‍රකාශ කළ යුතු නිසා මාධ්‍ය ඉදිරියේ ඒවා හෙළිදරව් කළ නොහැකි බවත් සාක්ෂිකරු ප්‍රකාශ කිරීම නිසා නැවතත් අදාළ කොමිසමෙන් මාධ්‍ය ඉවත් කෙරුණා
