“ද නිව්ස් පේපර්” බලන්න ජනපති සහ අගමැති එක් වෙයි

“ද නිව්ස් පේපර්”චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  එක් වි තිබෙනවා.
කොළඹ One Galleface- PVR සිනමාශාලාවේදී චිත්‍රපටය ඊයේ (28)පස්වරුවේ ප්‍රදර්ශනය කෙරුණා.
සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සම අධ්‍යක්ෂණයක් වූ “ද නිව්ස් පේපර්” චිත්‍රපටයෙහි සම නිෂ්පාදනය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී. ප්‍රේමසිරිගෙනි.
ජුලි 02 වනදා සිට දිවයිනේ සියලුම සිනමා ශාලාවල“ද නිව්ස් පේපර්” චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන අතර එදින උදේ 10.30 ප්‍රථම දර්ශනය නොමිලේ නැරඹීමට  ජනතාවට අවස්ථාව සලසා තිබේ.
තවද කොවිඩ් මර්දනයට සහාය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට සහ මාධ්‍යවේදීන්ට ද තම නිල හැඳුනුම්පත භාවිත කරමින් එක් වතාවක් සිනමා පටය නොමිලේ නැරඹීය  හැකිය.

21 සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා මුරලි

ලොව වැඩිම ටෙස්ට් කඩුළු ලාභියා වන මුත්තයියා මුරලිදරන් 21 වන සියවසේ ලොව වඩාත්ම වටිනා ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් සඟරාව විසින් නම් කර තිබෙනවා.
CricViz නැමැති ක්‍රිකට් විශ්ලේෂණ ආයතනය සමග එක්ව පළ කර ඇති ක්‍රීඩකයන් 30කින් සමන්විත මේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලාංකික හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්.
මෙම ලැයිස්තුව 2000 වසරේ සිට 2020 දක්වා කාලය ඇතුලටහ් ක්‍රිකට් දත්ත ඇසුවෙන් සකසා තිබෙනවා.
මුරලිගේ ටෙස්ට් කඩුළු 800න් 573ක්ම 2000 ජනවාරි 1 සිට 2010 දක්වා කාලය තුළ තරඟ 85කදී ලබා ගෙන තිබීම විශේෂත්වයක්.
ක්‍රීඩකයන් විසින් තරඟ කෙරේ සිදු කල බලපෑම අනුව මේ ලැයිස්තුව සකසා තිබෙනවා.
මේ පිළිබඳ අදහස් දැක්වූ CricViz විශ්ලේෂකයෙක් සඳහන් කළ ආකාරයට මුරලි සහ ග්ලෙන් මැක්ග්‍රාත් වඩාත් බලපෑම්සහගත පන්දු යවන්නන් වනවා.

SLPL ක්‍රිකට් තරගාවලියට එන්න විදෙස් ක්‍රීඩකයින් 90ක් කැමැත්ත පළ කරයි

අගෝස්තු 8 සිට 20 දක්වා ලංකා ප්‍රිමියර් ලීග් 2020 (S.L.P.L) පැවැත්වීමට ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා අමාත්‍යංශය හරහා කැමැත්ත පළ කර ඇති අතර කණ්ඩායම් 5 ක් තරගාවලියට සහභාගී වීමට නියමිතව තිබෙනවා.
ස්ථාන තුනක පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (S.L.P.L) තරඟාවලිය පැත්වීම පිලිබඳ තහවුරු කිරීම සඳහා බොහෝ කාලයක් බලා සිටීමට ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සිදු වුණා.
මෙම තරගාවලියේ නීති රීතිවලට අනුව එක් කණ්ඩායමකට උපරිම වශයෙන් විදේශීය ක්‍රීඩකයින් හය දෙනෙකු සිටිය හැකි බවට රීතියක් ඇතුළත් වන අතර, එක් තරඟයකට ක්‍රීඩා කිරීමට අවසර ලැබෙන්නේ ඔවුන්ගෙන් හතර දෙනෙකුට පමණි.
මේ වන විට විදේශීය ක්‍රීඩකයින් 90 කට ආසන්න සංඛ්‍යාවක් මෙම තරගාවලියට සහභාගී වීමට කැමැත්ත පළ කර තිබෙනවා.
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය ,  රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ  සහ  අවසන් පූර්ව වටය සහ තෙවැනි අවසන් තරඟ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Sri Lanka has now 2,036 cases – June 27th

The total number of COVID-19 infections reported from Sri Lanka has now moved to 2,036 cases, confirms the Ministry of Health.

This is with an individual who recently arrived from Kuwait testing positive for the virus.

Accordingly, three individuals have been detected to have contracted the virus, so far today (28).

Currently, 364 active cases are under medical care at selected hospitals.

Meanwhile, with 22 more regaining health, count of recoveries reported in the country to hiked to 1,661.

Sri Lanka has witnessed 11 deaths from the virus thus far.

No MCC grant monies were ever given to SL – US Embassy

The US Embassy in Sri Lanka says that no MCC grant monies were ever transferred to or spent by the Government of Sri Lanka under the proposed $480 million grant.

“MCC-managed funding to support grant preparatory activities — nearly all of which have been canceled or indefinitely postponed pending the Government’s decision on whether to proceed with the grant — was made available under the same highly transparent and accountable procedures used to enable other US development work.” the embassy said issuing a statement.

The Millennium Challenge Corporation (MCC) – a USG development agency – again ranks #1 globally among bilateral donor agencies, it said.

“MCC’s strong performance reflects its commitment to data transparency, fair & competitive procurements & rigorous monitoring & evaluation of poverty reducing programs,” the embassy tweeted.

The final report of the Experts Committee appointed to review the proposed Millennium Challenge Corporation (MCC) agreement was handed over to President Gotabaya Rajapaksa at the Presidential Secretariat yesterday (25).

The report will be placed before the public later.

The Committee had presented its recommendations following a 6-month long study after careful consideration of opinions, views and suggestions from various sectors of the society including experts, voluntary organizations, public entities and individuals.

Two stages of the MCC had been signed in 2017 and 2018, said the Chairman of the Committee Lalithasiri Gunaruwan, Professor of Economics of University of Colombo. Although USD 7.4 million and 2.6 million had been granted under the two stages, no accounts details are to be found anywhere, Prof. Gunaruwan said.

The Chairman pointed out that no multi-sectorial analysis had been conducted by the focal points of the then Government entrusted with the task of reviewing before the signing of the Compact.

Prof. Gunaruwan said that after the adoption of the project as an Act of Parliament, it would be a violation of the agreement to submit a counter-proposal or a resolution relating to it.

Any condition of the Compact can be amended by two representatives by a letter. Such an action amounts to a violation of the sovereignty of Parliament. It had created a situation where the Attorney General cannot represent the Government or go to Courts, the Chairman said.

The members of the Committee enlightened the President on the current status of countries which had implemented the MCC. They said the fate of these countries is tragic.

The Chairman Prof. Lalithasiri Gunaruwan commended the opportunity given by the President to compile an unbiased report without intervention of any external party, the PMD said.

After considering all these facts, the President directed the Secretary to the President to place the recommendations of the report before the public.

Following a Cabinet decision taken on December 18, 2019, the four-member Committee was appointed with effect from January 01st, 2020.

Former Secretary to the Ministry of Transport Dr. D. S. Jayaweera, President’s Counsel Justice Nihal Jayawardena and architect Nalaka Jayaweera are the other members.

The interim report of the Committee was handed over to the President on February 17th.

Chairman of the committee Professor Lalithasiri Gunarunwan had also presented the final report to Prime Minister Mahinda Rajapaksa at Temple Trees last evening (24).

The Prime Minister will table the final report at the next Cabinet meeting.

The committee was appointed with effect from January 01, based on a cabinet decision taken on December 18 last year, to conduct a comprehensive study on the agreement and make necessary recommendations to the government.

The government had previously decided to suspend the implementation of the previous government’s decision on signing the agreement until the committee reaches its conclusions.

Prime Minister Rajapaksa had tabled the interim report of the committee to the Cabinet of Ministers.

The Cabinet of Ministers had decided not to sign the Millennium Challenge Cooperation (MCC) in its present form based on the recommendations of the committee.

The committee of experts, in its interim report, concluded that the MCC agreement contains clauses that are not in agreement with the Constitution of Sri Lanka and are detrimental to the sovereignty of the country.

The government said it decided not to sign the agreement taking into consideration several facts concerning the MCC deal such as its obscure manner, inclusion of clauses that are against the country’s Constitution and are detrimental to its sovereignty, inclusion of clauses that can adversely affect national security and national, economic, social and cultural affairs and concerns that sprung up regarding the island nation’s sovereignty, independence and national security.

Source: Ada Derana

එක්සත් ජාතික පක්ෂයේ ඩිජිටල් රැස්වීම්

එක්සත් ජාතික පක්ෂයේ ඩිජිටල් ප්‍රචාරක වැඩපිළිවෙළ අද (28) සිට ආරම්භ කිරීමට නියමිතය.

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය ඉලක්ක කරගත්  ඩිජිටල් රැස්වීම් මාලාවේ සමාරම්භය අද පස්වරු 04.00 ට ‘සිරිකොත’ එජාප පක්ෂ මූලස්ථානයේදී සිදුකෙරේ.

සිය දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම ප්‍රචාරක වැඩපිළිවෙළ සංවිධාන කෙරෙන අතර පක්ෂ නායක හිටපු අගමැති  රනිල් වික්‍රමසිංහ එම ඩිජිටල් වේදිකාව හරහා ප්‍රචාරක රැස්වීම් 100 ක් එකවර ඇමතීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ පැවසිය.

ඊට සමගාමිව දිවයිනේ ආසන සියල්ලක්ම අවරණය වන පරදි රැස්වීම 160 පැවැත්වීමට කටයුතු යොදා ඇත. ප්‍රධාන රැස්විම ඩිජිටල් හා සමාජ ජාල මධ්‍ය ඔස්සේ අනිකුත් රැස්විම් 160 සම්බන්ද වනු ඇත.

මේ රට දේශපාලන පක්ෂයක් විසින් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පවත්වන පලමු ජනරැලී මාලව ද මෙය බවත්,එක්සත් ජාතික පක්ෂ නිල වේබ් අඩ්විය හා ෆෙස්බුක් පිටුව හරහා සියලුම දෙනාට මෙම රැස්වීම නැරඹීමට හැකි බවත් එජාප සන්නිවේදන අංශයේ ශානුක කරුණාරත්න පැවසිය.

මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා’ – ප්‍රසන්න කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‘පොහොට්ටු’ පක්ෂය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත්ව ඇතත් එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනට හෝ ඔහුට සමීප කිසිවකුට මනාපය ලබා නොදෙන්නැයි කාර්මික

අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග ඉල්ලා සිටියි.

රාජපක්ෂ පවුලට වඩාත් සමීප පුද්ගලයකු ලෙස සැලකෙන ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එම ඉල්ලීම සිදුකළේ මිනුවන්ගොඩ විගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මෙසේ ද කීවේය.

“මම හොද ශ්‍රී ලංකා කාරයෙක්. හැබැයි මෛත්‍රීපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලියාගේ නැට්ටේ එල්ලුවාට පස්සේ අපි ඒ පක්ෂයෙන් ඉවත් වෙලා නියම ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සහිත නව දේශපාලන පක්ෂයක් ගොඩ නැගුවා. අපේ නායකයා මහින්ද මහත්තයා.

මේ පක්ෂය හදනකොට මෛත්‍රී අපිව පාරක් පාරක් ගාණේ ඇවිද්දනවා බවට තර්ජනය කළා. අපිව පක්ෂ සංවිධායක ධූර වලින් ඉවත් කළා. අපෙන් පළිගන්න බොරු නඩු පැටලෙව්වා. අදටත් අපි ඒ නඩු වලට යනවා. එහෙම කරලා බැලුවේ අපිව නවත්තන්න. හැබැයි ජනතාව හිටියේ අපිත් එක්ක.

රටටත්, පක්ෂයටත් කරපු විනාශයට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වග කිව යුතුයි. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනවන්න ශ්‍රීලනිපය එකතු වුණු බව ඇත්ත. ඒත් මේ මහ මැතිවරණයට මෛත්‍රීපාල සිරිසේනව එකතු කර ගැනීම මා පෞද්ගලිකව විරුද්ධයි. ඔහුට අපේක්ෂකත්වය දුන්නු එක වැරදියි.

මෛත්‍රී හැමදාම කළේ පාවා දීම්. කොයිවෙලේ ඔහු අපිව පාවා දෙයි ද මට නම් සැකයි. ගියපාර ජනාධිපතිවරණයේ දී මෛත්‍රී වචනයක් කථා කළේ නෑ. යටින් උදව් කළේ සජිත්ට.  ඒ නිසා අපිට සැකයක් තියෙනවා ඔහුගේ කණ්ඩායමක් දිනවගෙන අපිට කිසියම් බලපෑමක් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසයි මම කිව්වේ මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලා.”

“මංගලගේ අලුත් මාවත” වික්ටර් අයිවන්ගේ විග්‍රහය

ලංකාවේ පරණ හෝ සාම්ප්‍රදායික දේශපාලන තලයේ වර්ණවත්, විවාද සම්පන්න, නිර්භීත හා නිර්මාණශීලී දේශපාලන චරිතයක් ලෙස සැලකිය හැකි මංගල සමරවීර ජරාජීර්ණභාවයට පත්ව මිය යන්නට ආසන්න තත්ත්වයකට පැමිණ තිබෙන පරණ දේශපාලනයෙන් ඉවත් වී නව දේශපාලන ගමන් මාවතක් තෝරා ගැනීම සැලකිය හැක්කේ ඝන අඳුරක පහළ වූ රිදී රේඛාවක් වශයෙනි.

මා මේ මොහොතේ සිටින්නේ බිහිසුණු හෘදයාබාධයකට මුහුණ දී දිවි ගලවා ගත් රෝගී තත්ත්වයක වුවත් ඒ බව නොසලකා මංගලගේ වෙනස්වීම හා තෝරා ගත් අලුත් මාවත ගැන කෙටියෙන් හෝ සටහනක් ලිවීම මා විසින් කළ යුතුව තිබෙන යුතුකමක් ලෙස සලකා ලියමි.

ඔහු මේ අලුත් මාවත තෝරා ගැනීමට පෙර මා සමගද සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබුණි. මා සමග සාකච්ඡා කරන විට මා පුනරුද ව්‍යාපාරය ව්‍යාපාරය සමග වැඩ කරන ක්‍රියාධරයකු බව හෙතෙම දැන සිටියේය.

අප දෙදෙනා අතර දීර්ඝකාලීන දැන හැඳුනුම්කමක් තිබුණා සේ ම සමහර අවස්ථාවලදී අප දෙදෙනා එකිනෙකාට එරෙහිව සැර පරුෂ ප්‍රසිද්ධ වාද විවාදවල නිරත වූ පුද්ගලයන් දෙදෙනකු ලෙසද සැලකිය හැකිය.

කිසියම් දීර්ඝ කාලයක් අප දෙදෙනා අතර ඇසුරක් නොතිබුණි. එහෙත් පසුගිය ආණ්ඩු පාලන අවසාන කාලයේදී දෙදෙනා අතර නැවත අලුත් ඇසුරක් ආරම්භවී යැයි කිව හැකිය.

මංගලගේ චරිතාපදානය එළිදක්වන උත්සවයේ ඔහු එහි ප්‍රධාන දේශකයා බවට පත්කර ගත්තේ මාය. එහිදී මා කැමති මාතෘකාවක් තෝරා ගෙන කතා කිරීමේ නිදහස මට ලබා දෙන ලදි. මා එහිදී කතා කළේ ලංකාවේ අර්බුදය ගැනය.

නිදහස ලැබෙන විට ආසියානු රටවල් අතර බැබළෙන තත්ත්වයක තිබූ ලංකාව නිදහසින් පසු රටේ පාලනය අපේ පාලකයන් අතට ගැනීමෙන් පසු රට ඇද දමා තිබෙන අවාසනාවන්ත තත්ත්වය ගැන මම එහිදී කතා කරන ලද අතර මාගේ එම කතාව රට පාලනය කළ පාලක පක්ෂවලට එල්ල කළ ප්‍රබල දෝෂාරෝපණයක් ලෙස සැලකිය හැකිය.

ලංකාවේ අර්බුදයට ප්‍රායෝගික විසඳුමක් ලබාදීමේ හැකියාවක් ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට නැති බවද එම තත්ත්වය යටතේ ලංකාවේ සමාජ -දේශපාලන ක්‍රමයේ හා ආර්ථිකයේ පූර්ණ කඩා වැටීමක් ඇතිවීම නොවැළැක්විය හැකි බවද මම කියා සිටියෙමි.

එජාපයේ නායකයන් කිසියම් විශාල පිරිසක් සේ ම මාතර දිස්ත්‍රික්කයේ මංගලගේ ආධාරකරුවන් පිරිසක්ද සහභාගි වූ එම උත්සව සභාව අමතා මා කරන ලද කතාව එම පක්ෂයේ ජනාධිපතිවරණ වැඩසටහනට ශක්තියක් ලබාදෙන කතාවක් වී යැයි කිව නොහැකිය.

එහෙත් මාගේ කතාව මංගලගේ කෝපයට හේතු නොවූ අතර මා පෙන්වා දෙන ලද ආකාරයට රට ඇද වැටී තිබෙන අවාසනාවන්ත තත්ත්වයට රට මාරුවෙන් මාරුවට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙකම සේ ම තමාද ඊට වගකිවයුතු බවද ඒ ගැන තමා කණගාටු වන බවද ඔහු මගේ කතාවෙන් පසුව කරන ලද ස්තුති කතාවේදී ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය පරාජය වී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් පසුව ඔහු නැවත තෝරා ගත් සුළු කණ්ඩායමකගේ සාකච්ඡාවක් කැඳවන ලද අතර ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ගැන එහිදී විස්තරාත්මකව සාකච්ඡාවට ලක් කැරිණි.

සාකච්ඡාවට සහභාගි වූ ආරාධිතයන් අතර ආර්ථික විශේෂඥයෝ දෙදෙනෙක් සිටියහ. ඒ සඳහා පැවති සාකච්ඡා දෙකකට මා සමග පුනරුද ව්‍යාපාරයේ මධ්‍යම කාරක සභිකයන් දෙදෙනකුද සහභාගි විය. ඊට සහභාගි වූ සියලුදෙනාගේ පිළිගත් මතය වූයේ ලංකාවේ අර්බුදය පාලනය කළ නොහැකි තරමට දුර දිග ගොස් ඇති බව හා ඒ නිසා සමාජ-දේශපාලන ක්‍රමයේ හා ආර්ථිකයේ ලොකු කඩා බිඳ වැටීමක් ඇතිවීම නොවැළැක්විය හැකිවනු ඇති බවය.

ඊළඟ සාකච්ඡාව කෙරුණේ ලංකාව ඇද වැටී තිබෙන මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා අපද විශේෂයෙන් මංගල කුමක් කළ යුතුද යන්න ගැනය. ඒ සඳහා අවශ්‍ය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ දිනාගත හැකි ඒ සඳහා දියුණු ඉදිරි දැක්මක් ඇති ප්‍රබල මහජන ව්‍යාපාරයක් ගොඩනගන තැනකට අප යායුතු බව සියලුදෙනාගේ පිළිගත් මතය විය.

එහිදී මංගලගේ භූමිකාව කුමක් විය යුතුද යන්නද සාකච්ඡාවට ලක් කරන ලදි. මා දරන ලද දැඩි මතය වූයේ මංගල පරණ දේශපාලනයෙන්ද, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමෙන්ද ඉවත් වී රට ඇද වැටී තිබෙන අගාධයෙන් රට මුදාගන්නා වැඩසටහනක ප්‍රබල භූමිකාවක් රඟපෑ යුතු බවය.

ඒ කාර්යය පරණ දේශපාලනයෙන් මුළුමනින් ඉවත්වීමකින් තොරව වුවත්, කළ හැකි බව කිහිපදෙනකුගේ මතය වුවත් මංගල ඒ මතය පිළිගත්තේ නැත.

ඔහුගේද ස්ථිරසාර මතය වූයේ හොඳටම කුණුවී තිබෙන පරණ දේශපාලනයෙන් ඉවත් වී රට ගලවා ගැනීමේ අරමුණින් ක්‍රියාකරන නව මහජන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරමුණක් නොවන නිසා ආත්ම විශ්වාසයකින් යුතුව ඒ අරමුණ වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව අපට තිබිය යුතු බවද අපි සියලුදෙනාගේ මතය විය.

අපට තිබෙන්නේ පටු බලලෝභී කුමන්ත්‍රණකාරී අරමුණක් නොවන නිසා ආත්ම විශ්වාසයකින් යුතුව ඒ අරමුණ වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව අපට තිබිය යුතු බවද අපි සියලුදෙනාගේ මතය විය.

රටක් වශයෙන් දැන් ලංකාව තිබෙන්නේ තීරණාත්මක වැදගත්කමක් ඇති දේශපාලන සන්ධිස්ථානයකය. මෙම අර්බුදයට සියලුදෙනාගේ පිළිගැනීමට හේතුවන ප්‍රායෝගික කල්පවත්නා විසඳුමක් ලබාදීමේ හැකියාව යල්පැනගිය දූෂිත දේශපාලනයට නැත. මංගල තෝරාගත් නව ගමන් මාර්ගය රටට දෙන ලොකුම දේශපාලන සංඥාව එයයි.

ලංකාව මුහුණ දී තිබෙන විස්තීරණ අර්බුදය නිර්මාණශීලී ලෙස ජයගත හැකිවනු ඇත්තේ වර්ග, කුල, ආගම් වැනි පටු භේදවලට තිබෙන පිළිගැනීම නැති කොට ලංකාව සිය මව්බිම ලෙස සලකන සියලු මිනිසුන්ට සමාන අයිතිවාසිකම් හා සමාන මනුෂ්‍ය ගෞරවය ලබාදෙන ප්‍රවේශයක් තුළ ලාංකේය ජාතිය ගොඩනැගීම අරමුණු කරගත්, ලංකාවේ රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය වෙලාගෙන තිබෙන දූෂණය, අකාර්යක්ෂමතාව හා අධිකාරිවාදය අහෝසි කිරීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ මගින් නීතියේ පාලනය රජයන නූතන ලාංකේය රාජ්‍ය ප්‍රතිනිර්මාණය කරගැනීම අරමුණු කරගත් ලෞකිකවාදී, බහුත්වවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී දැක්මක් ඇති සැබෑ මහජන ව්‍යාපාරයකට පමණය.

මංගල එකතු වී තිබෙන්නේ එවැනි ඓතිහාසික දේශපාලන වැඩසටහනකටය. රට හා එහි ජනතාව ගැන ආදරයක් ඇති සියලුදෙනාට එම ගමනේ වැදගත් කොටස්කරුවන් බවට පත්විය හැකිය.

(වික්ටර් අයිවන් – ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී)

[වික්ටර් අයිවන්ගේ FB පිටුවෙන් උපුටාගන්නා ලදී]