විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සුවිශේෂී තීරු බදු සහන

ශ්‍රී ලංකා රේගුව පසුගිය සතියේදී විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සුවිශේෂී තීරු බදු සහන කිහිපයක් නිවේදනය කර තිබේ.

ඒ අනුව විදේශ රටවල සිට සේවය කර ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හට ලබා දෙන තීරු බදු සහිත භාණ්ඩ සංඛ්‍යාවේ විශාල වෙනස්කමක් සිදු කර තිබේ.

නව තීරු බදු සහන පුළුල් කිරීමේ තීරණය යටතේ නිවෙසකට අවශ්‍ය නාන කාමර කට්ටලයක්, අල්මාරියක්, කණ්නාඩි මේසයක් හා ඇඳක් සහිත නිදන කාමර කට්ටලයක්, සූර්ය පැනල සහ සූර්ය කෝෂ, CC 350 ට වඩා අඩු යතුරු පැදියක් තීරු බදු රහිතව ශ්‍රී ලංකාවට ගෙන ආ හැකි බව වාර්තා වේ.

මීට අමතරව මීට පෙර තීරු බදු ගෙවිය යුතුව පැවති ඇතැම් භාණ්ඩ සඳහා මෙම නව තීරණය යටතේ තීරු බදු සහන ලබා දීමටද කටයුතු යොදා ඇති බව සඳහන්.

ඒ යටතේ ඩෙස්ක්ටොප් පරිගණක 1ක්, ලැප්ටොප් පරිගණක 1ක්, ජංගම දුරකථන 2ක් වැනි ජනතාවට එදිනෙදා ජීවිතයේ අවශ්‍ය භාණ්ඩ කිහිපයකට මෙම තීරු බදු සහනය ලබා දී ඇතැයි ගුවන්තොටුපොළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍ර‍ම බස්නායක මහතා සඳහන් කළේය.

ඊට අමතරව ශ්‍රී ලංකා රේගුව විසින් සීමා කරන ලද භාණ්ඩ කිහිපයක් තිබෙන බවද ඒවා රැගෙන ඒමේදී සම්පූර්ණ බදු ගෙවීමට සිදුවන බවද ඔහු පැවසීය.

ඒවා පහත පරිදි වේ.

  • වායු සමීකරණ යන්ත්‍ර.
  • අධි ශීතකරණ.
  • ඩිෂ් වොෂර් යන්ත්‍ර.
  • උදුන් හතරක් සහිත විදුලි අවන්.
  • නව සහ පාවිච්චි කරන ලද ශීතකරණ (ලීටර් 500 ට වැඩි)
  • T.V. CRT (අඟල් 29 ට වැඩි)
  • T.V. LCD /LED/PLASMA (අඟල් 55 ට වැඩි)

ශ්‍රී ලංකා රේගුව විසින් සංශෝධනය කළ නව තීරු බදු සහන භාණ්ඩ ලැයිස්තුව මෙතනින්.

මේ පිළිබඳ වැඩි විස්තර ශ්‍රී ලංකා රේගුවේ නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකි වේ.

විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් පිටව සිටි කාලය අනුව ලැබෙන තීරු බදු සහන කෝටාව පහත පරිදි වේ.

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ලබා දී තිබෙන කටඋත්තර අනුව හිටපු යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී අත්අඩංගුවට

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ කීත් නොයාර්ට පහර දීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රහස් පොලීසියට ලබා දී තිබෙන කටඋත්තරය අනුව හිටපු යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේන මහතා සහ ජාතික බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ යන අය අත්අඩංගුවට ගැනීමට සිදු වනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම මෙම සිදුවීම්වලට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ද ප්‍රශ්න කිරීමට කටයුතු කෙරෙනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

කෙසේ නමුත් විවිධ සාක්ෂිකරුවන්ගේ වාචික සාක්ෂි මත පමණක් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනා රැසක් එල්ල වී තිබේ. විශේෂයෙන්ම මෙම සිදුවීම්වලට ඍජුවම සම්බන්ධ පුද්ගලයන් රජයේ සාක්ෂිකරුවන් වී සිදු කරන පාවා දීම හේතුවෙන් මේ වන විට සිදුවීම්වලට ඍජුවම සම්බන්ධ නොවුණු බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම සිදුව ඇති බවත් ඔවුන් හෙළිදරව් වීම මඟින් එම පුද්ගලයන්ගේ ජීවිතවලට මෙන්ම ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් බවටත් මෙම බුද්ධි අංශ නිලධාරීන් චෝදනා කරයි

ජීනීවා එකඟතා ජනපතිගේ ස්ථාවරයට යටත් විය යුතුයි – සුසිල් ප්‍රේම්ජයන්ත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 දී ගෙනා 30/1යෝජනාවලියට අදාළව සහ ඊට තවදුරටත් සම අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා රජය එකඟ වී ඇතත් එය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනටමත් ප්‍රකාශ කර ඇති ස්ථාවරයට අනුකූලව ක්‍රියාත්මක විය යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී තිබේ.

මෙකී යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට තවත් වසර 2 ක කාලයක් ලැබී ඇතත් ඊට සම අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකාව එකඟතාව පළකර ඇතත් “ඔය එකඟතාව පළ කළ අය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරයට අනුගතව ක්‍රියාත්මක වීමට වගබලාගත යුතුයි. ජනාධිපතිවරයාගේ ස්ථාවරය ශ්‍රීලනිපයේ ස්ථාවරයයි”යනුවෙන් මේ ගැන කළ විමසීමක දී ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ‘සත්හඬ’ ට පැවසීය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුසියාවේ නිල සංචාරයට සහභාගි වෙමින් සිටි ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් දුරකථන මඟින් අප කළ විමසීමේ දී ප්‍රකාශ කළේ කවරාකාරයක හෝ දෙමුහුන් අධිකරණ ක්‍රියාවලියකට එකඟ නොමැති බවට දැනටමත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දරන ස්ථාවරය ශ්‍රීලනිපයේ ද ස්ථාවරය බවයි.

“අපි කතා කරන්නේ, විමසන්නේ සංහිඳියාව ගැන පමණයි. සම අනුග්‍රහය දක්වන්නට ජිනීවාහි දී තවදුරටත් එකඟතාව පළ කළ අය ජනාධිපතිවරයාගේ ස්ථාවරයට අනුව ක්‍රියාත්මක වීමට දැනගත යුතුයි.” ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රීලනිපයේ ප්‍රධාන පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ රජයේ නියෝජිතයන් මෙම යෝජනාවට තවදුරටත් එකඟතාව පළ කළ ද තවත් වසර දෙකකින් පසු ඇති විය හැකි අර්බුදය ගැන අවධානය යොමු කර නොමැති බවය.

ප්‍රභාත් වීරරත්න

සත්හඬ’

රක්නා ලංකා ආරක්ෂකයින් චම්පිකගේ කොම්පැනියකට

නීතිපතිවරයාගේ උපදෙස් අනුව, සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කරන තෙක් එම සමාග‍මේ ගොඩබිම ආරක්ෂකයන්ගේ රැකියා සුරක්ෂිතතාව තහවුරු කරමින් ඔවුන් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් සීමාසහිත LRDC සේවා පෞද්ගලික සමාගම වෙත අනුයුක්ත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මේ සඳහා වන කැබිනට් සංදේශය ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කර ඇති අතර අදාළ සේවක මණ්ඩලය  ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් සීමාසහිත LRDC සේවා පෞද්ගලික සමාගම වෙත අනුයුක්ත කිරීමට විෂයභාර අමාත්‍ය (මහානගර හා බස්නාහිර සංවර්ධන) පාඨලී චම්පික රණවක එකඟතාව පළකර ඇත.

වාර්තා වන අන්දම අදාළ එකඟතාව අනුව රක්නා ලංකා හී ගොඩබිම ආරක්ෂකයින් ලෙස කටයුතු කළ1050 කට ආසන්න පිරිසක්  සීමාසහිත LRDC සේවා පෞද්ගලික සමාගමේ සේවයට එක්වනු ඇත.  මේ අතර ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඉහත කැබිනට් සංදේශය අනුව සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගමේ  බැඳීම් හා වගකීම් සම්බන්ධයෙන් පවතින ගැටලු සහ මහජන මුදල් පිළිබඳ වගකීම පිළිබඳ අධ්‍යයනය කොට සුදුසු විසඳුම් යෝජනා කිරීම‍ටත් යෝජනා කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත් නියමිතව ඇත. මේ කටයුතු සිදු වන්නේ රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කර එහි ගොඩබිම් ආරක්ෂක කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටත්, සාගර ආරක්ෂක කටයුතු නාවික හමුදාවටත් පැවරීම පිණිස 2016‑12‑13 දින අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දුන් අනුමැතිය ක්‍රියාත්මක වන තෙක්ය.

කෙසේ වුවත් පා වෙන අවි ගබඩාවක් ඇතුළු සමුද්‍රාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් රක්නා ආරක්ෂක ලංකා සමාගම හා ගිවිසුම්ගතව සිදු කළ  ව්‍යාපාරයට අදාළ ගිවිසුම් කඩකර ව්‍යාපාරය අවසන් කිරීම නිසා තම සමාගමට වූ අගතියට එරෙහිව පවරා තිබූ නඩුවකින් ඇවන්ට්ගාඞ් සමාගමට සිංගප්පූරු ඩොලර් 826,000 ක් (රුපියල් මිලියන 840) වන්දි ලෙස ගෙවන ලෙස සිංගප්පූරුවේ ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලය (SIAC) විසින් රක්නා ආරක්ෂක ලංකා සමාගමට නියෝග කර ඇත. ඒ අනුව රක්නා ලංකා සමාගම ඈවර කරන්නට පෙර මෙම මුදල් ගෙවීමට සිදු වන තත්ත්වයක් ඇති අතර රක්නා ආරක්ෂක ලංකා සමාගමේ 100%ක කොටස් හිමිකම ඇත්තේ  ආරක්ෂක අමාත්‍යාංශයට ය. තව ද මෙරට අවි ගබඩා කිරීම සඳහා රක්නා ලංකා සමාගම වෙනුවෙන් රතු මුහුදේ පවත්වාගෙන ගිය ‘ඇවන්ට්ගාඞ්’ පා වෙන අවි ගබඩාව වෙනුවෙන් ඇවන්ට්ගාඞ් සමාගම විසින් දරූ පිරිවැය රක්නා ලංකා සමාගම විසින් නැවත තමන් වෙත ලබා දියයුතු බව කියමින් පසුගිය දා රක්නා ලංකා සමාගම වෙත, ඇවන්ට්ගාඞ් සමාගමේ සභාපතිවරයා විසින් ලිපියක් යොමු කොට තිබූ බවත්  එහි දී ඇමරිකානු ඩොලර් මිලියන 5.2 ක් අය විය යුතු බව දන්වා ඇති බවත් මාධ්‍ය වාර්තා පළ වී ඇති අතර  එම ඉල්ලීම විවාදයකින් තොරව රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා විසින්  පිළිගෙන ඇති බවත් පසුගිය සමයේ වාර්තා විය.

ඒ අනුව රක්නා ලංකා ඈවර කිරීම හමුවේ ඇවන්ට්ගාඞ් ආයතනය වෙත පමණක් රුපියල් බිලියන ගණනක මුදලක් ගෙවීමට සිදුව ඇති තත්ත්වයක් ද පෙනෙන්නට ඇත.

– සංජය ලියනගේ

සත්හඬ’

2017 ෙතමසක් ෙගගවී යාමටත් ෙපර ෙකාටස් සියයට 4කින් කඩා වැ ෙටයි

කොළඹ කොටස් වෙළෙඳපොළ 23වන  දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,979.85 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනය හා සැසඳීමේ දී ඒකක 16.80 ක හෙවත් සියයට 0.28 ක පහළ යාමකි.

2016 මාර්තු 15 දිනෙන් පසු වාර්තා වූ අවම සියලු කොටස් මිල දර්ශක අගය ලෙස මෙය වාර්තා වේ.

දිනය අවසානයේ දී S&P SL20 දර්ශකය ද ඒකක 11.73 ක පහළ යාමක් වාර්තා කළ අතර එහි අගය දැක්වුණේ ඒකක 3,411.96 ක් ලෙසිනි.

රුපියල් මිලියන 616.39 ක පිරිවැටුමක් අද දින ගනුදෙනුවලින් වාර්තා විය. මෙය 2017 වසරේ සාමාන්‍ය පිරිවැටුම් අගය වන රුපියල් මිලියන 671 ට වඩා පහළ අගයයකි.

2017 වසරේ මේ දක්වා කාලය තුළ සියලු කොටස් මිල දර්ශක අගය සියයට 3.99 කින් පහළ ගොස් තිබේ. S&P SL20 දර්ශකයට අනුව සියයට 2.42 කින් කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇත.

ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු අවසන් අදියෙර්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

ගුවන්තොටුපළ ප්‍රධාන සිවිල් ඉංජිනේරු කාර්යාලය ප්‍රකාශ කළේ ගුවන් පථයේ කටයුතු සහ නවීන විද්‍යුත් සංඥා පද්ධතිය සවි කිරීමේ කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින බවය.

ඒ අනුව සැලසුම් කළ පරිදි ලබන මස පස් වැනිදා වන විට ගුවන් තොටුපලේ සම්පූර්ණ සංවර්ධන කටයුතු අවසන් කිරීමට නියමිත අතර අප්‍රේල් මස 6 වැනිදා සිට ජාත්‍යන්තර ගුවන් ගමන් කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කිරීමට නියමිතය.

පසුගිය ජනවාරි මාසයේ සිට එහි සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණු අතර ඒ සඳහා රුපියල් කෝටි 720ක් වැය කර තිබේ.

චීන සමාගම් දෙකක් විසින් එහි සංවර්ධන කටයුතු සිදුකෙරුණි.

හෙද සංගමය තවත් වර්ජනයකට වැඩ අල්ලයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ සේවය වාර්තා කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

එහි සභාපති ගාමිණි කුමාරසිංහ මහතා සඳහන් කළේ තම ගැටළුවලට විසඳුම් ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සාකච්ඡා කිහිපයක්ම ඉල්ලා සිටියද මේ වන තෙක් කිසිදු සාකච්ඡාවක් ලබාදීමට පියවර ගෙන නොමැති බවය.

අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපයට එරෙහිව  මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වීමට තීරණය කර ඇති බව  ගාමිණි කුමාරසිංහ
මහතා කියා සිටියේය.

“නාඳුනන සොල්දාදුවාගේ ස්මාරකය” වෙත – ජනපති පුෂ්පෝපහාර

රුසියාවේ තුන් දින නිල සංචාරයක නිරතව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන (23) පෙරවරුවේ රුසියාවේ ප්‍රකට ස්මාරකයක් වන “නාඳුනන සොල්දාදුවාගේ ස්මාරකය” වෙත ගොස් මල් කළඹක් තැන්පත් කොට පුෂ්පෝපහාර දැක්වීය.

president 1

මොස්කව් නගරයේ රතු චතුරශ්‍රයේ, ඇලෙක්සැන්ඩර් උද්‍යානයේ ගොඩනගා ඇති මෙම ස්මාරකය දෙවන ලෝක යුද්ධයේදී මිය ගිය සෝවියට් සොල්දාදුවන් සිහිවීම පිණිස ඉදි කර තිබේ.

දශක හතරකට පසුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයකු රුසියාවේ නිල සංචාරයක යෙදෙන පළමු වතාව මෙයයි.

රතු චතුරශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා මොස්කව් නගරයේ හමුදා අණදෙන නිලධාරී විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබූ අතර විශේෂ හමුදා උත්තමාචාරයක් ද ජනාධිපතිතුමා වෙනුවෙන් පිරිනැමිණි.

ජයන්ති සිරිසේන මැතිනිය ඇතුළු ශ්‍රී ලංකා දූත කණ්ඩායම ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපතිවරයාගේ නිල සංචාරය අතරතුර ධීවර කටයුතු, සංචාරක කටයුතු, සංස්කෘතික විද්‍යා හා තාක්ෂණික අංශ ඇතුළු අංශවල ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය පැවසී්‍ය.

විදේශ අමාත්‍ය මංගල සමරවීර හා ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේම්ජයන්ත්, එස්බී නාවින්න සහ මහින්ද සමරසිංහ ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ද මෙම සංචාරයට එක් වී සිටියහ.

නොනිදන කේතුමතියේ පින්වතුන්ෙග් අවධාය පිණිසයි

නිරාශා පියවදනි

මේ නොනිදන කේතුමතියේ එක් රැයකට පුළුස්සන රුපියල් ශත ගැන වරක් මා මිතුරෙකු කිව්ෙව් ෙමෙස්ය.

“ආතල් එක කියන්නෙ ඒකටනෙ බං සල්ලි තියෙන් පිස්සු නටලා ජොලියෙ ඉන්න. කොහොමත් මං නම් එක නයිට් එකකට ලක්ෂෙ පන්නනවා. අපෝ ඕවානම් මොනාද බං සොමියෙ ඉන්න එපාය.”

පිරිසක් සල්ලිවලින් බඩ පිනුම් ගසනා මේ කේතුමතියේම හිසට වහලක් තනා ගැනීමට හෝ කුසට අහරක් සරි කර ගැනීමට නොහැකිව සෝගින්නෙන් දැවෙන ජීවිත එමටය. සොමිබර ජීවිතයක් වෙනුවෙන් සමාජ ශාලා පොහොසත් කරවන පින් ඇත්තන් ඇතුළු සියලු පින්වතුන්ෙග්  දැන ගැනීම පිණිස ෙබාස්ටන් ලංකා වරින්වර එවැනි ජීවිත පිළිබද පළ කරන්නේ එබැවිනි.
ලෙල්ලු‍ෙ පිටියේ  උපන් 35 හැවිරිදි දිනේශ් කුමාරට අගහිගකම් අරුමයක් නොවේ. පැමිණි දුක් පැණි රසයි කියා ඔහු ධෛර්යෙන් දිවිය හා පොර බැදූවද විවාහයෙන් පසු දරු දෙදෙනාත් සමග ඒ අරගලය සිතූ තරම් පහසු නැති බැව් වැටහෙන්නට විය. මේ වන විට වයස අවු 02ක් වයසැති ඇසිනි හිමාෂා දියණියත් සිව් මස් වියැති දිලූෂ දිනෙත් පුතණුවනුත් බිරියත් සමගින් ඔහු වෙසන්නේ අනාරක්ෂිත පැල්පතකය.
 නිවසක් ෙනාකියා ඒයට පැල්පතක් යැයි පැවසුෙව් නිවසක තිබිය යුතු ප්‍රාථමික ගණෙය් අාරක්ෂාවවත් බිළිදුන් ෙදෙදනකු ද සමගින් දිවි ෙගවන ෙම් පවුලට ඒ් වහල යට ෙනාලැෙබන බැවිනි.
ඔහු අයැද සිටින්න් සැප සම්පත් මවා ෙදන කප්රුකක් නොවේ. සිය දුගී පැල්පත නිවහනක් කර ගැනීමට පුංචි සහයක් පමණි.
“දුවගෙ ආරක්ෂාව ගැන වැඩිපුර හිතලයි මේ ඉල්ලීම කරන්න හිතුවෙ. අපිිට මේ ගේ ටිකක් ආරක්ෂාකාරී ඇති විදියට හදලා දෙන්න කාටහරි උදව් කරන්න පුළුවන්නම් ඒ ඇති. කුලී වැඩ කරලා හොයා ගන්න සොච්චමෙන් දවස ගෙවා ගන්නෙත් පුදුම දුකක් විදලා.” කුමාර සිය අහිංසක අපේක්ෂාව අකුරු කළේ එලෙසින්.
දහසින් බැදි තොරන්, උත්සව සැණකෙළීවලට දිනපතා  ඔබ කොතරම්නම් මුදල් වැය කරනවාද?ඒයින් පුංචි මුදලක් ෙම් අහිසංක ජීවිතවලට ඒළියක් ෙගෙනන්නට ෙවන් කළ හැකිනම් මනුෂ්‍යත්වයට ඔබ සැබෑ අරුතක් තිළිණ කරනු අැත.
 ඔහුව සම්බන්ධ කරගැනීමට –
අැල්ගිරි පතිරණෙග් දි ෙන්ෂ් කුමාර – 1/30, පතුල්ගාන, ෙලල්ලුපිටිය
 හැදුනුම්පත් අංකය – 820354940V
දුරකථන අංකය – 0750985838
වි ෙශ්ෂ ස්තුතිය – ෙතාරතුරු ලබා දුන්  සුභාෂ් අසංකට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බරපතල වංචා විමර්ෂණ ජනාධිපති කොමිසම ඉදිරියට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (මාර්තු 24) බරපතල වංචා විමර්ෂණ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දීම සදහා පෙනී සිටියේය.

ඉකුත් සතියේද ඒ මහතා මේ වෙනුවෙන් පෙනී සිටීමට නියමිතව තිබුණද නොවැළක්විය හැකි කරුණක් හේතුවෙන් එදින තමාට පෙනී සිටිය නොහැකි බව ඒ මහතා නීතිඥයෙක් මාර්ගයෙන් දන්වා තිබුණි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලංකා රෑපවාහීනී සංස්ථාවේ පලකරන ලද දැන්වීම් වෙනුවෙන් අයවිය යුතු රැපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ඒ මහතා කොමිසම වෙත පැමිණියේය.

මෙහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් විනාඩි 45කට ආසන්න කාලයක් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන ලදී. මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද සහභාගී වූහ