මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයනු ලබන සේවාවන් කිහිපයක් එකවර බිඳ වැටී තිබෙනවා.
මයික්‍රොසොෆ්ට් Teams සහ Outlook ඇතුළු සේවාවන් රැසක් මෙලෙස බිඳවැටී ඇති අතර එම ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයනු ලබන සේවාවන් කිහිපයක් එකවර බිඳ වැටී තිබෙනවා.
මයික්‍රොසොෆ්ට් Teams සහ Outlook ඇතුළු සේවාවන් රැසක් මෙලෙස බිඳවැටී ඇති අතර එම ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.
ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය භාණ්ඩ 6 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නව මිල ගණන් හෙට (26) සිට ක්‍රියාත්මක බවයි එම ආයතනය සඳහන් කළේ.
භාණ්ඩ ලැයිස්තුව පහතින්,

නොරොච්චෝලේ විදුලි බලාගාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අඟුරු නෞකා 33න් 10ක් මේ වන විට ගෙන්වා ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
ජනවාරි මාසය තුළ සැලසුම් කළ ගල් අඟුරු නෞකා 7න් 5ක් මේ වන විට ලබාගෙන ඇති අතර තවත් ගල් අඟුරු නෞකා දෙකක් මේ මස තුළ ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබාගැනීම සහ එම ගල් අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලබාගැනීමේ ප්‍රතිපත්ති සමාලෝචනයට හා විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමේ හැකියාව පිළිබඳව ඊයේ (24) පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබෙනවා.
පෙබරවාරි මාසය තුළ තවත් ගල් අඟුරු නෞකා 07ක්, මාර්තු මාසය තුළ නෞකා 07ක් සහ අප්‍රේල් මාසය තුළ නෞකා 07ක් ලෙස ගෙන්වා ගැනීමට මේ වන විට සැලසුම් කර ඇති අතර ඊට අදාළ මුදල් ලබාගැනීම වෙනුවෙන් මේ වන විට රාජ්‍ය බැංකු දෙක මගින් ණය පහසුකම් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇති බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව සිව්දින තරග 02 ක් සහ එක්දින සීමිත ඕවර තරග 03 ක් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා A සංචිතය තෝරාගෙන තිබෙනවා. ඒ අනුව මෙම සංචිතය සඳහා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන කුසල් ජනිත් පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් ද නම් කර තිබෙනවා. අදාළ සංචිතය පහතින්,


උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබෙනවා.
ඒ අනුව අද උදෑසන 10.30 ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවැත්වෙන පරීක්ෂණය සඳහා සහභාගී වන ලෙස ඔවුන් වෙත දැනුම් දී ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.
උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි 17 දක්වා විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමට අවශ්‍ය සුදුසු පියවර ගන්නා ලෙස ඉකුත් 23 වනදා මානව හිමිකම් කොමිසම එම නිලධාරීන් වෙත ලිපියකින් දැනුම්දී තිබුණා.
නමුත් ඒ පිළිබඳව දෙපාර්ශ්වයම විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිරීක්ෂණය කර ඇති බවයි සඳහන් වන්නේ.
රාජ්‍ය සේවයේ විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල වැටුප් ගෙවීම අද (25) සුපුරුදු පරිදි සිදුකෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනවාරි මස වැටුප් ගෙවීම ප්‍රමාදවනු ඇති බවට පසුගියදා ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත් අද දිනයේ මෙලෙස සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන බවයි ඊයේ පස්වරුවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ගම්පොළ, මහනුවර මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවකට අයත් ATM යන්ත්‍රයක් කිසියම් පිරිසක් විසින් ගලවා රැගෙන ගොස් ඇති බව පොලීසිය පවසනවා.
මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු වෑන් රථයකින් පැමිණ ආරක්ෂක නිලධාරියා ගැට ගසා ATM යන්ත්‍රය ගලවාගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
ඊයේ (24) රාත්‍රි 12.40ට පමණ මෙය සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
නවසීලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස Chris Hipkins දිවුරුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව එරට හිටපු අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් ඉල්ලා අස්වීමෙන් පසුව නව අග්‍රමාත්‍යවරයා ලෙස 44 හැවිරිදි Chris Hipkins මෙලෙස දිවුරුම්දී ඇති බවයි සඳහන් වන්නේ.
ඔහු මීට පෙර අධ්‍යාපන අමාත්‍යවරයෙකු සහ පොලිස් අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (25) පළමු වතාවට රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව එහිදී ඉදිරි වැඩකටයුතු සිදු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සියලුම සාමාජිකයන් පත් කිරීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා A.H.M ෆවුසි පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොළඹ නගරාධිපති ධූරය සඳහා තරග කිරීමට පසුගියදා මුජිබර් රහුමාන් තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණා. අදාළ ගැසට් නිවේදනය පහතින්,
