වැඩියෙන් ආදායම් ලබන අයගෙන් වැඩියෙන් බදු අ​යකර ගැනීම ජනපතිගේ ප්‍රතිපත්තියයි – දිලුම්

බැංකුවල, විශ්වවිද්‍යාලවල සහ රෝහල්වල සිටින කළු ඇදගත් පිරිසගෙන් මේ රටේ වැඩිම ආදායම ලබන පිරිස කවුද යන්න පිළිබඳව ජනතාවට දැනගත හැකි බව කළු විරෝධතා සතිය පිළිබඳව අදහස් දක්වමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

රුපියල් ලක්ෂයකට වඩා වැඩියෙන් වැටුප් ගන්නා පුද්ගලයින්ට අයවන බදු මුදල රුපියල් 3,000 ක් බවත්, ලක්ෂ 2 සිට ඉහළට වැටුප් ගන්නා පිරිසට සැලකිය යුතු බද්දක් අය කරන බවත් අමාත්‍යවරයා පවසනවා.

පහුගිය කාලවලදී වැඩියෙන් වැටුප් ලබන අයට සහ අඩුවෙන් වැටුප් ලබන අයට පැවතියේ එකම බද්ද බවත් ඒ හේතුවෙන් අද රජයට මෙම තත්ත්වය උදාවී ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.

රජයක් පවත්වා ගන්නේ බදු ආදායම මගින් බවත්, ආදායම වැඩි අයගෙන් වැඩි බද්දක් අය කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවා.

තාරුණ්‍යය​ට හෙටක් සංවිධානය සම්බන්ධයෙන් පැවති නඩුවෙන් නාලක ගොඩහේවා නිදොස් කොට නිදහස් කෙරේ

තාරුණ්‍යයට හෙටක් සංවිධානය සඳහා ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ දී රු. ලක්ෂ 50ක් ලබාදීම තුළින් රජයේ මුදල් සාපරාධී පරිහරණය කළ බවට පැවරී තිබූ නඩුවෙන් මහාචාර්ය නාලක ගොඩහේවා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කළ සාක්ෂි ප්‍රමාණවත් නොවන බව පවසමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

ශිෂ්‍යත්​ව ප්‍රතිඵල නැවත සමීක්ෂණයට පෙබරවාරි 28 දක්වා කල් ලබාදෙයි

ඊයේ (25) දිනයේ දී නිකුත් කරන ලද 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා සිසුන්ට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා පෙබරවාරි 28 වනදා දක්වා කල් ලබාදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අනීතිකව පුද්ගලයන් සිරගත කරන්න මේක ඒකාධිපති රටක් නෙවෙයි – සජිත්

රටේ බදු බර වැඩිකර, විදුලි බිල වැඩි කර, ජනතාවට ජන ජීවිතය පවත්වා ගෙන යාමට නොහැකි මොහොතක, මේ රටේ දුක්විදින පොදුජනතාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ව සිරගත කිරීම ගැන තමා අතිශය කණගාටු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සිරගත කර සිටින වෘත්තීය සමිති නායකයන් දෙදෙනකු වන ආනන්ද පාලිත සහ සංජීව ධම්මික බැලීමට වැලිකඩ බන්ධනාගාරයට යන අතරතුර ඔහු මේ බව පැවසුවා.

විදුලිබිල වැඩි කිරීමට එරෙහිව, බලශක්ති ක්ෂේත්‍රයේ දූෂණයට එරෙහිව, වර්තමාන රජයේ දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔවුන් පෙනී සිටි බවත්, ඔවුන් කිසිඳු ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මක නොකළ බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ලබා දී ඇති භාෂණයේ අයිතිය ක්‍රියාත්මක කළ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

එසේ අනීතිකව පුද්ගලයන් සිරගත කිරිමට අප රට ඒකාධිපති හෝ ආඥාදායකත්වයක් සහිත රටක් නොවන බවත්, අප රට ප්‍රජතන්ත්‍රවාදී රටක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

රු.බිලියන 10ක් වියදම් කර සෑදූ ආදායම් බදු මෘදුකාංග පද්ධති​ය ක්‍රියාකාරී මට්ටමේ නැහැ – COPA

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය බදු ආදායම් එකතු කරගැනීමේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා 2014 වසරේදී සාදාගත් RAMIS නම් ආදායම් බදු කළමනාකරණ මෘදුකාංග පද්ධතිය සඳහා රුපියල් බිලියන 10ක පමණ ආයෝජනයක් සිදුකර ඇති නමුත්, එය මේ වනවිට නිසි තත්ත්වයෙන් ක්‍රියාත්මක නොවන බවට තොරතුරු ලැබී ඇති බව COPA කමිටුව පවසනවා.

අදාළ මෘදුකාංග පද්ධතිය වැඩි දියුණු කිරීම වෙනුවෙන් තවත් විශාල මුදලක් මේ වන විට වැයකොට ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසූ COPA සභාපතිවරයා අවධාරණය කළේ, තව දුරටත් මේ වෙනුවෙන් මුදල් වියදම් කිරීම ප්‍රතිඵලදායකද යන්න සොයාබැලීම අත්‍යාවශ්‍ය වන බවයි.

මෙම RAMIS මෘදුකාංග පද්ධතිය පිළිබඳ ප්‍රසම්පාදනය ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් පෙනීයන හෙයින්, මෙම පද්ධතිය රටට ගැලපෙන ආකාරයෙන් ක්‍රියාකාරී මට්ටමට පත්කිරීමේ හැකියාව විමර්ශනය කොට නිගමන ඉදිරිපත් කිරීම සඳහා COPA කමිටුව විසින් අනු කමිටු දෙකක් පිහිටුවීමටද යෝජනා වී තිබෙනවා.

ලංකාවේ ඖෂධ හිඟය ගැන WHO වෙත පැමිණිලි කරනවා – GMOA

මෙරට මුහුණ දී සිටින ඖෂධ හිඟය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වෙත පැමිණිලි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය (GMOA) පවසා සිටිනවා. බලධාරීන්ගේ නොසැලැකිලිමත් භාවය හේතුවෙන් ශ්‍රී ලංකාව ඖෂධ හිඟයකට මුහුණ දී සිටින බවත්, ඒ පිළිබඳව වන පැමිණිල්ල අද (26) පෙරවරුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත භාර දෙන බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටියා.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සර්ව පාක්ෂික හමුවක් රැස්වෙයි

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් අද (26) ප.ව 4.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සර්වපාක්ෂික හමුවට කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂනායකවරයාට මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ද, අනුර කුමාර දිසානායක ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකවරුන්ටද ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත්වෙයි

2022 වර්ෂයට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපළ මේ වන විට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි.

උසස් පෙළ අවසන් වන තෙක් විදුලිය කප්පාදු නොකිරීමට එකඟතාවයක්

අද (25) සිට අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී ඇති බව මානව හිමිකම් කොමිසම පවසනවා.

ඒ අනුව එම නිර්දේශය ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඇතුළු සියලුම පාර්ශව එකළඟතාව පළ කර බවයි නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබුණා.

a97618f88952ed376109895234b26513.jprg

 

ජනපති ප්‍රධානත්වයෙන් හෙට සර්වපාක්ෂික හමුවක්

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් හෙට (26) ප.ව. 4.00 ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සර්වපාක්ෂික හමුවට කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂනායකවරයාට මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේනට ද ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධූරයට පත්වීමෙන් පසු 2022 දෙසැම්බර් 13 දින කැඳවන ලද පක්ෂ නායක හමුවේ දී සාකච්ඡා වූ සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති අතර ඒ පිළිබඳ පක්ෂ නායකයන්ගේ එකඟතාවක් ඇති කර ගැනීමට ද නියමිතයි.

bfbaaadf32c06c98df59f84dce9a25c6