2023 වසරේ මාර්තු මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය අ.ඩො බිලියන 2.7ක් දක්වා අඛණ්ඩව ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු පවසනවා.
චීන මහජන බැංකුවෙන් ලද අ.ඩො බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකමද මෙයට ඇතුළත්ව තිබෙනවා.
2023 වසරේ මාර්තු මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය අ.ඩො බිලියන 2.7ක් දක්වා අඛණ්ඩව ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු පවසනවා.
චීන මහජන බැංකුවෙන් ලද අ.ඩො බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකමද මෙයට ඇතුළත්ව තිබෙනවා.
ඊයේ (29) දිනයේ දී නව කොවිඩ්-19 ආසාදිතයින් 05 වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

2022 වසරේ මාර්තු මාසයේ වාර්තා වූ සංචාරකයින්ගේ පැමිණීම වූ 106,500ට සාපේක්ෂව සහ 2023 වසරේ පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 107,639ට සාපේක්ෂව, 2023 වසරේ මාර්තු මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම 125,495ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දෙනවා.
මෙලෙස සංචාරකයින් අතර රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවලින් පැමිණි පිරිස ඉහළ මට්ටමක පවතින බවයි මහ බැංකු වාර්තාවල සඳහන් වන්නේ.
එමෙන්ම 2023 වසරේ මාර්තු මාසය තුළදී සංචාරකයන්ගෙන් උපයා ගත් ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 198ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබෙනවා.
2021 අප්‍රේල් මාසයේ සිට ඉහළම අගය වාර්තා කරමින්, 2022 වසරේ මාර්තු මාසයේ දී ලැබුණු ඇ.ඩො මිලියන 318 ට සාපේක්ෂව 2023 වසරේ මාර්තු මාසයේ දී විදේශ සේවා නියුක්තියකයන්ගෙන් ලැබුණු විදේශ ප්‍රමාණය ඇ.ඩො මිලියන 568ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසනවා.
එමෙන්ම විදේශ රැකියාවන් සඳහා මාර්තු මාසයේ දී මෙරටින් පුද්ගලයින් 24,176ක් පිටත්ව ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවල වැඩිදුරටත් සඳහන් වනවා.
ඇඟලුම් අපනයන ආදායම් සැලැකිය යුතු මට්ටමකින් පහළ යාමත් සමඟ 2023 වසරේ මාර්තු මාසයේ දී කාර්මික භාණ්ඩ අපනයන ආදායම 2022 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු පවසනවා.
ඒ අනුව ඇඟලුම් අපනයනය කරන ප්‍රධාන වෙළෙඳපොළ වන අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය වැනි රටවලට සිදුකළ ඇඟලුම් අපනයන පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
නැව් සඳහා යොදාගන්නා ඉන්ධන අපනයන මිල ගණන්වල සාමාන්‍යය පහළ යෑම හේතුවෙන් ඛනිජ තෙල් නිෂ්පාදිත අපනයන ආදායමද පහළ ගොස් ඇති අතර, කෙසේ වෙතත් 2023 වසරේ මාර්තු මාසයේ දී යන්ත්‍රෝපකරණ සහ යාන්ත්‍රික උපකරණ, මැණික්, දියමන්ති, ස්වර්ණාභරණ සහ රබර් නිෂ්පාදිත ආදායම ඉහළ ගොස් තිබෙනවා.
මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා නායයෑමේ පූර්ව අනතුරු නිකුත් කොට තිබෙනවා.
ඊයේ (29) පස්වරු 4.00 සිට අද (30) පස්වරු 04:00 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කොට තිබුණා.
අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබෙන සුඩානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු සෞදි අරාබියේ ජෙඩා නුවර වෙත රැගෙනවිත් ඇති තිබෙනවා.
අදාළ පිරිස ජෙඩාහි ශ්‍රී ලංකා වැඩ බලන කොන්සල් ජනරල් විසින් භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මීට පෙරද තවත් ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු ජෙඩා නුවර වෙත ගෙන ඒමට කටයුතු කර තිබුණා.
වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මුදල් ලබා ගැනීම පිළිබඳ කිසිදු වරදක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
තමා ජනාධිපති ධූරය දරන සමයේ ආණ්ඩුව පවත්වාගෙන යාමටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත් බවත්, මීට වසර 45කට පෙරද රොනීද මැල් මුදල් ඇමතිවරයාගේ කාලයේදී පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබා ගෙන ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ.
නමුත් මෙලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා මුදල් වංචාවෙන්, දූෂණයෙන් තොරව ආයෝජනය කළ යුතු බව පෙන්වා දෙන ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මීට වසර 20ක් 25ක් තිස්සේ සිදුවී ඇත්තේ මෙලෙස ලබා ගන්නා විදේශ ණය, ප්‍රදාන සහ දේශීය ණය මුදල් පවුල්වාදය තුළ සොරකම් කිරීම බවත්, ඒ හේතුවෙන් අද ඇතිවී තිබෙන දුගීභාවය ඇතුළු ප්‍රශ්න රාශියක් පැන නැගීමට එය හේතුවී ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව සඳහා නම් සකස් කරන ලද ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා වූ යෝජනාව වැඩි ඡන්දයෙන් ඊයේ (28) දිනයේ සම්මත වුණා. එහිදී යෝජනාව සඳහා පක්ෂ ඡන්ද 120ක් හිමිව තිබූ අතර විපක්ෂව හිමිව තිබුණේ ඡන්ද 25ක් පමණයි. ඒ අනුව වැඩි ඡන්ද 95කින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමිව තිබුණා.
ශ්‍රී ලංකාවේ ටෙස්ට් ප්‍රධාන දඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 50 වෙනි කඩුල්ල බිඳ දැමීමට අද (28) සමත් වුණා.
ඒ මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අයර්ලන්තය සමඟ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අතරතුරයි.
ප්‍රභාත් ජයසූරියට කඩුළු 50 ලබාගැනීම සඳහා තරග 07ක් වැය වූ අතර එම කඩුළු 50 සඳහා කඩුළු පහේ අවස්ථාව 06ක් සහ කඩුළු 10 අවස්ථාවන් 02ක් ද ඇතුළත් වනවා.
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ දඟපන්දු යවන ක්‍රීඩකයින් අතරින් කඩුළු 50 අවස්ථාව වේගයෙන්ම ලබාගත් පන්දු යවන්නා ලෙසද ප්‍රභාත් ජයසූරිය ක්‍රිකට් වාර්තා අතරට එකතු වුණා.