මෙවර ජනතා විමුක්ති පෙරමුණේ “රතු මැයි රැලිය” විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඊට සමගාමීව පවත්වනු ලබන මැයි දින පෙළපාලියද මීට සුළු මොහොතකට පෙර කොළඹ කොළඹ BRC පිටිය අසලින් ආරම්භ වුණා.
මෙවර ජනතා විමුක්ති පෙරමුණේ “රතු මැයි රැලිය” විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඊට සමගාමීව පවත්වනු ලබන මැයි දින පෙළපාලියද මීට සුළු මොහොතකට පෙර කොළඹ කොළඹ BRC පිටිය අසලින් ආරම්භ වුණා.
දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව මෙම වසරේ පළමු කාර්තුවේ ඉලක්ක ගත බදු ආදායම ඉක්මවා 105%ක ආදායමක් උපයා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
පළමු කාර්තුවේ අපේක්ෂිත ආදායමෙන් 19% පමණක් උපයා ගෙන ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර සිටින අතර, පළමු කාර්තුවේ අපේක්ෂිත ආදායමෙන් රේගුව විසින් 89% ක ප්‍රමාණයක් සහ සුරා බදු දෙපාර්තමේන්තුව විසින් 64 % ප්‍රමාණයක් උපයා ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මෙරට ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය තුළ සිටි ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ශිල්පී ජී.ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් අසනීප තත්ත්වයෙන් පෙළුණු ඒ මහතා අද (01) මිය යන විට 83 වෙනි වියේ පසුවුණා.
දශක ගණනාවක් පුරාවටම ඔහු විසින් මෙරට ටෙලි නාට්‍යය, චිත්‍රපට ඇතුළු නිර්මාණ රැසකට සිය දායකත්වය ලබාදී තිබුණා.
CEYPETCO ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව ලංකා IOC සමාගම ද අද (01) දිනයේ සිට ඉන්ධ මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අඩු කළ ප්‍රමාණය සහ නව මිල ගණන් පහතින්.
* පෙට්‍රල් 92 ලීටරය රු.7කින් (නව මිල රු 333ක්)
* පෙට්‍රල් 95 ලීටරය රු.10කින් (නව මිල නව මිල රු 365ක්)
* ඩීසල් ලීටරය රු.15කින් (නව මිල රුපියල් 310ක්)
* සුපර් ඩීසල් ලීටරය රු.135කින් (නව මිල රු 330ක්)
මේ දිනවල පවතින අධික වර්ෂාව සමඟ ඇතිවෙන අකුණු සැරවලින් ආරක්ෂා වීම සඳහා පහත උපදෙස් අනුගමනය කරන්න යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
* එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත්ත වාහනයක් තුළ රැඳී සිටීම.
* කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජාලශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළැකීම.
* රැහැන් සහිත දුරකතන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළැකීම.
* බයිසිකල්, ට්‍රැක්ටර් සහා බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැළැකීම.
* තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇඳ වැටීමට ඉඩඇති බැවින් ඒ් පිළිබඳව සැලකිලිමත් වීම.
* හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ සහය පැතීම.
මැයි දිනය නිමිති කොටගෙන අද (01) පවත්වනු ලබන මැයි දින පෙළපාළිවලට සමගාමීව විශේෂ රථ වාහන සැලැස්මක් ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
ඒ අනුව මැයි දින පෙළපාලි පැවැත්වීමට නියමිත ප‍්‍රදේශ ආශ්‍රිතව රථ වාහන සැලැස්මක් සහ පොලිස් ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.
කෘතිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, ඒ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කඩිනමින් සකස් කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
කෘෂිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය, ධීවර, කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍ර රැසක ඉදිරි දියුණුව සඳහා කෘතිම බුද්ධි තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කර තිබුණා.
වර්ෂ 1886දී තමාට පැය 8ක සේවා මුරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් කම්කරුවන් පිරිසක් ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස්ව විරෝධතාවයක් ආරම්භ කළා.
දින ගණනාවක් තිස්සේ මෙම විරෝධතාවයට එරට පොලීසිය ප්‍රහාර එල්ල කළ අතර විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් අත්අඩංගුවට පත් වුණා.
පසුව මෙම අරගලය ආරම්භ වූ මැයි පළමුවැනි දිනය වර්ෂ 1889 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළා.
ඒ අනුව අදට යෙදී ඇත්තේ 137 වන ලෝක කම්කරු දිනයයි.
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් අඩු කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව පෙට්‍රල් 92 රු.07කින්, පෙට්‍රල් 95 රු.10කින්, ලංකා සුදු ඩීසල් රු.15කින්, සුපිරි ඩීසල් රු.135කින් අඩු කිරීමට නියමිතයි.
නව මිල ගණන් පහතින්.

අර්බුදකාරී වතාවරණයක් නිර්මාණය වී ඇති සුඩානයෙන් ගලවාගත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ (29) රාත්‍රීයේ දිවයිනට පැමිණ තිබෙනවා.
මෙලෙස පැමිණ තිබුණු පිරිස 14ක් බවයි වාර්තා වන්නේ.
ඊයේ (29) දිනයේ ද සූඩානයෙන් මුදාගත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් සෞදි අරාබියේ ජෙඩා නුවර වෙත රැගෙන ආ බව වාර්තා වනවා.