මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත දී

ජාතික වෙසක් දින සැමරුම් උත්සවය හලාවත කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර වෙසක් ‍සතිය මැයි 02 වනදා සිට 08 වනදා දක්වා යෙදී තිබෙනවා.

එම වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවද බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසා සිටියා.

කෘෂිකාර්මික සහ වතුකරයේ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්

කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලුවලට මෙන්ම වතුකරයේ ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ (PRC) සාමාජිකයන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඉඩම් ගැටලුව ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳ මෙහිදී පුළුල්ව විමසා බලා ඇති අතර, දැනට විසඳුම් ලබාදෙමින් තිබෙන මහවැලි ඉඩම් ගැටළුව පිළිබඳව ද අවධානය යොමු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

IMF ගිවිසුම ගැන පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදයි.

ඒ අනුව අද (28) පස්වරුවේ මේ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

SLvsIRE 2nd Test : ශ්‍රී ලංකාව කඩුළු 3 ක් දැවී ලකුණු 704 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 704 ක් ලබා සිටින විට සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිෂාන් මදුෂ්ක හා කුසල් මෙන්ඩිස් ද්විත්ව ශතක වාර්තා කළ අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 115 ක් හා ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 100 ක් ලබා ගත්තා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 212 ක් ඉදිරියෙන් පසුවනවා.

සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක්

කොළොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අප්‍රේල් මස 29 වන දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව 29 වනදා පෙරවරු 11.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙලෙස ජල කප්පාදුව සිදුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල , රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු මාර්ගවල මෙලෙස ජල සැපයුම අත්හිටවන බවයි සඳහන් වන්නේ.

ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් යාපනය, කිලිනොච්චිය, මන්නාරම, අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

SLvsIRE 2nd Test : කුසල්ගෙන් ද්විත්ව ශතකයක්

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ අනුව ඔහු සිය ද්විත්ව ශතකය වාර්තා කිරීම සඳහා හතරේ පහර 14 ක් හා හයේ පහර 9 ක් එල්ල කර තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 564 ක් ලබා සිටිනවා.

විදේශගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය මැයි 1 වනදා සිට ඉහළට

විදේශගත ශ්‍රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපොළේදී ලබාදෙන තීරු බදු සහනය මැයි 1 වනදා සිට ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා වන චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

පසුගිය වසරේ මැයි පළමු වැනිදා සිට බැංකු ක්‍රමය හරහා එවනු ලැබූ මුදල් ප්‍රමාණය මේ සඳහා සැලකිල්ලට ගනු ලබන අතර කාණ්ඩ පහක් යටතේ මෙම සහනය ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

SLvsIRE 2nd Test : නිශාන් මධුෂ්ක සි​ය මංගල ද්විත්ව ශතකය වාර්තා කරයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේදී මංගල ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට නවක ක්‍රීඩක නිශාන් මධුෂ්ක සමත් වුණා.

ඔහුගේ එම ද්විත්ව ශතකයට හතරේ පහර 22ක් සහ එක් හයේ පහරක් ඇතුළත්.

සිය දෙවන අන්තර්ජාතික ටෙස්ට් තරඟාවලියේ දී නිශාන් මෙලෙස ද්විත්ව ශතකයක් රැස් කිරීමට සමත්වීම විශේෂත්වයක්.

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.