රුපියල අවප්‍රමාණය වීම තාවකාලිකව ඇතිවූ තත්ත්වයක් – රංජිත් සියඹලාපිටිය

පසුගිය දින කිහිපය තුළ රුපියල අවප්‍රමාණය වීම තාවකාලිකව ඇතිවූ තත්ත්වයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඉල්ලුම හා සැපයුම මත එහි වටිනාකම තීරණය වීමට ඉඩ ලබාදී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඩොලර් මිලියන 750ක් තිබූ බවත් දේශීය ණය ප්‍රතිව්‍යගතකරනයේදී සංවර්ධන බැඳුම්කරවල වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීමට කටයුතු කරන ලෙස එකඟතාව පළ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ඩොලර් තැන්පතු වලින් ඔවුන් මෙය මිලදී ගැනීමට කටයුතු කරන බවත් එහිදී තැන්පතුකරුවන්ට අවශ්‍ය කාලයේදී බේරීම සඳහා ඩොලර් ප්‍රමාණය රැස්කර ගන්න බැංකුවලට යම් අවශ්‍යතාවයක් පැන නගින අතර ඒ හේතුවෙන් බැංකු මෙතෙක් තමන්ට ලැබුණු ඩොලර් වෙළෙඳපොළට මුදාහැරීම යම් ප්‍රමාණයකට සීමා කරන අතර වෙළෙඳපොළෙන්ද යම් ප්‍රමාණයක් ලබාගත හැකිවීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ රුපියල අවප්‍රමාණය වීම හා ඩොලරයේ අගය වැඩිවීම සිදුවූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

ගලහිටිය ප්‍රදේශයේ බස් අනතුරකින් 14කට තුවාල

රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ ගලහිටිය ප්‍රදේශයේදී අද (30) උදෑසන පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වූ බස් රථයක් අද උදෑසන මාර්ගයේ පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතු වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

නව උපාධිධාරීන් බඳවා ගැනීමේ කටයුතු සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග පළාත් මට්ටමින් සිදුකර තිබෙනවා – අධ්‍යාපන ඇමති

නව උපාධිධාරීන් බඳවා ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පළාත් මට්ටමින් සිදුකරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඒ අනුව විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි සහ විදේශ භාෂා යන විෂයන් සඳහා නව උපාධිධාරීන් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.
නව උපාධිධාරීන් 5450 ක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවා ගැනීමට අනුමැතිය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් සඳහන් කළේ.

සෞඛ්‍ය වෘත්තිකයින් අගෝස්තු 03 වනදා වැඩවර්ජනයක

සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් පනවා ඇති චක්‍රලේඛය අහෝසි නොකිරීමට එරෙහිව ලබන මස 03 වනදා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.
ඒ අනුව එම චක්‍රලේඛය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි එහි සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ.
සෞඛ්‍ය වෘත්තිකයින් සහ සිවිල් සංවිධාන එක්ව මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳව හෙළිදරව් කිරීම් රැසක් සිදුකරනු ලබන විශේෂ සමුළුවක් ද ලබන 03 වනදා පවත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

LPL සිව්වන අදියර අද ආරම්භ වෙයි

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (30) ආරම්භ වනවා.
ඒ අනුව අද රාත්‍රී 5.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී මෙය උත්කර්ශවත්ව ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මූලික වටයේ තරග 20 න් තරග 12 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද, තරග 8 ක් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.
අද සිට අගෝස්තු 20 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ සමාරම්භක තරගය මෙතෙක් පැවැති තරගාවලි ත්‍රිත්වයේම ශූරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය පුරා තරගයෙන් තරගයේ විශේෂ තොරතුරු එසැණ හරහා සජීවීව තොරතුරු ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ජපාන විදේශ අමාත්‍යවරයා ජනපති හමු වෙයි

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා (HAYASHI Yoshimasa) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතාවන් සිහිපත් කරමින් ඇරඹි මෙම සාකච්ඡාවේ දී ක්ෂේත්‍ර රැසක් ඔස්සේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වයම කැපවීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සඳහා ජපාන රජය ලබා දෙන සහාය පිළිබඳ මෙහිදී සිය කෘතඥතාව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ පොදු වේදිකාව වැඩිදියුණු කිරීම සහ එම ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සමග සිදු කළ සාකච්ඡාව පිළිබඳව ද කරුණු පැහැදිළි කර තිබෙනවා.
එසේම ජපාන – ශ්‍රී ලංකා සහයෝගීතාව තවදුරටත් විදාහ දැක්වෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT), වරාය නැගෙනහිර පර්යන්තය, මහනුවර සංවර්ධන සැලැස්ම, මධ්‍යම අධිවේගී මාර්ගය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීම යන ව්‍යාපෘති කඩිනම් කිරීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක්වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

64c5b35700df9pdf_page_0

ආණ්ඩුව සත පහක විනිවිදභාවයකින් වැඩ කරන්නේ නැහැ – රහුමාන්

ආණ්ඩුව සත පහක විනිවිදභාවයකින් වැඩ කරන්නේ නැහැ – රහුමාන්

රනිල් දන්නවා ඔහුගේ ප්‍රෝඩාකාරී ආර්ථික සැලැස්මට විරුද්ධව පීඩාවට පත්වන ජනතාව නැගී සිටින බව – අනුර

රනිල් දන්නවා ඔහුගේ ප්‍රෝඩාකාරී ආර්ථික සැලැස්මට විරුද්ධව පීඩාවට පත්වන ජනතාව නැගී සිටින බව – අනුර

පොලිසියේ සියලු දෙනා කටයුතු කරන්නේ බලපෑම්වලට ලක්වෙලා – සජිත්

පොලිසියේ සියලු දෙනා කටයුතු කරන්නේ බලපෑම්වලට ලක්වෙලා – සජිත්

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට ඇප

ඊයේ (28) පැවති විරෝධතා අතරතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට ඇප මත නිදහස් කර තිබෙනවා.

නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම හා රජයේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත ඔහු ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට තිබූ අතර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශ මත අද පෙරවරුවේ ඔහු රෝහල් ගත කර තිබුනා.

හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු නිරීක්ෂණය කිරීම සඳහා අලුත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද පස්වරුවේ පැමිණ ඇති අතර ඔහු ඇප මත නිදහස් කර ඇත්තේ ඉන් අනතුරුවයි.