ඊයේ (28) පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ බව කොළඹ ජාතික රෝහල පවසනවා.
තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයෙක් ලෙස කටයුතු කළ ඔහු ඊයේ කොළඹ පැවති විරෝධතාව අතරතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනා.
Author: Supun
පොලීසිය හිතං ඉන්නවා මේ රටේ දැන් පා ගමන් යන්න බෑ කියලා, අපි අද පෙන්නුවා පුළුවන් කියලා – දුමින්ද
පොලීසිය හිතං ඉන්නවා මේ රටේ දැන් පා ගමන් යන්න බෑ කියලා, අපි අද පෙන්නුවා පුළුවන් කියලා – දුමින්ද
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මරදාන සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රිය කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් සවස ධාවනය වන දුම්රිය ප්‍රමාදයකට ලක්ව තිබෙනවා.
මේ වනවිට එම දුම්රිය එම ස්ථානයෙන් ඉවත් කර ගැනීම සඳහා සහයක දුම්රියක් එම ස්ථානය වෙත යවා ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ මාර්ගයේ අවහිරතාවය කඩිනමින් ඉවත් කිරීමට කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
විරෝධතා අතරතුර මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට
අද (28) පැවති විරෝධතාවක් අතරතුර මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන කිහිපයක් එක්ව බොරැල්ලේ සංවිධානය කර තිබූ විරෝධතාවක් අතරතුර මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.
අවිස්සාවේල්ල කර්මාන්ත පුරයේ ගින්නක්
අවිස්සාවේල්ල කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න මැඩ පැවැත්වීම සඳහා පොලීසිය සහ නගර සභා ගිනි නිවීමේ ඒකකය කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.
සේවක අර්ථසාධක අරමුදලේ පොලිය අඩු කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක්
සේවක අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9% දක්වා අඩු කිරීමට රජය ගත් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනුකර තිබෙනවා.
අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9% දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවයි ඔවුන් සිය පෙත්සම මඟින් පෙන්වා දෙන්නේ.
නිදහස් වෙළෙඳ කලාප පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් හා භාණ්ඩාගාරික නිමල් ප්‍රේමසිරි විසින් එක් පෙත්සමක් ද, මූල්‍ය විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ විසින් අනෙක් පෙත්සම ද ගොනුකර තිබෙනවා.
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ විරෝධතා පා ගමනට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ විරෝධතා පා ගමනට බොරැල්ලේදී පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර තිබුණද, අධිකරණය නියෝගයක් මඟින් දුමින්ද නාගමුව ඇතුළු 11 දෙනෙකුට ජාතික රෝහල ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබීම හේතුවෙන් ඔවුන් බොරැල්ල ප්‍රදේශයේදී සිය විරෝධතාව පැවැත්වූවා.
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ විරෝධතාව ඇරඹෙයි
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව බැංකු පොලී අනුපාත පහත හෙළීම, සෞඛ්‍ය සේවක හිඟය පියවා ගැනීම සහ ඖෂධ හිඟය ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
වසන්ත මුදලිගේ ඇපමත මුදා හැරීමට නියෝග
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇප මත නිදහස් කර තිබෙනවා.
ඒ අනුව ඔහු අද (28) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවකදී ඇතිවූ නොසන්සුන්තාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නිකුත් කර තිබූ වරෙන්තුවකට අදාළව ඔහු ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා
ලබන වසරේදී නියත වශයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි – ජානක වක්කුඹුර
ලබන වසරේදී නියත වශයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
කාලසීමවක් සඳහන් කළ නොහැකි වුවද ජනාධිපතිවරණක් පැවැත්වීම සඳහා කිසිඳු බාධාවක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
