ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවනවා – අධ්‍යාපන අමාත්‍යාංශ​ය

ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ස්ථාන මාරු නියෝග අනුව කටයුතු කරන්නැයි අවස්ථා කිහිපයකදීම ඔවුන් දැනුවත් කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

එහෙත් ඒ පිළිබඳ තැකීමකින් තොරව ඔවුන් තමා පෙර සිටි පාසල්වලම සේවය කරන බවට පැමිණීලි ලැබී ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ඇතැම් ගුරුවරුන් සේවා අවශ්‍යතාව මත දැනට සිටින පාසල්වලම රඳවා ගැනීමට විදුහල්පතිවරුන් ඉල්ලීම් කර ඇති අතර එවැනි ගුරුවරුන්ට මෙම තීරණය බලාත්මක නොවන බවත් සඳහන්.

අතිරික්ත ගුරුවරුන් සිටින පාසල්වලින් හිඟව පවතින පාසල්වලට අනුයුක්ත කිරීමේ වැඩපිළිවෙලක්ද මේ වනවිට ක්‍රියාත්මක වන අතර පවතින ගුරු පුරප්පාඩු පිළිබඳ සැලකිල්ලට ලක් කර මෙම තීරණය ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

LPL Eliminator : කාසියේ වාසිය Jaffna Kings කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ දෙවන තරගය (Eliminator) B-Love Kandy සහ Jaffna Kings කණ්ඩායම් අතර පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

LPL Qualifier 01 : Dambulla Aura කණ්ඩායමට ලකුණු 147 ක ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය ලෙස (Qualifier 1) Dambulla Aura සහ Galle Titans කණ්ඩායම් අතර තරගය මේ වන විට කොළඹදී පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Galle Titans කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලකුණු 146 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී Galle Titans කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් ලසිත් කෘස්පුල්ලේ ලකුණු 80 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් Hayden Kerr කඩුලු 3 ක් හා Noor Ahmad කඩුලු 2 ක් ලබා ගත්තා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා Dambulla Aura කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 147 ක්.
ලකුණු පුවරුව පහතින්.

64de0321c766f

ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පබසර නිකු, රජිත රාජකරුණා, පසිදු කොඩිකාර, දිනුක දේශාන් සහ දිල්හානි ලේකම්ගේ මෙවර තරගාවලිය නියෝජනය කිරීමට නියමිතයි.
ලෝක ශූරතා තරගාවලියට මීටර් 100 ඉසව්වෙන් යුපුන් අබේකෝන් හා මීටර් 1500 ඉසව්වෙන් ගයන්තිකා අබේරත්න සුදුසුකම් සැපිරුවද ඔවුන් දෙදෙනාම සහභාගී නොවීමට තීරණය කර තිබෙන බවද සඳහන්.
යුපුන් ආබාධයකට ලක්ව නැවත පුහුණුවීම් ආරම්භ කර ඇති අතර ආසියානු ක්‍රීඩා උළෙලට මූලිකත්වය ලබාදීමට තීරණය කර තිබෙනවා. ගයන්තිකා ද ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර පුහුණුවීම් කිරීමට තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.
හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය 19 වැනි දා ආරම්භ වීමට නියමිතයි.

Asia Cup 2023 : ප්‍රවේශ පත්‍ර මිල ගණන් ප්‍රකාශයට පත් කරයි

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය පිළිබඳ තොරතුරු පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 9 ක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ ටිකට් පත් මේ වන විට නිකුත් කර ඇති අතර විවිධ මිල ගණන් යටතේ ටිකට් පත් මිලදී ගැනීමේ හැකියාව පවතන බවයි සඳහන් වන්නේ.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවධානයක් දිනාගන්නා තරගය වන ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් තරගයේ ටිකට් පත් සඳහා මෙහිදී ඉහළම මිලක් නියම වී තිබෙනවා.
pcb.bookme.pk යන වෙබ් ලිපිනයට පිවිස අදාල ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

LPL Qualifier 01 : කාසියේ වාසිය Dambulla Aura කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) Dambulla Aura සහ Galle Titans කණ්ඩායම් අතර තරගය පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Dambulla Aura කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

දකුණු ආසියානු කලාපයේ අධ්‍යාපනයට අඩුම මුදලක් වෙන් කරන රටවල් අතර ශ්‍රී ලංකාව

අධ්‍යාපන අමාත්‍යංශය මුල් වී සිදු කළ ජාතික සමීක්ෂණයකදී මෙරට තුන්වෙනි ශ්‍රේණියේ ළමුන්ගෙන් 85% ක් සාක්ෂරතාවය සහ සංඛ්‍යා දැනුම පිළිබඳ ලබා ගත යුතු අවම ප්‍රවීණතාවය ලබා ගෙන නොමැති බවට අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම අධ්‍යාපනය සඳහා මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන්කෙරෙන්නේ 2% කට අඩු ප්‍රමාණයක් බවත් එය අන්තර්ජාතික මිනුම් ලකුණ වන 4-6% ට වඩා අඩු මෙන්ම දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් අධ්‍යාපනය සඳහා වෙන් කරන අඩුම ප්‍රතිශතයක් බවත් වාර්තා වනවා.
ඒ අනුව පසුගිය වසර තුනක කාලය තුළදී කොවිඩ් වසංගතය ඇතුළු අවස්ථා කිහිපයකදී පාසල් වසා දැමීම නිසා ප්‍රාථමික අංශයේ පාසල් ළමුන් මිලියන 1.6 කගේ පසුබෑමට ලක්වූ අධ්‍යාපනය නැවත නගා සිටුවීම සඳහා ජාතික වැඩසටහනක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යංශය හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ප්‍රධානත්වයෙන් සිදුකරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

අවුරුදු 35ත් 45ත් අතර කාන්තාවන්ට සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන් ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා තම සෞඛ්‍ය බල ප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී සායනවලට යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.
ඒ අනුව ඔසප්වීම අවසන් වී 07 වන හෝ 10 වන දිනයේ දී පමණ සියලුම කාන්තාවන්ට පියයුරු ස්වයං පරීක්ෂාවක් සිදු කරගත හැකි බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික ද සිල්වා සඳහන් කළේ.
පිළිකා දෙවන හෝ තුන්වන මට්ටමේදී හඳුනාගෙන අතිශය බරපතළ තත්ත්වයට පත්වෙන අවස්ථා දක්නට ලැබෙන බවත් වර්තමානයේදී ද කාන්තාවන් මේ පිළිබඳව සැලකිලිමත්වීමේ අඩුවක් දක්නට ලැබෙන බවත් ඔහු සඳහන් කළා.
සුවනාරී සායනවලට ගොස් අදාළ පරීක්ෂණ සඳහා සහභාගී වන ලෙසත් පෞද්ගලිකත්වයට සහ රහස්‍යභාවයට කිසිදු හානියක් සිදු නොවන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

සති අන්තයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට එළඹෙන 19 වනදා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
ලබන 19 වන සෙනසුරාදා පෙරවරු 8.00 සිට 20 වන ඉරිදා අලුයම 02.00 දක්වා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත හා මුල්ලේරියාව යන ප්‍රාදේශීය බල ප්‍රදේශවලට මෙන්ම රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලටයි.

දිස්ත්‍රික්ක කිහිපයක ජල සැපයුම මුර ක්‍රමයක් යටතේ

පවතින වියළි කාලගුණයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව මහනුවර, මොණරාගල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජලය බෙදා හැරීම මේ වනවිටත් මුර ක්‍රමයක් යටතේ සිදු කෙරෙන බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සැලසුම්, අනෝජා කළුආරච්චි සඳහන් කළේ.
එසේම කුරුණෑගල නගරයට ජලය බෙදා හැරීම ද සීමා කිරීමට සිදුව ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.