දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (25) යෙදී තිබෙනවා.

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවනේ ද දුරුතු පුර පසලොස්වක පොහෝ දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවා ගැනීම දුරුතු පෝය දිනක සිදුව ඇති අතර බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද දුරුතු පොහොය දිනක බවයි සඳහන් වන්නේ.

Online Safety පනතට රටේ ජනතාවගෙන් 98% ක් විරුද්ධයි – හර්ෂ ද සිල්වා

Online Safety පනතට රටේ ජනතාවගෙන් 98% ක් විරුද්ධ බව IT4P තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ එකමුතුව සිදුකළ මත විමසුමේදී තහවුරු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තේ පාර්ලිමේන්තුවෙන් එළියෙද නැතහොත් ඇතුළතද යන්න ඒ හරහා හොඳින් පැහැදිළි වන බවයි අද (24) පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පැමිණි පසු මෙම නීතිය ඉවත් කිරීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා මියයයි:රාගම රෝහලේ අධ්‍යක්ෂ

කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී තිබූ බවයි පොලිසිය පවසන්නේ

අනතුරුව එම රථය ආරක්ෂක වැටේ ගැටී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ එම රථයේ රියදුරා රාගම රෝහලට ඇතුළු කෙරිණි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පැවසීය.

WhatsApp Image 2024-01-25 at 05.54.17 (1) WhatsApp Image 2024-01-25 at 05.54.17 (2) WhatsApp Image 2024-01-25 at 05.54.17 WhatsApp Image 2024-01-25 at 05.54.18 (1) WhatsApp Image 2024-01-25 at 05.54.18 (2) WhatsApp Image 2024-01-25 at 05.54.18 (3) WhatsApp Image 2024-01-25 at 05.54.18 (4) WhatsApp Image 2024-01-25 at 05.54.18 WhatsApp Image 2024-01-25 at 05.54.19

බෙලිඅත්තේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව 54 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ සැකකරු අදාළ රථය පදවාගෙන ගොස් ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පොඩ්ඩක් තේරුම්ගන්න, මේක තුවක්කුවකට වඩා භයානකයි – සුනෙත් චිත්‍රානන්ද

පොඩ්ඩක් තේරුම්ගන්න, මේක තුවක්කුවකට වඩා භයානකයි – සුනෙත් චිත්‍රානන්ද

SLU19 vs NAMU19 : කාසියේ වාසිය නැමීබියා කණ්ඩායමට

වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නැමීබියා කණ්ඩායම අතර තරගය අද (24) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නැමීබියා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් 1.30 ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

විගණන නිලධාරී තනතුරු සඳහා සුදුස්සන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරනවා – විගණකාධිපති

පුරප්පාඩු වී ඇති විගණන නිලධාරී තනතුරු සඳහා සුදුස්සන් බඳවා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කරන බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පවසනවා.

ඒ අනුව, ඒ සඳහා සුදුසුකම් ලබා ඇති, දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ගෙන් ඒ සඳහා අයැදුම්පත් කැඳවීමට නියමිතව ඇති අතර, ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය ළඟදීම නිකුත් කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ වනවිට විගණන නිලධාරී තනතුරු 400ක් පමණ පුරප්පාඩු වී පවතින බවද, මේ හේතුවෙන් විගණන සේවා සිදු කිරීම උපරිම කළමනාකරණයකින් යුතුව කිරීමට සිදුව ඇති බවද විගණකාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.

2025 වර්ෂය වනවිට විභාග නිසි පරිදි පැවැත්වීමට වැඩ පිළිවෙළ සකස් කර තිබෙනවා – අධ්‍යාපන ඇමති

2025 වර්ෂය වනවිට විභාග නිසි පරිදි පැවැත්වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ඒ අනුව අද (24) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට සකස් කරමින් ඇති බවයි.

මෙවර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණය කරන ගුරුවරුන්ට හා විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ට පසුගිය වසරේදී ලබාදුන් දීමනා ලබාදීම සඳහා තමා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් ජයක්

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව් හැම්ෂයර් කොට්ඨාසය ජයග්‍රහණය කිරීමට සමත්වී තිබෙනවා.

ඔහුගේ ප්‍රතිවාදීන් ලෙස Nikki Haley හා Ryan Binkley තරග වැදී ඇති අතර එහිදී ඔවුන් සියල්ල පරාජයට පත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

අමෙරිකානු ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වාර්තාව සකස් කර අවසන්

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සම්බන්ධ නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කර අවසන් බව ඒ සඳහා පත් කළ කමිටුවේ සභාපති, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩි. එස්. රුවන් චන්ද්‍ර පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, පාඩුව අවම කිරීමටත්, එසේම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ආකර්ෂණීය සේවාවක් සැපයීම සම්බන්ධවත් අදාළ වන යෝජනා මෙම වාර්තාවට ඇතුළත් කළ බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව, අදාළ වාර්තාව ලබන සතියේදී ජනාධිපති ලේකම්වරයා වෙත භාරදීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.