සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගය අද (02) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගය අද (02) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වී ඇති බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ සාමාජික ජෝසප් ස්ටාලින් පවසනවා.
උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව මෙවර ලබා නොදුන් බවයි ඔහු ප්‍රකාශ කළේ.
මේ සම්බන්ධයෙන් පිළිගත හැකි ප්‍රකාශයක් සිදුකරන තුරු මෙම උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ඉවත්වීමේ ක්‍රියාවලිය සිදුකරන බවයි ඔහු සඳහන් කරන්නේ.
රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවක චූදිතයකුව සිටින බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්, ප්‍රධාන චූදිතයා යැයි කියන සුකේෂ් චන්ද්‍රසේකර්ගේ අපරාධ මගින් ඉපැයූ ආදායම සන්තකයේ තබාගැනීමට සහ භාවිත කිරීමට දැනුවත්ව සම්බන්ධ වී ඇති බව ඉන්දීය විමර්ශකයන් දිල්ලි මහාධිකරණයට ප්‍රකාශ කර ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
විමර්ශන ඒජන්සිය චෝදනා කළේ, බොලිවුඩ් නිළිය සුකේෂ් චන්ද්‍රසේකර් අපරාධ මගින් ඉපැයූ ආදායම භුක්ති විඳිමින්, භාවිත කරමින් සහ සන්තකයේ තබාගෙන සිටි බවට සාක්ෂි පෙන්නුම් කරන බවයි.
විමර්ශන ඒජන්සිය විසින් මෙම තර්කය ඉදිරිපත්කර ඇත්තේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ඇයට එරෙහිව ගොනුකර ඇති පෙත්සම අවලංගු කරන ලෙස ඉල්ලා ජැකලින් ෆර්නැන්ඩස් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ගොනුකරන ලද දිවුරුම් ප්‍රකාශයකය.
විනිසුරු මනෝජ් කුමාර් ඔරි ඉදිරියේ එය ලැයිස්තුගත කර ඇති අතර ජැකලින් ෆර්නැන්ඩස්ගේ නීතීඥවරයා විමර්ශන ඒජන්සියේ තර්කයට ප්‍රතිචාර දැක්වීමට කාලය ඉල්ලා සිටියේය.
මෙම නඩුව අප්‍රේල් 15 වැනි දින මහාධිකරණය හමුවේ මීළඟට විභාගයට ගැනීමට නියමිතය.
සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ ඇති මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ජැකලින් ෆර්නැන්ඩස් “අද වනතුරු සත්‍යය වසන් කළ” බවත් සාක්ෂි හමුවන තුරු කරුණු වසන්කළ බවත් විමර්ශන ඒජන්සිය සිය පිළිතුරේ ප්‍රකාශ කර ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
“ඇය අද දක්වාම සත්‍යය වසන් කර තිබෙනවා. සුකේෂ් චන්ද්‍රසේකර් අත්අඩංගුවට ගැනීමෙන් පසු ෆර්නැන්ඩස් ඇගේ ජංගම දුරකථනයේ සම්පූර්ණ දත්ත මකා දමා සාක්ෂි විකෘති කළ බව ද සත්‍යයක්. සාක්ෂි විනාශ කරන ලෙස ඇය තම සගයන්ගෙන් ඉල්ලා සිටියා. එම සාක්‍ෂිවලින් සැකයෙන් තොරව ඔප්පු වන්නේ ඇය අපරාධවලින් උපයාගත් මුදල් පරිහරණය කරමින් සහ එම මුදල් ඇය සතුව තිබූ බවයි. මේ අනුව, චූදිත චන්ද්‍රසේකර්ගේ අපරාධයේ ආදායම සන්තකයේ තබාගැනීමට සහ භාවිත කිරීමට ෆර්නැන්ඩස් දැනුවත්ව සම්බන්ධ වී ඇති බව ඔප්පු වෙනවා,” යනුවෙන් ඔවුන් කරුණු දක්වා තිබේ.
විමර්ශන ඒජන්සිය චෝදනා එල්ල කරන ලද මෙම නිළිය, ඇය සුකේෂ් චන්ද්‍රසේකර්ගේ ගොදුරක් බව පවසමින් ඇයගේ හැසිරීම වසන් කිරීමට උත්සාහ කළ නමුත්, ඇයගේ ප්‍රකාශය තහවුරු කිරීමට සැළකිව යුතු සාක්ෂි කිසිවක් ඉදිරිපත් කිරීමට නොහැකි විය.
ජැකලින් ෆර්නැන්ඩස් අපරාධකරුගේ සාපරාධී චේතනාවන් පිළිබඳව දැන සිටි නමුත් තමාට සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට ඔහුගේ අපරාධවලින් ලැබෙන ආදායම භුක්ති විඳීමට ඇය සන්තකයේ තබාගෙන සිටි බව විමර්ශන ඒජන්සිය පවසයි.
සුකේෂ් චන්ද්‍රසේකර් විසින් තම පවුලට විශාල මුදලක් සහ වටිනා තෑගි ලැබුණු බව ඇය මුලින් පිළිනොගත් බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
මෙම සුඛෝපභෝගී ත්‍යාග සාපරාධී ක්‍රියාකාරකම් මගින් උපයාගත් සහ අපරාධවලින් උපයාගත් ඒවා බව ඒජන්සිය ප්‍රකාශ කළේය.
විමර්ශන ඒජන්සියට අනුව, ජැකලින් ෆර්නැන්ඩස් සුකේෂ් චන්ද්‍රසේකර්ගේ අපරාධ පූර්වාදර්ශ ගැන “හොඳින් දැන සිටි” අතර ලීනා මාරියා පෝල් ඔහුගේ බිරිඳ බව දැන් සිටිය ද ඔහු සමඟ දිගටම සම්බන්ධකම් පවත්වා ඇත.
අපරාධකරුගේ විවාහක තත්ත්වය පිළිබඳ දැන දැනත් ඇය ඔහුගෙන් මූල්‍ය ප්‍රතිලාභ ලබාගෙන ඇති අතර, ඒවා අපරාධවලින් ලැබුණු ආදායමක් බව විමර්ශන ඒජන්සිය පවසයි.
ජැකලින් ෆර්නැන්ඩස් සිය නීතීඥවරයා හරහා ගොනුකළ පෙත්සමේ මුලදී සඳහන් කළේ, විමර්ශන ඒජන්සිය විසින් ගොනුකරන ලද සාක්ෂි මගින් තමා චන්ද්‍රසේකර්ගේ ද්වේෂසහගත ලෙස ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාරයට ගොදුරු වූ අහිංසකයකු බවට ඔප්පු වනු ඇති බවයි.
“ඔහුගේ යැයි කියන අයථා ලෙස උපයාගත් ධනය විශුද්ධිකරණය කිරීමට ඔහුට සහය වීමට ඇයගේ කිසිදු සම්බන්ධයක් ඇති බවට කිසිදු සඳහනක් නොමැත. එබැවින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 සහ 4 වගන්ති යටතේ සිදුවන වැරදි සම්බන්ධයෙන් ඇයට නඩු පැවරිය නොහැක” යනුවෙන් එම පෙත්සමේ සඳහන් වේ.
පැමිණිලිකාර අදිති සිංගෙන් කප්පම් ගැනීමේදී චන්ද්‍රසේකර්ගේ නීච ක්‍රියා පිළිබඳ ඇයට දැනුමක් තිබූ බවට කොතැනකවත් චෝදනා කර නොමැති බව ඇයට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලෙන් තහවුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මුදල් විශුද්ධිකරණ නඩුවේ විත්තිකාරියක් ලෙස තමාව ඉදිරිපත් කිරීමේදී විමර්ශන ඒජන්සිය පක්ෂග්‍රාහී ලෙස ක්‍රියාකළ බවට ද ජැකලින් ෆර්නැන්ඩස් චෝදනා කර තිබේ.
“තවත් බොලිවුඩ් නිළියක වන නොරා ෆටේහිගේ උපදෙස් මත ඇයගේ පවුලේ සාමාජිකයකුට සුකේෂ් චන්ද්‍රසේකර්ගෙන් BMW මෝටර් රථයක් ලැබුණු බව වාර්තාගතව පිළිගත් කරුණක් වුවද, විමර්ශන ඒජන්සිය විසින් ඇයට චෝදනා එල්ල කර නැත. නෝරා ෆටේහි සුකේෂ් චන්ද්‍රසේකර්ගෙන් තෑගි ලබාගත් කාරණය ‘අපරාධයෙන් ලැබෙන ආදායම විසුරුවා හැරීම’ යන මාතෘකාව යටතේ විමර්ශන ඒජන්සිය වෙත ඉදිරිපත් කර ඇති බව සැළකිල්ලට ගැනීම වැදගත්ය.” යනුවෙන් එම චෝදනාව ඉදිරිපත් කර තිබේ.
සුකේෂ් චන්ද්‍රසේකර් ඇතුළු පිරිසට එරෙහි මුදල් විශුද්ධිකරණ විමර්ශනයේ ප්‍රශ්න කිරීම සඳහා ජැකලින් ෆර්නැන්ඩස් විමර්ශන ඒජන්සිය වෙත පැමිණ තිබේ.
Ranbaxyහි හිටපු ප්‍රවර්ධකයින් වන Shivinder Singh සහ Malvinder Singhගේ කලත්‍රයන්ට රුපියල් කෝටි 200ක් වංචා කළ බවට සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව දිල්ලි පොලිසිය විසින් පෙත්සම ගොනුකරන ලදී.
ඒ අනුව සුකේෂ් සහ ඔහුගේ බිරිඳ සහ අනෙකුත් අය දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, විමර්ශන ඒජන්සිය ඔවුන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ නඩුවක් ලියාපදිංචි කරන ලදී.
සුකේෂ් චන්ද්‍රසේකර් සහ ඔහුගේ බිරිඳ හවාලා මාර්ග භාවිත කළ බවත්, අපරාධවලින් උපයාගත් මුදල් තැන්පත් කිරීම සඳහා ෂෙල් සමාගම් නිර්මාණය කළ බවත් දිල්ලි පොලිසිය චෝදනා කර තිබිණි.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ඊයේ (31) විරෝධතාවයේ නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට පත් වූ සමාජ ක්‍රියාකාරීන් 9 දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මෙම පිරිස ඊයේ විරෝධතාවයේ නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.
09 වන පාර්ලිමේන්තුවේ 5 වන සැසිවාරය පෙබරවාරි 07 වැනිදා උදෑසන 10.30 ට ජනපතිගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙහිදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය පෙබරවාරි 08 වනදා සහ 09 වනදා උදෑසන 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමකදී තීරණය කර තිබෙනවා.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක් පනවමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ගනුදෙනුවට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම විනිසුරුවරිය විසිනුයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.
ඊයේ (31) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස අමාත්‍යවරයාට දැනුම් දී තිබුණු නමුත් ඔහු ඒ සදහා නොපැමිණ ඇති අතර, හෙට (02) උදෑසන 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
අස්වැසුම සුබසාධන දීමනාව පවුල් ලක්ෂ 20කට ලබාදීමට තීරණය කර තිබුණත්, එය ලක්ෂ 24 ක් දක්වා වර්ධනය කිරීමට රජය කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව තවත් ලක්ෂ 4 කට අස්වැසුම සුබසාධන දීමනා ලබා දීම සඳහා අයදුම්පත් කැඳවීම ලබන 10 වනදා ආරම්භ කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
පවුල් තෝරා ගැනීමේ දී විවිධ අපහසුතා නිසා අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ අය සිටින බවද, ඒ අය සඳහා මෙසේ 10 වැනිදා යළි අයදුම්පත් කැඳවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන්, අනිවාර්යයෙන්ම සති දෙකක් ඇතුළත බස් ගාස්තු වැඩි කිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
අවම ගාස්තුව රුපියල් 35 ක් විය යුතු බවත්, එසේ වැඩි නොවුනහොත් අකමැත්තෙන් හෝ වෘත්තිය ක්‍රියාමාර්ගවලට යෑමට සිදුවන බවයි ඔහු පවසන්නේ.
ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 878 ක් අල්ලයි.
දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 649 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 229 ක් සමගින් මුළු සැකකරුවන් 878 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් 130g
අයිස් 134g
ගංජා 01kg 200g
මාවා 136g
මදනමෝදක 01kg 100g
මත්පෙති 2,211
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 649 දෙනා අතරින් සැකකරුවන් 06 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 04 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 15 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.
එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 229 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 26 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 192 ක්ද සිටි.
ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 03 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 08 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත
76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් දිවයින පුරා සුරාසල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව පෙබරවාරි මස 3 වන දින සුරාසල් වැසිය යුතු වේලාවේ සිට පෙබරවාරි 5 වන සඳුදා විවෘත කළ යුතු වේලාව දක්වා සියලුම සුරාසල් වසා තැබීමට කටයුතු කළ යුතු බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.