සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව එම තරගයේදී පන්දු 55 කින් අර්ධ ශතකයක් වාර්තා කිරිමට අවිශ්ක ප්‍රනාන්දු සමත් වූ අතර ඔහුගේ අර්ධ ශතකය සඳහා හයේ පහර 1 ක් හා හතරේ පහර 05 ක් ඇතුළත් වුණා.
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව එම තරගයේදී පන්දු 55 කින් අර්ධ ශතකයක් වාර්තා කිරිමට අවිශ්ක ප්‍රනාන්දු සමත් වූ අතර ඔහුගේ අර්ධ ශතකය සඳහා හයේ පහර 1 ක් හා හතරේ පහර 05 ක් ඇතුළත් වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.
මීට පෙරද ඔහු රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.
නව කැලණි පාලමෙන් වරාය දෙසට ඇතුළු වන මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා තබන බව අධිවේගී මාර්ග සංචාරක පොලීසිය ජනතාවට දැනුම්දෙනවා.
ඒ අනුව කටුනායක දෙසින් කැලණි පාලමට ඇතුළු වී වරාය දෙසට ගමන් කරන මංතීරුව අද (09) රාත්‍රී 9 සිට පෙබරවාරි මස 12 වන දා අලුයම 5 දක්වා වසා තබන බව සඳහන්.
එසේම ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැලණි පාලමට ඇතුළු වී වරාය පිවිසුම (ඉඟුරුකඩේ හංදිය) දෙසට යන වාහන සඳහා පාලමේ මැද කොටසින් වසා තැබීමටත් කටයුතු කිරීමට නියමිතයි.
කෙසේ නමුත්, අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දක්වා ගමන් කරන වාහනවලට හා ඔරුගොඩවත්තෙන් ඇතුළු වී කටුනායක දක්වා ගමන් කරන වාහනවලට මෙයින් බාධාවක් ඇති නොවන බව වැඩිදුරටත් සඳහන් වනවා.
නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232ක පමණ වැටලීම් සිදුකර නඩු පැවරීමට කටයුතු කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.
පාන් සඳහා බර සඳහන් ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුව පෙබරවාරි 05 වනදා සිට 08 වනදා දක්වා දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී එම පිරිසට නඩු පවරා ඇති බවයි සඳහන් වන්නේ.
පාරිභෝගිකයන්ට යම් පැමිණිල්ලක් ඇත්නම් ඒ සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1977 ට දැනුම්දෙන ලෙසයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලා සිටින්නේ.
මෙම වසරේ මෙරටට ඇනවුම් කළ බිත්තර මිලියන 7 ක තොගයෙන් පළමු තොගය මෙරටට ලැබුණු බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා.
ඒ අනුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරික්ෂාවලින් අනතුරුව එළඹෙන සතිය ආරම්භයේදී එම බිත්තර සතොස වෙත බෙදා හැරීමට කටයුතු කරන බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර ප්‍රකාශ කළේ.
මෙම සතියේ තවත් බිත්තර මිලියන 10 ක් සඳහා ඇනවුම් භාරදී ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ පොලිස් හේවා බලකායේ තිබු ටි 56 ගිනි අවියකට අයත් මැගසිනයක පුරවා තිබු උණ්ඩ 30ක් සමග අස්ථානගතව ඇති බවට කිරුළපන පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇතයි පොලීසිය පවසයි.
පසුගිය (04) වෙනි දින සහ (07) වෙනි දිනයන් අතරතුර පොල්හේන්ගොඩ කදවුරේ තිබී අස්ථානගතව ඇති බවට එහි අණ දෙන නිලධාරීවරයකු ලෙස කටයුතු කරන මේජර්වරයෙකු පොලීසියට පැමිණිලි කර ඇති බව පොලීසිය පවසයි.
මුරකුටි සඳහා එක් නිලධාරියෙකුට ටී 56 ගිනි අවියක්, උන්ඩ 120ක් අඩංගු මැගසින් 4ක්.සහ පුචස් 1 ලබාදීම සිදුකරන බැවින් එලෙස නිලධාරීන් වෙත ලබාදී ඇති බවද එම නිලධාරියා පොලීසියට වැඩිදුරටත් සදහන් ඇත.
තම දුව සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වුවායැයි “මල්ලියා” පාසල ඇරි නිවෙසට බලා එන සිසුවාට මග රැක සිට පොල්ලකින් පහරදීලා.
සිය දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගත් මොරොන්තුඩුව ප්‍රදේශයේ විදුහලක 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම විදුහලේම සිසුවියකගේ “මල්ලියා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පියා විසින් අද(8) දින 1.40 පමණ පොල්ලකින් පහරදී ඇති බවට මොරොන්තුඩුව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ පහර දීම සිදුවී ඇත්තේ සිසුවා පාසල නිම වී නිවසට යන අතරතුරදී කලපුගම කජුවත්ත වෙන්දේසි වත්ත අසලදී බව පොලීසිය පවසයි
පහර කෑමට ලක්වූ සිසුවාගේ දකුණු පාදයට හා දකුණු අතට තුවාල සිසුවි ඇති අතර සිසුවා රෝහල් ගත කර ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොරොන්තුඩුව පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර ඇත.
ගල්පාත චන්දන පෙරේරා
ඉන්දියානු සංචාරය පස්වන හා අවසන් දිනය – 2024.02.09
ඉන්දියානු රජයේ නිල ආරාධනයකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු නියෝජිත පිරිස සහභාගි වන ඉන්දීය සංචාරයේ පස්වන සහ අවසන් දිනය අදයි.
ඔවුන් අද සංචාරයේ යෙදුනේ ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (CPIM-Kerala) ප්‍රමුඛ වාමාංශික සන්ධානය විසින් බලය හොබවන කේරල ප්‍රාන්තයේය. තුන්කෝටි පනස් ලක්ෂයකට අධික ජනගහනයකින් යුත් කේරල ප්‍රාන්තය අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර අතින් වේගවත්ව ඉදිරියට ගොස් ඇත. විශේෂයෙන් ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානයක් කේරලය විසින් හිමිකරගෙන තිබේ.
අද (09) පෙරවරුවේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස කේරල අගනුවර තිරුවානන්දපුරම්හිදී ප්‍රාන්ත ආණ්ඩුවේ කර්මාන්ත හා නීතිය පිළිබඳ අමාත්‍ය P.Rajeeve මහතා හමුවී සාකච්ඡා කරන ලදී. P.Rajeeve ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් වන අතර පක්ෂයේ ශිෂ්‍ය සංවිධානයේ හිටපු සභාපතිවරයා මෙන්ම නීති උපාධිධාරියෙක්ද වෙයි.
ඉන් අනතුරුව ජාතික ජන බලවේගයේ නායකයෝ වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (Vikram Sarabhai Space Centre) නිරීක්ෂණ චාරිකාවකට එක්වූහ. එම ආයතනයේ අධ්‍යක්ෂවරයා සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වූ අතර ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව අදහස් හුවමාරු කර ගන්න ලදී. වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත්‍රෙය් ප්‍රධාන අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක් වන අතර එය ඉන්දියාවේ චන්ද්‍රිකා වැඩසටහන සඳහා අවශ්‍ය රොකට් සහ අභ්‍යවකාශ යානා නිෂ්පාදනය කරයි. මේ අතර ජාතික ජන බලවේගය දූත පිරිස එහි පාලන මධ්‍යස්ථානය සහ අභ්‍යවකාශ කෞතුකාගාරය නැරඹීමට අවස්ථාව උදා කර ගත්හ.
ඉන් අනතුරුව එම පිරිස ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සැපයීමේ මුල්ම හා විශාලතම තොරතුරු තාක්ෂණ උද්‍යානවලින් එකක් වන තිරුවානන්දපුරම්හි Technoparkහි සංචාරයක නිරත වූහ. එහි ප්‍රධාන විධායක නිලධාරියා සමඟ ආයතනය හා සම්බන්ධ විශේෂ තොරතුරු පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.
මෙම Technopark 1990දී ආරම්භ වන්නේ කේරල ප්‍රාන්ත මහඇමති ඊ.කේ. නයනාර්ගේ පාලන කාලයේදීය. එයට අක්කර 800කට වැඩි භූමිභාගයක් අයත් වන අතර ගොඩනැගිලිවල වර්ගප්‍රමාණය වර්ග අඩි මිලියන 10.6ක් බව සඳහන්ය. සමාගම් 480ක් එය තුළ ක්‍රියාත්මක වන අතර වෘත්තිකයෝ 70,000කට වැඩි පිරිසක් සේවයේ නියුතුව සිටිති. මෙය පරිපාලනය වන්නේ කේරල ප්‍රාන්ත පාලනය යටතේය.
අනතුරුව එම නියෝජිත පිරිස G Tech ආයතනයේ ප්‍රධාන ලේකම්වරයා විසින් සිදු කළ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ ඉදිරිපත් කිරීමකට සහභාගි වූ අතර කේරල විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වූහ. ඉන්පසු තිරුවානන්දපුරම් අගනුවර දකුණින් පිහිටි වෙරළබඩ Kovalamහි Vellar අත්කම් ගම්මානයේ සංචාරයකට සහභාගි වීමටද ජාතික ජන බලවේගයේ නායකයින්ට අවස්ථාව උදාවිය.
පස්දින නිල සංචාරයෙන් පසුව ජාතික ජන බලවේගයේ නායකයා සහ ප්‍රධාන ලේකම්වරයා ඇතුළු පිරිස 10වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

සමාජ මාධ්‍ය නියාමනය සඳහා සම්මත කළ Online Safety පනතේ යම් අඩුපාඩු පවතින බවට නිරීක්ෂණය වී ඇති බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.
ඒ අනුව අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම් බවයි අද (08) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මෙම පනත සඳහා ඇතුළත් කළ සංශෝධන නීතිපතිවරයා ගැඹුරින් අධ්‍යයනය කර සහතිකයක් ලබාදී ඇති බවත්, මෙය මේ වන විට සම්මත වූ පනතක් හේතුවෙන් විවාද කිරීමේ හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
අධිකරණය ලබාදුන් තීරණ පැහැර හරිමින් Online Safety පනත සම්මත කිරීම, රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
පනත් කෙටුම්පතේ 16 වැනි සහ 19 වැනි වගන්ති ඉවත් විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ පැහැදිලිව සඳහන්ව තිබුණද, පනත සම්මත කර ඇත්තේ එම වගන්ති ඉවත් කිරීමෙන් තොරව බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.
එමෙන්ම තවත් වගන්තියක, අන්තර්ජාල සේවා සපයන්නෙකුට හෝ අන්තර්ජාල අතරමැදියෙකුට ඔන්ලයින් ස්ථානයක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව අහිමි කිරීම සඳහා මහේස්ත්‍රත් වරයෙකු විසින් ලබාදෙන නියෝගයක් අවශ්‍ය බව අධිකරණය නිර්දේශ කර තිබුණද, සම්මත වූ පනතේ ඇති වගන්තියෙන් මහේස්ත්‍රාත් විභාගයකින් තොරව එසේ නියෝග නිකුත් කිරීමේ බලය ලබා දී ඇති බව ඔහු පෙන්වා දෙනවා.
මෙවැනි අවස්ථා ගණනාවකදී පනත සම්මත වී ඇත්තේ අධිකරණය ලබා දුන් නිරීක්ෂණ නොතකා බවත්, එය රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.