ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

එල්.කේ. ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ අද (08) දිවුරුම් දී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඔහු මෙලෙස දිවුරුම් දී තිබෙනවා.

පෙබරවාරි මුල් දින හතර තුළ සංචාරකයින් 28,493 ක් දිවයිනට

2024 පෙබරවාරි මාසයේ මුල් දින 4 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 28,493 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් ප්‍රමාණය 236,746 ක් බවයි සිය වාර්තාව මඟින් එම අධිකාරිය සඳහන් කරන්නේ.

පෙබරවාරි මාසයේ පළමු දින 4 තුළ වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ ඇත්තේ රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය හා ජර්මනිය යන රටවලින් බවයි අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

65c4bd1025477

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ජනවාරි ඉහළ නැංවීමට කටයුතු කරනවා – ෂෙහාන් සේමසිංහ

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව රුපියල් 5,000ක්ව පැවැති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7,500ක් දක්වා ද, රුපියල් 2,000ක්ව පැවැති වැඩිහිටි දීමනාව රුපියල් 3,000 දක්වා ද ඉහළ නංවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුස්සන් මෙම වසරේ පළමු කාර්තුව තුළ හඳුනාගැනීමට නියමිත අතර ඉන් පසු ඔවුන්ට ද මෙම වැඩිකළ දීමනාව අප්‍රේල් මස 01 සිට ලබාදීමට නියමිතයි.

මාර්තු මස 31 අවසන් වීමට නියමිතව තිබූ අස්වැසුම ප්‍රතිලාභ යටතේ අවදානමට ලක් වූ සහ සංක්‍රාන්තික කාණ්ඩයේ ගෙවීම් දෙසැම්බර් මස 31 දක්වා සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු වැඩ තහනමට ලක්කර තිබෙනවා.

ජින්තුපිටිය ප්‍රදේශයේ වෙඩිතැබීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන එම පොලිස් ස්ථානයේ සිර මැදිරියක රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකුට බාහිර පුද්ගලයෙකු විසින් වස අඩංගු කිරි පැකට්ටුවක් ලබාදීමේ සිද්ධියට අදාළව මෙලෙස ඔවුන්ගේ වැඩ තහනමට ලක්කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම කිරි පැකට් පානය කිරීමෙන් අනතුරුව ඔවුන් රෝගාතුර වී ඇති අතර පොලීසිය සැක පළ කරන්නේ එයට වස මිශ්‍ර කර තිබෙන්නට ඇති බවයි.

පාකිස්ථාන මහ මැතිවරණය පැවැත්වෙන අද දිනයේ එරට සියලුම ජංගම දුරකථන සේවා අත්හිටුවයි

පාකිස්ථාන මහ මැතිවරණය පැවැත්වෙන අද (08) දිනයේ එරට සියලුම ජංගම දුරකථන සේවා අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

නීතිය හා සාමය පවත්වාගෙන යාමේ අවශ්‍යතාව උපුටා දක්වමින් පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නීතිය හා සාමය පවත්වා ගැනීමට සහ විය හැකි තර්ජන සමඟ කටයුතු කිරීමට ආරක්ෂක පියවර ගැනීම අත්‍යවශ්‍ය බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

හිමිනමට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

ගම්පහ, මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී ස්වාමීන් වහන්සේ නමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිමිනම ඝාතනය කිරීමට පැමිණි වාහනය සහ ගිනිඅවිය ලබාදුන් පුද්ගලයාව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය ජනවාරි මස 23 වනදා  පෙරවරුවේ ගම්පහ මල්වතු හිරිපිටිය විහාරස්ථානයක හිමිනමක් වෙඩිතබා ඝාතනය කර තිබුණා.

ඉන්දියානු සංචාරය – 2024.02.08 සිව්වැනි දිනය

ඉන්දියානු රජයේ ආරාධනයකට අනුව නිල සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජත පිරිස අහමදාබාද්හි පිහිටි ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධ i-Hub සමාගමේ සංචාරයක නිරත වූහ.

එම ආයතනය ස්ථාපිත කරනු ලැබ ඇත්තේ ශිෂ්‍යයන්ට හා ආධුනික ව්‍යවසායකයින්ට උපදේශන සේවා, විද්‍යාගාර ඇතුළු යටිතල පහසුකම් සපයන සහ ආයෝජකයන් මගින් අරමුදල් සම්පාදනය කර දීමට මැදිහත් වන නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් (Innovation Hub) ලෙසය. i-Hub ආයතනය සිසුන්, බුද්ධිමතුන්, කර්මාන්ත සහ වෙළඳපොළ එකිනෙක සම්බන්ධ කරමින් රාජ්‍ය නියාමනයක් සහිත පහසුකම් සැපයීමේ පද්ධතියක් සංවර්ධනය කිරීමට උපායමාර්ගික මැදිහත්වීම් සිදු කරයි. උපදේශනය, ජාලකරණය, පාරිභෝගික සම්බන්ධතා, ආයෝජන අවස්ථා, ආධාරක යාන්ත්‍රණයන් සහ විද්‍යාගාර යටිතල පහසුකම් සම්පාදනයට අදාළ කඩිනම් නම්‍යශීලී සහ සහයෝගීතා සේවා ඒකාබද්ධතාවක් වන i-Hub, තම සේවාදායකයින්ට අවශ්‍ය සියලු සේවා එක් වහලක් යටදී සම්පූර්ණ කරදීමට කටයුතු කරයි.

අනතුරුව අහමදාබාද්හි කෘෂිකාර්මික ප්‍රදේශ සහ කෘෂි නිෂ්පාදන නිරෝධාන කර්මාන්ත ශාලාවක් (GAIC – Gujarat Agro Industries Corporation) නිරීක්ෂණයකටද මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් (TATA Motors) නිරීක්ෂණයකටද සූර්ය බලශක්ති ව්‍යාපෘති නිරීක්ෂණයකටද සහභාගි වූ ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස අද (08) රාත්‍රියේ කේරල ප්‍රාන්තයේ අගනුවර වන තිරුවානන්දපුරම් (පෙර හඳුන්වන ලද නාමය Trivandrum) බලා යාමට නියමිතය.

2024.02.07 දින ඉන්දියානු සංචාරයට අදාළ තවත් තොරතුරු

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස ඊයේ (07) ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද් හි පිහිටි අමුල් කිරි නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය ආවරණය කරමින් ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූහ. අනතුරුව ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු කළමනාකාරිත්වය, ජාතික කිරි සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශේෂඥ පිරිසක් සමඟ කිරි නිෂ්පාදනයේ නව තත්වයන් පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.

ආයතනයේ හිමිකාරීත්වය හා කළමනාකරණය සමුපකාර ව්‍යූහයක් යටතේ ක්‍රියාත්මක වේ. කිරි නිෂ්පාදනය වැඩි කිරීම, කිරි නිෂ්පාදනවල මිල අවම කරගැනීම, නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම, තාක්ෂණයේ ප්‍රශස්ත භාවිතය වැනි කරුණු දීර්ඝව සාකච්ඡා කර තිබේ.

එසේම ඔවුන් විසින් ලංකාවේ සිදුකිරීමට යන ආයෝජනය පිළිබඳවද, දැනට මතුවී ඇති ගැටලු හා අනාගතයේදී උද්ගත විය හැකි විවිධ ගැටලුකාරී තත්වයන් පිළිබඳවද මෙහිදී ජාතික ජන බලවේගයේ නායකයින් විසින් කළමනාකාරිත්වය ප්‍රශ්න කර තිබේ.

මේ අතර ගුජරාටයේ සංවර්ධන ආකෘතිය පිළිබඳ ඉදිරිපත්කිරීමේ අවස්ථාව සඳහා ගුජරාට් ආණ්ඩුවේ බලශක්ති හා ඛණිජ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලේකම් Mamta Verma, කර්මාන්ත හා කැණීම් දෙපාර්තමේන්තුවේ අතිරේක ප්‍රධාන ලේකම් S.J. Haider, ගාන්ධි නගරයේ the Leela හෝටලයේ සාමාන්‍යාධිකාරී Vikas Sood ඇතුළු පිරිසක් සහභාගි වූහ. යටිතල පහසුකම්, ව්‍යාපාර කිරිමේ පහසුව, බලශක්ති ක්ෂේත්‍රය, විදේශ වෙළදාම, තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.

WhatsApp Image 2024-02-08 at 15.53.40 WhatsApp Image 2024-02-08 at 15.53.25 WhatsApp Image 2024-02-08 at 15.49.51 WhatsApp Image 2024-02-08 at 15.49.33

සනත් නිශාන්තගේ මරණය සැකසහිතයි

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සනත් නිශාන්ත මහතාගේ මරණය සැක සහිත බවට චෝදනා කරමින්.

අනතුර සිදුවූ ආකාරය සහ රියදුරාගේ හැසිිරීම සම්බන්ධයෙන් සැක සහිත බව බිරිඳ පවසා තිබෙනවා.

ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරන ලෙස යි.

දකුණු කොරියාවේ ලාංකිකයින් සේවය කරන කර්මාන්ත ශාලාවක ඇතිවුන ගින්න….

https://www.youtube.com/embed/5naczGUhDAw?si=x2kgk45f17euGIN3″ title=