https://www.youtube.com/embed/kXpAyxYQAKE?si=rDUASWxg9tNSOg0B” title=
Author: Supun
SL vs AFG 2nd ODI : ඇෆ්ගනිස්ථානයට ලකුණු 309 ක ඉලක්කයක්
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 308 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් ලකුණු 61 ක්, සධීර සමරවික්‍රම ලකුණු 52 ක්, ජනිත් ලියනගේ ලකුණු 50 ක්, නොදැවී විශිෂ්ට ලෙස නොදැවී පන්දුවට පහරදුන් චරිත් අසලංක 97 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Azmatullah Omarzai කඩුලු 3 ක්, Fazalhaq Farooqi, Noor Ahmad, Qais Ahmad එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 309 ක්.
ලකුණු පුවරුව පහතින්.

SL vs AFG 2nd ODI : කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය අද (11) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
SL vs AFG 2nd ODI : දෙවන එක්දින තරගය අද
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය අද (11) පැවැත්වෙනවා.
ඒ අනුව තරගය අද පස්වරු 2.30 ට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු එක්දින තරගය ලකුණු 42 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ලෝක දේශපාලනයේ වෙනස්කම් අනුව අපේ පක්ෂයත් වෙනස් වෙලා – විජිත හේරත්
ලෝක දේශපාලනයේ සිදුව ඇති වෙනස්කම් අනුව තම පක්ෂයද වෙනස්වී ඇති බව ජාතික ජන බලවේගය පවසනවා.
ජාතික ජන බලවේගයේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කළේ, මෙම සංචාරය සඳහා ඉන්දියාව ආරාධනා කළේ, හදිසියේ නොවන බවත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සංචාරයක් සඳහා ආරාධනා කළ බවයි.
80 දශකයේදී ඉන්දියාවේ සෘජු මැදිහත්වීමක් ශ්‍රී ලංකාවට තබූ බවත් අද වන විට එම දේශපාලන තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්වී ඇති බවත් තම පාලනයක් තුළ සියලු රටවල් සමඟ ආර්ථික දේශපාලන තත්ත්වයන්ට සමගාමී වන ආකාරයෙන් සම්බන්ධතා පවත්වන බවයි විජිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
තම විදෙස් ප්‍රතිපත්තිය පැහැදිළිව එරට බලධාරීන්ට ප්‍රකාශ කළ බවත් ලෝකය සහ කලාපීය දේශපාලනයද වෙනස්වී ඇති අතර එයට සමගාමීව දේශපාලන ව්‍යාපාරයක් ලෙස තමන්ද වෙනස්වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
ඉන්දියාවේ අමුල් සමාගම සමඟ සාකච්ඡා කිරීමේදී තමන්ට ගැටලුව ඇත්තේ රට තුළ කිසිඳු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදු නොවීම සම්බන්ධයෙන් බවත් එය එම සමාගමෙන් විමසූ විට, එය සිදුකළ යුත්තේ ශ්‍රී ලංකා රජයෙන් බවත් එහි වගකීමක් තමන්ට භාර ගැනීමට නොහැකි බවට ඔවුන් එහිදී ප්‍රකාශ කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.
විදුලි ගාස්තුව ගැන සමීක්ෂණ අයාතනයේ කරුණු පිළිගන්න බැහැ – කංචන විජේසේකර
දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුවක් අය කරන රට ශ්‍රී ලංකාව බවට වෙරිටේ රිසර්ච් ආයතනය ඉදිරිපත් කළ කරුණු පිළිගත නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව එම සමීක්ෂණය සඳහා තොරතුරු පාදක කරගෙන තිබුණේ ජනතාව නොමග යවන ආකාරයට බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙම සමීක්ෂණ සිදුකරන්නේ මැතිවරණයක් පවතින අවස්ථාවක යම් කණ්ඩායමගේ අවශ්‍යතාවයකටදැයි ගැටලුවක් පවතින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එය පෞද්ගලික අංශයට ලබාදෙනවාද යන්න සම්බන්ධයෙන් තවමත් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ වන්නේ පවතින සේවාවන් කාර්යක්ෂම කිරීම, ගුණාත්මක විදුලිබලයක් ලබාදීම හා පවතින කාර්යන් විනිවිද භාවයෙන් සිදුකිරීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
හංගේරියානු ජනාධිපතිවරිය ඉල්ලා අස්වෙයි
හංගේරියානු ජනාධිපති Katalin Novak සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ළමා ලිංගික අපයෝජන සිද්ධියක් වසන් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට සමාව දීමට ගත් තීරණය හේතුවෙන් තමා සිය ධුරයෙන් ඉල්ලා අස් වන බවයි ඇය සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් කළේ.
ළමා නිවාසයක අධ්‍යක්ෂවරයෙකුට එරෙහි ව එල්ල වී තිබූ ලිංගික අපයෝජන චෝදනයක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට ළමුන්ට බලකිරීම සම්බන්ධයෙන් සිරගත වූ පුද්ගලයෙකුට ජනාධිපති කැටලීන් නොවැක් පසුගිය සතියේ ජනාධිපති සමාව ලබාදී තිබුණා.
ඒ සම්බන්ධයෙන් හංගේරියාවේ විරෝධතා පැවති අතර, විරෝධතාකරුවන් සඳහන් කළේ, ජනාධිපතිවරිය සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඒ අනුව අදාළ පුද්ගලයාට සමාව ලබාදීමේ දී තමා වරදක් කළ බව පවසමින් හංගේරියානු ජනාධිපති කැටලින් නොවැක් ජනතාවගෙන් සමාව අයැද සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.
විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ජනවාරි මාසයේ ඩොලර් මිලියන 487 ක් ශ්‍රී ලංකාවට
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මේ වසරේ ජනවාරි මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 487.6ක් මෙරටට එවා ඇති බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
ඒ අනුව එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 11.4% ක වැඩි වීමක් බව සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
අදාළ X පණිවිඩය පහතින්.

සමාජ මාධ්‍යයෙන් අපිට මඩ ගහපු පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා – ටිරාන් අලස්
සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාරයන් සිදුකළ පුද්ගලයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ පුද්ගලයා “අපිට මඩ ගසන පුද්ගලයෙක්” බවත් ඔහුට මුදල් දී ඇත්තේ දේශපාලඥයෙක් බවට ඔහු කටඋත්තරයක් ලබා දී ඇති බවයි.
දේශපාලඥයින්ට, රජයට, පොලිස්පතිතුමා ඇතුළු පිරිස් වෙත මඩ ගැසීම සඳහා සමාජ මාධ්‍ය ජාලා පාවිච්චි බවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් සඳහන් කළා.
නුවරඑළිය සදතැන්නේ හිරු උදාව නරඹන්න නැවත සංචාරකයින්ට අවස්තාව ළඟදීම.
නුවරඑළිය සදතැන්න පාරිසරික කලාපයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයට් හිරු උදාව නැරඹීම සඳහා නැවත අවසර ලබාදීමට හා අවශ්‍ය පහසුකම් සැපයීමට කඩිනමින් කටයුතු කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් වූ ගමගේ මහතා පවසයි .
ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ නුවරඑළිය සදතැන්න සංචාරක කලාපයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා 09දා හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය ,
සදතැන්න (MOON PLAINS) නුවරඑළිය නගරයේ සිට කිමී 5 ක පමණ දුරකින් පිහිටි සදතැන්න සුන්දර සංචාරක කලාපයකි.
නුවරඑළිය සීතාඑලිය බීජ අර්තාපල් ගොවිපළ පසුකර තවත් කි මී 3 ක් ගිය තැන සදතැන්න හමුවන අතර මෙම ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 6200 ක උසකින් යුතු සදතැන්න අවට ප්‍රදේශය ම අංශක 360 ක දර්ශනය නැරඹීමට කදිම ස්ථානයකි .
ලංකාවේ උසම කදු මුදුන් 10 න් 9 ක්ම දර්ශනය වීම සදතැන්නේ විශේෂත්වයකි .
ස්භාවධර්මයේ අපුරු නිර්මාණයක් වූ සදතැන්න ප්‍රදේශය නැරඹීමට යා හැකි වන්නේ බීජ අර්තාපල් ගොවිපළ අසලට පැමිණ ගමන් කළ හැකි අතර මෙහි ඇති මනස්කාන්ත භූමි දර්ශන මෙන්ම පාරිසරික සුන්දරත්වය ලංකාවේ කිසිම තැනකවත් දැකගත නොහැකිය.
එමෙන්ම එහි හිරු උදාව නිරීක්ෂණය සංචාරක ආකර්ෂණය ලබා ගත් අවස්ථාවක් වුවද විවිධ හේතු නිසාවෙන් ඒ සදහා ඇති පහසුකම් නොමැති බව ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධකයින් විසින් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමත් සමගම මෙම ප්‍රදේශයට සංචාරය කරමින් මෙම සංචාරක කලාපයේ පවතිව අඩුපාඩු පිළිබදව පැමිණ සිටි පිරිස සමගා සකච්ඡා කළ ආණ්ඩුකාරවරයා කියා සිටියේ සදතැන්න සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් සදහා අවශ්‍ය පහසුකම් ඇති කිරිමට කටයුතු කරන ලෙසත් රටක් ලෙස ආර්ථික වශයෙන් නැගි සිටිමට උත්සහ කරන මෙම අවස්ථාවේදි සියලු දෙනා භේද පසෙකලා ආර්ථික සමාජිය දියුණුව උදෙසා තම යුතුකම් සහ වගකිම් නිසි ලෙස වටහාගෙන කටයුතු කිරිම වැදගත් බවය.
මෙම සංචාරය සදහා මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර නුවරඑළිය සීතාඑලිය බීජ අර්තාපල් ගොවිපළ නිලධාරී මහතුන් , සංචාරක ප්‍රවර්ධකයින්ඇ කිහිප දෙනකු ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
