ශ්‍රී ලංකා මහ බැංකුව විසින් PAN ASIA BANK වෙත ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කිරීමට ලබාදී තිබු බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කර ඇත

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් PAN ASIA BANK වෙත ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කිරීමට ලබාදී තිබු බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කර ඇත

මෙම අත්හිටුවීම පෙබරවාරි මස (15) වන දිනයේ සිට මාස හයක කාලයකට දීර්ඝ කර ඇති අතර PAN ASIA BANK විසින් මේ බව කොළඹ කොටස් වෙළදපල වෙත දන්වා ඇත.

මහ බැංකුව විසින් බලපත්‍රයක් අත්හිටුවීම PAN ASIA BANK හි සාමාන්‍ය කටයුතු හා ද්විතීක වෙළඳපළ ගණුදෙනු වලට බලපෑමක් සිදු නොකරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

2024.02.15 ආදරවන්තයන්ගේ දින රාත්‍රියේ යතුරු පැදියක් ධාවනය කර තරුණයා දුරකථන කනුවක ගැටී මියගොස් .

කලුතර උග්ගල්බඩ පෙලෙන්ගහකන්ද ප්‍රදේශයේ දී ආදරවන්තයන්ගේ දින (14) රාත්‍රි11 ට පමණ යතුරුපැදියක් දාවනය කරමින් සිටි විවාහක තරුණයකු දුරකථන කනුව ගැටී බරපතළ ලෙස තුවාල ලබා රොහල් ගත කිරීමේ දී මියගොස් ඇතැයි කලුතර උතුර පොලිසියකියයි .

මෙසේ මියගොස් ඇත්තේ හේගල් කන්ද ගේ ගිහාන් මදුශන්ක ලක්මාල් (26) නැමැති තරුණ ව්වාහක අයෙකු බව පොලිසිය කියයි .

මියගිය තරුණයා මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ඔහු පදිංචි නිවසට මිටර් 100 ක පමණ දුරකදී සිදු වු අනතුරෙන් බව පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි .
මියගිය තැනැත්තා මිතුරෙකුගේ නිවසට ගොස් ඔහුගේ මස්සිනා ගේ යතුරුපැදිය ඉල්ලා පැද යමින් සිටියදී මෙලෙස දුරකථන කනුවක ගැටී සිදුවූ අනතුරෙන් මියගොස් ඇතැයි හදිසි මරණ පරීක්ෂකවරයා සදහන් කලහ.
මියගිය තැනැත්තාගෙ පශ්චාත් මරණ පරීක්ෂණය කලුතර නාගොඩ ශික්ෂණ රෝහලේදී වැඩ බලන හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා විසින් සිදුකිරීමට නියමිත අතර කලුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා ගේ උපදෙස් මත රථ වාහන අංශ පොලිස් සැරයන් සෙනවිරත්න මහතා පරීක්ෂණ සිදුකරයි .

ගල්පාත චන්දන පෙරේරා

2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික වැඩසටහන හා සමගාමී මධ්‍යම පළාත් ප්‍රධාන උත්සවය පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වෙයන් (15) මහනුවර දී.

පිරිවෙන් භික්ෂුන් වහන්සේලා සහ සීලමාතාවන් ඇතුළු පාසල් සිසු සිසුවියන් උදෙසා 2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික වැඩසටහන කොළඹ ශාන්ත අන්තෝනි බාලිකා මහා විද්‍යාලයේ දී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සහභාගිත්වයෙන්  අද (15) පැවැති අතර මධ්‍යම පළාත් ප්‍රධාන උත්සවය පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වෙයන් මහනුවර විද්‍යාර්ථ විද්‍යලයේදි පැවැත්විණි.

ඒ අනුව පාසල් 10,126 ක හා පිරිවෙන් 822 ක ඉගෙනුම ලබන මිලියන 4.5 ඉක්මවන පාසල් ශිෂ්‍ය ප්‍රජාව හා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ මෙන් ම සීලමාතාවන් ද රජයෙන් නොමිලේ ප්‍රදානය කරනු ලබන මෙම පෙළපොත් හා නිල ඇඳුම් රෙදි කට්ටල ප්‍රතිලාභීහු වෙති. මෙවරත් සිංහල, දමිළ හා ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන් ම පෙළපොත් මුද්‍රණය කර ඇති අතර ඒ සඳහා රජයට රුපියල් බිලියන 12කට ආසන්න මුදල් ප්‍රතිපාදන වැය කර ඇත.

මෙහිදි ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ ගුණ නැණ බෙලෙන් යුතු දරුවෙකු සමාජයට දායාද කිරිම අධ්‍යාපනයේ පරම වගකිමක් බවත් වර්තමාන සමාජයේ කළ ගුණ සැලකිමේ ගුණය ක්‍රමක්‍රමයෙන් ඇත්විගෙන යන බවත් එසේ නොවන අධ්‍යාපනය වගේම ගුණවත් යහපත් දරුවෙකු නිර්මාණය කිරිමට සියලු දෙනාගේ වගකිම බවය.

මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති/පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණතිලක රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රි  මහාචාර්ය රංජිත් බණ්ඩාර,පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත්, නියෝජ්‍ය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සි මයාදුන්න විදුහල්පති  එම්.ආර්.පී. මායාදුන්න යන මහත්ම මහත්මින් දෙමාපියන්  පාසල් සිසු දරුවන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

WhatsApp Image 2024-02-15 at 16.38.09 (1) WhatsApp Image 2024-02-15 at 16.38.09 (2) WhatsApp Image 2024-02-15 at 16.38.09 WhatsApp Image 2024-02-15 at 16.38.10 (1) WhatsApp Image 2024-02-15 at 16.38.10 (2) WhatsApp Image 2024-02-15 at 16.38.10 (3) WhatsApp Image 2024-02-15 at 16.38.10 (4) WhatsApp Image 2024-02-15 at 16.38.10 (5) WhatsApp Image 2024-02-15 at 16.38.10 (6) WhatsApp Image 2024-02-15 at 16.38.10 WhatsApp Image 2024-02-15 at 16.38.11 (1) WhatsApp Image 2024-02-15 at 16.38.11 (2) WhatsApp Image 2024-02-15 at 16.38.11 (3) WhatsApp Image 2024-02-15 at 16.38.11 (4) WhatsApp Image 2024-02-15 at 16.38.11 WhatsApp Image 2024-02-15 at 16.38.12 (1) WhatsApp Image 2024-02-15 at 16.38.12 (2) WhatsApp Image 2024-02-15 at 16.38.12 (3) WhatsApp Image 2024-02-15 at 16.38.12 (4) WhatsApp Image 2024-02-15 at 16.38.12 (5) WhatsApp Image 2024-02-15 at 16.38.12

පසුගිය වසරේදී ළමා අපයෝජන සිද්ධීන් ගැන පැමිණිලි 9000ක් – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් වූ පැමිණිලි 9,000කට වැඩි සංඛ්‍යාවක් පසුගිය වසරේ දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පවසනවා.

ඒ අනුව 2023 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 9,434ක් ලැබී ඇති බවයි ඔහු පවසන්නේ.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වන විටත් අදාළ අංශ වෙත යොමුකර ඇති බවත්, ළමා අපයෝජන වළක්වා ගැනීම සඳහා දැනට පවතින ඇතැම් නීති සංශෝධනය කිරීමට ද සාකච්ඡා සිදුකරමින් පවතින බවත් සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ජයිකා සභාපතිවරයාගේ ඇගයීමට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) සභාපති ආචාර්ය ටනකා අකිහිකෝ අතර හමුවක් ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවී තිබෙනවා.

නව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම දුෂ්කර ක්‍රියාවලියක් වුවද ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කැපවීම එහිදී ආචාර්ය ටනකා අකිහිකෝගේ ඇගයීමට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක, දැනට අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති කඩිනමින් නැවත ආරම්භ කිරීමට තම අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පවසා ඇති බවයි වාර්තා වන්නේ..

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

65cdb399beee3pdf_page_0

රටින් පළාගිය අපරාධකරුවන් 42කට රතු නිවේදන නිකුත් කිරීමට පියවර

පාතාල සහ මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ ව මෙරටින් පැන ගිය අපරාධකරුවන් සඳහා ජාත්‍යන්තර රතු නිවේදන 42ක් මේ වන විට නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඉදිරියේ දී ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇති ව මෙම රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් මෙරටට ගෙන්වීමට කටයුතු සිදු කරමින් ඇති බවයි වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ.

අද (15) උදෑසන මෙරටට රැගෙන ආ කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයාගෙන් ද මෙරට කුඩු ජාවාරම පිළිබඳ ප්‍රශ්න කර තොරතුරු ලබා ගැනීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෛත්‍රී සහ අෆ්රීන් අක්තර් අතර හමුවක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් හමුවක් ඊයේ (14) ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී සිදුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වයන් පිළිබඳව එහිදී දීර්ඝ සාකච්ඡාවක නිරත වී ඇතිවී ඇති බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වී සකස් කරන සන්ධානය සම්බන්ධයෙන් සහ ද්විපාර්ශවික කරුණු සම්බන්ධයෙන් ඉතා සාර්ථක සාකච්ඡාවක නිරත වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ප්‍රදේශ රැසක වායු ගුණාත්මක බව පහළට – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

බාහිරින් හමා එන සුළංවල පවතින දූෂණ කාරක නිසා දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය තුළ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

කුඩා දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයින් හා ශ්වසන ආබාධවලින් පෙළෙන පුද්ගලයින්ට මෙම තත්ත්වයෙන් යම්කිසි සෞඛ්‍යමය හානිකර තත්ත්වයක් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ E.L.M  උදයකුමාර පවසා සිටිනවා.

සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින් මුව ආවරණ පැළඳීම සිදුකරන ලෙසත්, විවෘත පරිසරයේ රැදී සිටීමෙන් වැළකෙන ලෙසත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි 19 ආරම්භ වෙයි

නව පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල්වාරය 16 වන සිකුරාදා දින අවසන් වන බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි මස 19 වන සඳුදා ආරම්භ වීමට නියමිතයි.