නාරම්මල වෙඩි තැබීමේ සිදුවීමට අදාළව පොලීසියෙන් මිලියන 200 ක වන්දි ඉල්ලා නඩුවක් ගොනු කරයි

නාරම්මල පොලීසියේ නිලධාරීයෙකු විසින් ලොරි රථ රියදුරෙකු වෙඩි තබා ඝාතනය කිරීම තුළින් සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වන්දි ඉල්ලා පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඒ අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා එම සිද්ධියෙන් මියගිය රොෂාන් කුමාරසිරි‌ගේ බිරිඳ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වග උත්තරකරුවන් ලෙස නාරම්මල පොලීසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන,  පොලිස් කොස්තාපල් කේ.එම්. චමුදිත බණ්ඩාර කුළසේකර නාරම්මල පොලීසියේ ස්ථානාධිපතිවරයා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලීසිය විසින් එල්ලකල වෙඩි පහරින් තම සැමියා මරණයට පත්වීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් අයකර දෙන ලෙසයි ඇය සිය පෙත්සම මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

ග්‍රීසිය සමලිංගික විවාහ නීතිගත කිරීමට අවසර ලබාදෙයි

සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා අවසර ලබාදීමට ග්‍රීසිය තීරණය කර තිබෙනවා.

ඊයේ (15)  එරට පාර්ලිමේන්තුවේ පැවැත්වූ ඡන්දයෙන් අනතුරුව මෙසේ සමලිංගික යුවල සඳහා සමාන අයිතිවාසිකම් ලබා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව සමලිංගික විවාහ නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතොඩොක්ස් රට බවට ග්‍රීසිය පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපති ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බව සෙනගල් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

සෙනගල් රාජ්‍යයේ ජනාධිපතිවරණය කල් දැමීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

සෙනගල් රාජ්‍යයේ ජනාධිපතිවරණය එළැඹෙන පෙබරවාරි 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර එරට වත්මන් ජනාධිපති මැකී සෝල් නියෝගයක් නිකුත් කරමින් එය දෙසැම්බර් මාසය දක්වා කල් දමා තිබුණා.

ඒ සඳහා වන පනතක්ද එරට පාර්ලිමේන්තුව මඟින් සම්මත කර ඇති බවත්, පක්ෂ අපේක්ෂකයින්ගේ සුදුසුකම් පිළිබඳ මතුව ඇති ගැටලු හේතුවෙන් ජනාධිපතිවරණය කල් දමන බවටයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

කෙසේ නමුත් මෙම තීරණය පාර්ශ්ව ගණනාවක් විසින් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කර ඇති අතර ඒ අනුව අදාළ ජනාධිපති නියෝගය සහ පාර්ලිමේන්තු පනත වහාම බල රහිත කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

අපේක්ෂිත පරිදි පෙබරවාරි 25 වැනිදා මැතිවරණය පැවැත්වීමට කාලය ප්‍රමාණවත් නොවන නමුත්, එය හැකි ඉක්මනින් සංවිධානය කළ යුතු බවයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් තීන්දු කර ඇත්තේ.

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ කහවත්ත අධිවේගී පිවිසුම අසලදී පසුගියදා පුද්ගලයින් පස්දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින්ට කිහිප දෙනෙකු පොලිසිය හඳුනාගෙන ඇත.

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ කහවත්ත අධිවේගී පිවිසුම අසලදී පසුගියදා පුද්ගලයින් පස්දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින්ට කිහිප දෙනෙකු පොලිසිය හඳුනාගෙන ඇත. එම පුද්ගලයින්ගේ ඡායාරූප හා
ඔවුන්ගේ විස්තර පොලිසිය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති අතර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අදාළ සැකකරුවන් හඳුනන්නේ නම් හැකි ඉක්මනින් පහතින් ඇති දුරකථන අංක වලට දැනුම් ලෙස දෙන ලෙස පොලිසිය පවසයි.

අදාළ සැකකරුවන් පිළිබඳ තොරතුරු දන්නේ නම්
071 8591488 දුරකථන අංකයට හෝ 0718591497 දුරකථන අංකයට ලංගම පොලීසිය දැනුවත් කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි

WhatsApp Image 2024-02-17 at 15.51.27 WhatsApp Image 2024-02-17 at 15.51.18 WhatsApp Image 2024-02-17 at 15.51.08

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 16ක ජල කප්පාදුවක්

හෙට (17) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක් සිදුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට පස්වරු 5.00 සිට 18 වන ඉරිදා පෙරවරු 9.00 දක්වා කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අධිකරණයෙන් නියෝගයක් අනුව පොලිස් නිලධාරින් තිදෙනෙක් පුරවැසියෙක් ඉදිරියේ දණින් වැටී සමාව ගනී

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරු දෙදෙනෙක් හට අගතියට පත් පුද්ගලයෙක් ඉදිරියේ දණ නමා සමාව අයැද සිටින ලෙසට අධිකරණය නියෝග කර තිබෙනවා.

2017 වසරේ දිනයක අදාළ පුද්ගලයා නාරාහේන්පිට පිහිටි පුද්ගලික රෝහලක් වෙත යමින් සිටියදී, මාර්ගයේ සේවය කළ සනීපාරක්ෂක සේවකයෙකු අනතුරට ලක්ව සිටිනු දැක පොලිසියටද දන්වා තුවාලකරු රෝහල්ගත කර ඇති අතර, පසුව සැකකාර සැරයන්වරයා හා කොස්තාපල්වරුන් දෙදෙනා විසින් අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියට දැමූ බවයි පෙත්සමක් මගින් ඔහු දන්වා සිටියේ.

නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීමෙන් හා රඳවා තබාගැනීමෙන් අගතියට පත් කිරීම යන කරුණ යටතේ අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණු නමුත්, පසුව වගඋත්තරකාර පොලිස් නිලධාරින් සමග සමාදාන වීමට පෙත්සම්කරු එකඟ වී තිබෙනවා.

ඒ අනුව, ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මින් ඉදිරියට මෙවැනි ක්‍රියා සිදු නොකරන ලෙසට විනිසුරුවරයා විසින් අවවාද කර ඇති අතර, ඉන්පසුව පොලිස් නිලධාරින් තිදෙනාම වෙන් වෙන්ව පෙත්සම්කරු ඉදිරියට ගොස් දන නමා වැඳ සමාව ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තු ඉහළම නිලයකට උසස් වීම් ලැබූ නිලධාරිනියක් පැය 24ක් යාමට පෙර එම නිලයෙන් ඉවත් කරයි.

පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය
පාර්ලිමේන්තු ඉහළම නිලයකට උසස් වීම් ලැබූ නිලධාරිනියක් පැය 24ක් යාමට පෙර එම නිලයෙන් ඉවත් කරයි.

එම උසස් නිලධාරිනියගේ අංශයේ දෙවැනි නිලයට පත් කළ නිලධාරියාගේ නිවෙසට ගොස් ඔහුට විරුද්ධව බලපෑම් කරන ලදැයි චෝදනා පදනම් කර ගනිමින් එම තනතුරින් ඉවත් කිරීමට තීරණය කර ඇත.

දෙවැනි නිලයට පත් කළ නිලධාරියා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර දැනුම් දීමෙන් පසුව මෙම පියවර ගෙන ඇතැයි ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේග පක්ෂයේ සභාපති ධුරයෙන් නෙරපා දැමීමට එම පක්ෂය තීන්දු කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේග පක්ෂයේ සභාපති ධුරයෙන් නෙරපා දැමීමට එම පක්ෂය තීන්දු කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් නායක සජිත් ප්‍රේමදාසගෙන් පසුගියදා මේ පිළිබඳව ඉල්ලීම් කර තිබී ඇති අතර
පක්ෂ නායකත්වය පක්ෂය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම යන කරුණු මුල් කරගෙන පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා මහතා ඉවත් කිරීම ඉතා ඉක්මනින්ම සිදුකරනු ඇතයි වැඩිදුරටත් සඳහන් වේ.

ගල්පාත චන්දන පෙරේරා

යතුරු පැදියෙන් ගොස් විවිධ ප්‍රදේශ වලට හොරෝයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකරනු ලබන විවාහක යුවලක් කහවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගනී…….

යුක්ති මෙහෙයුම් වලට සමගාමීව සිදුකරන ලද මෙහෙයුම් වලදී කහවත්ත පොලිස් ස්ථානයේ නිළධාරින් කණ්ඩායමක් විසින් නො.333, හාගල, හුංගම, ඇඹිලිපිටිය ලිපිනයේ පදිංචි හඹරාදුව වල්ගමගේ රසික සම්පත් (අවු. 30) නැමැති සැකකරු හෙරෝයින් මත්ද්‍රව්‍ය 05g 425mg ක් සමගින් 2024.02.15 වන දින 1130 අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුට විදේශ රටක සිට ජාවාරම්කරු විසින් වට්ස්ඇප් WhatsApp මගින් දැනුම්දෙන ස්ථානයකදී හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාදෙන අතර, සැකකරු විසින් මොහුට අයත් අංක SG BAV – 9795 දරණ යතුරු පැදියෙන් ගොස් එම මත්ද්‍රව්‍ය පැකට් පැල්මඩුල්ල සහ බලංගොඩ ප්‍රදේශයේ ජාවාරම්කරු විසින් දැනුම්දෙන ස්ථානයක ඉතා ක්ෂූක්ෂම ලෙස තබා එම ස්ථානයේ ඡායාරූපයක් ගෙන විදේශගත ජාවාරම්කරුට යොමු කරනු ලබන බවත් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සැකකරුගේ බිරිද චතුරිකා සදමාලි (අවු.25) නමින් මීරිගම ලංකා බැංකු ශාඛාවේ ගිණුමකට දෛනිකව මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් රු. 15,000/- බැර කරනු ලබන බවටත් විමර්ශන නිළධාරීන් අනාවරණය කර ඇති අතර, සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

WhatsApp Image 2024-02-16 at 13.39.25 (1) WhatsApp Image 2024-02-16 at 13.39.25 WhatsApp Image 2024-02-16 at 13.39.24 (7) WhatsApp Image 2024-02-16 at 13.39.24 (6) WhatsApp Image 2024-02-16 at 13.39.24 (5) WhatsApp Image 2024-02-16 at 13.39.24 (4) WhatsApp Image 2024-02-16 at 13.39.24 (2) WhatsApp Image 2024-02-16 at 13.39.24 (3) WhatsApp Image 2024-02-16 at 13.39.24 (1) WhatsApp Image 2024-02-16 at 13.39.24 WhatsApp Image 2024-02-16 at 13.39.23 (1) WhatsApp Image 2024-02-16 at 13.39.23 (2) WhatsApp Image 2024-02-16 at 13.39.23

ඓතිහාසික සිද්ධස්ථාන 11ක් පූජා භූමි ලෙස නම් කෙරේ

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද  පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 11ක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

එම භූමි ප්‍රදේශ පූජා භූමි ලෙස නම් කරමින් ඊට අදාළ සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹගස්වැව පුරාණ රජමහා විහාරය, පුත්තලම දිස්ත්‍රික්කයේ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොතුවටවන මහා විහාරය, අම්පාර දිස්ත්‍රික්කයට අයත් පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්පාර මුහුදු මහා විහාරය, ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැද්දේගම රජමහා විහාරය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උද්ධකන්දර රජමහා විහාරය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ශ්‍රී සද්ධර්ම යුක්තික වන සෙනසුන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දඹදෙණිය ශ්‍රී විජය සුන්දරාරාම රජමහා විහාරය, ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ශාන්ති විහාරය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කබලෑව ඇඹව ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය සහ ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දේවාලය, ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යාන් ඔය රජමහා විහාරය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සාගර පුර සමුද්‍රගිරි වන සෙනසුන මෙලෙස පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව මේ වන විට මෙරට පූජාභූමි ලෙස ප්‍රකාශයට පත් කර ඇති සමස්ත සිද්ධස්ථාන සංඛ්‍යාව 142ක් බවට පත් වේ.

බුද්ශ ශාසනය ආරක්ෂා කර ගනිමින් එය සුරක්ෂිත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැපවී කටයුතු කරන බව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ මඟපෙන්වීමෙන් බෞද්ධාගමික අභිවෘද්ධිය වෙනුවෙන් රජය ගෙන ඇති පියවර කිහිපයක් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා ථෙරවාදි බුදුදහමේ කේන්ද්‍රස්ථානය වන මහා විහාරයේ පුරාවිද්‍යාත්මක කැණීම් ආරම්භ කිරීමටත්, මහා විහාර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට සහ මහනුවර ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයක් ඉදිකිරීමේ සැලසුම් පිළිබඳව ද සඳහන් කළේය.

විද්‍යෝදය පරිවෙණාධිපති  ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ගාලු සහ බස්නාහිර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක දර්ශනපති රාජකීය පණ්ඩිත පූජ්‍ය බළන්ගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහෝපද්‍යාය අමරපුර චූලගන්ඨී පාර්ශ්වයේ මහානායක සාහිත්‍ය ශුරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය අතිපූජ්‍ය පණ්ඩිත ගංතුනේ අස්සජි මහා නායක හිමිපාණන් වහන්සේ, ලංකා රාමඤ්ඤ මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා විද්‍යාල පරිවේණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගම නන්දවංශ නායක හිමිපාණන් වහන්සේ මෙහි  මුලසුන හෙඹ වූ අතර පූජා භූමි සන්නස් පත්‍රලාභී විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු  මන්ත්‍රී සමන්ප්‍රිය හේරත්, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ  යන මහත්වරුන් ද බෞද්ධ කටයුතු  කොමසාරිස් ජනරාල්,  භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සහ පූජා භූමි සන්නස් පත්‍රලාභී විහාරස්ථානයන්හි දායක දායිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

WhatsApp Image 2024-02-16 at 11.16.19 (4) WhatsApp Image 2024-02-16 at 11.16.19 (3) WhatsApp Image 2024-02-16 at 11.16.19 (2) WhatsApp Image 2024-02-16 at 11.16.19 (1) WhatsApp Image 2024-02-16 at 11.16.19 WhatsApp Image 2024-02-16 at 11.16.18 (1) WhatsApp Image 2024-02-16 at 11.16.18 (2) WhatsApp Image 2024-02-16 at 11.16.18 (3) WhatsApp Image 2024-02-16 at 11.16.18 (4) WhatsApp Image 2024-02-16 at 11.16.18