https://www.youtube.com/embed/sWHJbmfdKKg?si=dcvD1INTKQTyz-gM” title=
Author: Supun
ගිලන් රථයට යන්න දුම්රිය නවත්තපු කාරුණික රියදුරා……
https://www.youtube.com/embed/uhAa0_Nne5g?si=gVCpHWN0NBGuR7Sb” title=
Online Safety පනත ගැන සමන්තා පවර්ගෙන් ජනපතිට ඉල්ලීමක්
USAD ආයතනයේ පරිපාලක සමන්තා පවර් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ අනුව නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ රැස්වීම යන අංශ කෙරෙහි අමෙරිකාව සිය සහාය දෙන බවයි ඇය එහිදී පෙන්වාදී තිබෙන්නේ.
Online Safety පනත ගැන මතුව ඇති ගැටලු සහ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇතිවන බලපෑම සම්බන්ධයෙන් සොයා බලන ලෙසත්, එම පනත මගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ද අවධානය යොමුකරන ලෙසයි ඇය එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.
මෙරට ආර්ථික අභියෝගයන් ජයගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බවද ඇය එහිදී පොරොන්දුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට අවසන්
සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට (15) උදෑසන 06.30 සිට අවසන් බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
වෛද්‍යවරුන්ට ලබාදෙන දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඊයේ (13) උදෑසන 06.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා.
මරදන්කඩවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු හා රුසියානු යුවලක් තුවාල ලබා රෝහල් ගත කෙරේ.
අද(14) පස්වරුවේදී මරදන්කඩවල , ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු හා විදේශීක යුවලක් තුවාල ලබා රෝහල්ගත කල බව පොලිසිය කියයි.
අනුරාධපුර – නුවර ඒ 9 මාර්ගයේ මරදන්කඩවල වනමල්උයන ප්‍රදේශයේදී අනතුර සිදුව තිබිණ. පාර හරහා මාරුවීමට ගිය පාසැල් සිසුන් දෙදෙනෙකු හා විදේශීය ජාතික තරුණ යුවලක් ගමන් ගත් යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
අනතුරට ලක්ව ඇති විදේශිකයින් මෙරට සංචාරයක් සදහා පැමිණ ඇති රුසියානු ජාතික තරුණ යුවලක් වන අතර, එම රුසියානු ජාතික තරුණ යුවල මහනුවර ප්‍රදේශයේ සිට යාපනය බලා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව සිදු කළ පොලිස් විමර්ශණවලදී අනාවරණය වී තිබේ.
යතුරු පැදිය හා පාසැල් සිසුන් ගැටීමෙන් සිදුව ඇති මෙම අනතුරින් මාර්ගය හරහා ගමන් කිරීමට ගිය පාසැල් සිසුන් දෙදෙනා තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සදහා මරදන්කඩවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබේ. එසේම යතුරු පැදියේ ගමන් ගනිමින් සිටි රුසියානු ජාතික යුවල ද මෙම අනතුරින් තුවාල ලබා ඇති අතර එලෙස තුවාල ලබා සිටි රුසියානු ජාතික තරුණ යුවල ද ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව 1990 ගිලන්රථ සේවයේ සහය ඇතිව කඩිනමින් මරදන්කඩවල රෝහල වෙත ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර ඇති බව පොලිසිය කියයි.
අනතුරින් තුවාල ළත් එම පාසැල් සිසුන් දෙදෙනා හා රුසියානු ජාතික තරුණ යුවළ මේ වන විට මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීන අතර ඔවුන්ගේ තත්ත්වය එතරම්ම බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව හා මරදන්කඩවල පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් අනුව රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ගේ මෙහෙයවීම යටතේ මරදන්කඩවල පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් මෙම අනතුර සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි. .
24-02-14
කැකිරාව කුෂාන් ජයවර්ධන
_________
දිවයිනේ උසින් වැඩිම කඳු මුදන වන පිදුරුතලාගල නැවත සංචාරකයින් සදහා විවෘත කිරීමට කටයුතු සිදු කළ යුතු බව නුවරඑළිය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුවේදී මධ්‍යම ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පැවසීය .
ශ්‍රී ලංකාවේ උසින් වැඩිම සහ අංශක බිංදුව පිහිටා ඇති නුවරඑළිය දිස්ත්‍රීක්කේ පිදුරුතලාගල කදු ප්‍රදේශය මේ වනවිට ආරක්ෂක හේතු කිහිපයක් මත සංචාරකයන්ට නැරඹීම සඳහා අවස්ථාව ලබාදීම තාවකාලිකව නතර කර තිබූ අතර නැවත සංචාරකයින් සදහා විවෘත කිරීම සිදු කළ යුතු ව පවතින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
මේ බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේ නුවරඑළිය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එම මහතාගේ සහ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (13) පැවැති අවස්ථාවේදී අදහස් දක්වමිනි ,
එහිදී ආණ්ඩුකාරවරයා මෑත කාලීනව මුහුණ දුන් පෞද්ගලික සිදුවීමක් ද උදාහරණ ලෙස දක්වමින් විශාල වියදමක් යටතේ මාර්ග පහසුකම් ඇතුලු විවිධ පහසුකම් සහිතව සංචාරකයින් සදහා විවෘතව පැවති පිදුරුතලාගල කදු ප්‍රදේශය අධ්‍යාපනික මෙන්ම සංචාරක වශයෙන් ඉහල වටිනාකමක් උසුලන බවත්, එය ජනතාවට තහනම් කලාපයක් ලෙස දිගින් දිගටම පවත්වා ගැනීමට නුසුදුසු බවත් සදහන් කර සිටියේය.
එමෙන්ම නුවරඑළිය සදතැන්න සංචාරක කලාපයේ හිරු උදාව නිරීක්ෂණය කිරීමට ද දෙස් විදෙස් සංචාරකයින් ප්‍රියතාවයක් දක්වන බැවින් ඒ සදහා ද අවස්ථාවක් ලබාදීම සිදු කළ යුතු බවත්, ඉහල සංචාරක ආකර්ශනයක් සහිත ස්ථානයන් සුදුසු ක්‍රමවේදයන් යටතේ ජනතාවට විවෘත කිරීම සහ ඒ ආශ්‍රිත සුදුසු පරිදි සංචාරක කර්මාන්ත නගාසිටුවීම කාලීන අවශ්‍යතාවයක් බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

14.02.2024 ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
අවිවාහක කතක් කෙලසු කොස්තාපල්ට වසර හතක බරපතල වැඩ සහිත සිර දඬුවමක් – වින්දිත කතට ලක්ෂ පහක් ගෙවන්නත් නියෝග .
අවිවාහක කතක් කෙලසු කොස්තාපල්ට වසර හතක බරපතල වැඩ සහිත සිර දඬුවමක් – වින්දිත කතට ලක්ෂ පහක් ගෙවන්නත් නියෝග .
අවිවාහක (35) හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ පොලිස් නිලධාරියෙකුට වසර හතක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ වින්දිතයාට ලක්ෂ 05ක වම්දියක් ගෙවන ලෙසත් අධිකරණයට රුපියල් 20,000 ක දඩයක් ගෙවන ලෙස නුවරඑළිය මහාධිකරණය තීන්දුවක් ලබාදී තිබේ .
මෙම නඩු තීන්දුව නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසින් (2024.02.13) දින නියම කළේය.
35 හැවිරිදි අවිවාහක කාන්තාවක් මෙලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇත්තේ කඳපොල හයිෆොරට් පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් වරයෙකු ලෙස නඩු තීන්දුවට ලබා දෙන තෙක්ම සේවය කළ ලක්ෂ්මන් සාලිය බණ්ඩාර වීරසිංහ නැමැත්තා විසිනි.
මේම සිද්ධිය සම්බන්ධයෙන් 2019 වසරේ නුවරඑළිය මහාධිකරණයේ පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව නඩුවක් ගොනුකර ඇත.
පසුගිය වසර පහක් තිස්සේ විභාග වූ මෙම නඩුවේ සාක්ෂි මත නුවරඑළිය මහාධිකරණයේදී පොලිස් කොස්තාපල් ලක්ෂ්මන් සාලිය බණ්ඩාර වීරසිංහ වරදකරු වීමත් සමග මෙලෙස තීන්දුව ලබාදී තිබේ .
ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
14.02.2024
(077-5272335)
FILE NAME – SPECIAL JUDGMENT
මේ තරු පහේ හොටලයක නෙවෙයි බත්තරමුල්ල පාස්පොට් ගන්න යන අහිංසක පාරිභෝගික යන් සුරාගෙන කන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇති ආපනශාලා වේ මිල දර්ශනය
මේ තරු පහේ හොටලයක නෙවෙයි බත්තරමුල්ල පාස්පොට් ගන්න යන අහිංසක පාරිභෝගික යන් සුරාගෙන කන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇති ආපනශාලා වේ මිල දර්ශනය ,මුන් හූරගෙනම කනවා අහිංසක මිනිසුන් මාලු නැති ලූනු පාන් රු 150යි සියලු ආහාර රුපියල් 150ඉහල පාස්පොට් ලොක්කෝ මේ ආපනශාලාව තුලින් ලක්ශ ගානක් කුලී ලෙස ගන්නවා ඒ නිසයි මේ අප්පුහාමි අස්ප ගනං වලට ආහාර අලෙවි කරන්නේ , මේ කූලි මුදල් අඩු කර පාරිභෝගික යා ට සහන මිලට ආහාර සැපයිම කල යුතුය ,අද රෝහල්, පාසල් ආපනශාලා තුලින් ලක්ශ ගනං කුලී ලෙස අය කරනවා ආපනශාලා හිමියන් ගෙන්, ඒ තුල අහිංසක රෝගින් පාසල් දරුවන් මේ තුල දැඩි අසාධාරණය ට ලක් වේ ,මේවා බලධාරින් ට නිලධාරීන් ට පක්ශ විපක්ෂ අයට නොපෙනේ දැන්වත් අවධානය ට ලක් වේවා, මොකද අද 50% පාරිභෝගිකයන් ඇල්වතුර බීලා ඉන්නේ අද හෝටල් වල වතුර බිල ඉහළට හේතුව කෑම දිහා බලාගෙන ගිහින් වතුර විදුරු 3ක් එක හුස්මේ ගහලා හොටලයෙන් එලියට යනවා ආහාර මිල වැඩි වීම ප්‍රධාන හේතුවයි අසේල සම්පත් ,
පාහියංගල ආනන්ද සාගර හිමි ඇතුලු කන්ඩායමට එල්ලවූ මැර ප්‍රහාරය හෙලා දකින වනවාසී රාහුල හිමියන්…….
https://www.youtube.com/embed/dUSlQYoCutw?si=bihyvHkSvZ8suMXx” title=
හෝටලයකින් මීයන්ට දුන්න වඩේ පාටිය……
https://www.youtube.com/embed/CCtM7vwga2Y?si=P8EIXd9TXlUcLxO9″ title=
