මියන්මාරයේ සිරගත කර සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම පිළිබඳ සාකච්ඡා

මියන්මාරයේ සිරගත කර සිටින ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීම සම්බන්ධයෙන් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවී සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් යු.එල්.මොහොමඩ් ජවුහර් පවසනවා.

ඔවුන් මුදාගෙන නැවත මෙරටට එවීම සඳහා සහය ලබාදීමේ හදිසි අවශ්‍යතාව එහිදී අවධාරණය කෙරුණු බවයි ඔහු සඳහන් කළේ.

ලාංකිකයින් මුදා ගැනීම සඳහා මියන්මාර රජයට අදාළ ප්‍රදේශයට ප්‍රවේශවීමේ දුෂ්කරතාවක් මතුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසා සිටිනවා.

ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම සඳහා මැදිහත් වන ලෙසට විදේශ අමාත්‍ය අලි සබ්‍රී විසින් මියන්මාරයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම්

ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර තිබෙනවා.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ, පුත්තලම පොලීසියේ සේවය කරමින් සිටි කල්පිටිය – ආන්දන්කන්නියේ පදිංචි වයස අවුරුදු 40 ක පොලිස් කොස්තාපල්වරයෙක් බව සඳහන්.

කිසියම් පිරිසක් ගංජා පානය කරමින් සිටින බවට ඉකුත් 22 වැනි දා සවස නොරොච්චෝලේ පොලීසියට ලැබුණු තොරතුරක් අනුව අදාළ ස්ථානය වටලා සැකකරුවන් 07 දෙනෙකු නොරොච්චෝලේ පොලීසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉහත සඳහන් පොලිස් කොස්තාපල්වරයා ද එහි සිට ඇති බවයි සඳහන් වෙන්නේ.

එම කොස්තාපල්වරයා සතුව තිබුණු ගංජා මිලි ග්‍රෑම් 1,200ක් ද වැටලීම කළ නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඇතුළුව අත්අඩංගුවට පත් සැකකරුවන් 07 දෙනා 23 වැනි දා සවස කල්පිටිය වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

වෛද්‍ය උපකරණ ලබා ගැනීමට මේ වර්ෂයේ බිලියන 180ක් වෙන් කර තිබෙනවා – සෞඛ්‍ය ඇමති

මෙම වර්ෂය සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන්කර ඇති රුපියල් බිලියන 410ක මුදලින්, බිලියන 180ක මුදලක් වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා වෙන්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරින්ගේ වාර්ෂික හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියා.

පසුගිය සමයේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද යම් පසුබෑමක් ඇතිවූ බවත්, නමුත් මේ වන විට එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට හැකි වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අම්බලන්ගොඩ දළුක්කන්ද ප්‍රදේශයේ කේඑච්ඩබ්ලිව් සුනාමි ගම්මානයේ අද උදෑසන පහට පමණ නිවසක වහලයක් කඩා වැටීම නිසා කාන්තාවක් තුවාල ලබා අම්බලන්ගොඩ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇත.

අම්බලන්ගොඩ දළුක්කන්ද ප්‍රදේශයේ කේඑච්ඩබ්ලිව් සුනාමි ගම්මානයේ අද උදෑසන පහට පමණ නිවසක වහලයක් කඩා වැටීම නිසා කාන්තාවක් තුවාල ලබා අම්බලන්ගොඩ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇත.මෙම වහලයේ කොටසක් මෙසේ සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත.මෙම සුනාමි ගම්මානය මීට වසර විස්සකට පමණ පෙර සුනාමියෙන් විපතට පත් අම්බලන්ගොඩ පට බැඳිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ධීවර ප්‍රජාව වෙනුවෙන් ඉදිකළ ගම්මානයකි.මේ වන විට මෙම ගම්මානයේ නිවාස 76 ක් තිබෙන අතර බොහොමයක් නිවාස අබලන් තත්ත්වයේ පවතී.මෙහි ඇති නිවාස දෙමහල් නිවාස ලෙස ඉදිකර ඇති අතර මෙම නිවාස වල වහලවල් සියල්ලම පාහේ අබලන්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසයි වැසි දිනවල මෙම වහලවල් වලින් වැසි ජලය ගලා එම නිසා තමන් මහත් අපහසුතාවයට පත්ව ඇති බව පවසන මෙම නිවැසියන් තමන් ජීවත්වන්නේ කොයි මොහොතේ හෝ වහලවල් කඩා වැටේ දැයි බියෙන් බව පවසයි කොන්ත්‍රාත්කරුවන් විසින් බාල ලී වලින් මෙම වහලවල් සකස් කර ඇති නිසා තමන් ඉතාම අනාරක්ෂක තත්ත්වයේ සිටින බව ඔවුන් පවසති.තමන්ට නිසි ලෙස මේවා නඩත්තු කර ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති බැවින් මේ පිළිබඳ වගකිවයුත්තන්ගේ අවධානය මේ ගැන යොමුකර තමන්ට සහනයක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටි

WhatsApp Image 2024-02-24 at 14.51.02 (2) WhatsApp Image 2024-02-24 at 14.51.02 (1) WhatsApp Image 2024-02-24 at 14.51.02

ගාල්ල අම්බලන්ගොඩ අනුරාධ

ඊයේ නවම් පෝය දින දෙහිඅත්තකණ්ඩිය කැකුළුවෙල ප්‍රදේශයේ මිලෙච්ඡ ලෙස ඝාතන කරන ලද වන අලියෙක්

ඊයේ නවම් පෝය දින දෙහිඅත්තකණ්ඩිය කැකුළුවෙල
ප්‍රදේශයේ මිලෙච්ඡ ලෙස ඝාතන කරන ලද වන අලියෙක්

WhatsApp Image 2024-02-24 at 10.33.05 WhatsApp Image 2024-02-24 at 10.33.12

නිරෑපණ ක්ෂේත්‍රයේ අලුත් මුහුණු තමයි High Fashion Upcoming Beauty හරහා අපි ගෙන එන්නේ.

UPCOMING BEAUTY

නිරෑපණ ක්ෂේත්‍රයේ අලුත් මුහුණු තමයි High Fashion Upcoming Beauty හරහා අපි ගෙන එන්නේ.

නෙත්මි ඔයා ගැන පුංචි හඳුන්වාදීමක් කරලම අපි කතාබහ පටන්ගමු..

ඇත්තටම මං  කියන්නේ හරි සරල විදිහට ජීවත් වෙන, ගොඩක් මිනිස්සු ආශ්‍රය කරන්නේ නැති පාඩුවේ ජීවත් වෙන ගෑනු ලමයෙක්.

කොහොමද ඉතින්  මේ දවස් ගතවෙන්නේ?

මේ දවස් වල මගේ ශූට් වල වැඩ කරගෙන යන ගමන් ගෙදර අය එක්ක සතුටින් ඉන්නවා.

නිරෑපණ ක්ෂේත්‍රයට ඔයා ආවේ කොහොමද?

මං නිරූපණ ක්ෂේත්‍රයට පොඩිකාලේ ඉදන් ලොකු කැමැත්තක් තිබුනා. නමුත් පොඩි පොඩි හේතු නිසා මට මගඇරුනා මේ ක්ෂේත්‍රයට එන එක. ඊටපස්සේ මං මේ ක්ෂේත්‍රය පිළිබදව හදාරලා යම්කිසි දැනුමක් ලබාගෙන තමයි දැනට අවුරුද්දකට කලින් විතර මේ ක්ෂේත්‍රයට ආවේ.

හීනයක් තියෙනවද මං මේ වගේ Shoot එකක් කරන්න ඕනේ කියලා.

ඇත්තටම මං හරි ආසයි වෙනස් විදිහට ශූට් කරන්න. එකක් කියලා නෑ. හිතේ ඇදුන ගොඩක් concept තියෙනවා කරන්න ආසාවෙන් ඉන්න.

ඔයාගේ වැඩවලට පවුලෙන් ලැබෙන සහයෝගය එහෙම මොනවගේද?

මුලින්ම නම් ගෙදරින් පොඩ්ඩක් වත් කැමති වුණේ නෑ මං මොඩ්ලින් කරනවට. හැබැයි දැන් නම් අම්මගෙනුයි තාත්තාගෙනුයි ලොකු support එකක් ලැබෙනවා මගේ වැඩ වලට.

මේ වෙනකොට Photoshoots කියක් කරලා තියෙනවද?

30 කට වැඩිගානක් කරලා තියෙනවා.

මේ නිරෑපණ ක්ෂේත්‍රය ගැන ඔයාගේ අදහස ?

නිරූපණය කියන්නෙ ලස්සන කලාවක් මං දකින විදිහට නම්. හරි විදිහට දැනුමක් එක්ක කරනවානම් ඉස්සරහට යන්න පුළුවන් හොද ක්ෂේත්‍රයක්. මමත් තාම මේ ක්ෂේත්‍රයට ආධුනිකයි. තව ගොඩක් දේවල් මට ඉගෙනගන්න තියෙනවා මේ ක්ෂේත්‍රය ගැන කියලා තමයි මං හිතන්නේ.

ඉදිරි බලාපොරොත්තු ගැනත් අපි කියමු.

ඇත්තටම දිගටම මේ ක්ෂේත්‍රයේ රැදිලා ඉන්න ආසයි. නමුත් මගේම කියලා ව්‍යාපාරයක් පටන්ගන්න ආසයි. කොහොම නමුත් වෙන ක්ෂේත්‍රයක හිටියත් පුළුවන් හැම වෙලාවකම මට එන වැඩ පුළුවන් විදිහට කරගෙන යන්න තමයි මං බලාපොරොත්තු වෙන්නේ.

ස්තුතියි නෙත්මි අපි එක්ක ලස්ස්න කතාබහකට එකතු වුණාට. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා High Fashion අපි ප්‍රාර්ථනා කරනවා.

High fashion ඔයාලගෙත් වැඩ සියල්ලම සාර්ථක වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා .

FB_IMG_1708668485929 FB_IMG_1708668459083 FB_IMG_1708668421813 FB_IMG_1708668478603
මෙලනි ෆ්‍රිසන්කෝටන් .

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේත් සජිත් සමග එක්වෙයි

හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සමගි ජන බලවේගය සමඟ එක්ව තිබෙනවා.

ඒ අනුව ඔහු අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගයට එක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ ප්‍රධානියා ලෙස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දූෂණ විරෝධී ගමනේ උපදේශකවරයකු ලෙස සත්‍යප්‍රිය ලියනගේ පත් කිරීමටද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

රංජිත් බණ්ඩාර යළි කෝප් කමිටුවට

නමවන පාර්ලිමේන්තුවේ 5 වන සභා වාරය සඳහා කෝප් සහ කෝපා ඇතුළු කාරක සභා සඳහා මන්ත්‍රීවරුන් පත්කර තිබෙනවා.

ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සඳහා පසුගිය රැස්වීමක දී හස්ත සංඥා පළ කිරීම හේතුවෙන් කතා බහට ලක් වූ හිටපු කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරද මෙවර කෝප් කමිටුවට එලෙස පත්කර තිබීම විශේෂත්වයක්.

එහි සෙසු සාමාජිකයන් ලෙස ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ, ඉන්දික අනුරුද්ධ හේරත්, ශාන්ත බණ්ඩාර, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, රෝහිත අබේගුණවර්ධන, නිමල් ලාන්සා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි,  (මේජර්) සුදර්ශන දෙනිපිටිය, නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේෂ්වරන්, රාජිකා වික්‍රමසිංහ, නීතිඥ මධුර විතානගේ පත්කර තිබෙනවා.

ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය ගැන අනතුරු ඇඟවීමක්

අද (23) දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මෙම තත්ත්වය ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

දිවයිනේ ඇතැම් ස්ථානවල සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතිනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

65d7f1d696505 65d7f1d680903

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි

නවම් පුර පසළොස්වක පෝය දිනය අදට (23) යෙදී තිබෙනවා.

රජග‍හනුවර වේලුවනාරාමයේදී බුද්ධ ශාසනයෙහි ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු පිරිනැමීම අද වැනි නවම් පුර පසලොස්වක පොහෝ දිනක සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

එමෙන්ම ඕවාද ප්‍රාති මෝක්ෂය දේශනා කිරීම ද අද වැනි පොහෝ දිනක සිදුවු අතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර ආයු සංස්කාරය අත්හැරීම සිදුවූයේත් අද වැනි නවම් පුන් පොහෝ දිනකයි.

නවම් පුන් පොහොය වෙනුවෙන් දිවයින පුරා සෑම වෙහෙර විහාරස්ථානයකදීම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.