සිරිපාද වන්දනාව සදහා පැමිණි බස් රථයක් නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී අනතුරට ලක්ව 20 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව නානුඔය පොලිසිය පොලීසිය පවසයි .

සිරිපාද වන්දනාව සදහා පැමිණි බස් රථයක් නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී අනතුරට ලක්ව 20 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව නානුඔය පොලිසිය පොලීසිය පවසයි .
මාතර සිට සිරිපාදස්ථානය වන්දනා කිරීම සඳහා පැමිණි නඩයක් රැගෙන මීට පෙරද බිහිසුණු අනතුරු රාසියක් සිදුවූ මේ වන විට බර වාහන ඇතුළු වීම තහනම් කර ඇති නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේ ගමන් කරමින් සිටියදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අරහා පෙරළී අනතුරට ලක්ව ඇත ,
22 දින රාත්‍රී 07.30ට පමණ බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේදී බස් රථය තුළ තිස් දෙනෙකුගෙන් යුතු පිරිසක් රැඳී සිටි ඇති අතර එයින් විසිදෙනෙකුට ආසන්න පිරිසකට දැඩි තුවාල සිදුවී ඇති බව නානුඔය ඔය පොලිසිය පවසයි ,
අනතුරින් තුවාල ලැබුවන් යානුඔය පොලිසිය හා ගම්වාසින් එක්වී නුවරඑළේ දිස්ත්‍රික් මහ රෝහල වෙතට ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ කටයුතු සිදු කිරීමට කටයුතු කළේය ,
තුවාල ලැබුවත්ට වඩිනම් ප්‍රතිකාර ලබාදීමට නුවරඑළියේ මහ රෝහල් කටයුතු කරන බවද නානුඔය පොලිසිය අනාවරණය කරයි ,

WhatsApp Image 2024-02-22 at 20.56.04 (1) WhatsApp Image 2024-02-22 at 20.56.04 (2) WhatsApp Image 2024-02-22 at 20.56.04 (3) WhatsApp Image 2024-02-22 at 20.56.04 (4) WhatsApp Image 2024-02-22 at 20.56.04 WhatsApp Image 2024-02-22 at 20.56.05 (1) WhatsApp Image 2024-02-22 at 20.56.05 (2) WhatsApp Image 2024-02-22 at 20.56.05 (3) WhatsApp Image 2024-02-22 at 20.56.05 (4) WhatsApp Image 2024-02-22 at 20.56.05 (5) WhatsApp Image 2024-02-22 at 20.56.05 (6) WhatsApp Image 2024-02-22 at 20.56.05 (7) WhatsApp Image 2024-02-22 at 20.56.05 WhatsApp Image 2024-02-22 at 20.56.06 (1) WhatsApp Image 2024-02-22 at 20.56.06

22.02.2024 ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

ඩොලරයේ විකුණුම් මිල රු.316 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන දෛනික විනිමය අනුපාත අනුව අද (22) දිනයේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු.306.53 ක් සහ විකුණුම් මිල රු.316.06 ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

නියමිත බර නොමැති පාන් සහ මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළෙඳසැල් 453කට නඩු

නියමිත බර නොමැති පාන් සහ මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළෙඳසැල් 453 කට නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයේ දක්වා තිබූ බර අනුව බේකරි සහ අලෙවිසැල් බොහොමයක නියමිත බර ප්‍රමාණය අනුව පාන් අලෙවි නොවන බවයි වාර්තා වෙන්නේ.

එම බේකරි සහ වෙළදසැල්වලට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරමින් සිටින අතර මේ සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් ඇත්නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1977 අංකයට අමතා දැනුම් දිය හැකි බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අධික උෂ්ණත්වය මාසයක පමණ කාලයක් පැවතිය හැකියි – කාලගුණ දෙපාර්තමේන්තුව

පවතින අධික උෂ්ණත්වය මාසයක පමණ කාලයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සුළඟ නිශ්චිත දිශාවකින් තොරව හමායෑම හා වායුගෝලයේ ජල වාෂ්ප අඩුවීම මෙම උණුසුම් කාලගුණය ඇතිවීමට හේතුව බවයි එහි අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අජිත් විජේමාන්න සඳහන් කළේ.

කෙසේ නමුත් රතු නිවේදන නිකුත් කරන මට්ටමකට මෙය පැමිණ නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ආන්දෝලනයට තුඩුදුන් මල්වානේ නිවස හා ඉඩම රජයේ ව්‍යාපෘතියකට යෙදවීමට පියවර

මල්වානේ පිහිටා ඇති හිමිකරුවෙක් නැති බවට පැවසුණු නිවස සහ එම ඉඩම සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

2015 වසරේදී මේ දේපළ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේදී ඉඩමට සම්බන්ධ ඔප්පුවල නම් සඳහන්ව තිබුණු සෑම කෙනෙක්ම ඉඩම ඔවුන්ට අයිති නැති බව පවසා තිබූ බවත්, එසේ ප්‍රකාශ කිරීම නිසා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම ඉඩම රජයට පවරා ගනු ලැබූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මේ සඳහා අදාළ නඩුවේ නඩු කටයුතු අවසන් වී ඇති බැවින්, නිවස හා අක්කර 15ක පමණ ඉඩම රජයේ දේපලක් ලෙස අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා ගෙන ඇති බවත්, ඉදිරියේදී මෙම ගොඩනැගිලි ප්‍රයෝජනයට ගත හැකි පරිදි යථා තත්වයට පත් කර ව්‍යාපෘතියකට යොදවන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

රූපවාහිනී වැඩසටහනකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සිය මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර X පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල මණ්ඩලයේ කළමණාකාරීත්වයට බාර දී ඇති බවයි.

ඔහු සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද විදුලිබල මණ්ඩලයේ කළමණාකාරීත්වය සුදුසු පියවර ගනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අදාළ X පණිවුඩය පහතින්.

65d7211632632

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාර රැදවුම් වාට්ටු දෙකකින් නැවතත් ජංගම දුරකතන හා උපාංග පොලිස් විශේෂ කාර්ය බලකායෙ අත්අඩංගුවට ගත්බව එම බලකාය කියයි.

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාර රැදවුම් වාට්ටු දෙකකින් නැවතත් ජංගම දුරකතන හා උපාංග පොලිස් විශේෂ කාර්ය බලකායෙ අත්අඩංගුවට ගත්බව එම බලකාය කියයි.

මියගිය සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කොස්ගොඩ තාරකගේ සහෝදරයා රැදී සිටින බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිර මැදිරියෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන රැවුල් කුමාර යන අය රැදී සිටින සිර මැදිරියෙන් ජංගම දුරකතන සහ උපාංග රැසක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙසේ අත් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර කඳවුරේ පොලිස් විශේෂකාර්‍ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.02.21 වන දින බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශය හදිසි සෝදිසි කිරීමක් සිදුකර ඇත.

එහි දී විශේෂ අංශයේ C කොටසේ අංක 53 සිර මැදිරියේ රදවා සිටින සැක අංක 2726 ධර්මකීර්ති මධුක නිර්මාල් පේරේරා (මිය ගිය සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස්ගොඩ තාරක යන අයගේ මල්ලි) යන අයගේ සිර මැදිරියේ හා අංක 97 සිර මැදිරියේ රදවා සිටින සැක සිර අංක 233 මහින්ද කුමාර හෙවත් රැවුල් කුමාර යන අයගේ සිර මැදිරියේ හා සන්තකයේ තිබී ජංගම දුරකථන හා පහත සදහන් උපාංග කිහිපයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඩිනමින් විශේෂ කාර්ය බලකාය අණදෙන නිළධාරී තුමාගේ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.

මෙසේ අංක දුරකතන උපාංග සිර මැදිරි දෙකක් තුල සගවා තිබු අතර අංක 53 මැදිරියෙන් ජංගම දුරකථන 02 යි. (ඉමි අංක 354757/35/349705/7, IMI 1- 351137933824695 /IMI2 -351137933824703)DIALOG සිම්පත් 01 යි. (ඉමි අංක 9402970314996610) දුරකථන අංක 280 කට අධික ප්රමාණයක් සදහන් කර ඇති කුඩා ප්රමාණයේ සටහන් පොත් 01ක් විද්යුත් ලිපින සහිත කොල කැබලි 01 ක් සහ කළු පැහැති හැන්ඩ් ෆ්රී එකක් සොයාගත් අතර අංක 97 සිර මැදිරියෙන් ජංගම දුරකථන 02 යි. (IMI 1 -864437050103091/IMI 2- 864437050103109, IMI 1 864437050100352/IMI 2 864437050100360)ඩේටා කේබල් 01 ක් සොයාගෙන ඇත..

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී කුමාර කුලසේකර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර කඳවුරේ පොලිස් පරීක්ෂක පි.ජි.ආර්. තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.02.21 වන දින බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශය හදිසි සෝදිසි කිරීමක් සිදුකර ඇත.

WhatsApp Image 2024-02-22 at 09.19.52

Ambalangoda අනුරාධ ප්‍රියදර්ශන

මල්වානේ නිවස සංවර්ධන ව්‍යාපෘතියකට

මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ  ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට එය ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සදහා එය යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ හිමිකරුවකු නොමැතිවීම හේතුවෙන් අධිකරණය විසින් අධිකරණ අමාත්‍යාංශය යටතට පත් කරන ලද මල්වාන නිවස සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමට සහ එම නිවස පිහිටි ස්ථානය නිරීක්ෂණය  කිරීමට අද (21) පස්වරුවේ පැමිණි අවස්ථාවේදීයි.

2015 දී මෙම ඉඩම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේ දී  ඔප්පුවල නම් සදහන් සියලු දෙනා මේ ඉඩම ඔවුන්ට අයිති නැති බව ප්‍රකාශ කළ හෙයින් අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින්  ඉඩම රජයට පවරා ගත් බව අමාත්‍යවරයා කීය.

ඉදිරියේදී මේ ගොඩනැගිලි ප්‍රයෝජනයට ගත හැකි පරිදි යථා තත්වයට පත් කරන බවද  අවාසනාවකට මෙන් පසුගිය අරගලය සමයේ රජය සතුව තිබු ගොඩනැගිලි පවා ගිනි තබා විනාශ කල බව ද අමාත්‍යවරයා  පැවසීය.

ඉන්දියාවට ගිහින් පුතත් එක්කම පැවැදි වෙන්න හිතුන පොහොට්ටුවේ මන්ත්‍රී ගුණරත්න….

https://www.youtube.com/embed/hKq7Cb8zRCM?si=ZVSRxAMY-4vzD9fE” title=