වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවෙන් පැහැදිළි කිරීමක්

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු සැසිවාරවල දී මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සිදුකළ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් සිය අවධානය යොමුවූ බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එම වැටුප් වැඩි කිරීම ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව වෘත්තිය සමිති හා එළැඹ ඇති එකඟතා ගිවිසුමට අනුකූලව සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ලිඛිතව අවස්ථාව ඉල්ලන ලෙස පාලක මණ්ඩලය කළ දැනුම්දීම අනූව මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන ජනාධිපතිවරයා වෙත 22 වනදා මහ බැංකු අධිපති ලිපියක් යොමු කළ බවත් එම අවස්ථාව ලැබුණු පසු සුදුසු පාර්ලිමේන්තු කමිටුවක් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කිරීමට මහ බැංකුව සූදානමින් පසුවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

65daf6e29a03epdf_page_0

සිදු වූ ප්‍රමාදය පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සමාගමෙන් නිවේදනයක්

අද (25) දින සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදය තාවකාලික සහ සැලසුම් නොකළ මෙහෙයුම් තත්ත්වයක් නිසා සිදු වූවක් බව ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසනවා.

එය කිසිදු ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා සිදු වූවක් නොවන බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එසේම, ප්‍රමාදයන් නිසා ඇති වූ අපහසුතාව පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සමාගම සියලු මඟීන්ගෙන් සමාව අයදින බවත් නැවත එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටයුතු කරන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

65dae44804845

අපි ගේන්නේ පුරවැසියාගේ වේදනාව තමන්ගේ වේදනාවක් ලෙස දැනෙන නව දේශපාලනයක් – අනුර

ජාතික ජන බලවේගය විසින් යෝජනා කරන්නේ පුරවැසියාගේ වේදනාව තමන්ගේ වේදනාවක් ලෙස දැනෙන නව දේශපාලනයක් බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මෙතෙක් සිටි පාලකයන් සිතා සිටියේ ඔවුන් මහා බ්‍රහ්මයාගේ නළලෙන් මැවූ ලෙස සහ රටේ පුරවැසියන් යටිපතුලෙන් මැවූ ලෙස බවයි මහනුවර දිස්ත්‍රික්කයේ ඊයේ (24) පැවති ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

තම පක්ෂය යෝජනා කරන්නේ නූතන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ මධ්‍යස්ථානයක් බවද, එය දේශපාලකයා ජනතාවට බයේ සැඟවී සිටින තැනක් නොව, දේශපාලකයා සහ ජනතාව අතර සමීප සම්බන්ධතාවක් තිබෙන තැනක් බවද, සාමුහිකත්වය, මානුෂික බැඳීම්, ආධ්‍යාත්මික බැඳීම් සහ අනෙකා කෙරෙහි සහකම්පනයකින් යුත් මිනිස් සමාජයක නව ආර්ථික මාවතක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සෞඛ්‍ය ඇමැතිවරයා බෙහෙත්වලින් හොරකම් කරන, අගමැතිවරයා මහ බැංකුව සොරා කන රටක් ජනතාවට අනවශ්‍ය බවද, ඒ වෙනුවට නව පුනරුද යුගයක් ජනතාවට අවශ්‍ය බවයි ඔහු අවධාරණය කළේ.

ඔක්තෝබර් මාසය වන විට දූෂිත පාලකයින්ගෙන් නිදහස් වීමේ සතුට මෙරට ජනතාව භූක්ති විඳිනු ඇති බවද, වත්මන් පාලකයන් පලවාහැර පාලන තන්ත්‍රය පෙරළා දැමීම හරහා ජනතාව විශාල පිබිදීමකින් රට ගොඩනැඟීමට ඉදිරියට එනු ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදෙනක් පිම්මකට සූදානමින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදෙනක් පිම්මකට සූදානමින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලඥයන් දෙදෙනෙකු සමගි ජන බලවේගයට එක්වීමට රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවට එම පක්ෂයේ ආරංචි මර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් අයෙකු ප්‍රබල තනතුරක් හෙබි පුද්ගලයෙක් වන අතර අනෙක් දේශපාලඥයා ආසන සංවිධායක ධුරයක් දරන්න බව වැඩිදුරටත් සදහන් වන අතර ශ්‍රී ලංකා
නිදහස් පක්ෂයේ එම පුරප්පාඩු වන තනතුරු සදහා දැනටමත් වෙනත් දේශපාලඥයන් දෙදෙනෙකු පත් කරගැනීමට තීරණය කරගෙන ඇති බවද පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් ඉලක්ක කර ගනිමින් කාලාන්තරයක් තිස්සේ මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බව කියන තරුණයින් දෙදෙනෙකු මත් පෙති තොගයක්ද සමඟ අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් ඊයේ (24) රාත්‍රියේ සමත්ව තිබේ.

මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් ඉලක්ක කර ගනිමින් කාලාන්තරයක් තිස්සේ මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බව කියන තරුණයින් දෙදෙනෙකු මත් පෙති තොගයක්ද සමඟ අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් ඊයේ (24) රාත්‍රියේ සමත්ව තිබේ.

යුධ හමුදා බුද්ධි නිලධාරීන්ගේ තොරතුරකට අනුව සුුරාබදු නිලධාරීන් විසින් ඊයේ (24) රාත්‍රියේ මිහින්තලය ප්‍රදේශයේ දී සිදුකල විශේෂ මෙහෙයුමකදී මත්පෙති තොගයක්ද සමඟ එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

අදාළ සැකකාර තරුණයින් විශ්ව විද්‍යාල සිසුන්ට අලෙවි කිරීමට සූදානමි කල මත්පෙති තොගයක් ද රැගෙන මිහින්තලය රජරට විශ්ව විද්‍යාලය ආසන්නයේ වූ ලැගුම් හලක රාත්‍රි කාලයේ රැදී සිටියදී මෙලෙස සුරාබදු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.

විශ්ව විද්‍යාල සිසුන්ට අලෙවි කිරීමට සුදානම් කර තිබූ මත් පෙති 700ක් ද එම සැකකරුවන් සන්තකයේ තිබී සොයාගැනීමට සුරා බදු නිලධාරීන් මෙහිදී සමත්ව තිබිණ.

මත්පෙති සමඟ මෙලෙස අත්අඩංගුවට පත් සැකකාර තරුණයින් මිහින්තලය මිස්සක පාර හා වෙදගෙදර මාාවත යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. රජරට විශ්ව විද්‍යාල සිසුන් ඉලක්ක කර ගනිමින් කාලාන්තරයක් තිස්සේ මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව ඇති එම සැකකාර තරුණයින් අවුරුදු 28 හා 24 යන වයස්වල පසුවෙති.

මෙම මත් පෙති ජාවාරම සම්බන්ධයෙන් සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකාර තරුණයින් අදාල මත්පෙති තොගය ද සමඟ අද (25) අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

WhatsApp Image 2024-02-25 at 12.26.37 (3) WhatsApp Image 2024-02-25 at 12.26.37 (2) WhatsApp Image 2024-02-25 at 12.26.37 (1) WhatsApp Image 2024-02-25 at 12.26.37 WhatsApp Image 2024-02-25 at 12.26.36 WhatsApp Image 2024-02-25 at 12.26.23

24-02-25
කැකිරාව කුෂාන් ජයවර්ධන

ලංකාවේ රැඳී සිටින රුසියානු හා යුක්‍රේන සංචාරකයින් දින 14ක් තුල රටින් පිට විය යුතු බවට කැබිනට් අනුමැතියකින් තොරව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් අදාල පාර්ශවයන් පිලිබදව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර ඇත

ලංකාවේ රැඳී සිටින රුසියානු හා යුක්‍රේන සංචාරකයින් දින 14ක් තුල රටින් පිට විය යුතු බවට කැබිනට් අනුමැතියකින් තොරව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් අදාල පාර්ශවයන් පිලිබදව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර ඇත.රුසියානු සහ
යුක්‍රේන සංචාරකයන් සඳහා මීට පෙර ලබාදී තිබූ වීසා දීර්ඝ කිරීම අවලංගු කිරීම ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර නොමැති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී යි.

මැතිවරණ නියාමන වියදම් පනත පිළිබඳ දේශපාලඥයන් දැනුවත් කිරීමට පියවර

මැතිවරණ කොමිෂන් සභාව මගින් මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳව රටේ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට තීරණය ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.පෙබරවාරි මස (27) සහ මාර්තු (06) යන දිනවල දී මෙම දැනුවත් කිරීම් සිදු කිරීමව සැලසුම් කර ඇති අතර මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මැතිවරණ සඳහා මුදල් වැය කිරීම සීමා කළ යුතු බවද එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසයි.

මැතිවරණ වියදම් නියාමන පනත සම්මත වුවත් ඉන් පසු කිසිදු මැතිවරණයක් පවත්වා නොමැත. පනතේ විධි විධාන සම්බන්ධයෙන් සියලුම පක්ෂවල දේශපාලඥයින්ට අවබෝධයක් ලබාදීමේ අරමුණින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සූදානම් කළ බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ගල්පාත චන්දන පෙරේරා

නීතීඥ මනෝජ් නානායක්කර පොහොට්ටුවේ මන්ත්‍රී රංජිත් බන්ඩාරගෙන් අහන ප්‍රශ්නය….

https://www.youtube.com/embed/GbI843Zxsec?si=KkLe7Gd2UFf25X0B” title=

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කළ රියැදුරන් 125 ක් අත්අඩංගුවට

මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කළ රියැදුරන් 125 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන ධාවනය කරන රියැදුරන් හඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළ දකුණු පළාතේ ද, අධිවේගී මාර්ගවල ද මේ වනවිට ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව එම වැඩ පිළිවෙලෙහි සාර්ථකත්වය මත එය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.