මොන මැතිවරණයක් ආවත් අපි සූදානම් – මහින්ද

ඉදිරියේදී කුමන මැතිවරණයක් පැමිණියද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සඳහා සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

මෙහිදී මහ මැතිවරණය මුලින් පැමිණෙන බවට උදයංග වීරතුංග කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි.

එසේම කථානායකවරයාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ද කටයුතු කරන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර

කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර ඇති අතර එම විරෝධතාව සඳහා පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ අනුව නිදහස් අධ්‍යාපනය – නිදහස් සෞඛ්‍යය ඇතුළු පොදු ජන අයිතීන් අහිමි කිරීමට එරෙහිව පෙළගැසෙමු මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිට මාර්ගය හදිසියේ වසා දැමීමට පියවර ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Facebook, Instagram සහ Messenger ගිණුම් Logout වෙයි

රටවල් කීපයක Facebook, Instagram සහ Messenger ගිණුම් එක වරම Logout වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අද රාත්‍රී 9.11 ට මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙසේ Logout වූ ඇතැම් පරිශීලකයින්ට නැවත තම ගිණුම් ⁣⁣⁣⁣වෙත පිවිසීමට නොහැකි වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

දේශපාලනික කටයුතු සඳහා පාසල් සහ පාසල් පරිශ්‍ර යොදාගැනීම අත්හිටුවීමේ බලය පළාත් ආණ්ඩුකාරවරුන්ට

දේශපාලනික කටයුතු සඳහා පාසල් සහ පාසල් පරිශ්‍ර යොදාගැනීම අත්හිටුවීමේ බලය පළාත් ආණ්ඩුකාරවරුන්ට ලබාදීම සඳහා ගෙන ආ කැබිනට් යෝජනාවකට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

විවිධ දානපතියන් හා පරිත්‍යාගශීලීන් විසින් විශාල පරිත්‍යාගයන් ලංකාවේ පාසල් පද්ධතියට සිදුකර ඇති බවත්, විවිධ ආධාර සිදුකරන මුවාවෙන් දේශපාලන රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කොළඹ පිහිටි දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන ලෙස වැඩි දියුණු කිරීමට රජයේ අවධානය

කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය යන දුම්රිය ස්ථාන මෙලෙස වැඩි දියුණු කිරීමේ ඉහළ විභවතාවත් බවතින බව 2023 වර්ෂයේ නොවැම්බර් මස 06 වනදා පැවති කැබිනට් රැස්වීමේදී හඳුනාගෙන තිබූ බවයි සඳහන් වෙන්නේ.

එම දුම්රිය ස්ථාන සහ ඊට අමතරව දෙහිවල සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව යටතේ ඉදිකර මෙහෙයුම් කර පවරාදීමේ ක්‍රමවේදය යටතේ සංවර්ධනය කිරීමට අදාළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එසේම ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාශ ප්‍රකාශ කිරීම් කැඳවීමට අදාළ යෝජනාවට ද අනුමැතිය හිමිව ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

65e6e19a870f4

Ransomware වලට එරෙහිව ශ්‍රී ලංකාවත් එක්වීමට කැබිනට් අනුමැතිය

කප්පම් මෘදුකාංග (Ransomware) වලට එරෙහි ජාත්‍යන්තර සමාරම්භක පියවරට සම්බන්ධ වී ඊට සම්බන්ධ ඉදිරි පියවර ගැනීම පිණිස කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කප්පම් මෘදුකාංග පිටුදැකීම පිණිස ජාත්‍යන්තර සම්බන්ධීකරණය සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් තවත් රටවල් කණ්ඩායමක් සමඟ 2021 වර්ෂයේ දී පොදු වේදිකාවක් වශයෙන් ආරම්භ කරනු ලැබ ඇති කප්පම් මෘදුකාංග වලට එරෙහි ජාත්‍යන්තර සමාරම්භක පියවරට සම්බන්ධ වන ලෙස ශ්‍රී ලංකාවටද ඇරැයුම් ලැබී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

මේ වන විට එම සමාරම්භක පියවර සඳහා ලොව පුරා රටවල් හතළිස් අටක් සහ යුරෝපා සංගමය මෙන්ම ජාත්‍යන්තර පොලිසිය ද සම්බන්ධ වී ඇති බවත් ශ්‍රී ලංකාවද මෑත කාලීනව කප්පම් මෘදුකාංග  හේතුවෙන් විවිධ ගැටලුවලට මුහුණ දී ඇති බැවින් කප්පම් මෘදුකාංග වලට එරෙහි ජාත්‍යන්තර සමාරම්භක පියවරට සම්බන්ධ වීමෙන් ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකිවන බව හඳුනාගෙන ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

65e6de837f0f5

අධි ධාරිතා යතුරුපැදී ලියාපදිංචි ඉල්ලා පාර්ලිමේන්තුවට දැමූ යෝජනාව ස්ථිරයි.

අධි ධාරිතා යතුරුපැදී ලියාපදිංචි ඉල්ලා පාර්ලිමේන්තුවට දැමූ යෝජනාව ස්ථිරයි.

ගල්පාත – චන්දන පෙරේරා

අධි ධාරිතාවයෙන් යුක්ත යතුරු පැදි සඳහා ලියාපදිංචියට අවසර ඉල්ලා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද(5) පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මෙහිදී අවසර ඉල්ලා ඇත්තේ 1300 ධාරිතාවෙන් යුත් යතුරුපැදි සඳහායි න් මේවන විටත් ලංකාව තුළ අධෘතාවෙන් යුත් යතුරුපැදි 10000කට වැඩි ප්‍රමාණයක් ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. පා. මන්ත්‍රී හේෂාන් විතාරණ මහතා යෝජනාව ස්ථිර කලේය.

SL vs BAN 1st T20 : කාසියේ වාසිය බංගලාදේශයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් පළමු විස්සයි විස්ස තරගය අද (04) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

විදුලි ගාස්තු 21.9% කින් පහළට

අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 21.9%කින් අඩු කිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව අද රැස්වූ මහජන උපයෝගීතා කොමිසම මෙම තීරණය ගත් බවයි එම කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.

ගාස්තු අඩුවන ආකාරය පහතින්.

65e5c361a7e8a 65e5c36292d6c

විදුලි ගාස්තු අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අද යළි රැස්වෙයි

විදුලි ගාස්තු අඩුකිරීම පිළිබඳව අද (04) පස්වරුවේ රැස්වී වැඩිදුරටත් සාකච්ඡා කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙතෙක් නිවැරදි ලෙස දත්ත ලබානොදීම නිසා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට මහජන උපයෝගීතා කොමිසමට මෙතෙක් හැකිවී ඇති බවයි වාර්තා වෙන්නේ.