ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේ දෙවන විස්සයි විස්ස තරගය අද (06) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේ දෙවන විස්සයි විස්ස තරගය අද (06) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේ දෙවන විස්සයි විස්ස තරගය අද (06) පැවැත්වෙනවා.
ඒ අනුව තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30 ට Sylhet ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
මෙම වසරේ මුල් මාස දෙක තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 341 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පවසනවා.
ඒ අනුව මෙම වසරේ ජනවාරි 01 වනදා සිට මාර්තු මස 01 වනදා දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 324 ක් වාර්තා වී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
එම අනතුරුවලින් පුද්ගලයින් 641 ක් බරපතල තුවාල ලබා ඇති බවත් පුද්ගලයින් 341 දෙනෙකු මිය ගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
යතුරුපැදි ත්‍රීරෝද රථ ධාවනය කිරීමේදී විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, පදික මාරුවේදී ද පදිකයින් මාරුවන අවස්ථාවේදී වාහන හිමියන් කල්පනාකාරී විය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් පැනවීමේ ගැසට්ටුව පළ කිරීමට අදාල මිල ගණන් ඇතුළත් යෝජනාව මෙම සතිය තුළ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වන පිරිවැය රුපියල් 30ක් පමණ වන බවත්, අද දිනය තුළ මෙරට බිත්තර නිෂ්පාදනය බිත්තර මිලියන 5.8ක් බවත්, දෛනික බිත්තර පාරිභෝජන අවශ්‍යතාවය බිත්තර මිලියන 7.5ක් බවත් එහිදී අනාවරණ කෙරුණු බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ.
බිත්තරයක නිෂ්පාදන මිල රුපියල් 30ක් නම් වෙළෙදපළේ අලෙවි කරන බිත්තරයක මිල රුපියල් 60ක් දක්වා ඉහළ මට්ටමක පැවැතීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවද, එබැවින් බිත්තර සඳහා පනවන උපරිම සිල්ලර මිල බිත්තර නිෂ්පාදකයා, පාරිභොගිකයා මෙන්ම සිල්ලර වෙළෙන්දා ද ආරක්ෂා වන පරිදි පැනවිය යුතු බව එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර තිබෙනවා.
තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු අද (06) දිනයේ සිට යළි පැවැත්වීමට නියමිතව තිබෙනවා.
වාර විභාගයේ මෙතෙක් නොපැවැත්වූ විෂයන් සඳහා විභාග කටයුතු පැවැත්වීමට නියමිතව ඇති බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්ලමේන්තුව ප්‍රකාශ කළේ.
විභාගය පැවැත්වීමට පෙර විද්‍යාව, ඉංග්‍රීසි සහ ගණිතය යන ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම හේතුවෙන් 10,11 ශ්‍රේණිවල විභාග කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට දුම්රිය සේවකයින් පිරිසක් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සේවකයින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ අනුව දෙවැනි ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහ දුම්රිය නියාමකවරයෙකුගේ වැඩ තහනම් කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එම සංචාරකයින් දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර රැගෙන පළමු පන්තියේ ගමන් කර ඇති බවත් පසුව ඔවුන්ට දුම්රියෙන් බසින ලෙස දැනුම් දුන්නත් එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන් දුම්රියෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි දුම්රිය ස්ථානාධිතිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ.
2022 වසරේ මහජන අරගලය අතරතුර පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයේ නිරතව සිට අත්අඩංගුවට පත්ව, පසුව ඇපමත නිදහස්ව සිටි පිරිසක් නිදොස්කොට නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
එම සමයේ දී රටෙහි පැවැති තත්ත්වයන් සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කිරීම සඳහා සංදේශයක් බාරදීමට යමින් සිටි සමාජ ක්‍රියාකාරීන් 13 දෙනෙකු මෙලෙස තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව මහරගම පොලීසියේ රඳවා තබාගනිමින් අනතුරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.
එම අවස්ථාවේදී මෙම සැකකරුවන් 13 වෙනුවෙන් නීතිඥවරුන් එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටි අතර සංවිධානාත්මකව අයුතු ජනරාශිය ඇති කිරීම, අයුතු ජන රාශියක සාමාජිකයන් වීම, පොලීසියට සහ මහජනතාවට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මෙම සැකකරුවන් වෙත එල්ල වී තිබුනා.
වසර දෙකක් පුරාවට මේ සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩුව විභාග වූ අතර, එහි අවසන් තීන්දුව ලබාදෙමින් මෙම සැකකරුවන් 13 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
ළමා අපයෝජනයක් සිදුකළ ස්වේච්ඡා ගුරුවරයෙකුට වසර දොළහක සිර දඬුවම් නියම කිරීමට නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මාහතා නියෝග කරයි.
ළමා අපයෝජන නඩුවකට වරදකරු වූ ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයකුට වසර 12ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලබාදීමට (05) දින නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා නියෝග කළේය .
නෝර්ටන් බ්‍රිජ් පොලිස් වසමට අයත් ක්ලෙන්ටන් ප්‍රදේශයේ පදිංචි රාජරත්නම් කේතීස්වරන් ( වයස අවුරුදු : 37 ) නම් පුද්ගලයෙකුට මෙලෙස වසර දොළහක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත ,
පසුගිය දෙදහස් දහය වසරේදී ජනවාරි මාසයේ ක්ලෙන්ටන් ප්‍රදේශයේ පාසලක ස්වේක්ෂා ගුරුවරයකු ලෙස සේවය කල රාජරත්න්ස්ම් කේතීස්වරන් යන පුද්ගලයා පහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබිණ ,
උක්ත නඩුව හා සම්බන්ධ නඩු කටයුතු නුවරඑළිය මහාධිකරණය විසින් පසුගිය වසර 13 ක කාලයක් පරිශීලනය කිරීමෙන් අනතුරුව ලැබුණු සාක්ෂි හා තොරතුරු පදනම් කරගනිමින් චෝදනා ලැබූ පුද්ගලයාගේ වරද සාක්ෂි සහිතව ඔප්පු වීමෙන් මෙලෙස වසර 12ක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබාදීමට නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා නියෝග කර තිබේ.
තවද වරදකරු වූ පුද්ගලයා විසින් අපයෝජනයට ලක් වූ දැරියට ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවීමටද එම වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් තවත් වසර දෙකක සිරදඬුවම් නියම කිරීමට කටයුතු කරන බවද අදාළ නඩු තීන්දුවේ සඳහන් වී ඇත.
ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
අන්තර්ජාතික තරගවලදී දස්කම් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඇගයීමේ සහ දිරිගැන්වීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
අදාල තරගයේදී ඉහළතම දස්කම් දක්වන ක්‍රීඩකයාට විවේකාගාරය තුළදීම තැඹිලි පැහැති කැප් තොප්පියක් සහ සමරු පදක්කමක් පිරිනැමීමට කණ්ඩායම් කළමනාකාරිත්වය කටයුතු කරන බවයි සඳහන් වෙන්නේ.
එහි පළමු පියවර ලෙස බංග්ලාදේශයට එරෙහිව ඊයේ (04) පැවැති තරගයේදී රැකගත් විශිෂ්ට උඩ පන්දු තුන වෙනුවෙන් චරිත් අසලංකට තැඹිලි පැහැති කැප් තොප්පියක් සහ සමරු පදක්කම, ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන විසින් ලබාදීම සිදුකර තිබෙනවා.