කළු ගංගේ පාවුන අබිරහස් ලෙස අතුරුදන් වූ ඉන්දන පිරවුම්හල් මුරකරුගේ සිරුර……

https://www.youtube.com/embed/C1tGvUqDAHE?si=6AGGxB4-yXwVwJ9o” title=

අපි මෙවර කතා කරන්න හිතුවා Upcoming Handsome කෙනෙක් එක්ක…

අපි මෙවර කතා කරන්න හිතුවා Upcoming Handsome කෙනෙක් එක්ක…

1) අපි ඔයා ගැන හඳුන්වාදිමක් කරලම  කතාබහ ආරම්භ කරමු නේද?

මගේ නම විඳුරංග ජයසිංහ. වයස අවුරුදු 29යි. පදිංචිය  කොළඹ දහය. රැකියාව වශයෙන්  qualified fitness trainer කෙනෙක් විදිහට වැඩ කරන අතරතුර    modelling & graphic designer  කෙනෙක් විදිහටත් වැඩ කරගෙන යනවා.

2) ඔයා නිරෑපණ ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?

දැනට අවුරුද්දක් වෙනවා.

3) නිරෑපණ ක්ෂේත්‍රය ගැන ඔයාගේ අදහස?

මොඩ්ලින් කරන්න ගැලපෙන අයට දුර ගමනක් යන්න පුළුවන් ක්ෂේත්‍රයක් විදිහට තමයි මට පේන්නේ.

4) ඔයා දැනට Shoots කියක් විතර කරලා තියෙනවද?

ෂූට්ස් දැනට පහළොවකට වැඩිය කරලා තියෙනවා. අතර  Clothing Brand ෂූට්ස් concept shoots වගේ දේවල් ඇතුලත්.

5) ඔයා ගොඩාක්ම කැමති මොනවගේ Shoots කරන්නද?

ෂූට්ස් වලට වඩා මං ගොඩක් කැමති Ramping වලට. මං දැනට walk with Glamour  Fashion show  එකේ සීනියර් මොඩ්ල් කෙනෙක් විදියට Ramp කරනවා. ඒ වගේම මං දැන් ඉන්න තැනට එන්න මට ගොඩක් සපෝට් කරේ Mr. Shanon  Angelo සර්ව මේ වෙලාවේ මම මතක් කරේ නැත්නම් ලොකු අඩුපාඩුවක්. Walk with Glamour Fashion Show  කියන්නේ සර්ගේ නිර්මාණයක්. මං ගොඩක් ආඩම්බරින් සහ සතුටින් ෂෝ එකත්  එක්ක වැඩ කරගෙන යනවා.

ස්තුතියි විදුරංග ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා High Fashion  අපි ප්‍රාර්ථනා කරනවා.

ස්තුතියි High Fashion!  ඔයාලාටත් එසේම ප්‍රාර්ථනා කරනවා.

FB_IMG_1711036234405 FB_IMG_1711036251148 FB_IMG_1711036259953

ඔහු නමින් සචින්ත සපුතන්ත්‍රි මේ ඔහු එක්ක High Fashion අපි කළ කතා බහයි.

ඔහු නමින්  සචින්ත සපුතන්ත්‍රි  මේ ඔහු එක්ක High Fashion අපි කළ කතා බහයි.

1)ඉතින් සචින්ත කොහොමද?

මම හොඳින් ඉන්නවා. මේ දවස්වල ටිකක් Busy.

2)ඔයා Modler කෙනෙක් ඒ වගේම 2022දී  The Walk Model Academy Graduation එකේ Best Model title එක ඔයා Win කලා ඒ වගේම තවත් එක එක Titles ඔයා Win කරලා තියෙනවා ඒ ගැනත් කියමු?

ඔව් මම 2022 The Walk Model Academy’s first ever Graduation Fashion Show එකේ, The Best Model Title එක කලා. ඒ වගේම  The Best Walk mini title එකත් win  කලා. ඒ වගේම IBFF Sri Lanka – Mr. Fitness Model competition එකේ 1st place Win කරා.
2023 di Sri Lanka’s Next  Top Model Premiere 3 එකේ  Best Finess title එකයි Best Body title එකයි win කලා.

3) සති අන්තයේ ඔයා Esoft එකේ Lectures කරනවා. කොහොමද ඒ ලැබෙන අත්දැකිම?

ඔව් ඒක ඇත්තටම මාර satisfying Experience එකක්. මම Esoft Metro Campus එකේ BSc Final Year students ලට Cryptography and Network Security subject එක lecture කරනවා. මගේ most recent batch එකේ 150+ students ලා හිටියා. මට ගොඩාක් happy වගේම ලොකු satisfaction එකක් ලැබෙනවා මම නිසා කෙනෙක් දෙයක් ඉගෙන ගෙන ඉදිරියට යනවා කියන එකට.

4) ඔයා Bodybuilder කෙනෙක් ඒ ගැනත් ටිකක් කියමු?

ඔව් මම natural bodybuilder කෙනෙක්. මම training කරන්න පටන් අරන් 18 years වෙනවා. මම consistently workout කරා වගේම diet එක maintain කරනවා ඒත් දැන් ටික කාලයක් workout කරලා steroids අරගෙන ලොකුවට ඇඟ හදාගත් අය ගොඩක් ඉන්නවා වාසනාවට සාමාන්‍ය සමාජයේ අයට ඒ ගැන අවබෝධයක් නෑ. කොහොම වුනත් තමන් කරන දේ results තමන්ටම තමයි දවසක face කරන්න වෙන්නේ. මම naturally achieve කරලා තියෙන දේ ගැන මට ගොඩක් සතුටුයි.

5) Modeling සහ lectures වලට අමතරව ඔයා මොනවද කරන්නේ?

ඇත්තටම මම full time Cybersecurity Consultant කෙනෙක්. ඊට අමතරව cryptography කෙනෙක්. hobbies විදිහට මම natural bodybuilding කරනවා. fashion and fitness modelling කරනවා. මට ඕන උනේ එක දේකට Limit වෙන්නේ නැතුව හැම පැත්තෙන්ම Grow වෙන්න.. මම මේ වෙනකොට industries ගානක ඉන්නවා ඒත් සමහර දේවල් මට නවත්තන්න උනා. time constrains නිසා. මම English teaching කරා, graphic designing, poetry, drawing and paining, lyricism, cricket blogging, website content writing, commercial script writing මගේ ගොඩක් දේවල් කරා ඒත් ඒ දේවල් නවත්තන්න උනා හැමදේටම Time මදි නිසා.

6)ආදරය ගැන ඔයාගේ අදහස මොනවගේද?

ආදරය කියන්නේ emotion එකක්. Oxytocin and dopamine කියන  hormones release උනාම දැනෙන දෙයක්. Dopamine කියන්නේ addictive hormone එකක්. ඒ නිසා තමා අපි ආදරේ දී blind වෙන්නේ. මිනිස්සු කියලා කියන්නේ social animal කෙනෙක්. ඒ නිසා අපිට තනියම ඉන්නත් බෑ. ඒ උනත් ආදරෙන් අන්ධ වෙලා අපිව විනාශ කරගන්නත් හොඳ නෑ. අපිට අපිවම  clone  කරලා අපේ partner විදිහට දුන්නත්   conflicts නැතුව එකට ජීවත් වෙන්න බෑ. ඒත් අපි  choose කරගන්න ඕන ගොඩක් දුරට අපේ ideas වලට opinions වලට lifestyle එකට වගේම likes and dislikes වලට match වෙන partner කෙනෙක්.

7)ඔයාගේ වැඩවලට පවුලෙන් මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නේ?

ඇත්තටම මගේ lifestyle එකත් එක්ක මට නිදාගන්න ලැබෙන්නෙත්  limited time එකක් ඒ නිසා.  family support එක ගොඩක් important. Mage parents ලාගෙන් ලොකු loku support එකක් ලැබෙනවා.

8)මොනවද ඉදිරි සැලසුම්?

මගේ life එකේ purpose එක ‘Growth and Achievement’. මම ඉස්සරහටත් හැම පැත්තෙන්ම grow වෙන්න වගේම achieve කරන්න බලාපොරොත්තු වෙනවා.

9)High Fashion අපි ගැන ඔයාගේ අදහස?

High Fashion කියන්නේ youth එකට opportunities දෙන අලුත් දොරවල් open කරලා දෙන strong initiative එකක්. මට මේ opportunity එක දුන්නට ස්තුති කරන ගමන් High Fashion team එකට මම successful future එකකට wish කරනවා .

ස්තුතියි සචින්ත ඒ වටිනා අදහසට. ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා High Fashion අපි ප්‍රාර්ථනා කරනවා.

.මෙලනි ෆ්‍රිසන්කෝටන්

IMG-20240218-WA0066 IMG-20240218-WA0073 IMG-20240218-WA0074 IMG-20240218-WA0065

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් අදයරට – The Hindu

ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 6ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලිය ද අඩු කෙරෙන බවයි ඉන්දියාවේ The Hindu වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා මේ වන විට අවසන් අදියරේ පවතින බවත් කොන්දේසි සම්බන්ධයෙන් මූලික එකඟතාවය ඉක්මණින් එළඹෙනු ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුද කියලා මම දන්නවා – මෛත්‍රී

අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලු දෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත වශයෙන් අද (22) දින එක් වූ ඔහු අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී මෙම අදහස් පළකර තිබෙනවා.

එසේම එය රහසිගතව තබා ගැනීමට විනිසුරුවරුන්ගේ කාර්යක් වන බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේ.

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 7% දක්වා පහළට

Verité Research ආයතනය සිදුකළ “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ නවතම වටයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2023 ඔක්තෝබර්  මාසයේ දී 9% ක්ව තිබූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය, 2024 පෙබරවාරි මාසයේදී 7% ක් දක්වා පහත වැටී ඇති බවයි එම සමීක්ෂණය මඟින් පෙන්වා දෙන්නේ.

වත්මන් ආර්ථික තත්ත්වය විශිෂ්ට හෝ හොඳ මට්ටමක පවතින බවට 2023 ඔක්තෝබර් මාසයේ 16% ක් වූ ප්‍රතිශතය 2024 පෙබරවාරි මාසයේදී 9% ක් දක්වා පහත වැටී තිබෙනවා.

65fd40ea40e21

මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් පාසල් දරු දැරියන් දැනුවත් කිරීම මෙන්ම රථ වාහන සංදර්ශනය සහ දේශනයක් මොරටුව බෞද්ධ මන්දිරයේදී (22 වැනිදා) පැවැත්විණි .

දර්ශාන් ප්‍රනාන්දු – මොරටුව 0773710807
22/03/2024

මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් පාසල් දරු දැරියන් දැනුවත් කිරීම මෙන්ම රථ වාහන සංදර්ශනය සහ දේශනයක් මොරටුව බෞද්ධ මන්දිරයේදී (22 වැනිදා) පැවැත්විණි .රථ වාහන මුලස්ථාන පොලිසිය ,
ගල්කිස්ස කොට්ඨාශ රථ වාහන අංශය සහ
මොරටුව පොලීසිය රථ වාහන පොලීසිය මගින් මෙය සංවිධානය කරනු ලැබිය .
මෙම අවස්ථාව සඳහා මොරටුව ප්‍රදේශයේ පාසල් 6 ක රිය නියාමකයන් සහ දරු දැරියන් ගුරුවරුන් ගුරුවරියන් සහභාගිවුහ .
මෙම අවස්ථාව සඳහා සහභාගිවු දරු දැරියන් සදහා මාර්ග අනතුරු පිළිබඳව ප්‍රශ්න විචාර කාලයක් පැවැත්විණි .එම අවස්ථාවේ අසන ලද ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් ත්‍යාග ලබාගත් අතර මෙම වැඩසටහන සඳහා සහභාගි සැමට සහතිකපතක් ලාබාදිම සහ රිය නියාමකයන් සඳහා කබායන් ලබාදීමට කටයුතු යොදා තිබුණි .
මෙම අවස්ථාව සඳහා මොරටුව සහකාර පොලිස් අධිකාරි තරිඳු අනුරංග ,මොරටුව මුලස්ථාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් , මොරටුව රථ වාහන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අජිත් කුමාර ,ගල්කිස්ස කොට්ඨාශ රථ වාහන ස්ථානාධිපති සමරජීව යන පොලිස් නිලධාරීන් සහ දරුවන් රැසක් සහභාගිවුහ .

 

ඇමැති පියල් නිශාන්ත මරණීය තර්ජන කරන බව දන්වා සී-නෝර් පදනමේ සභාපති ඉල්ලා අස්වෙයි

රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතාගේ මරණීය තර්ජන හේතුවෙන් තවදුරටත් රාජකාරි කිරීමට නොහැකි බව ජනපතිවරයාට ලිපියකින් දන්වා සී-නෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා තමාට තර්ජනය කරමින් අල්ලස් ඉල්ලන බවත් ඒවා ලබා නොදුන් ඇතැම් අවස්ථාවල විවිධ මාර්ගවලින් මරණීය තර්ජන කරන බවත් සඳහන් කරමින් ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇත.

ධීවර රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන සීමාසහිත සී නෝර් පදනම දිගින් දිගමට පාඩු ලබන තත්වයක තිබිය දී තමා සභාපති ධුරය බාරගත් බවත් පියල් නිශාන්ත මහතා එම ආයතනයට සේවකයන් විසි දෙනකුට අලුතෙන් පත්වීම් දුන් බවත් හෙට්ටිආරච්චි මහතා ජනාධිතිවරයාට යවා ඇති ලිඛිත පැමිණිල්ලේ සඳහන් වේ.

රාජ්‍ය ඇමැතිවරයා සිය ආසනයේ ඡන්දදායකයන්ට බෙදාදීමට බව කියමින් රුපියල් දස දහසක් වටිනා බඩු මලු ඉල්ලා සිටින අතර අතැම් අවස්ථාවල බඩු මලු මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලා තර්ජනය කරන බවද හෙට්ටිආරච්චි මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇත.

අලුත් සේවකයන්ට අමාත්‍යාංශයෙන් වැටුප් ගෙවන ලෙස තමාට බලපෑම් කරන බවද එම ලපියේ සඳහන් කර තිබේ.

රාජ්‍ය ඇමැතිවරයාගේ මෙම තර්ජන හේතුවෙන් තමා බලවත් චිත්ත පීඩාවකට පත්ව රාජකාරී කටයුතු කර ගැනීමට අපහසුවී ඇති බවද එම නිසා තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක් ගත් බවද දුලාන් හෙට්ටිආරච්චි මහතා ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් වෙයි.

තමා සභාපති ධුරය භාරගත් පසුව ආයතනයේ තිබූ රුපියල් කෝටි පහක බැංකු අයිරාව ගෙවා ආයතනය ලාබ ලබන තත්ත්වයට පත් කළ බවද සී නෝර් අවන්හලේ නඩු කටයුතු නිමවා රුපියල් ලක්ෂ 80ක මුදලක් ආයතනයට ලබා ගත් බවද ඔහු ජනාධිපතිවරයාට දන්වා ඇත.

ෆයිබර් නිෂ්පාදනයට පමණක් යොමු වී තිබූ සී නෝර් ආයතනය සිවිල් ඉදිකිරීම්වලට අවතීරණය කිරීම, ඔස්ට්‍රේලියානු ආයෝජන සී නෝර් ආයතනය වෙත ලබා ගැනීම සහ ඉන්දියානු රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කර රුපියල් කෝටි 29ක් ආයතනයේ දියුණුව සඳහා ලබා ගැනීම වැනි විශාල කටයුතු තමාගේ ධුර කාලයේ දී සිදුකළ බවද ඔහු ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් කර තිබේ.

සිනෝර් සභාපතිවරයා නගන චෝදනා පිළිබඳව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කර ඇත්තේ තමාට එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවය.

කැකිරාවේ රිය අනතුරකින් 12 හැවිරිදි පාසැල් සිසුවෙක් එම ස්ථානයේදීම මරුට.

24-03-21
කැකිරාව කුෂාන් ජයවර්ධන

කැකිරාවේ රිය අනතුරකින් 12 හැවිරිදි පාසැල් සිසුවෙක් එම ස්ථානයේදීම මරුට.
============

කැකිරාව ගනේවල්පොල මාර්ගයේ ඇඹුල්ගස්වැව ප්‍රෙද්ශයේදී අද (21) සවස සිදුවූ මාරක රිය අනතුරකින් වයස අවුරුදු 12ක පාසැල් සිසුවකු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව බස්තියන් සිල්වා විද්‍යාලයේ 06 වැනි වසරේ ඉගෙනුම ලැබූ කුසල යුගත් සංජීව නම් 12 වැනි වියෙහි පසුවූ පාසැල් සිසුවෙකි. එම පවුලේ එකම දරුවා ද ඔහුය. මිය ගිය සිසුවා කැකිරාව නෙල්ලියගම ප්‍රෙද්ශයේ පදිංචිව සිටි අයෙකි.
කුඩා කල සිට ඇඹුල්ගස්වැව මහ විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති මෙම සිසුවා මින් දින තුනකට පමන ඉහතදී කැකිරාව බස්තියන් සිල්වා විද්‍යායට ඇතුළත්ව තිබිණ. පළමු වරට බස්තියන් සිල්වා විද්‍යාලයට ගිය ඉකුත් දිනයේ එහි සිහිවටනයක් ලෙස එම පාසැලේ නිලඇදුමින් සැරසී සිහිවටන ඡායාරෑපයක් ද ලබා ගැනීමට එම සිසුවා කටයුතු කර තිබිණ.
මිය ගිය සිසුවාට කලක පටන් පිය සෙනෙහසද අහිමිව සිට ඇති අතර මව ද කලකට ඉහතදී විදේශ ගතව ඇති අතර එම සිසුවා සිය මිත්තනිය භාරයේ සිට අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිට ඇත.
සුපුරුදු පරිදි අද(21) දිනයේ පාසැල් ගොස් ඇති සිසුවා පාසැලේ පැවැති විශේෂ පුහුනු වැඩසටහනකට සහභාගී වීමට ක්‍රීඩා ඇදුමින් සැරසී පාසැල් ගොස් තිබිණ. සිය පාසැල් කටයුතු නිම වීමෙන් පසුව අද සවස පොදු ප්‍රවාහන බස් රථයකින් නිවසට පැමිණීමට එම සිසුවා කටයුතු කර තිබිණ. එලෙස නිවස බලා පැමිණි සිසුවා ඇඹුල්ගස්වැව මංසන්දියේදී බසයෙන් බැස පාර මාරුවීමට ගිය අවස්ථාවේ ගනේවල්පොල දෙස සිට පැමිණි ලොරි රථයක ගැටී මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය කියයි. සිසුවා පාර මාරුවීමට ගිය අවස්ථාවේ ලොරි රථය එනු දැක ඇති ඒ ආසන්නයේ සිටි කාන්තාවක විසින් දැක ඇති අතර නවතින ලෙස දරුවාට ඒ බව දන්වා කෑ ගසා ඇති බවද පොලිසිය සිදු කළ විමර්ශණවලදී හෙළිව තිබේ. කෙසේ වෙතත් එම අවස්ථාවේ පාර මාරුවෙමින් සිටි සිසුවා ලොරි රථයේ ගැටී ඇවැටී ලොරි රථයට යටවී ඇතැයි පොලිසිය කියයි , ලොරි රථයේ ගැටීමෙන් හා ඊට යටවීමෙන් සිසුවාගේ හිසට බරපතල හානි සිදුව තිබිණ. බරපතල තුවාල ලත් සිසුවා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබූ අතර මිය ගිය පාසැල් සිසුවාගේ පාසැල් පොත් බෑගය ද සිසුවාගෙ මෘත ශරීරයෙහි කරෙහි එම අවස්ථාව වනවිටත් දක්නට ලැබිණ..
ලොරි රථයේ රියදුරාගේ අපරික්ෂාකාරී රිය පැදවීම අනතුරට හේතු වී ඇති බව සිදු කළ විමර්ශණ වලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
අනතුර සැලවීමත් සමග ප්‍රෙද්ශවාසී බොහෝ දෙනෙකු එම ස්ථානයට එක්රොක්ව සිටියහ.
අනතුර සිදුවූ ස්ථානයට පැමිණි කැකිරාව මහේස්ත්‍රාත්වරිය විසින් සිසුවකුට මරු කැදවූ එම මාරක රිය අනතුර සම්බන්ධයෙන් වූ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරනු ලැබීය. අදාළ සිසුවාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණක් පැවැත්වීම සදහා සිරුර අනුරාධපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට එහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය. ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මිය ගිය සිසුවාගේ මෘත ශරීරය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට පොලිසිය කටයුතු කරනු ලැබීය.
සිසුවාට මරුකැදවූ මාරක රිය අනතුරට සම්බන්ධ ලොරි රථය හා එහි රියදුරු මේ වනවිට සිදු කෙරෙන වැඩිදුර විමර්ශණ කටයුතු සදහා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති රියදුරු මුන්දලම ප්‍රෙද්ශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් අත්අඩංගුවට ගෙන ඇති ලොරි රථයේ රියදුර හෙට(22) කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව කැකිරාව පොලිසිය පවසයි.
කැකිරාව- ගනේවල්පොල මාර්ගය මෑතකදී අලුත්වැඩියා සිදුකළ එකක් වන අතර එම මාර්ගයේ මාර්ග සංඥා හෝ පදික මාරු යොදා නොතිබීම නිසා මෙවැනි අනතුරු සිදුවන බව මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රෙද්ශවාසීහු පවසති. ඇඹුල්ගස්වැව මංසන්දිය නිරන්තරයෙන් පාසැල් සිසුන් ගැවසෙන ස්ථානයක් වන බැවින් බලධාරීන් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළයුතු බව ද එම මාර්ගයේ මාර්ග සංඥා කඩිනමින් යෙදිමට කටයුතු කළ යුතු බවද එම ප්‍රෙද්ශවාසීහු වැඩිදුරටත් පවසති.
ප්‍රෙද්ශය භාර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව කැකිරාව පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතාගේ මෙහෙයවීම මත කැකිරාව පොලිස් රථවාහන අංශයේ වැඩ බලන ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක බී හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන්වරුන් වන 36918- බණ්ඩාරනායක 51535- රාජකරුණා මගින් මෙම අනතුර සම්බන්ධයෙන් වූ වැඩි දුර විමර්ශණ සිදුකරයි.

ජන අරගල ව්‍යාපාරය හා පොලිසිය කොටුවේදී එකට ගැටුන විරෝධතාවය…….

https://www.youtube.com/embed/EvIPkktS-i8?si=47YLMtZwciHXseNB” title=