https://www.youtube.com/embed/C4Ox1GCKCLk?si=cXvOhPqaGjq0Sl0J” title=
Author: Supun
මිතුරන් සමග පිහිනුම් තටාකයේ දිය නාමින් සිටි තරුණයාට සිදුවූ අවාසනාවන්ත සිදුවීම
https://www.youtube.com/embed/yJICAQ86Jeg?si=y4nioPvWdRki156B” title=
RED Carpet : Episode 06
https://www.youtube.com/embed/zmDDi190Xrw?si=73jqkuTJHlpShaif” title=
පාස්කු ප්‍රහාර ප්‍රකාශය කළ මෛත්‍රීට එරෙහිව CIDයට පැමිණිල්ලක්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදුකළ යුතු බවයි එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ.
පාස්කු ප්‍රහාරය සිදුවීමට ඉඩහැර තමාගේ වගකීම පැහැර හැරීම නිසා අධිකරණයෙන් වරදකරු වී මිලියන 100 ක වන්දියක් නියම වූවත්, ඔහු විසින් අදාළ කරුණු උසාවියට ඉදිරිපත් කර නොමැති බව මන්ත්‍රීවරයා චෝදනා කරනවා.
ඇමතිවරුන්ගේ පුද්ගලික ජල විදුලි බිල් අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් ගෙවන්නයි යන්නේ – විජිත හේරත්
අමාත්‍යවරුන්ගේ පුද්ගලික විදුලි බිල්පත් හා ජල බිල්පත් අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් ගෙවීම සදහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.
පුද්ගලික වියදමින් විදුලි බිල ගෙවීමට අමාත්‍යවරයාට අසීරු බැවින් අමාත්‍යාංශයට වෙන්කර ඇති ප්‍රතිපාදන වලින් එය ගෙවා දැමුවාට කමක් නැතිදැයි විමසා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බවද, එසේ ගෙවීම අනුමත කර නැවත ලිපියක් එවා ඇති බවද, කෙසේ නමුත් එය නීති විරෝධී බවද ඔහු පෙන්වා දුන්නා.
වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ගොවීන්ගේ ගැටළු පිළිබඳව ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ යෝජනාවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කල අතර, මෙවැනි තත්ත්වයකදී ගොවියාට වී කිලෝවකට රුපියල් 140 ක් ගෙවීමට නොහැකි යැයි පැවසීම කිසිදු ආකාරයකට සාධාරණීකරණය කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
ජනාධිපති සමග පැවති සාකච්ඡා සාර්ථකයි – බැසිල්
පසුගිය 21 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡා ඉතා සාර්ථකව අවසන් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ පවසනවා.
මැතිවරණ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කරගත් නමුත් අවසන් තීරණයකට එළඹියේ නැති බවද, තම පුද්ගලික අදහස නම් පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම බවයි ඔහු සඳහන් කළේ.
ඊයේ (22) රාත්‍රියේ සිය පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසුවා.
යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ඇරඹේ
යල කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, මේ වනවිට ප්‍රධාන ජලාශ 73 ක ජල ධාරිතාව 90%ක මට්ටමක පවතින බවයි එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ විමල් රත්නසිරි සඳහන් කළේ.
මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳ තොරතුරු දත්ත පද්ධතියකට
අප්‍රේල් 10 වනදා සිට මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳව තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළු කරන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
ඒ අනුව, දඩ මුදල් ගෙවීම් සිදු කරන තැපැල් කාර්යාල හරහා වරදේ ස්වභාවය, අදාළ පොලිස් ස්ථානය, රියදුරු බලපත්‍රයේ විස්තර සහ දුරකථන අංකය යන තොරතුරු මෙම දත්ත පද්ධතියට ඇතුළු කරන බවයි ඔහු පවසන්නේ.
පොතුහැර පොලිසියේ සිවිල් නිලධාරීන් පොල්ගහවෙල නගරයේ සිට කුරුණෑගල දෙසට එන දුර ගමන් සේවා බස් රථ කිහිපයකට නැග එහි රියදුරු අතින් සිදුවෙන වැරදි දර්ශන ගත කරගන්නා ලදී.
ඊයේ දින සවස හයට පමණ පොතුහැර පොලිසියේ සිවිල් නිලධාරීන් පොල්ගහවෙල නගරයේ සිට කුරුණෑගල දෙසට එන දුර ගමන් සේවා බස් රථ කිහිපයකට නැග එහි රියදුරු අතින් සිදුවෙන වැරදි දර්ශන ගත කරගන්නා ලදී.
ඉන්පසු පොතුහැර දම්බොක්ක ආසන්නයේදී ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම රථ නවත්වා රියදුරන් සිදු කරන ලද වැරදි බව පෙන්වා ඔවුන් සිදුකළ සියළු වැරදි වලට ඉදිරියේ නඩු පැවරීම සඳහා කටයුතු කරන ලදී.
පනාගොඩ සිට මින්නේරිය දක්වා යුද හමුදා නිලධාරීන් සඳහා වෙන් වූ බසයක් තුළ වෙනත් මගේ ඉන්න පටවා ඇති බව සිවිල් නිලධාරීන් ලබා දුන් තොරතුරක් මත පරීක්ෂා කිරීමේදී තහවුරු කරගන්නා ලදී. එම බස් රථයට ද මගීන් ප්‍රවාහන බලපත්‍රයක් නොමැතිව මගීන් ගොඩ කර ගැනීමේ වරදට ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන ලදී.
හිටපු කෝප් සභාපතිවරයා මේ කියන්නේ කෝප් එකට එන්න තියෙන්න ඔනේ සුදුසුකම් ගැනද ?
https://www.youtube.com/embed/nRvfTV-TTYY?si=TjjRu_f5YJ4lcG9e” title=
