එළවළු,මස්,මාළු,බිත්තර ඇත්ත මිල – කඩ කාරයින්ට තරු පේන්න ජාතික පාරිභෝගික පෙරමුණ කරපු දේ……

https://www.youtube.com/embed/DIwdpyYVN6Q?si=JkJ-7Ur9vewnXvgM” title=

ඉඹින්න පුළුවන් මුනේ ගාන්නත් පුළුවන් පෙහොර පහතරට තේ වලට සිද්ද වෙගෙන යන විනාශය…..

https://www.youtube.com/embed/401dJpN4KQw?si=E1XshNgfPr2xlT6o” title=

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් සපයන්නන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි..

2024.03.20

• ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් සපයන්නන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි..

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා අතර සාකච්ඡාවක් 2024.03.19 දින කොළඹ, අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ආචාර්ය සුබ්‍රමනියම් එකඟ වූ වැඩසටහනේ ප්‍රගතිය විස්තර කළ අතර 2024 ජූනි මාසයේ පැවැත්වීමට නියමිත මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය ලබා දීම පිළිබඳ ව තීරණය කරනු ඇතැයි ප්‍රකාශ කළේ ය.
රජය දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ව අග්‍රාමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂවරයා දැනුවත් කළ අතර සමාජයේ දුර්වල කොටස් සඳහා මූල්‍ය ආධාර ලබා දෙන සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රගතිය පැහැදිලි කළේය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය වී. ඩී වික්‍රමාරච්චි යන අය මෙම අවස්ථාවට සහභාගි වූහ.
අනතුරුව අග්‍රාමාත්‍යවරයා හමු වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් සපයන්නන් වන ලසාඩ් ෆ්රෙරස් (Lazard Frères SAS) සහ ක්ලිෆර්ඩ් චාන්ස් (Clifford Chance LLP) සමාගම්වල නියෝජිත පිරිසක් පැරිස් ක්ලබ් සාමාජිකයින් සහ අනෙකුත් ණය හිමියන් සමඟ පැවැත් වූ සාකච්ඡා පිළිබඳ ව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළහ.
නියෝජිත පිරිසට ලසාඩ් ෆ්රෙරස් සමාගමේ විධායක අධ්‍යක්ෂ ජෙරොම් ඇලෙක්සිස් (Jerome Alexis), සහකාර අධ්‍යක්ෂ වැලෙරේ පියරාඩ් (Valère Pierard), විශ්ලේෂක ෆ්රැන්සෙස්කා රෙෆෝ (Francesca Reffo) සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගමේ හවුල්කාර ඩෙබොරා ස්න්ඩ්ස්ට්රා (Deborah Zandstra), ජ්‍යෙෂ්ඨ සහ සහකාර ජේම්ස් කෙල්ටන් (James Kelton) සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ යොහාන් සමරතුංග යන මහත්වරු ද ඇතුළත් වූ හ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

WhatsApp Image 2024-03-21 at 16.23.11

රත්මලාන ප්‍රදේශයේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උපුල් නොහොත් ” රත්මලානේ උපුලා ” නමැත්තා හොරයින් මත්කුඩු ග්‍රෑම් 25 ක් සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය21) සඳහන් කරයි

දර්ශාන් කානිල් ප්‍රනාන්දු – මොරටුව 0773710807
21/03/2024

රත්මලාන ප්‍රදේශයේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උපුල් නොහොත් ” රත්මලානේ උපුලා ” නමැත්තා හොරයින් මත්කුඩු ග්‍රෑම් 25 ක් සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය21) සඳහන් කරයි
මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු මෙම ජාවාරම්කරු සම්බන්ධයෙන් යුක්තියේ මෙහෙයුමට සමගාමීව පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් මහතා සහ පොලිස් කණ්ඩායමක් විසින් රත්මලාන දුම්රිය පොල ප්‍රදේශය වටලා වයස අවුරුදු 40 ක් වන රත්මලාන ප්‍රදේශයේම පදිංචි මෙම සැකකරු මත්ද්‍රව්‍ය සිය සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

පැරිස් රාජ්‍යයේ සිට මහාපරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන “පැරිස් අංජු යන අනුවර්ත නාමයෙන් හදුන්වන මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අංජු නමැත්තාගේ ගෝලයෙකු වන මෙම සැකකරු මත්ද්‍රව්‍ය බෙදාහරින බවත් මීට පෙර විශාල අපරාධ රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර ඇති බවත් ගල්කිස්ස පොලිසිය පැවසීය.
සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්
ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් පො.සැ.71342- ගුණවර්ධන, පො.කො. 82423 – වීරතුංග, පො.කො. 51568 – උදයංග, පො.කො.රි. 80193 – කුලරත්න යන නිලධාරීන් විසින් විමර්ශණ සිදුකරන බව ගල්කිස්ස පොලිසිය මූලස්ථානය පැවසීය.

WhatsApp Image 2024-03-21 at 16.00.06

160 වන පොලිස් අනුස්මරණ දිනය මොරටුව මූලස්ථාන පොලිස් පරිශ්‍රයේදී (21 වැනිදා) පැවත්වීය.

දර්ශාන් ප්‍රනාන්දු – gමොරටුව
0773710807
21/03/2024
160 වන පොලිස් අනුස්මරණ දිනය මොරටුව මූලස්ථාන පොලිස් පරිශ්‍රයේදී (21 වැනිදා) පැවත්වීය.
මෙම අවස්ථාව සඳහා ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රහ්මණගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර මෙම අවස්ථාව සඳහා ගල්කිස්ස සහ මොරටුව කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරිවරුන් මෙන්ම මොරටුව මුලස්සන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් යන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ .
ශ්‍රී ලංකාවේ පවතින සමාජ ආර්ථික තත්ත්වය හමුවේ අපරාධ මත්ද්‍රව්‍ය රිය අනතුරු සහ සමාජ අපගාමී ක්‍රියාවෙන් හේතුන් මුල් කර ගනිමින් ඇතිවන සමාජය ප්‍රශ්න විවිධ අර්බුද බවට පත්ව තිබෙනවා.විවිධ හේතූන් අරමුණු කරගනිමින් පවත්වන උද්ඝෝෂණ විරෝධතා හේතුවෙන් වත්මන් පොලිස් රාජකාරිය තවත් සංකීර්ණ වී තිබෙනවා.එම සිදුවීම් පාලනය සඳහා තම ජීවිතය පරදුවට තබා අනපේක්ෂිත ගැටලු හා ගැටුම් වලට මැදිහත්ව රාජකාරී යෙදෙන පොලිස් නිලධාරියගේ ජීවිතය අහිමි වූ අවස්ථා නිරන්තරයෙන් වාර්තා වෙනවා.
1976 පෙබරවාරි 14 දින කන්කසන්තුරේදි පොලිස් සැරයෙන් කරුණාධි ඝාතනය වීම රට තුළ ආන්දෝලනාත්මක ත්‍රස්තවාදි ක්‍රියාවන්ට ආරම්භ වූවා වූවා. යුද්ධයක සිදුවීම්වලින් එක් සිදුවීමක් වූ එම පොලිස් සැරයන් කරුණානිධි රාජකාරිය වෙනුවෙන් ජීවිතය පූජා කිරීම 1981 වර්ෂයේ පොලිස් අනුස්මරණ දිනය ආරම්භ වීමට බලපා ඇති ආසන්නතම සිදුවීම වෙන බව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිය කතාවේදී පැවසීය.
යුක්තිය මෙහෙයුම වඩාත් ශක්තිමත්ව දියත් කර තිබෙන බවත් එමගින් මියගිය පොලිස් නිලධාරීන්ගේ නීතිය සාමය ීවත්ව තම දිවි දෙවනකොට රාජකාරි කරන සියළු පොලිස් නිලධාරීන්ගේ රැකවරණය උදෙසාත් අනාගතයේ පොලිසියට සම්බන්ධ වන පොලිස් නිලධාරීන්ට ජනතාව වෙනුවෙන් නොබිව රාජකාර කිරීමට හැකි අපරාධ හා ප්‍රචණ්ඩත්වයෙන් තොර පරිසරයක් නිර්මාණය කිරීමට අප සතුවන බවත් එහිදී වැඩිදුරටත් පොලිස් අධිකාරිවරයා පැවසීය.
මෙම අවස්ථාවට සහභාගි වූ පොලිස් රණවිරුවන්ගෙ පවුලේ සමාජිකයන් කිහිප දෙනෙකුට වියළි සලායක බෙදා දීම සිදු කෙරිණි.

අනුරාධපුර- නුවර වැවේ සැකකටයුතු මළ සිරුරක්

24-03-21
කැකිරාව කුෂාන් ජයවර්ධන

අනුරාධපුර- නුවර වැවේ සැකකටයුතු මළ සිරුරක්
===========

ශරීරයේ ස්ථාන කිහිපයක තුවාල සහිත සැක කටයුතු ලෙස මියගිය පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අනුරාධපුර නුවර වැවෙහි පාවෙමින් තිබියදී ඊයේ(20) සවස සොයා ගත් බව අනුරාධපුර පොලිසි පවසයි.
නුවර වැවෙහි මළ සිරුරක් තිබෙනු දැක ඇති ප්‍රෙද්ශවාසියකු කළ දැනුම් දීමක් අනුව පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමක් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගල මළ සිරුර සොයාගැනීමට හැකිවූ බව අනුරාධපුර පොලිසිය කියයි.
මියගොස් සිටින පුද්ගලයාගේ වයස අවුරුදු 35ත් 40ත් අතර වන බවට පොලිසිය අනුමාන කරයි. මළ සිරුරෙහි ස්ථාන කිහිපයක තුවාල කිහිපයක් ද දක්නට ඇති බවත්, මිය ගිය පුද්ගලයා කවුරුන්ද කිනම් ප්‍රෙද්ශයක ද යන්න මෙතෙක් තහවුරු කරගැනීමට නොහැකිවූ බවත්, පොලිසිය කියයි.
ඒ අනුව මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සැක සහිත බැවින්, එම අභිරහස් මරණය සම්බන්ධයෙන් සොය බැලීමට අනුරාධපුර පොලිස් ස්ථානය මඟින් මේ වනවිට පුළුල් විමර්ශණයක් ආරම්භ කර තිබේ.
අනුරාධපුර පොලිස් සොකෝ ඒකකයේ පරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් ද පැමිණ සිද්ධියට සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් ද සිදු කර තිබේ. ඊයේ (20) සවස එම ස්ථානයට පැමිණි අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝගය මත ඔහු ඉදිරියේ මළ සිරුර ගොඩ ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණ..
මළ සිරුර පරීක්ෂාවෙන් පසුව හදිසි මරණ පරීක්ෂකවරයා ලබා දුන් නියෝගයක් අනුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණ.
අනුරාධපුර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග මත අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සිද්දිය සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ. .

ජල කන්නේ වෙනුවෙන් වී වගාව සඳහා හුරුලුවැවෙහි මුල් දියවර මුදාහැරේ

ජල කන්නේ වෙනුවෙන් වී වගාව සඳහා හුරුලුවැවෙහි මුල් දියවර මුදාහැරේ

මේ වන විට 2023-24 වර්ෂය සඳහා හුරුලුවැව යටතේ වී වගා කළ වී අස්වනු නෙලා හමාරවෙමින් පවතින අතර 2024 යල කන්න සදහා වී වගව සිදු කිරිම වෙනුවෙන් වෙන වසරටත් පෙර ජලය නිකුත් කිරිම ඊයේ (20) දින උදැසන 10.05 එළෙඹුන සුබ නැකතින් පුරාන චාරිත්‍රානුකූලව සිදු කෙරිණි..

මේ සඳහා හුරුළුවැව යටතේ වී වගා කරන රජයේ ප්‍රධාන ගොවිනයක් වන හුරුළුවැන ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ප්‍රදේශයේ ගොවි නායකයින් ඇතුළු සංවිධාන රැසක ගොවි ජනතාව හා ගලෙන්බිදුණූවැව ප්‍රාදේශීය ලේකම්වරයා හුරුවැව් බාර වාරි ඉංජිනේරු දසුන් තිරගරත්න මහතා , ගලෙන්බිදුණුවැව ගොවි ජනසේවා ප්‍රාදේශීය නිලධාරී ප්‍රදීප් පෙරේරා මහතා, ගලෙන්බිදුණුවැව නේවාසික ව්‍යාපෘති කළමනාකරු රාජපක්ෂ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් එළඹෙන යලකන්නය වෙනුවෙන් මංගල දියවර නිකුත් කිරිම වෙනුවෙන් සහභාගිත්වයෙන් සිදු කල අතර මේ අවස්ථාවේ දී මහකන්නයේ අස්වනු නෙලා අවසාන කිරිම හා එළෙබේන යලකන්නය සදහා දේව ආශිර්වාදය ලබා ගැනීමට හුරුළු කතරගම මහ දේවාලයේ හා හුරුළුවැව පත්තිනි දේවාලයේ කිරි උතුරුවා ප්‍රදේශය භාර දේවියන් උදෙසා දේව පුජා පැවත්වා දෙව කන්නලව් සිදු කිරිමටද ඉහත ගොවීන් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගි විය.

මෙහිදී හුරුවැව භාර වාරීංජනේරු දසුන් තිලකරත්න මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ ප්‍රදේශයේ ගොවීන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ප්‍රාදේශීය කන්න කමිටුව සාකච්ඡා කොට ගත් තීන්දු තීරණ අනුව වෙනත් කන්යන්න වලටත් පෙර මාර්තු 20 වන දින එළඹෙන වෙනුවෙන් හුරුළුවේ සමස්ත අක්කර අඩි 55000ක ප්‍රමාණයයෙන් මේවන විට වැවෙහි ජලධාරිතාවය අක්කර අඩි 50000කට ආසන්න ප්‍රමාණයක් පවතින හෙයින් පසුගිය කන්නේ පැවතුණ අඩුපාඩු පාඩමකට ගෙන එම අඩුපාඩු මගහරවා වෙලාවටත් පෙර එළඹෙන කන්නය වෙනුවෙන් මුල් දියවර මුදා හරින බවත් බවත් ජුලි මස 20 වන දා දක්වා හුරුලු ගොවින්ට ජලය මුදා හැරිමට තිරනය කොට ඇති බවත් ගොවි සංවිධාන වෙත දැනුවත් කර ඇති පරිදි වගාව ආරම්භ කර කන්නය සාර්ථක කර ගැනීමට අවශය කටයුතු සිදු කරන ලෙස ගොවින් ගෙන් ඉල්ලා සිටින බවත් යෝජනා කරගත් පරිදි අදාල දිනයෙන් පසු කිසිදු අවස්ථාවක එක් ජල මුරයක්වත් මුදා හැරීමට කටයුතු නොකරන බව ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය වාරි ඉංජිනේරු දසුන් තිලකරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

මේ අතර නේවාසික ව්‍යාපාර කළමනාකරුවන රාජපක්ෂ මහතා ද ගොවින්ගේ ඉල්ලා සිටියේ ඉදිරියට වර්ෂාව අඩු කාලයක් පවතින බවත් වැවෙන් මුදා හරිනු ලබන ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් රජය මගින් යොජනාකර ඇති පරිදි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අප්‍රේල් මස 15 වෙනිදාට පෙර සහතික බීජ ලබා දීමට කටයුතු කරන බවත් පසුගිය මාස්කන්නේ අත්දැකීමත් සමග පැවතුණු අඩුපාඩු මගහරවාගෙන හෙළඹෙන යල කන්න සාර්ථක කර ගැනීම ප්‍රධාන අරමුණ බවයි..මේ අතර ගලෙන්බිදුණුවැව ගොව්ජන සේවා ප්‍රදේශිය නිළධාරි ප්‍රදිප් පෙරේරා මහතා ද පවසා සිටියේ නිසි වෙලාවට තෙල් පොහොර විවෘත වෙළඳපොළට නිකුත් කර ඇති බැවින් රජය මගින් හඳුන්වාදී අමාත්‍ය මණ්ඩලයට ලබා දී ඇති උපදෙස් පරිදි රුපියල් 15000ක මුදල් පරිත්‍යාගයක් ගොවීන් වෙත ලබාදීමට කටයුතු කරන බවයි.