SL vs BAN 1st Test : කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේදී ශතකයක් වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

ඔහුගේ ශතකය පන්දු 170 කින් වාර්තා කළ අතර ඒ සඳහා හයේ හතරේ පහර 13 ක් ඇතුළත් වුණා.

SL vs BAN 1st Test : ධනංජය ද සිල්වාගෙන් ශතකයක්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ධනංජය ද සිල්වා සමත් වුණා.

ඔහුගේ ශතකය පන්දු 164 කින් වාර්තා කළ අතර ඒ සඳහා හයේ පහර 02 ක් සහ හතරේ පහර 08 ක් ඇතුළත් වුණා.

SL vs BAN 1st Test : දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.

ඒ අනුව දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 233 ක් ලබාගෙන සිටිනවා.

දිනයේ පළමු කඩුල්ල ලෙස විශ්ව ප්‍රනාන්දු ලකුණු 4 ක් ලබා සිටියදී දැවී ගිය අතර නොදැවී පන්දුවට පහරදෙමින් සිටින නායක ධනංජය ද සිල්වා ලකුණු 85 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 50 ක් ලබා සිටිනවා.

අද මධ්‍යම රාත්‍රීයේ සිටි ආනයනික කිරිපිට මිල පහළට

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව කිලෝ 1ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150 කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඇතැම් දේශපාලනඥයන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතද්දි මම සිතුවේ රට ගැනයි – රනිල්

මෙරට ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක්  තුළින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳී පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

එසේම තමා භාරගත්තේ අනෙකුත් දේශපාලනඥයන් භාර ගැනීමට අකමැති වු රටක් බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඔවුන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතද්දි තමා සිතුවේ රටේ අනාගතය පිළිබඳව බවයි උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

65ffcc094ee0dpdf_page_3 65ffcc07dca21pdf_page_2 65ffcc05edacdpdf_page_1 65ffcc0422c23pdf_page_0

මෛත්‍රීගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට CIDයට කැඳවයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට (25) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රකාශය ලබාගන්නා බවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ.

57 වන අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 06 පැවැත්වෙයි

වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන අලුත් සහල් මංගල්‍යය මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 06 දින ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න සඳහන් කළේ.

උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙන්ම 2024 යල කන්නයේ වගා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීම මෙම උත්සවයේ අරමුණ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශය කළේ සති තුනකට පෙර මට ලැබුණු තොරතුරක් අනුව – මෛත්‍රී

පාස්කු ප්‍රහාරය ගැන සති තුනකට පෙර තමාට ලැබුණූ තොරතුරක් අනුව තමා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් සිදුකළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අධිකරණකින් තමාට නියෝගයක් ලැබුණහොත් රහසිගත ප්‍රකාශයක් ලබාදීමට සූදානමින් සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

රහසිගතව ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන්නේ, තමාගේ ජීවිතය හා තමාගේ දරු පවුල් පවා විනාශ කිරීමට ඇති හැකියාව නිසා බවද ඔහු සඳහන් කළා.

එය කිසිඳු දේශපාලන මතවාදී හෝ දේශපාලන වශයෙන් ඇති ප්‍රශ්න වලට අදාළ කාරණාවක් නොවන බවත්, මෙය තමා ඉතා අවංකව සිදුකරන ප්‍රකාශයක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දියාවේ ලොකු ලූනු අපනයන තහනම දීර්ඝ කෙ​රේ

ලොකු ලූනු අපනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

මිල ඉහළ යාම පාලනය කිරීමට සහ දේශීය වෙළෙඳපොළ තුළ ලොකු ලූනු තොග පවත්වාගෙන යාමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දීය රජය විසින් ලොකු ලූනු අපනයනය තහනම් කළ අතර එය ලබන 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණා.

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ ඥාතී සංග්‍රහය පිණිස සිය ජන්ම භූමිය වු කිඹුල්වත්පුරයට වැඩම කරවීම ආරම්භ කරනු ලැබුවේ අද (24) වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කරවීමෙන් අනතුරුව යමාමහ පෙළහර පෑම, ශුද්ධෝදන රජුට වෙස්සන්තර ජාතකය දේශනා කිරිම, රාහුල කුමරු මහණ කරවීම සහ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් ඵලයට පත්වීම ද අද වැනි පොහෝ දිනක සිදුව තිබෙනවා.

අදට යෙදී තිබෙන මැදින් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් දිවයින පුරා සෑම විහාරස්ථානයකම ආමිස සහ ප්‍රතිපත්ති පූජා සංවිධානය කර තිබෙනවා.