කෙහෙළියගේ ඇප ඉල්ලීම ගැන නියෝගය අප්‍රේල් 03 දැනුම්දීමට දින නියම කෙරේ

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය දැනුම්දී තිබෙනවා.

දීර්ඝ කරුණුවිමසා බැලීමකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා නොදීම හේතුවෙන් හිටපු අමාත්‍යවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කළා.

කැලණි සරසවි සිසුන් විරෝධතාවක

කැලණිය විශ්වි විද්‍යාලයේ සිසුන් පිරිසක් එහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

කැලණිය විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ (24) රාත්‍රි ඇතිවු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබුණා.

කෙසේවෙතත් අදාළ සිසුවා රෝහලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ගිලන්රථ පහසුකම හෝ වෙනත් වාහනයක් විශ්ව විද්‍යාලය තුළ නොතිබීම හේතුවෙන් ඔහු රෝහල්ගත වීම ප්‍රමාද වු බවයි විශ්ව විද්‍යාල සිසුන් චෝදනා කරන්නේ.

අඛණ්ඩව ජල සැපයුම ලබාදිය හැකි පරිදි කටයුතු කිරීමේ වගකීම ජල පාරිභෝගිකයින් සතුයි – ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල​ය

මුර ක්‍රමයට ජලය ලබාදීම වෙනුවට අඛණ්ඩ ජල සැපයුමක් ලබා දිය හැකි පරිදි කටයුතු කිරීමේ වගකීම ජල පාරිභෝගිකයින් සතු බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

වියළි කාලගුණ තත්ත්වයක් පවතින මෙම දිනවල ජල පාරිභෝගිකයින් ජලය පරිහරණය කිරීමේදී මනා කළමනාකාරීත්වයෙන් යුතුව කටයුතු කිරීම අතිශය වැදගත් බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මේ හේතුවෙන් පානීය ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කිරීමට ජල පාරිභෝගිකයින් වග බලා ගත යුතු බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සංවර්ධන, අනෝජා කළුආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රදේශ කිහිපයක උණුසුම් කාළගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

පළාත් කිහිපයක උණුසුම් කාළගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකල යුතු මට්ටමක පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එබැවින් දහවල් කාලය තුළ වැඩිපුර ජලය පානය කිරීම සහ සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින්නැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්.

6600e6e77fa6fpdf_page_1 6600e6e6bc7f9pdf_page_0

පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුරුන් ද යන්න තමන් දන්නා බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනගෙන් අද දිනයේදී ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිසිය පවසයි.

පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුරුන් ද යන්න තමන් දන්නා බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනගෙන් අද දිනයේදී ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී මෙම ප්‍රකාශය සටහන් කර ගත් බව ය.

කෙසේ වෙතත්, මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණෙන තුරු බලා සිටි මාධ්‍යවේදීන් මග හරිමින් ඔහු ඉන් පිටව ගිය බව මාධ්‍යවේදීහු පවසති.

දවස් 5 කට කන්න හාල් දීලා අවුරුදු 5 කට රට ඉල්ලනවා – ටිල්වින් සිල්වා..

https://www.youtube.com/embed/fXspwMr8R4U?si=3xASMRBKv5-wff8J” title=

ඇල්පිටිය මාපලගම ප්‍රධාන මාර්ගයේ කානුවක නාදුනන පිරිමි මල සිරුරක්…

https://www.youtube.com/embed/DzdELgJM5P8?si=eu4WgE55yRbFBqAF” title=

මුස්ලිමරුන්ගේ නෝම්බි උත්සවයට එක්වී එකට සතුට බෙදාගත් කතෝලික දරුවන්…

https://www.youtube.com/embed/Xgl2KqzWRcM?si=H3X_P88_j6vMu8z5″ title=

මිතුරන් සමග විනොද වෙමින් සිටියදී නාන තටාකයේ ගිලී මියගිය පුද්ගලයාගේ මව කදුළු එක්ක කියපු දේ

https://www.youtube.com/embed/sSHGK-wwzoA?si=dPlo-JZRrATp0I7c” title=

SL vs BAN 1st Test : ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට ලකුණු 418 ක් ලබා ගනියි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 418 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී දිමුත් කරුණාරත්න ලකුණු 52 ක් හා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ලකුණු 10්‍8 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 164 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mehidy Hasan Miraz කඩුලු 4 ක් හා Taijul Islam හා Nahid Rana කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා මේ වන විට ලකුණු 510 ක් ඉදිරියෙන් පසුවනවා.

ලකුණු පුවරුව පහතින්.

65fffeb16c33d 65fffeb1513a6